පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….!-2

පෙරමුනේ රාලගේ අ‍ටුවාව හා නිර් රා මුවා ගැන මගේ ලිපියට නිර් රා මුවා පිළිතුරු සපයා ඇත.ඒ පිළිබඳ කෙටි සටහනකි මේ.

පෙරමුනේ රාල හෝ නෝ ෆ්‍රේම් පටලවාගෙන පිස්සු කියවනවා කියන ඔබ එය  සිහි විකල් නොවූ විටෙක කියවූවානම් වඩාත් හොඳයි සිතමි.

මන්ද යත් මා කියන්නේ පෙරමුනේ රාලගේ අ‍ටුවාවට නෝ ෆ්‍රේම් ලිපිය ගැන බැව් පැහැදිළිවම කියා ඇත.

එය තිබෙන්නේ රාලගේ අ‍ටුවාවේ නිසා නිවසේ අයිති කරු සමග තරහක් නැති බව කීවෙමි.

එනිසාම අ‍ටුවාවේ  ඇතුලත් වෙනත් කරුණු ගැන කීවෙමි.

නෝ ෆ්‍රේම් නමැති බ්ලොගයක රාල කෙනෙක් ගැන ලිව්වානම් මට පිස්සුය.

තවද අ‍ටුව කියවන විට රාලත්, නිර් රා මුවාත් එක කො‍ටුවේ ලගින බව පැහැදිලිය.

සිරස්තලය ඉලක්කකලේ පෙරමුනේ රාලගේ අ‍ටුවටයි

ඔව් මගේ හිත රිදුන නිසා තමා ලිව්වේ.

මගේ හිත රිදෙන්නට තිබෙන්නාවූ සාධාරණ පසු බිම මා පැහැදිලිව කියා ඇත.

වේදනාව කිව්වේ මා පමණක් වුවද මෙරට ජනයාගෙන් සියයට පහලොවකට ඔබ රිදවා ඇත.

  1. ඔලු ඇට්ටකුණා වූ ඔස්තාර්ලා යනු සාමන්‍ය මිනිසා සමග පොළොවේ පයගසා සිටින්නට නොහැකි වූ අඳ බාලයන් පිරිසකි.         

  ඔබ අදහස පැහැදිලියි.මේ ඔස්තාර්ලා දෙමළ ජාතිවාදින්ට කඩේ ගොස් ඊළඟට ෆොන්සේකාට කඩේ ගොස් ඇත.ඔවුන්ට බහුතර සහයෝගය නැත.බොහොම ස්තුතියි අර්ථ දැක් වීමට. 

2.    මුලින්ම කිය යුතු කාරණේ නම් ඔබේ ජාතකයෙන් මට වැඩක් නැති බවයි. ඔබේ ජාතකය ඇද ගෙන ඔබ පෙන්වන්නට හදන්නේ ඔබ හොඳ සිංහල – බොදු බවද? සිහල – බොදු බව එන්නේ උප්පැන්නයෙන් යයි සිතා සිටින මෝඩයන්ට නම් ඔබ කියන කතාව පිළිගත් හැකි වනු ඇත. නමුත් හදවතට තට්ටු කර තමන් සිහල – බොදු දැයි අසාගත්තා නම් මෙච්චර පල් හෑලි ලියන්නට වෙන්නේ නැත.                                                                                                                                                                                                                                                                                                               

මා ජාතකය කියුවේ මගේ සිහල බොදු කම පෙන්වීමට නොව ඔබට එරෙහිව යන අය ගේ ජාතකය සොයන ඔබට උදවීමටය.

මා උප්පන්නයෙන් සිහල වුවද බොදු බව උප්පැන්නයේන් එන බව තිබෙන බව  කියා නැත.

මම සිහල බස කතාකරන මේ රටේ පුරවැසියෙක්මි.

මා බොදුනුවකු බවක්ද  කියා නැත.

ඔබ කියු ලිපිය නැවත කියවුයෙමි.

නමුත් පොළොවේ පයගසා සිටින සාමන්‍ය මිනිසා අවජාතකයා , අවජාතකවාදියා යන්න එසේ තේරුම් ගනිතැයි නොසිතන නිසයි මා එය ඇසුවේ.

3.තම මතයන්ට පහර වදින විට කටු තුලට රිංගා නිශ්ශබ්දව සිටීම මේ චෝදනාව මා ඔබට එල්ල කොට නැත                                                                                    

ඔබගේ වචනය පිළිගනිමි.මට චෝදනා එල්ල කොට නැත මා එසේ කියුවේ මගේ පමාවක් වුව්හොත් මතු ආරක්ෂාවටයි.

4.    .වෙනත් මතයක් දරන කෙනෙක් පිළිතුරක් දැමූ විට අපහාස උපහාස කරන්නට මොවුන් සැදී පැහැදී සිටිති – මෙය ඔබගේ බ්ලොගයේදිද මම දකින්නෙමි.මා එය මතු කරන්නේ අන් අය එසේ කරන බව කියමින් ඔබත් එයම කරනවිට ඔබ ඔවුන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි නොවැහැටෙනබැවිනි.                                                  

ඔබේ පිළිතුරෙන් ඔබත් වෙනත් මතයක් දරන කෙනෙක් පිළිතුරක් දැමූ විට අපහාස උපහාස කරන්නට සැදී පැහැදී සිටින බව මම දකින්නෙමි.  

සිංහල – බෞද්ධ යනු සංස්කෘතියකි. මේ හැර ඔබ අසන්නේ කුමක්දැ යි අපැහැදිලිය                                                                                                                              

සිංහල –බෞද්ධ සංස්කෘතිය  පහර ගැසීම ගැන මාගේ  වාදයක් නැත.මට සහතික කරගත යුතුවූයේ බෞද්ධයාට විශේෂණ පද වුවමනාද යන්නයි.

6.    බෞද්ධයන් එකී යාඥා මධ්‍යස්ථානයට පහර දීමත් බුදු දහමට ගැලපෙන්නේ නැහැනේද? මේ ප්‍රශ්නය අසන්නට උත්සුක වන ඔබ, පළමු ප්‍රශ්නය නො අසා මගහැර යන්නේ ඇයි?                                                                                                                                                                                                                                                      

මා ප්‍රශ්නය මගහැර නොමැත.පටලා ගන්න එපා.

විහාර මහා දේවී උද්‍යානයේ සිදු වූ මරණ වල වගකීම උක්ත පාස්ටර් විසින් ගත යුතු බව ගැන නොවේ මා අසන්නේ.

බෞද්ධයන් මේ ආකාරයෙන් පල්ලියකට පහරදුන්නානම් එය බුදුනට කරන නිගාවක් නිසායි,

මේ ස්ථාන  දෙකේදීම මරණ සිදුවූ සැබෑ ආකාරය මම නොදනිමි.

නමුත් පාදිලි තැනගේ මෙහෙය නිසා එම මරණ සිදුවී ඇත්නම් එම ක්‍රියාව හෙළා දකින අතර ඒ පිළිබඳ ව අපරාධ නීතියට අනුව දඬුවම් කළයුතු බව කියමි.

සෝමාවතියේ මියගිය තිදෙනා ගේ මරණ පිළිබඳවද මගේ මතය එයමවේ. 

7.    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් රහත් වී තිබේද යන ප්‍රශ්නය මතු කරන්න කිසිවෙකුටත් අයිතියක් කොහෙත්ම නැත රහත්වීම හෝ නොවීම ඒ හිමියන්ගේ අයිතියක්   

ඔබේ පුරුෂ ලිංගයේ තරම කවරක්දැ යි හො (කාන්තාවක් නම්) තිසර පටෙහි කප් සයිස් එක කොපමණදැයි ඇසීම පුද්ගලික කරුණු වුවද

රහත්වීම හෝ නොවීම ඒ හිමියන්ගේ පුද්ගලික අයිතියක් බව දැන නොසිටියෙමි.

මාද සිතුවේ එය පොදු කාරණාවක් කියා.

බුදු දහම හෝ සඟ සසුන ගැනවූ මද දැනුම නිසා  ඒ පැනය නැගීම ගැන සමාවන්න.  

 

8.    ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද ? මෙය කිතුණුවන්ටද අදාළ අදාල වුවත් කරන්නට දෙයක් නැත                                                                                 

ඔව් මාතෘකාව බැලුවා නමුත් කිතුනුවන්ටත්  ඉස්ලාමයටත් ආදම් සහ එව පොදු නිසයි ඇසුවේ.

9.බුදු දහම මිනිස් පරපුරේ පටන් ගැන්ම හෝ අවාසානය ගැන යමක් නොකියයි. එය නිවන් දැකීමට අවශ්‍ය නොවන නිසාය. නිවන් දැකීමේ “ස්කෝප්” එකට ඒක වැටෙන්නේ නැති නිසාය.

බුදු දහම ගැනවූ මද දැනුම නිසා මිනිස් පරපුරේ ආරම්භය ගැන ඒ පැනය නැගීම ගැන සමාවන්න.

10. කුරාණය ප්‍රශ්ණ කිරීම සමච්චලයක් වන්නේත්, ඥාණාන්ද හිමියන්ට සමච්චල් කිරීම හරි වන්නේත් කෙසේ දැයි මට නම් හිතා ගන්නට බැරිය. සමහර විට ඔබ දමාගෙන සිටිනාඅවජාතකවාදී” කන්ණාඩිය නිසා වීමටද ඉඩ .                                                                                                                                                                      

අන් අය ඥාණාන්ද හිමියන්ට  සමච්චල් කරන නිසා ඔබට කුරනයට සම්ච්චල් කිරීමට අයිතියක් ඇත.   

                                                                                                      

මම තවම පියවි ඇසින් ලෝකය බලමි.

එහි කාචය අවජාතක නොවූවද අවජාතක වාදී බවක් දැන් මට පෙනී යයි.

11. බුද්ධාගමට අපහාස කරන අනෙක් අසම්පූර්ණ බෞද්ධයන් හෝ සැප බඩු සමග යහන් ගත වන හීරලුවන්ගෙන් එම ප්‍රශ්නය ඔබ නො ඇසීම ගැනම මගේ පුදුමය පිළිගන්න.

බුද්ධාගමට ඔබෙන් වන අපහාසය ගැන ප්‍රශ්ණකිරීමට පෙර මා ඉහත අයගෙන් ප්‍රශ්න කළයුතු බව මම පිළිගනිමි.

මුහම්මද් ගේ ජීවිතය විවේචනය කරන විට ඒ හා සම්මනව බුදුන් ගේ ජීවිතය විවේචනය කළ නොහැකි නිසා ඔවුන් විවේචනය කරන්නේ බුද්ධ පුත්‍රයන්ය

බෝසත් චරිතය,සිදුහත් චරිතය හා බුද්ධ චරිතයෙහි මෙන්ම බුද්ධ පුත්‍රයන්ගේ විවේචනයට දෙයක් නොමැති නිසා

අන් ආගම් විවේචනය කිරිමේ ගැටළුවක් නැත.

 

 

6 thoughts on “පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….!-2

ප්‍රතිචාරයක් ලබාදෙන්න