කිරිබත්ගොඩ හිමි………….___කරුණු පැහැදිළි කිරීම

මා කුඩා කළ ,මගේ ගුරුතුමා රචනයේදී හැමවිටම උපරිම අවධානය යොමු කර ගන්නා අයුරින් මාතෘකාව යොදන ලෙස නිරතුරුවම දුන් ඔවදන් සිහිකරමින් ගියවර ලිපිය පළකළෙමි. තද සහ රළු වූ ,මාගේ එම මාතෘකාව සමහර බොදුනුවන්ගේ සිත් තැවුලට කාරණාවක් වූ බව දැන ගතිමි.

එය අපගේ කිරිබත්ගොඩ හිමියන්හට කෙරුන අපහාසයක් ලෙසද සමහරුනට පෙනී ඇත.

එබැවින් ,පළමුව ඒ පිළිබඳ මගේ බලවත් කණගා‍ටුව ප්‍රකාශ කරන අතර

එම හිමියන් ඇතුළු එයින් සිත් වේදනාවට පත්වූ සියළු දෙනාගෙන්ම සමාව අයදිමි.
නමුත් මා හට කීමට ඇත්තේ මා කිසිවකුට අපහාස කළා නොව මට පැන නැගුන ප්‍රශ්නයකට විසඳුම් සෙව්වා පමණි යන්නය.

අනුන්ගේ සිත් රිදවීම අනුමත නොකරන මා අතින් සිදුවූ මේ අසත්පුරුෂ ක්‍රියාව මෙනෙහි කරමින් ලොව සතහට මෙත් වඩමින්  ඊයේ රාත්‍රී නින්දට ගිය මම පහත ලියවෙන සිහිනය දු‍ටුවෙමි.

මගේ මුණූ පොත් මිතුරකුගේ මිතුරා විසින් විද්යුත් තැපෑලෙන් මාහට විඩියෝවක් එවා තිබුනි.

එය කිහිප වතාවක් නැරඹුවෙමි. ඒ මෙසේය.

දේශකයානන් වහන්සේ කිරිබත් ගොඩ හිමියන්ය.

“මේ පින්වතුන් දන්න ප්‍රකට කාරණයක් තියෙනවා.ඒ තමයි මම බෞද්ධ පවුලක ඉපදුනේ නැහැ කියන එක.

අප්‍රකට කාරණය තමයි මම කොහොමද බෞද්ධ වුනේ කියන එක.

මේ පින්වතුන් දන්නවා කිසිවකුටත් උපතින් බෞද්ධ වෙන්න බැහැ කියන එක.

කතරගම ගිය මගේ පියාණන්ට සිතුනා මාවත් සමග බෞද්ධ වෙන්න.

මා දන්නේ නැහැ එහෙම හිතුනේ ඇයි කියළා.

නමුත් මට මාස හයේදී මගේ දෙමාපියන් මාවත් වඩාගෙනම තෙරුවන් සරණ ගියා.(උපාසිකාවන්ගේ සාදු නාදය).

මේ පින්වතුන් හිතනවද ඒ වෙලාවේ මාව බෞද්ධයකු වුනා කියා..(උපාසිකාවන්ගේ සාදු නාදය).
පින්වතුනි බෞද්ධයකු වීමට තිසරණ සරණ යායුතුයි.

උපාලි සූත්‍ර දේශනාවෙන් මෙය  සනාථ වෙනවා

තිසරණ සරණ යාමට පළමුව බුදුන් සරණ යායුතුයි.

මේ පින්වතුන් දන්නවා නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමිනුයි බුදුන් සරණ යායුත්තේ..(උපාසිකාවන්ගේ සාදු නාදය).

දෙවැනුව දහම් සරණ යාම.

පින්වතුනි ඇයි අප දහම් සරණ යන්නේ.

අප දන්නවා මෙලොව ඉපදීම ,ලෙඩවීම,මහළු වීම සහ මරණයට පත්වීම දුකක් කියා.

ඉතින් මේ දුකින් ගැලවීමේ මාර්ගය දෙසූ බුදුන් සරණ යන අප දුකින් මීදීමට නම් දහම් සරණ යායුතුයි..(උපාසිකාවන්ගේ සාදු නාදය).

මේකට නිකම්ම ධම්මන් සරණන් ගච්චාමි කිව්වට වැඩක් නෑ.

දුක ,දුකට හේතුව,දුක නැති කිරීමේ මාර්ගය සහ දුක නැති කීරීම යන චතුරාර්යය සත්යය අවබෝධ කොට ගත්  අප බුදු පියානන් වහන්සේ.(උපාසිකාවන්ගේ සාදු නාදය).

 අප ඒ සඳහා යා යුතු මාර්ගය ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය පැහැදිලි කරදෙනවා.

පින්වත් උපාසක උපාසිකාවනි ගිහියන්  දහම් සරණ යායුත්තේ මේ කාරණා සිත තබා ගෙන මෙනෙහි කරමිනුයි .

වීඩියෝව මදකට නතරවී නැවත පටන් ගනී.
ඉතින් පින්වතුනි කවුරුහරි කියනවා නම් ඔහු උපතින් බෞද්ධ එසේ නැතිනම්,

 මාස හයේදී විතර බෞද්ධ වුනා කියළා එය මුසාවක් මිනිසුන් මුලා කිරීමක්.

මතක තියා ගන්න බෞද්ධයකු වීමට තිසරණ සරණ යා යුතුයි.

ඒ සඳහා වැඩුන මොළයක් දහම තේරුම් ගත හැකි මනසක් උවමනා කරනවා.

දැන් මේ පින් වතුන්ට පැහැදිලියි නේද මා බෞද්ධයකු වුන හැටි..(උපාසිකාවන්ගේ සාදු නාදය).

වීඩියෝව මදකට නතරවී නැවත පටන් ගනී
ඉතින් මම ගිජ්ජ කූට පර්වතයට නගින විට මට මෙනෙහි වුනා ආනන්ද හාමුදුරුවෝ..(උපාසිකාවන්ගේ සාදු නාදය).

සිදුහත් කුමරු උපන් දිනම ඉපදුන ආනන්ද කුමාරයා ,සිදුහත් තවුසානන් බුදුවීමෙන් පසු දෙවැනි වසරේදී, දේවදත්ත කුමරු ඇතුළු පිරිස සමග ඇවිල්ලා මහනවෙනවා.

මේ කාලයේදී  හාමුදුරුවරුන් කිහිපදෙනෙක්ම බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළත්

 උන්වහන්සේට වයස 55 වනවිට ස්ථිර උපස්ථායකයෙක් පත්කරගැනීම උවමනා වෙනවා.

ඒ සඳහා බොහෝ අය ඉදිරිපත්වුනත් බුදුන්ගේ තේරිම ආනන්ද හාමුදුරුවෝ..(උපාසිකාවන්ගේ සාදු නාදය).

එය පතාගෙන ආපු එකක්.එදා ඉඳලා වසර 25 ක්ම ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගේ සෙවනැල්ල සේ සිටිමින් සියළු ධර්ම දෙශනා හිතේ තියා ගත්තා.

ඒ නිසාම එතුමන් ධර්ම භාණ්ඩාගාරික වෙනවා.

බුදුන් පිරිනිවී පසු ඒ කටයුතු සිදුකරන අයුරු පවා එතුමා බුදුන්ගෙන් වේලසනින් ඉගෙන ගන්නවා..(උපාසිකාවන්ගේ සාදු නාදය).

ඉන්පසු පළමු ධර්ම සන්ඝායනාවට පෙරදින රහත් බව ලබනවා..(උපාසිකාවන්ගේ සාදු නාදය).

ආනන්ද මහරහතන් වහන්සේ බුදු දහම කටපාටමින් ගෙනයාම ආරම්භ කරනවා.

ඉතින් පින්වතුනි මා ගිජ්ජ් කූට පර්වතය මුදුනට යනකොට මේ සියළු චිත්ත රූප මැවිලා ඉවර වෙනවා.

ඔබ දන්නවා ත්‍රිපිටකය සරළ බසින් ඔබට ඉගැන්වීමට මා ගන්නා වෙහෙස.

ඒ නිසා මට හිතුනා මාත් ආනන්ද මහරහතන් වහන්සේගේ පරම්පරාවේ නේද කියලා..(උපාසිකාවන්ගේ සාදු නාදය).

එසේම මා ආනන්ද මහරහතන් වහන්සේ යටතේ මහණවෙලා ඉන්න ඇති නේද කියළා මහා සන්වේගයක් හිතට දැනුනා..(උපාසිකාවන්ගේ සාදු නාදය).

වීඩියෝව මදකට නතරවී නැවත පටන් ගනී

බුදුන් වහන්සේ වදාළ විමුක්ති මාර්ගයේ මා යුතු බව අවබෝධ කරගත් මා ඒ වෙනුවෙන් කැපවෙන්න තීරණය කළ මගේ මේ වෑයම නතරකරනේනේ රහත් බව සාක්සාත් කරගැනීමෙනුයි පින්වත්නි..(උපාසිකාවන්ගේ සාදු නාදය).
වීඩියෝව නතරවේ.

මට ඇහැරුණ නිසා වීඩියෝව සුරකීමට නොහැකිවිය.

මට ලැබුන ලිපියද නිදිමතේ මකා දමා ඇත.කුණු බාල්දියේද එය නැත.

එබැවින් මතක පරිදි මේ ලියුවෙමි.

අඩුපාඩුවක් වුවහොත් සමාවන්න.

4 thoughts on “කිරිබත්ගොඩ හිමි………….___කරුණු පැහැදිළි කිරීම

  1. ඔබ කෙරෙහි කිසිම තරහක්, වෛරයක් හෝ වෙන යම් අකාරුණික සිතිවිල්ලක් නැති බවත්,මෛත්‍රී පෙරදැරිව කියා සිටිමි. මින් පසු ඔබට යම්කිසි දැනගත යුතු කරුනක් ඇත්නම් එය කරුණාකර විමසන ලෙසටත් ඉල්ලා සිටිමි.

    ඔබට තෙරුවන් සරයි

    කැමතියි

  2. Repeated question on the same issue
    සරත් ගුනතුංග මහතානෙනි
    විඩියෝවෙහි මතකය පිලිබ්ද සදහන් වෙන්නේ මෙලෙසිනි.
    “පර්වතය නගිද්දි මට සම්පූර්නයෙන් මතක් වුනා බුදු රජානන් වහන්සෙගෙ අග්‍ර උපස්තායක ආනන්ද හාමුදුරුවො ලග මම මහන වෙලා ඉදල තියෙනවා ” ඉතින් ඔබතුමා කොහොමද මෙක flashback එකක් හෝ සිහිනයක් වගේ කියල අර්ථකතනය කරන්නෙ. මේක කිරිබත්ගොඩ හමුදුරුවො වගකීමෙන් කරන ප්‍රකාශයක්. විහිලුවක් නෙමේ. කිරිබත්ගොඩ හමුදුරුවො වගේ කෙනෙක් හිනෙන් වගෙ දැනුනු දේවල් බනටත් කියයි කියල අපි නම් කවදාවත් විශ්වස කරන්නෙ නැහැ

    කැමතියි

  3. මම මෙම post එක කියවා තේරැම් ගැනීමට උත්සාහ කළද මට යම් යම් ප්‍රශ්ණ මතුවේ. කරැණාකර ඔබ මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිළි කරන්න මෙය ඔබ ඇත්ත ලෙසම දුටු සිහිනයක්ද නැතහොත් තවත් අපහාසාත්මක ළිපියක්ද? මෙය සිහිනයක් විය නොහැක මක්නිසාදයත් ඔබ මැයි 30, 2010 දින 8:26 ප.ව. comment එකක් දමන විටද ඔබගේ පෙර පැවති අදහස වෙනස්වී නැති බව හැගේ නමුත් මෙම ලිපිය ඔබ පළ කරන්නේ ඊට පෙරය එනම් එදිනම 10:07 පෙ.ව මෙය මට ගැටලුවකි.

    එබැවින් මා විසින් ඔබගේ ප්‍රශ්ණ වලට අදාල පිළිතුරැ පෙර ලිපියෙහිම පළ කළෙමි.

    කැමතියි

  4. විජය කුමාරයා රත්තරන් පිරිවරන් ඇවිත් සිංහල අලුත් අවුරුද්ද අපිට ලැබුනේ ඉන්දියාවෙන් කියන කිරිබත්ගොඩ පස්සේ තවත් යන උන් ඉන්නවනේ අම්මපා !!!!! උන්නාන්සේගේ ධර්මේත් ඔය වගේම තම ඉතින්… සිංහල ගත පුරුදු කරලා අර ළමයින් ට බුද්ධාගම විනාස වෙලා තියෙන්නේ… පාලි කියල දෙයක් මේ ලෝකේ තිබ්බද කියල අහයි ඔය ළමයි තව අවුරුදු කීපයකින් !! හනේ සිංහල බෞද්ධයා !!!!

    කැමතියි

Dilantha වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න