මම සාමාන්‍ය ගැමියෙක්මි.
මාගේ රැකියාවේ සිදුවූ වෙනසක් නියාවෙන්
අන්තර්ජාලයේ ඔබ පසුපසින් කිමිදෙන්නට වරම් ලදිමි.
ඔවුන් මාව හඳුන්වන්නේ හොඳහිත නමින්වුවද
එය මූනිච්චාවටදැයි මට විටෙක සිතුනද
මගෙ හිතහොඳ බව මා හොඳින්ම දන්නා බැවින්
අද සිට එනමින්ම ඔබ සමග සැරිසරමි.
තවද මා කිසිවිටෙක අනෙකකුගෙ දේ සොරකම් නොකලද
අනෙකකුගෙ වදන් මගේ ලෙසින්
ම’සිත අරක්ගෙන තිබුනහොත්
එයට මට කමන්න
ම’විසින්ම මවා ගත් මගේම ලෝකයක ජීවත්වන
මා මේ වියන්නෙ මගෙ උන්මාදය සුවපත් කෙරුමේ
පරම අභිලාශයෙන් මිස කිසිවකු රිදවීමට නොවේ
සබඳ
ඔබද, ම’වැනිම උන්මත්තකයකු නම් අපි එක්ව වියමු…………..!
ම’විසින්ම මවා ගත් මගේම ලෝකයක ජීවත්වන
මා මේ වියන්නෙ මගෙ උන්මාදය සුවපත් කෙරුමේ
පරම අභිලාශයෙන් මිස කිසිවකු රිදවීමට නොවේ
කැමතියිකැමතියි
ahaa…
hari….
කැමතියිකැමතියි
හොඳයි හොඳ හිත. උමතුව උරුම අපි උමතුවෙන් ලියමු. ….
කැමතියිකැමතියි