පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….!

පෙරමුණේ රාළ සමග හෝ නෝ ෆ්‍රේම් සමග කිසිම විරසකයක් මාහට නොමැති වුවද “පල ඈති රුකට ගල් ගැසීම” යනුවෙන් පෙරමුණේ රාළගේ අටුවාවට නෝ ෆ්‍රේම් එක් කර තිබූ ලිපියට මෙසේ ප්‍රතිචාර දක්වන්නේ ඔහුගේ ඔවදනක්ද පිළිගනිමිනුයි.(එනිසා මොවුන්ට උත්තර දීමට අවශ්‍ය නම් ඔබේම බ්ලොග් අඩවියක උත්තර දීම වඩාත් උචිතය. එසේ නොමැතිව මොවුන්ගේ “හිට්ස්” වැඩිකර දීමට අප දායක නොවිය යුතුය.)

සෑබවින්ම මා හට අවශ්‍යව ඇත්තේ එහි අඩංගු යම් කරුණු කිහිපයක් පැහැදිළි කරගැනීම උව මා එම ප්‍රශ්න අසන්නේ කුමන පදනමින්ද යන්න ඔහු දැන ගත යුතුයැයි සිතෙන බැවින් මා ගැන කෙටි හැඳින්වීමක් පළමුව කරමි.

මගේ ජාතිය ශ්‍රී ලාංකික,(මී මුත්තගේ මුත්තාද ලංකාවේ ඉපදී ඇතිබව මගේ මුත්තා මා හට කියාදී ඇත )

ජන වර්ගය සිංහල (පරම්පරා තුනක උප්පැන්න සහතික සාක්ෂියට ඇත. )

නමුත් පරම්පරා ගණනාවක් භාවිත කරන්නේ පෘතුග්‍රීසී හෝ ගැලීසියානු බසෙන් ව්‍යුත්පන්නවූ පෙළපත් නාමයකි.

මීමුත්තගේ සිට හමේ වර්ණය සාමාන්‍යය සිංහලයාට වඩා පැහැපත් බව දැක ඇත්තෙමි.

නමුත් ලොකු තාත්තාගෙ පුතෙක් ලංකා යෝනක යුවතියක් සමගද,

 ලොකු අම්මාගේ පුතෙක් ලංකා දෙමළ යුවතියක්  සමග විවාහවීම නිසා අපේ මහ පවුල බහුජාතිකය.

පරම්පරා තුනකින් මෙපිට උභය කුළ පාරිශුද්ධ ගොවිගම කුලයට අයිතිවෙමි.

මගේ  තාත්තා මුත්තා මීමුත්තා රෝමානු කතෝලිකය.

මගේ තාත්තාගේ අම්මා බෞද්ධය.මගේ අම්මා සහ ඇගේ දෙමාපිය දෙපාර්ශවයම බෞද්ධය.

කුඩාකළ පියා සමග පල්ලියටද,මව සමග පන්සලට හා කතරගම දෙවිඳුන් පිදීමට කෝවිලටද ගියෙමි.

දෙනෑනුන් නිසා මුස්ලිම් පල්ලියේ සහ හින්දු කෝවිලේ වැඩටද දායකවීමට සිදුව ඇත.

පාසලේ උගන්වනු ලැබුවේ බුද්ධාගම නිසා විශයක් ලෙසින් එය උගත් අතර පන්සලේ දහම් පාසලට ඉරිදා සහභාගීවුනෙමි.එපමණක් නොව පාසලේ බෞද්ධ සංගමයේ සභාපතිවරයාද වීමි. තවද අ.පො.ස.සා.පෙළ විභාගයේදී බුද්ධ ධර්මය විශය සඳහා විශිෂ්ට සම්මානයක් ලදිමි.මෙයට අමතරව බයිබලය හා කුරානය හැදෑරුවෙමි.ආගමික පිපාසය නිසා ත්‍රිපිටකය,භගවත් ගීතාව හදාරමින් සිටිමි.කරුණු මෙසේ හෙයින් මට උරුමයෙන් ලැබුන ආගමක් නැත.(උපතින් බොදුනුවකු විය නොහැකි බව දනිමී).මපියා මාව මවට හොරෙන් බෞතීස්ම කළාදැයි නොදනිමි.මේ පසුබිම නිසා මා සර්ව ආගමික පසු බිමකින් යුත් ජීවියෙක් විය.දැන් මගේ පැනයන් ඉදිරිපත්කරමි.

1.බ්ලොග් අවකාශය යනු ඔලු ඇට්ටකුණා වූ ඔස්තාර් ලා එළිබසින තැනකි

ඔබ මෙහි සඳහන් කුලයට අයත් නොවන්නේ කෙසේද?

2.අවජාතක වාදීන්ටද තෝතැන්නක් ලෙස බ්ලොග් දැක්විය හැකිය.

මෙහි සඳහන් අවජාතක වාදීන් යනු කවුරුන්ද?

මා දන්නා තරමින් සෑම මනුෂ්‍යකුටම ජීව විද්‍යාත්මක මවක් සහ පියෙක් ඇති අතර ඔවුන්ගේ දරුවා ඔවුන් කළවැරදි වලට වගකිව යුතු නොවෙ.

ඒනිසා රජය  උප්පැන්න සහතිකයෙන් මව්පියන් විවාහකද යන වගන්තිය ඉවත්කිරීමට කටයුතු යොදමින් සිටී.

බුදුන් වහන්සේද මේ හැඳින්වීම අනුදැන වදාළේ නැහැ නේද?

3.තම මතයන්ට පහර වදින විට කටු තුලට රිංගා නිශ්ශබ්දව සිටීම මොවුන්ගේ තවත් ලකුණකි

මෙයට ඔබෙන් යම් පැනයක් වෙතොත් එයට පිළිතුරු දෙමි.ප්‍රමාද වනු ඇත්තේ හැමදාම අන්තර්ජාලයත් සමග සම්බන්ධවිය නොහැකි නිසාය.

4.වෙනත් මතයක් දරන කෙනෙක් පිළිතුරක් දැමූ විට අපහාස උපහාස කරන්නට මොවුන් සැදී පැහැදී සිටිති

මෙය ඔබගේ බ්ලොගයේදිද මම දකින්නෙමි.

මා එය මතු කරන්නේ අන් අය එසේ කරන බව කියමින් ඔබත් එයම කරනවිට ඔබ ඔවුන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි නොවැහැටෙන බැවිනි.

5.මේ සියල්ලන්ම පහර ගසන්නට හදන්නේ සිංහල බෞද්ධ කමටය.

සිංහල බෞද්ධ කම යනු කුමක්ද?

අන් ජාතික බෞද්ධයන් ,සිංහල බෞද්ධයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද.?

තිසරණ සරණ යෑමෙන් හැර වෙනත් ක්‍රමයකට බෞද්ධවීමක් අන් ජාතිකයන්ගේ හෝ සිංහලයන්ගේ තිබේද?

6.

මේ සමහරුන්ට පාදිලියකු අතින් කාන්තාවක් මිය යාමට වඩා ප්‍රශ්නයක් වුනේ බෞද්ධයන් එකී යාඥා මධ්‍යස්ථානයට පහර දී එහි වායු සමීකරණයකට අලාභ හානි කිරීමය.

පාදිලියකු අතින් කාන්තාවක් මිය යාම අපරාධ නීතියට අනුව දඬුවම් ලබා දියයුතු ප්‍රශ්නයක්, බෞද්ධයන් එකී යාඥා මධ්‍යස්ථානයට පහර දීමත් බුදු දහමට ගැලපෙන්නේ නැහැනේද?

7.දැන් මොවුන් කරන්නේ මෙරට ප්‍රසිද්ධ බුද්ධ පුත්‍රයකු වූ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ට උසුළු විසුළු කිරීමය. ඇට (නැති) මැස්සා උන් වහන්සේ රහත් වී තිබේද යන ප්‍රශ්නය මතු කරයි.

මෙරට ප්‍රසිද්ධ බුද්ධ පුත්‍රයකු වූ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් රහත් වී තිබේද යන ප්‍රශ්නය මතු කරන්න කිසිවෙකුටත් අයිතියක් නැතිද?

8.ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද ?

මෙය කිතුණුවන්ටද අදාළ නොවේද?

බුදු දහමට අනුව මිනිස් පරපුර බෝ වුනේ කෙසේද යන ප්‍රශ්නයද ගැටළු සහගත නොවේද?
ඉස්ලාම් ආගමේ තිබෙන්නාවු ගැටළු සහිත තැන් පිළිබඳව වූ ඔබගේ විවේචන වලට මම එරෙහි නොවෙමි.

එය සමච්චලයට ලක් නොකර එය කරනවානම් හොඳයි නේද?
ඔබගේ මුළු බ්ලොගයම සැරිසැරූ මට එක් තැනෙකදී ඔබ සම්පූරණ බෞද්ධයකු නොවන බව වැටහුනා.

ඔබ වැනි අසම්පූරණ බෞද්ධයන් ගේ මෙවැනි ක්‍රියා සම්පූරණ බෞද්ධයන්ට අපහාසයක් බව වැටහුනාද?.

ආදම් සහ ඒව ඉස්ලාම් හෝ කිතුණුවන් යයි සඳහනක් මා දැක නැත.

වසර 2500ක් වත් නොවූ ආගමක් ගැන මහමත් නබිගෙන් පටන් ගමුද?
ආගම් ගැන මගේ වැටහීම මෙසේ කැටිකර දක්වමි.

සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වීමටපෙර දැනුම සොයා ඉන්දු-ගංඟා මිටියාවත පුරාම සැරිසරණ ලද අතර ,

එතුමා එම සත්වස තුලදි එම ශිෂ්ටාචාරයේ තිබුනාවූ සියළුම දැනුම ලබාගන්නවා.අවසානයේ බුද්ධත්වය ලබනවා.

බුදු හිමියන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගැනුමට තමන් වහන්සේම ගුරු කොට ගත්තද ධර්ම දේශනා කරද්දී සියළුම දැනුම උපයෝගී කරගන්නවා.

උදාහරණ ලෙසට සූර්ය්‍යාගේ චලිතය,පෘතුවියේ පරිභ්‍රමණය ගැන තාරකා ව්ද්‍යාව හා වෙනත් විද්‍යා ගැන එතුමාගේ සඳහන් කිරීම් ගත හැකිය.

නමුත් බුදුන්ගෙන් පසු අද දක්වා කාලය තුල බෞද්ධයන්  වෙනත් ආගම් වල කොටස් එයට එකතු කිරීම නිසා බෞද්ධ සංස්කෘතියක් නිර්මාණයවේ.

උදාහරණ ලෙස හින්දුන්ගේ දේව ඇදහිළි,කිතුණුවන්ගේ උත්සවවලට සමපාතව බෞද්ධ උත්සව පැවත්වීම ගත හැකිය.

බුදුන්ගෙන් වසර 500 කට පමණ පසු යේසුස් උපදින්නේ යුදෙව් ආගමික වටපිටාවක වන අතර,

 එවකට එම පල්ලිතුල සිදුවන විෂමාචාර දකින ඔහු මෙය සැබෑ දහම නොවේ යයි අවබෝධ කරගැනීම නිසා ධර්ම ගවේශණයේ යෙදෙනවා.

මේ වන විට විකෘතිවීගිය බුදු දහමක් නාසරත් වැසියනට වෙළඳ සබඳතා මගින් ලැබී තිබිය හැකිය.

එබැවින් ඔහු අතුරුදහන්ව සිටි කාලය යනු ඉන්දු ගංඟා නිම්නයේ ධර්ම ගවේශණයේ යෙදුන කාලය විය හැකිය.

ඉන් පසු එතුමාගේ දේශනාවන් කාලයාගේ ඇවෑමෙන් නැවත යුදෙව් දහම සමග මිශ්‍රවීම මගින් අද පවතින කිතුණු දහම බිහිවේ.

නමුත් එතුමා විව්ධවූ විද්‍යාවන් බුදුන් වහන්සේ තරම්දුර හදාරා නොමැති බව පෙනේ.

බුද්ධ පරිනිර්වාණයෙන් තවත් වසර දහසක් සහ ජේසු උපතින් වසර 570 කට පසු මහමත් නබිවරයා උපත ලබනවා මක්කමදී.

ඒ වනවිට මක්කම වැසියන් යුදෙව් දහම කිතුණු දහම සහ බුදු දහම දැන සිටින්නට හෝ අදහමින් සිටින්නට ඉද ඇති අතර මේ සියළු ආගම් මිශ්‍රව තිබෙන්නද ඇත.

ධර්ම ගවේශී නබිවරයා ගුහාගතවී සිට එළියට එන්නේ මේ සියල්ල සංකලනයෙන් යුත් ආගමක් සමග.

එය එදා ඔහු ජීවත්වූ සමාජයේ අවශ්‍යතා සඳහා ගැලපුන අතර එතුමා බුදුන්වහන්සේ මෙන් විද්‍යා දැනුමෙන්සන්නද්ධවී නොමැති බවත් ,

අඩු තරමින් එවකට ග්‍රීසිය සහ රෝමයේ දියුණුවී තිබු විද්‍යා දැනුමවත් ඔහුවෙත ලඟාවී නැති බව පැහැදිළිය.

ක්‍රි.ව.හයවන සියවස වන විට බැග්ඩෑඩ් හරහා මක්කම වෙත දැනුම ගලායාමේ ගැටළුවක් තිබෙන්නට හැකි යයි මත නොසිතේ.

වර්තමානය වන විට සියළු ආගම් සහ සංස්කෘතීන් එහි මූලාරම්භයට වඩා වෙනස්වී ඇති බව පැහැදිළිය.

එයට අන්‍ය ආගම් වල බල පෑම් මෙන්ම මුඛ පරම්පරාගතව ඒමේදී  එදා තිබූ විවිධවූ මිත්‍යාමත රිසිසේ එකතුවන්නට ඇත.

හැම තන්හි අප දකින්නේ මේ විකෘතියයි.

ඒ කිසිවකට මේ සාස්තෲවරුන් පළි නැත.

අන්ධානුකරණයෙන් ආගම් අදහන්නෝ හැම ආගමකටම පොදුය.

මේ අන්ධානුකරණයට සමච්ච්ල් කිරීමෙන් සිත් රිදවා ගැනීමක් හෝ තමනට විනෝදයක් ලබාගැනීම හැර නෙත් පෑදීමක් සිදුවේ යැයි සිතීම අපහසුය.

ඔව් අප කළයුතු  දෙයක් ඇත.

ඒ සියළු ආගම්හි විකාශය කාලානුරූපව ප්‍රාදේශීය හා ලෝක ඉතිහාසය සමග සසඳා අවිනිශ්චිත හා පිළිගත නොහැකි කරුණු පිළිබඳව විද්‍යාත්මක සාකච්චාවකට මග පාදා ගැනීමයි.

අනුන්ගේ ඇසේ පොල්කෙන්ඳ දකිනවිට තමන්ගේ ඇසේ පොල් පරාලය අමතක කරන බව මතක තබාගතයුතුය.

උදාහරණයක්    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් වයස මාස හයේදී තිසරණ සරණ යන්නේ කෙසේදැයි මට නොවැටහේ.
බුදුන් වහන්සේ අනුදැන වදාළේ මේ අපහාස කිරිමේ ක්‍රමයයි මට නොසිතේ.

මා කිසිම බ්ලොග්කරුවකුගේ අහවල් දෙය කරන්නකු නොව යථාර්තවාදී ලෙස සිතීමේ උන්මාදයෙන් පෙලෙන්නෙක් බවද මාගේ පවුල් පසුබිම අනුව ඔබගේ සටහන් වලින් අප සිත් තැලෙන බවද සිහිකරන්න.

අප රට තුල හැම ආගමකටම ධර්ම සංඝායනාවන් අවශ්‍යව ඇත.

පෙරමුණේ රාළ ඒ සඳහා පෙරමුණ ගනු ඇතයි පතමි.
තෙරුවන් සරණයි…!

.

31 thoughts on “පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….!

  1. “ධර්ම ගවේශී නබිවරයා ගුහාගතවී සිට එළියට එන්නේ මේ සියල්ල සංකලනයෙන් යුත් ආගමක් සමග.”
    ආගමක් සේ පෙන්නා රටවල් ආක්‍රමනය කිරීමේ පිලිවෙතක් නොවේද….
    පෙරමුණේ රාළ කී දේකට හිත උනුවෙලා කෑගැසීමට පෙර ඔය ඔලුව පොඩ්ඩක් සැහැල්ලු කරගෙන හිතන්න

    කැමතියි

    • නිර්නාමිකයා
      බොහොම ස්තුතියි.
      ආගමක් සේ රටවල් ආක්‍රමණය කිරීම පමණක්ද එහි තියෙන්නේ.?
      අනෙක් එක මා කියන්නේ අද දවසේ ඔවුන් සමග සන්වාදයක් අරඹමු කියලායි.
      ඔබට කෙසේ පෙනුනද මා මෙහි කිසි තැනක කෑ ගසා නැත.
      ඔබට ලිපි දෙක පැටලුනාවත්දැයි සිතේ.
      ඔබ මෙය නැවත වතාවක් කියවා බලන්න මොනතරම් සැහැල්ලුවෙන් මෙය ලියා ඇතිද වග.

      කැමතියි

    • මෙන්න මේ උපුටා ගැනීම් දෙක බලන්න.
      දීඝ නිකාය
      බ්‍රහ්මජාල සූත්‍රය
      2. ´´මහණෙනි, යම්කිසි කලක දීර්_ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් එන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සන්‍වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔවුහු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන
      බබළන්නේ, අහසේ හැසිරෙමින්, සිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔවුහු එහි බොහෝ කාලයක් සිටිති.
      ´3.´මහණෙනි, යම්කිසි විටෙක දීර්_ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හට ගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සන්‍වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදීයි. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපිදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතිව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ත කාලයක් සිටී.
      4. ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් කා කලකිරීමක් ඇතිවෙයි. ´´වෙනත් සන්‍වයෝද මේ භවයට එත් නම් ඉතා හොඳය´´යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවෙයි. ඉන්පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත්. ඔවුහුද එහි සිතින් හටගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතිව ශුභ විමානේ සිට අහසේ හැසිරී දීර්_ත කාලයක් සිටිති.
      5. ´´මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ´´මම, බ්‍රහ්ම වෙමි. මහා බ්‍රහ්ම වෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළනොහැකි වන්නෙමි. ඒකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලෝක කර්‍තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම් වෙමි. ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද ලෝකයාගේ පියා වෙමි. මේ සන්‍වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, ´´අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ´´යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය. එබැවින් මාගේ සිතේ ප්‍රාර්ථනාවෙන් මේ සන්‍වයෝ මේ භවයට පැමිණියෝය´´ යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි. ´´මේ පින්වත් අය බ්‍රහ්මය, මහා බ්‍රහ්මය. සෙස්සන් මැඩ පවත්වන්නෙකි,අනුන් විසින් මැඩ නොපවත්වන්නෙකි. ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලෝක කර්‍තෘය. ලෝකය මැවුම්කාරයාය. උත්තමයෙකි. ලොව බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි. උපන් ලෝකයාගේ පියෙකි. මේ පිණ්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළ_මු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු´´ යනුයි.
      6.´´මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක් වේද ඔහු ඉතා දීර් ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, රුවෙන් ඉතා අඩුවූද පිරිවර ඇත්තෙක්දවේ. මහණෙනි, ඒ කාරණය සිද්ධවේ. එනම් ඒක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ´´
      මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීය්‍ර්‍ය කොට එම වීය්‍ර්‍ය පුහුණු කර එම වීය්‍ර්‍ය නැවත නැවත යෙදීමට පැමිණ අප්‍රමාදයට පැමිණ හොඳින් භාවන කිරීමය පැමිණ, යම් සේ සිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි

      2 අග්ගඤ්ඤ සූත්‍රය
      ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.
      ´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර් කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළව පිහිටන්නීය.´´
      වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර් කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතියද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීමද පෙණුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළබඳ අර්ථය නොදනිත්මය.´´
      ´වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළව නැතිවී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්තවිය, රසයෙන් යුක්තවිය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැතිවී ගියේය. එකල බදාලතා නම්වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද බෙහෝසෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැතිවී ගියේය.´´
      ´මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළබඳ අර්ථය නොදනිත්මය.´
      ´´කුඩු රහිතවූ දහයියා, (පොතු) රහිතවූ සුවඳ ඇත්තාවූ සහල්ම ඵල කොට ඇත්තාවූ හැළ පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත්ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද බෙහෝසෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකලද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළබඳ අර්ථය නොදනිත්මය.´´
      ´´පින්වත් සත්වය කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙන එන ලදැ´´යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්ව තෙම ඒ (හැල් ගෙණ ආ) යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙණවුත්) කල් තබා ගෙන පාවිච්චි කරන්ට පටන් ගත්තාහූද එකල්හි කුඩුද සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපන ලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපන ලද තැන් එසේ අඩුවම පෙණුනේය. ඇල් වී පඳුරු පඳුරුව සිටියාහුය.´´
      ´´ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල් වී බෙදා ගත්හ. මායිම් තබාගත්හ.´´
      ´´එවිට එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්‍ෂා කරන්නේ මතහට නුදුන්නාවූ එක්තරා කොටසක් රැගෙන (සොරකම් කොට ගෙණ) පාවිච්චි කළය. එතැන් පටන් (ලෝකයෙහි) අන්සතු නුදුන් දෙය ගැණීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැණීම පහළ විය.´´
      10. ´´වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වීද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වීද ඒ සත්වතෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමටද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමටද, නෙරපිය යුත්තහු නෙරපීමටද යෙවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහාසම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය. වාසෙට්ඨය, ක්‍ෂෙත්‍රයන්ට (ඉඩම් වලට) අධිපතිය යන අර්ථයෙන් ක්‍ෂත්‍රියයයි කියා දෙවන නාම (ව්‍යවහාරය) විය. ධර්මයෙන් අන්‍ය සත්වයන් පිණවයි යන අර්ථයෙන් රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍රයයි දන්නා ලද්දාවූ ලෝකෝප්පත්ති වංශ කථාවෙන් මේ ක්‍ෂත්‍රිය සමූහයාගේ පහළ වීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමානවූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධව මෙ ලෝකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රේෂ්ඨය.´´
      ´´ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළවූහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් තරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණයයිම පළමූවන නාම (ව්‍යවහාරය) වූයේය. ඔහු තුමූ වන ප්‍රදේශයෙහි පන්සල් (කොළ සෙවිලි කල පැල්) කොටාගෙන එහි පන්සල්වල ධ්‍යාන කෙරෙති. ඔහු තුමූ ආහාර ලබාගෙන නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්. වාසෙට්ඨය, ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාරය) විය.´´
      ´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහූ) ගම් වෙතටද, නියම්ගම් වෙතටද පැමිණ ත්‍රිවේදය සකස් කෙරෙමින්ද, උගන්වමින්ද වෙසෙති. ´´ධ්‍යාන නොකෙරෙති´´ යන අර්ථයෙන් අජඣායකය යන තුන්වන නාමය විය.´´
      ´වාසෙට්ඨය, (වේද මන්ත්‍ර දැරීමය, වේද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත්යයි සම්මත විය. (ඒ මන්ත්‍ර හැදෑරීම හා කියවීම) දැන් ශ්‍රේෂ්ඨයයි සම්මත ´´වාසෙට්ඨය, මෙසේ මේ පුරාණවූ ලෝක උප්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.´´
      ´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙණාහ.´´
      ´´මෛථුන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්´´ යන අර්ථයෙන් වෛශ්‍යයයි නාමය විය.´´
      ´වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලෝකෝත්පත්ති වංශ කථාව පහළ වූයේය.´´
      ´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් ඉතිරි වූවාහුද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.´´
      ´´වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය යන අර්ථයෙන් ශු_යයි යන නාම විය.´´
      ´´මෙසේ මේ පුරාණ ශු සමූහයාගේ පහළවීම පිළබඳ ලෝක උප්පත්ති වංශ කථාව වූයේය.´´

      කැමතියි

  2. /**
    * සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වීමටපෙර දැනුම සොයා ඉන්දු-ගංඟා මිටියාවත පුරාම සැරිසරණ ලද *අතර ,
    *එතුමා එම සත්වස තුලදි එම ශිෂ්ටාචාරයේ තිබුනාවූ සියළුම දැනුම ලබාගන්නවා.අවසානයේ *බුද්ධත්වය ලබනවා.
    *බුදු හිමියන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගැනුමට තමන් වහන්සේම ගුරු කොට ගත්තද ධර්ම දේශනා කරද්දී සියළුම දැනුම උපයෝගී කරගන්නවා.
    *
    *උදාහරණ ලෙසට සූර්ය්‍යාගේ චලිතය,පෘතුවියේ පරිභ්‍රමණය ගැන තාරකා ව්ද්‍යාව හා වෙනත් විද්‍යා ගැන *එතුමාගේ සඳහන් කිරීම් ගත හැකිය.
    */

    මට තේරෙන විධියට මෙහිහී ඔබ අදස් ක‍රන්නේ බුදුන් වහන්සේ තමාව ගුරු කොටගෙන බුදු වුවත් ධර්ම දේශනා ක‍රද්දී ඉන්දීය ශිශ්ඨාචාර වල දැණුමත් භාවිතා ක‍රල තියනවා යන්නයි.
    එතකොට බුදුන් වහන්සේගේ සර්වඥතා අවබෝධය කියන්නේ මොකක්ද? සූර්ය්‍යාගේ චලිතය ගැන බුදුන්වහන්සේගේ සඳහන් කිරීම නවීන විද්‍යාවෙන් පවා සොයාගත්තේ ඉතා මෑතකදී. එකල ඉන්දියාවේ තිබුනු මතයට අනුව සූර්ය්‍යා පෘථිවිය වටා යනවා. නමුත් බුදුන් වහන්සේගේ දේශනයේ එහෙම චලිතයක් ගැන සඳහනක් නෑ. බුදුන් වහන්සේ දේශනා ක‍රන්නේ මෙම චක්‍රාවාටයට සාපේක්ෂ සූර්ය්‍යාගේ චලිතය ගැනයි. එය ඉතා අධික වේගයක්, ශක්තිමත් දුනුවායෙකුගේ හී පහ‍රට වඩා එය වේගවත්. තත්ප‍රයට කිමී 240 ක් වැනි සංඛ්‍යාවක් මට මතක විදියට. අනිත් එක බුදුන් වහන්සේ ධර්ම දේශනා ක‍රද්දි භාවිතා ක‍රන්නේ සර්වඥතා ඤානයෙන් ලබාගත් ප‍රිපූර්ණ දැණුම මිස එකල තිබූ අසම්පූර්ණ විද්‍යා නොවේ ඒවා තථාගථයන් වහන්සේ හැඳින්වූයේ තිරස්චීන විද්‍යා ලෙසයි.
    ඒ නිසා මේ වගේ මාතෘකා ගැන කතා ක‍රනකොට ලියන කොට මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
    තමාගේ මතය, ඉදිරියට දැමීම බුදුදහම ගැන කතාක‍රන කොට ගැලපෙන්නේ නෑ.

    දෙවනි කාරණාව තමයි
    /**
    *මෙරට ප්‍රසිද්ධ බුද්ධ පුත්‍රයකු වූ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් රහත් වී තිබේද යන ප්‍රශ්නය මතු *කරන්න කිසිවෙකුටත් අයිතියක් නැතිද?
    */
    අවශ්‍ය අයෙකුට එසේ කල හැක නමුත් එය කල යුත්තේ තැන තැන දමන කසල වාග් විලාශයක් ඇති comment වලින් , blog post වලින් නොවේ. අසපුවට ගොස් උන්වහන්සේ බැහැදැකීමෙන් එය දැන ගතහැකිය.

    මටත් මේ ලිපිය කියෙව්වාම තේරෙන්නේ “තමන්ගේ ඇසේ පොල් පරාලය” කතාවම තමයි.

    කැමතියි

    • @ Kanishka Dilshan
      පලමු කොටම මා බුදු දහම හදාරමින් සිටින බව සඳහන් කොට ඇති බව අමතක කරන්න එපා
      මේ උපුටා ගැනීම
      දීඝ නිකාය
      බ්‍රහ්මජාල සූත්‍රය

      චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය.
      (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය,
      චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය.
      (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය.
      උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය.
      චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය.
      මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය.
      චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය.
      මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය.
      මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.
      හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය.
      ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය.
      භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්‍ර මුද්‍රා ආදී ලකුණුවලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය,
      ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මේ විද්‍යායි.

      විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම,
      වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම,
      ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම,
      මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍ර්‍යයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම යනුයි.
      බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රිා කිරීම,
      නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම,
      ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම,
      වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය,
      දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි.
      එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.
      මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´.
      දැන් මා ඔබේ ප්ර ශ්න වලට එන්නම්

      (I).මට තේරෙන විධියට මෙහිහී ඔබ අදස් ක‍රන්නේ බුදුන් වහන්සේ තමාව ගුරු කොටගෙන බුදු වුවත් ධර්ම දේශනා ක‍රද්දී ඉන්දීය ශිශ්ඨාචාර වල දැණුමත් භාවිතා ක‍රල තියනවා යන්න
      බුදුන් වහන්සේ වසර හයක් තිස්සේ ඉගෙන ගත්තේ වෙනත් ගුරුවරුන්ගෙන්.
      එහිදී එතුමා විවිධ ධ්යාන පවා ලබා ගන්නවා.
      එම ගුරුවරුන් තමන්ගේ අසපු එතුමාට පිරිනමනවා.
      නමුත් එතුමා ඒ සියල්ල පිළිකෙව් කරන්නේ එතැන එතුමා සොයන විමුක්ති මාර්ගය සසරින් එතෙරවීමේ මාර්ගය නොමැති නිසයි.
      අවසානයේ එතුමා චතුරාර්යය සත්යය අවබෝධ කරගන්නවා.
      යමෙකුට තර්ක කළ හැකියි බුදුවීම යනු සියල්ල අවබෝධ කරගැනීම නිසා එතනින් පසු එතුමාගේ දේශනා වලට මුලදී ලබාගත් දැනුම භාවිතා උනේ නැහැ කියා.
      නමුත් මගේ වැටහීමනම් එතුමා ඒවා භාවිතා කළා කියලයි.
      උදාහරණයන් ලෙසට
      A).බුදුවෙන්නට පෙර එතුමා පෙර විසු කඳ පිළිවෙල දැන ගැනීමේ හැකියාව ලබාතිබුනා.මේ හැකියාව බුදුවීමෙන් නිශේධ විනැයි මට නොසිතේ.සමහරවිට එය තවත් ප්රලබලවීම සිදුවිය හැකියි.
      B).ඉහත සඳහන් විවිධ විෂයයන් එතුමා රජ කුමර අවධියේ හදාරණ ලද ඒවා යයි මට සිතේ.
      මේ තමයි ඔබගේ පළමු පැනයට පදනම්වූ මගේ සටහන පිළබඳ කෙටි පැහැදිළි කිරීම.

      (II).එතකොට බුදුන් වහන්සේගේ සර්වඥතා අවබෝධය කියන්නේ මොකක්ද?

      කෙටි තේරුම සියල්ල දත් යන්නයි.
      නමුත් චතුරාර්යය සත්යය අවබෝධ කොටගෙන බුදුවීම නිසා එතුමා වසර 35ක් තිස්සේ ලබා තිබුන දැනුම මැකිලා ගොස් අළුත්ම දැනුමක් ආවේ නැහැ.
      බුදු බව ලබන්න පෙර අන් සියළු දැනුම එතුමා ලබා සිටියා එකක් හැර.
      නමුත් එතුමාට උවමනා කර තිබුනේ ඒ සියල්ලම නොව නිවනට මාර්ගයයි.
      බුදුවීමත් සමග ඒ දැනුම ලබා ගන්නා නිසා එතුමා සියල්ල දත් වෙනවා.
      නමුත් එතුමාට උවමනාවුනේ සියල්ල දත් වෙන්න නොවේ.නිවන් අවබෝධ කර ගැනීමයි.

      (III). සූර්ය්යාගේ චලිතය ගැන බුදුන්වහන්සේගේ සඳහන් කිරීම නවීන විද්යාවෙන් පවා සොයාගත්තේ ඉතා මෑතකදී. එකල ඉන්දියාවේ තිබුනු මතයට අනුව සූර්ය්යා පෘථිවිය වටා යනවා. නමුත් බුදුන් වහන්සේගේ දේශනයේ එහෙම චලිතයක් ගැන සඳහනක් නෑ. බුදුන් වහන්සේ දේශනා ක‍රන්නේ මෙම චක්රාවාටයට සාපේක්ෂ සූර්ය්යාගේ චලිතය ගැනයි.

      “චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය”

      ඉහත උපුටා ගැනීම බලන්න.
      මේ චලිත ගැන නොවේද කියන්නේ
      ඇත්ත එතුමා කෙළින්ම කියා නැහැ පොළව තමා වටේ කැරකෙමින් සූර්ය්යා වටේද කැරකේ. සූර්ය්යාව තමා වටේ කැරකේ කියලා.
      මේ ප්රකාශයෙන් මට වැටහෙන්නේ එතුමා එය දැන සිටියයුතුයි මෙසේ කියන්න.
      අනික ඔබ කියන්නේ බුදුන් වහන්සෙ එය දැන සිටියේ නෑ කියාද?

      (IV).අනිත් එක බුදුන් වහන්සේ ධර්ම දේශනා ක‍රද්දි භාවිතා ක‍රන්නේ සර්වඥතා ඤානයෙන් ලබාගත් ප‍රිපූර්ණ දැණුම මිස එකල තිබූ අසම්පූර්ණ විද්යා නොවේ ඒවා තථාගථයන් වහන්සේ හැඳින්වූයේ තිරස්චීන විද්යා ලෙසයි.

      මෙහිදි ඔබ සම්පූරණයෙන්ම නිවරදි නැහැයි මට සිතේ.
      හේතුව සර්වඥතා ඤානය ගැන ඔබගේ වැටහීම ගැන මට ගැටළු ඇති නිසා.
      ඔබ කියන්නේ එතුමාගේ ප‍රිපූර්ණ දැණුමට එකල තිබූ අසම්පූර්ණ විද්‍යා අයිති නොවේ කියලාද?
      මා කියන්නේ ඔබ කියන අසම්පූර්ණ විද්‍යා පවා එතුමා දැන සිටි බවයි.
      නමුත් තිරස්චීන විද්යා යයි එතුමා දේශනා කරන්නේ
      ගිහියන්ට එවා නොගැලපෙන නිසා හෝ ඒවා වැරදි නිසා නොවේ. (ඉහත සම්පූර්ණ උපුටා ගැනීම බලන්න).
      ඒවා නිවන් මග අවබෝධ කරගැනීමට උදව් නොකරන විද්‍යා නිසයි.

      V).ඒ නිසා මේ වගේ මාතෘකා ගැන කතා ක‍රනකොට ලියන කොට මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
      තමාගේ මතය, ඉදිරියට දැමීම බුදුදහම ගැන කතාක‍රන කොට ගැලපෙන්නේ නෑ.

      ඔබගේ අවවාදයට බොහොම ස්තුතියි.
      මා සිතා සිටියේ බුදු දහම තමා විසින්ම අවබෝධ කරගතයුතුයි කියලායි.
      ඒ නිසා බුදු දහමේ කරුනු මට වැටහෙන විදියට එළියට දැම්මේ එනිසායි.
      ඔබ කියන්නේ තමාගේ මතය, ඉදිරියට දැමීම බුදුදහම ගැන කතාක‍රන කොට ගැලපෙන්නේ නෑ.
      මේ කියන්නේ කුමන පදනමින්ද කියාපැහැදිලි කරනවාද?
      ඔබ කියන්නේ අනෙත් ආගම් ගැන තමාගේ මතය, ඉදිරියට දැමීම නම් ගැලපෙනවා කියලාද?.
      පෙරමුනේරාලගේ අ‍ටුවාවේ ඔබේ අදහස් දක්වපු තැන්වල ඔබ අනෙත් ආගම් ගැන තමාගේ මතය, ඉදිරියට දැමීම ආගම් ගැන කතාක‍රන කොට ගැලපෙන්නේ නෑ යන්න පිළිපදින බවක් පේන්නේ නැහැ..
      (VI).දෙවනි කාරණාව තමයි
      මෙරට ප්රසිද්ධ බුද්ධ පුත්ර්යකු වූ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් රහත් වී තිබේද යන ප්රශ්නය මතු කරන්න
      අවශ්යප අයෙකුට කල හැක නමුත් එය කල යුත්තේ තැන තැන දමන කසල වාග් විලාශයක් ඇති comment වලින් , blog post වලින් නොවේ. අසපුවට ගොස් උන්වහන්සේ බැහැදැකීමෙන් එය දැන ගතහැකිය.

      ඔය පදනමින් මා ඔබෙන් ඇසුවොත් අල්ලා ගැන මහමත් නබි ගැන ප්රශ්න කල යුත්තේ ‘
      පෙරමුනේ රාල ඇතුළු ඔබ කණ්ඩායම දමන කසල වාග් විලාශයක් ඇති comment වලින් , blog post වලින් නොව,
      පල්ලියට ගොස් මවුලවි බැහැදැකීමෙන් එය දැන ගතහැකිය කියා.?
      මේ ගැන මගේ මතයනම් කිසිම ආගමික නායකයකුට හෝ අනුගාමිකයකුට අපහාස නොකළ යුතුයි යන්නයි.
      එය රාළ කළත් ටැබූ කළත් වැරදියි.
      නමුත් ඔබ ඉස්ලාම් දහමට අපහාස කරනවිට එසේ නොකරන්නයි ඉල්ලමින්ම කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ට අපහාස නොකරන්නයි ඉල්ල නවා නම් වඩා හොඳනේද?

      (VII).මටත් මේ ලිපිය කියෙව්වාම තේරෙන්නේ “තමන්ගේ ඇසේ පොල් පරාලය” කතාවම තමයි.

      ඔබට එසේ පෙනෙන්නේ ඔබේ අන්ධ භක්තිය හා මෝඩ කම නිසා වියයුතුය.
      මා මෙහි කිසි කෙනෙකුට අපහාස කර නැත.
      මා දහම අවබෝධ කරගත් අයුරින් ලියා ඇත.
      නැවත මේ දීඝ නිකාය බ්‍රහ්මජාල සූත්‍රය උපුටා ගැනීමත් සමග මගේ ලිපිය කියවන ලෙස ඉල්ලමි.

      මා විසින් මෙසේ අසන ලදි.
      එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පන්සියයක් පමණ වූ බොහෝ භික්‍ෂු සංඝයා හා සමග වැඩියෝය. සුප්පිය නම් පිරිවැජියාද බඹදත් නම් තරුණ අතවැසියාද සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය.

      එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි.
      සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම්

      මාණවකයා නොයෙක් අයුරින් බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියයි.
      මෙසේ මේ කරුණෙහි ඒ ඇඳුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුඬ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

      2. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළකළ වූ රාජාගාරක නම් ශාලාවෙහි,එක් රාත්‍රියක් විසීමට භික්‍ෂු සංඝයා සමග පැමිණියෝය.
      සුප්පිය නම් පිරිවැජියාද එම ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බඹදත් නම් තරුණ අතවැසි මාණවකයා සමග පැමිණියේය.
      එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.
      3. එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රුස්වීම් ශාලාවෙහි එක්ව රුස්ව වැඩසිටි බොහෝ භික්‍ෂුන් අතරෙහි මේ කථා ධර්‍මය පහළ විය.
      ´´ඇවැත්නි, සියල්ල දන්නා භගවත් නම්වූ ,සියල්ල දන්නා අරහත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් අදහස් ඇතිබව යම් පමණ හොඳින් අවබෝධ කරන ලද්දේද (අවබෝධය) පුදුමය.
      මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුන්හට ධර්මයට සංඝයාහට දොස් කියයි.
      පිරිවැජියාගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.
      භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්´´
      4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ගේ මේ කථාව දැන රුස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතැනට පැමිණියෝය.
      පැමිණ පැණවූ ආසනයෙහි වැඩ හුන්නෝය.
      වැඩහිඳ ´´මහනෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන් ගෙන සිටියාහුදැ’ යි ඇසූහ.
      ඒ භික්‍ෂූහු ´´ස්වාමීනි, අපට මේ කථා ධර්මය පහළ විය.
      සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇතිබව යම් පමණ යහපත් සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය.
      පෙර නුවූ දෙයක් වන්නේය.
      මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරදුන්ට ධර්මයට සංඝයාට දොස් පවරයි.
      ඔහුගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.
      විරුඞ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්.
      ස්වාමීන් වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය.
      එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය´´ යි කීහ.
      5. ´´මහණෙනි,
      අනුන් මාගේ හෝ නුගුණ කියද්ද,
      ධර්මය ගැන හෝ නුගුණ කියද්ද,
      සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
      ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකොට යුත්තේය,
      අමනාප නොඉපදවිය යුත්තේය,
      සිත් අසතුටු නොකටයුත්තේය.
      ඒ නුගුණ කියන්නන් කෙරෙහි
      ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ

      නොසතුටු වන්නාහු නම්
      එයින් තොපටම අන්තරාය වන්නේය.
      කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය අසුභ සිද්ධිය දන්නහුද?´´

      ප.ලි.
      ඔබ හොදින් බුදුදහම හදාරා ඇති බැවින් කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් වයස මාස 6 දී තිසරණයේ පිහිටා බෞද්ධයකු වුනේ කෙසේද කියා පැහැදිළි කර දෙනවාද?

      කැමතියි

      • දිග ලිපියක්,
        /**
        *A).බුදුවෙන්නට පෙර එතුමා පෙර විසු කඳ පිළිවෙල දැන ගැනීමේ හැකියාව ලබාතිබුනා.මේ හැකියාව *බුදුවීමෙන් නිශේධ විනැයි මට නොසිතේ.සමහරවිට එය තවත් ප්රලබලවීම සිදුවිය හැකියි
        */
        නමුත් සස‍ර දුවන සත්වයාට ආදීමූලයක් පැනවිය නොහැකි බව අවබෝධ කලේ බුදුවීමෙන් පසුවයි. කාල සීමාවකින් තොරව ආපස්සට බැලීමේ හැකියාව සිද්ධාර්ථ බෝසතුන් බුදුවීමෙන් පසු ලබාගත් අවබෝධයක්.
        ඉහත සඳහන් සියලු විශයන් උන්වහන්සේ කුමාර කාලයේ හැදෑරුවා යයි කියන්නේ කොහොමද එහෙම සඳහනක් බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ නෑ. ඉහත සඳහන් වන්නේ එකල පැවති සැට දෙකක් වූ මිත්‍යා දෘෂ්ඨීන් කියලා නම් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා.
        /**
        *බුදු බව ලබන්න පෙර අන් සියළු දැනුම එතුමා ලබා සිටියා එකක් හැර
        */
        මොනවද ඔබ මේ කියන හිස් කතා ඔබ අදහස් දක්වන්නේ ඔබ එය පෞද්ගලිකව දැන සිටියා වගේ නේ. ඉහත ශාස්ත්‍ර වල “සියළු දැනුම” සර්වඥතා අවබෝධයකින් තොරව අවබෝධ කරන්නේ කොහොමද එකල තිබූ තාරකා විද්‍යාව මොන තරම් ප්‍රාථමිකද! බුදුන් වහන්සේ විශ්වය ගැන දක්වන ලද සියලුම අදහස් උන්වහන්සේගේ සර්වඥතා අවබෝධය තුලින් ලබා ගත් ඒවා මිස බමුණු මත නොවේ. ඒකයි එම කරුණු අදටත් අසත්‍ය බව ඔප්පු කල නොහැක්කේ. බුදුන් වහන්සේ අන් බමුණන්ගෙන් වෙනස් වන්නේ චතුර් ආර්‍ය සත්‍ය දත් නිසා පමණක් නොවේ සිදුවිය හැකි දෙය සිදුවිය හැකි ලෙසටත් සිදුවිය නොහැකි දෙය සිදුවිය නොහැකි ලෙසටත් අවබෝධ කොටගෙන සිටි නිසා එය තථාගථයන් වහන්සේලා සතු බලයක්. නමුත් එදා පමණක් නොව අදත් එවැනි අය නැහැ. ඒනිසා සර්වඥතා අවබෝධය කියන්නේ එහෙන් මෙහෙන් කොටස් එකතු ක‍ර ලබාගත් දැණුමක් නොවේ කියන එක අවංකව පිලිගන්න. ලෝකය ඇති සැටියෙන් දැකිමේ හැකියාව ඇති බුදුන් වහන්සේට එවැනි පෙර දැණුමකින් කුමන පලක්ද?

        ඔබට මම දීපු පිලිතුර කියවා තේරුම් ගැනීමට බැරිව ඇති හැඩයි මම කියලා තියෙන්නේ හිරු පෘතිවිය වටා යන බව බුදුන් වහන්සේ දේශනා කල නැති බව පමණයි. එහෙම නැතුව මම කියලා තියනවාද චලිතයක් නැති කතාවක්. නැවත මම කියපු දෙය කියවා බලන්න මෙතන තියෙන්නේ කියවා තේරුම්ගැනීමේ ගැටලුවක්.විශ්වයේ සංවර්ථන විවර්ථන ක්‍රියාවලිය පවා බුදු ඇසින් දුටු උන්වහන්සේ හිරුගේ චලිතය දැන සිටියායයි ඔබ මට කියාදෙන්න ඕනද. තව ටිකක් හෙමින් නැවත නැවතත් කියවා බලන්න මොකක්ද කියලා තියෙන්නෙ කියලා.

        /**”නමුත් තිරස්චීන විද්යා යයි එතුමා දේශනා කරන්නේ ගිහියන්ට එවා නොගැලපෙන නිසා හෝ ඒවා වැරදි නිසා නොවේ”**/
        එයට මම එකඟයි මම එසේ නොවේ යයි කියා නැහැ.
        /**”මා කියන්නේ ඔබ කියන අසම්පූර්ණ විද්‍යා පවා එතුමා දැන සිටි බවයි.” **/
        උන්වහන්සේ අසම්පූර්ණ විද්‍යා අසම්පූර්ණ බව මැනවින් අවබෝධ ක‍රගෙනයි වැඩසිටියේ එසේ නැතිව එම අසම්පූර්ණ විද්‍යා දැණුම කොටගෙන නොවේ. එම අසම්පූර්ණ විද්‍යා තුලින් අසම්පූර්ණව දැකිය හැකි ලෝකය උන්වන්සේ සතු සර්වඥතා අවබෝධය තුලින් දුටුවා. මෙවැනි විශයන් මෙලෙස කතාක‍රන එක තේරුමක් නැහැ. මේ සම්බන්දව හොඳින් දන්නා අයෙකු හමුවී සාකච්ඡා කර හෝ ඔබ එල්බ ගෙන සිටින මතයන් හරිද වැරදිද යන්න අවබෝධ කරගන්න.

        මා සිතා සිටියේ බුදු දහම තමා විසින්ම අවබෝධ කරගතයුතුයි කියලායි.
        ඒ නිසා බුදු දහමේ කරුනු මට වැටහෙන විදියට එළියට දැම්මේ එනිසායි.
        ඔබ කියන්නේ තමාගේ මතය, ඉදිරියට දැමීම බුදුදහම ගැන කතාක‍රන කොට ගැලපෙන්නේ නෑ.
        මේ කියන්නේ කුමන පදනමින්ද කියාපැහැදිලි කරනවාද?

        /*
        *මා සිතා සිටියේ බුදු දහම තමා විසින්ම අවබෝධ කරගතයුතුයි කියලායි.
        *ඒ නිසා බුදු දහමේ කරුනු මට වැටහෙන විදියට එළියට දැම්මේ එනිසායි.
        *ඔබ කියන්නේ තමාගේ මතය, ඉදිරියට දැමීම බුදුදහම ගැන කතාක‍රන කොට ගැලපෙන්නේ නෑ.
        *මේ කියන්නේ කුමන පදනමින්ද කියාපැහැදිලි කරනවාද?
        */
        බුදු දහම අවබෝධ ක‍රගැනීම යන්ත දැරීම එකක් තම අවබෝධය හ‍රියයි සිතා ඒක ඉදිරියට දැමීම එකක්. බුදුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලි විස්තරයක් ධර්මයේ තීබ්ද්දී ඔබගේ අටුවා ටීකා වලින් පලක් නෑ.ඔබ කල යුත්තේ අනෙක් ආගම් වලට ඇති තැන ශ්‍රී සද්ධර්මයට ලබාදීම නොවේ එය පරම ගම්භීර එකක්.

        ඔබ වැනි චින්තකයින්ට “අල්ලා ගැන මහමත් නබි” යන අය සහ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ එක මට්ටමේ උනාට බොහෝ අයට එහෙම නෑ.
        ලෝකය සර්ව බලධාරී දෙයියෙක් මැව්වයි කියන එක විද්‍යාවෙන් ඔප්පු කරන්න හදන ඒගැන අපිට ඇති ගැටලුව comment එකක් ලෙස දැම්මාම ඒව මකන නිසයි පෙරමුණේ රාල එවැනි අන්දමක ලිපි ලියන්නේ. පල්ලියේ මවුලවි බැහැදැකීමෙන් අපිට දැනගත හැකිවන්නේ සර්ව බලධාරී දෙයියො ගැන ඒ කතාවම තමයි . නමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ හමුවෙන කෙනෙකුට උන්වහන්සේ රහත් ද නැද්ද කියන එක පැහැදිලිව අහගන්න පුලුවන්. මේ ස‍රල සත්‍ය තේරුම් ගන්න වත් බැරිද ඔබට???
        අනික මොකද මේ එක පාරටම කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ රහත් ද නැද්ද කියලා ගැටලුවක් ඇතිවෙලා? ලංකාවෙම ඉන්නෙ එක ස්වාමීන් වහන්සේ නමක් විත‍රද? මට හිතෙනවා ඔබ ඇට මැස්සාගේ සීනි කිරන්නෙ නැතුව ඔබගෙ වැඩක් බලා ගත්තොත් හොදයි කියලා. ඕන සීනියක් කිරාගත්තට අපිට කමක් නෑ රටේ ඉන්න පූජණීය ස්වාමීන් වහන්සේලා ගාව ගන්නෙ නැතුව.
        අනිත් එක නියත මිත්‍යා දෘෂ්ඨියකට දහමක් ලෙස මම කිසි විටෙකත් කියන්නේ නැත. ඔබට එය දහමක් විය හැක. මිනිස් උපත කෙලවර නිරය , තිරිසන් අපාය වැනි තැනක උපත ගෙන දිය හැකි දෙයකට දහමක් කීම සැබෑදහමටද කරන නිග්‍රහයක් ලෙස මම දකිමි.

        මම ඔබට “පොල් ප‍රාල කතාව කිව්වෙ” අර කිව්ව සීනි කතාව නිසා මම කොහෙවත් කියලා තියනවාද ඔබ ආගමකට අපහාස කල කතාවක්?
        “ඔබට එසේ පෙනෙන්නේ ඔබේ අන්ධ භක්තිය හා මෝඩ කම නිසා වියයුතුය.”
        ඔබට අවශ්‍ය ඕනෑම ලේබලයක් මට ගසන්න.
        හැබැයි මම බ්‍රහ්ම ජාල සූත්‍රය කියෙව්වෙ නම් ආගම් පිපාසයකින් නොවේ කියලත් මතක තබා ගන්න.මට ආගම් පිපාසයක් නැති නිසා මම කුරාණය , බයිබලය අල්ලලා වත් නැති බවත් දැනගන්න. ආගම් පිපාසයෙන් ත්‍රිපිටකය කියෙව්වානම් ඔබට වී ඇති දෙය මටද සිදුවනු නොඅනුමානයි.

        “ඔබ හොදින් බුදුදහම හදාරා ඇති බැවින්” මම ඔබ කියන ත‍රම් බුදුදහම හදාරා නැතුව ඇති එසේ වූවා නම් මම මෙතන comment නොදමනු ඇත. නමුත් බුදුදහම යයි ඉදිරිපත් ක‍රන ඇතැම් විකාර නම් මට හඳුනා ගත හැකිය.

        කැමතියි

      • @ Kanishka Dilshan
        පලමු කොටම මා බුදු දහම හදාරමින් සිටින බව සඳහන් කොට ඇති බව අමතක කරන්න එපා
        දැන් මා ඔබේ ප්රශ්න වලට එන්නම් මා මෙය මට වැටහෙන අයුරු බව කියා ඇත.
        (I).මට තේරෙන විධියට මෙහිහී ඔබ අදස් ක‍රන්නේ බුදුන් වහන්සේ තමාව ගුරු කොටගෙන බුදු වුවත් ධර්ම දේශනා ක‍රද්දී ඉන්දීය ශිශ්ඨාචාර වල දැණුමත් භාවිතා ක‍රල තියනවා යන්නයි.
        යමෙකුට තර්ක කළ හැකියි බුදුවීම යනු සියල්ල අවබෝධ කරගැනීම නිසා එතනින් පසු එතුමාගේ දේශනා වලට මුලදී ලබාගත් දැනුම භාවිතා උනේ නැහැ කියා.
        A).බුදුවෙන්නට පෙර එතුමා පෙර විසු කඳ පිළිවෙල දැන ගැනීමේ හැකියාව ලබාතිබුනා.මේ හැකියාව බුදුවීමෙන් නිශේධ විනැයි මට නොසිතේ.සමහරවිට එය තවත් ප්රනබලවීම සිදුවිය හැකියි.
        කාල සීමාවකින් තොරව ආපස්සට බැලීමේ හැකියාව ගැන මා කියුවේ නැත.මා කියන්නේ බුදුවීමට පෙර විසු කඳ පිළිවෙළ දැකීමේ හැකියාව තිබුනා බුදුවූ පසු එම හැකියාව ප්රනබල වුනා කියළා.එයම නේද ඔබ වෙනත් අයුරින් ලියන්නේ..

        B ඉහත සඳහන් සියලු විශයන් උන්වහන්සේ කුමාර කාලයේ හැදෑරුවා යයි සඳහනක් බ්රුහ්මජාල සූත්රි දේශනාවේ නෑ. එතුමා රජ කුමර අවධියේ සු සැටක් ශිල්ප හැදෑරූ බව පාසලේදී උගත්තෙමි.එය එසේ නොවේ නම් මට පහදා දෙන්න.
        (II).එතකොට බුදුන් වහන්සේගේ සර්වඥතා අවබෝධය කියන්නේ මොකක්ද?
        කෙටි තේරුම සියල්ල දත් යන්නයි.
        මොනවද ඔබ මේ කියන හිස් කතා මා එය පෞද්ගලිකව දැන සිටියා යයි කියා තිබේද? මා කියන්නේ ඉහත ශාස්ත්රු තිබෙන බවත් ,ඒවා අන් අය ක්රිසයාවට නගන බවත් නමුත් උන්වහ්න්සේ එවැනි ලාමක පහත් විද්යාටවෙන් කරන මිථ්යි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණ බව කීමෙන් අදහස් වන්නේ රජ කුමර අවදියේ සහ තවුස් දිවියේදී මේවා හදාරන්නට ඇති බවත් නමුත් ඒ කිසිවකින් තමාට විමුක්තිය උදා කර ගත නොහැකි බව තේරුම් ගෙන තමා විසින්ම චතුරරය සත්යය අවබෝධ කොට ගන්නවා.ඉන් පසු ධර්ම දේශනා වන්හි එතුමා ඒ ලබාගත් දැනුම උපයෝගී කරගන්නා බවයි.ඉහත ශිල්ප හැදෑරු නිසා තම්යි එතුමා ඒවා දුකින් ගැලවීමේ මාර්ගය නොවේ කියා තේරුම් ගන්නේ.ඔබ කියන්නේ ඒ දැනුම ලැබුනේ බුදුවූ පසුවයි කියළාද.?
        ඔබ බුදුන් වහන්සේ ගැන තියෙන අප්ර මාණවූ භක්තිය සහ මට පහරදීමේ වේතනාවෙන් ඇස් වසගෙනයි කියවා ඇත්තේ.
        මා අයෙත් මුලට යමි.
        මා දන්නා ලෙසට සතර පෙර නිමිති දු‍ටු සිදුහත් කුමරා ජීවිතය දුක නිසා දුකින් මිදීමේ මාර්ගය සොයා යැමට තීරණය කොට ගිහිගෙය හැර යනවා.ඉන් පසු අලාර කාලාම සහ උද්දක රාමපුත්රි යන ගුරුවරුන් දෙදෙනාගෙන් ඉගෙන ගන්නවා.කෙටි කළකින්ම තම ගුරුන් ලබා සිටි ධ්යාන ලබාගත්තද තම අරමුණ ඉ‍ටුනොවූ බැවින් දීර්ඝ දුශ්කර ක්රිියාවක්ට එළඹ අවසානයේ ච්තුරර්ය සත්යය අවබෝධ කර ගෙන බුදු වෙනවා.මා නැවත කියන්නේ එතුමාට අවශ්යව තිබු දුකින් මිදීමේ මාර්ගය සොයාගන්නා තෙක් එතුමා එදා තිබුන සියළු දැනුම එකතුකරගත්තා කියා. ඔබ තමා එතනට සර්වඥතා අවබෝධය ගෙනත් පටලාගන්නේ.මා බ්රුහ්ම ජාල සූත්රඒයෙන් උපුටා දැක්වූ කොටස දේශනා කිරීමට එතුමාට සර්වඥතා අවබෝධය අවශයය නොවේ. එතුමාට උවමනාවුනේ සියල්ල දත් වෙන්න නොවේ.නිවන් අවබෝධ කර ගැනීමයි.එකල තිබූ තාරකා විද්යාමව ගැන බුදුන් වහන්සේ දක්වන ලද අදහස් මා බ්රාහ්ම ජාල සූත්රබයෙන් උපුටා දැක්වූ කොටස කියා තිබේ. බමුණු මත ගැන බුදුන් වහන්සේ මා බ්රලහ්ම ජාල සූත්රීයෙන් උපුටමි

        20. ´´මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළයුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඬුකොට දේශනා කළ ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොඳින් ප්‍රකාශවේ. පැහැදිලිව පෙනේ. ඒ ධර්ම කවරහුද?
        21. ´´මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. ඇදහීම ඇත්තෝ වෙති. නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති. කවර කරුණක් පිළගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද?´
        22. ´´සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති´´
        23. ´´මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන් වඩා වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කරත්ද? එනම්, එක් ජාතියක්ද, ජාති සිය දහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ පුරුදු කිරීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළවෙළ සිහි කරති.
        පෙර උප්පත්තිය දකින්නා මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිත්. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීන කරන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන්, වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කලෙම්ද එලෙසින් පෙර උප්පත්ති සිහිකිරීමේ ඥානය ලැබූවෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළවෙළ සිහි කරමි.
        ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති.එයින් මිදී යති. උපදිත්, සදාකලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්පය ඇතිබව ඒ කාරණයෙන් මම දනිමි´´ යි කියාය.´මහණෙනි, මේ ඒ ප්‍රථම කාරණයයි´´.
        24. ´´දෙවෙනි කාරණයෙහිද ඉහත මෙන් සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්පයක්ද, ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරයි.ඔහු මෙසේ කියයි.´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. පර්වතයක මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කවරේද? මම යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කලෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරමි. ආත්මයද ලෝකයද නිත්‍යය. මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේයයි මේ කරුණින්ද නිත්‍ය භාවය දනිමි´´යි කියයි.
        25. ´´තුන්වැනි කාරණයෙහිද යම් මහණෙක් හෝ බමුණෙක් ඉහත කීසේ පෙර සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි´´යි කියා කියයි.ඔහු මෙසේ කියයි.´´ආත්මයද ලෝකයද සදාකාලිකය. ඒ භවයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. හැසිරෙති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් පවතිත්´´.´´මහණෙනි, මේ ඒ තුන්වැනි කාරණයයි´´
        26. ´´හතරවැනි කාරණයෙහිද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්´´යනුයි.´මේ ඒ හතරවැනි කාරණයයි´´
        27. ´´මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති.
        28. ´´මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැනීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දක්නා ලද්දේ ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද, ඇති සැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන් ගෙන් මිදුනෝය.

        උන්වහන්සේ සර්වඥතා අවබෝධය ගැන සහ බමුණන් ගැන කරන ඉහත සඳහන ම ඉදිරිපත්කරන්නේත් ,
        නැවතත් මා කියන්නේ සර්වඥතා අවබෝධය ගැන මට ඔබ සමග වාදයක් නැති බවත්,
        මගේ තර්කය මේ බමුණන්ගෙන් ලබාගත් පෙර දැනුම ලෝකය ඇති සැටියෙන් දැකිමේ හැකියාව ඇති බුදුන් වහන්සේ මෙහිදීද උපයෝගී කරගන්නා බවත්ය. එය එසේ කීම උන්වහසේට කරන අපාසයක් නොවේ.
        ඒනිසා සර්වඥතා අවබෝධය කියන්නේ එහෙන් මෙහෙන් කොටස් එකතු ක‍ර ලබාගත් දැණුමක් කියා මාගේ කියුම් වලින් ඔබට හැඟුනා නම් මගේ අවංකව කණගා‍ටුව පිලිගන්න.
        (III). සූර්ය්යාඅගේ චලිතය ගැන බුදුන්වහන්සේගේ සඳහන් කිරීම නවීන විද්යාීවෙන් පවා සොයාගත්තේ ඉතා මෑතකදී. එකල ඉන්දියාවේ තිබුනු මතයට අනුව සූර්ය්යාේ පෘථිවිය වටා යනවා. නමුත් බුදුන් වහන්සේගේ දේශනයේ එහෙම චලිතයක් ගැන සඳහනක් නෑ. බුදුන් වහන්සේ දේශනා ක‍රන්නේ මෙම චක්රා වාටයට සාපේක්ෂ සූර්ය්යා ගේ චලිතය ගැනයි.
        . “චන්ර්මතයග්රකහණය සූය්ය්ක ග්රකහණය වන්නේය. (ග්රිහ) තාරකාවන්ගේ ග්රාහණය වන්නේය, චන්ර් උප සූය්ය්ද්ියන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්රබහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය”.
        ඉහත උපුටා ගැනීම බලන්න. ඔබට මම දීපු පිලිතුර කියවා තේරුම් ගැනීමට බැරිව ඇති හැඩයි මම කියලා තියෙන්නේ හිරු පෘතිවිය වටා යන බව බුදුන් වහන්සේ දේශනාකළ බවක් මම නොකීවෙමි.. මම කියලා තියනවා උදාහරණ ලෙසට සූර්ය්යාරගේ චලිතය,පෘතුවියේ පරිභ්රගමණය ගැන තාරකා ව්ද්යා ව හා වෙනත් විද්යාම ගැන එතුමාගේ සඳහන් කිරීම් ගත හැකිය. නැවත මම කියපු දෙය කියවා බලන්න මෙතන තියෙන්නේ කියවා තේරුම්ගැනීමේ ගැටලුවක්. උන්වහන්සේ හිරුගේ චලිතය දැන සිටියායයි ඔබට කියාදෙන්න නො ආවෙමි. මගේ මුල් ලිපියේ එය ගැන ඔබ විමසූ තැන නැවත පෙන්වා පැහැදිළි කිරීමක් පමණක් කළෙමි. තවටිකක් හෙමින් නැවත නැවතත් කියවා බලන්න මොකක්ද කියලා තියෙන්නෙ කියලා. ඔබ ප්රූශ්ණය පටන් ගත් හැටි අමතක කර ඇති බැවිනි මෙසේ කියන්නේ.

        (IV) තිරස්චීන විද්යා යයි එතුමා දේශනා කරන්නේ ගිහියන්ට එවා නොගැලපෙන නිසා හෝ ඒවා වැරදි නිසා යයි ඔබ කියා නැත.නමුත් මා කියන්නේ ඒවායින් විමුක්තියක් නැතිබව බුදුවීමට ප්‍රථම එතුමා දැන සිටිය බව.නැවත මෙහි මුල කියවන්න.ඇත්ත මෙවැනි විශයන් මෙලෙස කතාක‍රන එක තේරුමක් නැහැ. මේ සම්බන්දව හොඳින් දන්නා අයෙකු හමුවී සාකච්ඡා කර හෝ ඔබ එල්බ ගෙන සිටින මතයන් හරිද වැරදිද යන්න අවබෝධ කරගන්න.

        V).ඒ නිසා මේ වගේ මාතෘකා ගැන කතා ක‍රනකොට ලියන කොට මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
        තමා ගේ මතය, ඉදිරියට දැමීම බුදුදහම. ගැන කතාක‍රන කොට ගැලපෙන්නේ නෑ.
        බුදුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලි විස්තරයක් පරම ගම්භීර ශ්රී‍ ධර්මයේ තීබ්ද්දී මගේ අටුවා ටීකා වලින් පලක් නෑ.ඔබ කල යුත්තේ අනෙක් ආගම් වලට අපහාස නොකර සිටීමයි.ඔබට ඔබේ දහම ගාම්භීර සේම අන් අයට ඔවුන්ගේ දහම ගාම්බීරයි.ඔබගේ දහමට නිසි ගෞරවය ගැනීමට ඔබ කණ්ඩායමේ අපහාස කිරිමෙන් කිසිදා සිදුනොවේ. ඔබ ඔතරම් බුදුන්ට ගරු කරන්නේ නම් වැල් වටාරම් නැතිව අන් ආගම් වලට තලා පෙලා හෙලා දකින්න කියා උන්වහන්සේ දේශනා කොට ඇත්ද යන්න මට කියන්න.
        ම චින්තක යෙක් නොවේ. නමුත් තෙරුවනට ගරු කරන්නාසේම ජේසුටත් අල්ලාටත් නබි තුමාටත් අපහාස නොකර සිටීමේ හැදියාවක් මා හට ඇත.බුදුන් ගැන කරදරවන ඔබ සැමට නැත්තේ එයයි. පූජ්ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ටද යමෙක් අපහාස කරනවානම් මා එයට විරුද්ධයි.එපමණක් නොව විනය පිටකය කිසිදිනෙක නුදු‍ටුවා සේ කටයුතු කරන ස්වාමීන් වහන්සේ ලාටද මා අනුකම්පා කරනවා මිස අපහාස නොකරමි.
        පෙරමුනේ රාල ඇතුළු ඔබ කණ්ඩායම දමන කසල වාග් විලාශයක් ඇති comment වලින් , blog post වලින් නොව, අල්ලා ගැන මහමත් නබි ගැන ප්රලශ්න කල යුත්තේ
        අනික මොකද මේ එක පාරටම කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ රහත් ද නැද්ද කියලා ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ මිනිසුන් ඒ ගැන කථා බහ කරන නිසයි.අසපුවටම ඇවිල්ලා අහගන්න කියන්නේ ඇයි ඕක සඟවන්නේ උත්තරය දුන්නාම ඉවරනේ.ප්රිසිද්ධ බණකින්.එහෙම නැතිවුනාම මිනිසුන් සැක කරනවා ඒ ගැන කතා වෙනවා.ඒ වාට ඇයි ඔබ කෝප වෙන්නේ.
        ලංකාවෙ තව ස්වාමීන් වහන්සේ ලා ඇත මම හිතෙනවා ඇට මැස්සාගේ සීනි කිරන්නෙ නැතුව මගෙ වැඩ බලා ගෙනයි ඉන්නේ කියලා. රටේ ඉන්න පූජණීය ස්වාමීන් වහන්සේලා ගාව ගන්නෙ නැතුව සමහර ආගමික කරුණු ගැන අවබෝදයක් ලබන්න අපහසුයි.
        දහම ගැන ඔබේ අදහසට මා එරෙහි නොවෙමි.එය ඔබේ අයිතියයි.නමුත් තව කෙනෙකුන් ආගමක් ලෙස සලකන ලක් රජය ද පිළිගත් ඉස්ලාම් දහමට අපහාස කිරීමට ඔබට අයිතියක් නැත.ඔවුන්ට කරුණාවෙන් යහමග පෙන්වන්න.ඔවුන් ඈත් කරගන්න එපා.බුදුන් දෙසූ මේ ටික තේරුම් ගන්න සියළු දේ දැන ගැනීමේ නුවණ අවශ්යය නැහැ.එසේම බලයෙන් ආගමකට හරවන්නත් බැහැ. චක්කවත්ති සීහනාද සූත්‍රයකියවූවානම් ඔබට වැටහේවී ඔබට හෝ මට මෙය වෙනස් කළ නොහැකි බව.සියල්ල දත් බුදුන් වහන්සේ අනාගතය ගැන කියලා තියෙන නිසා බෞද්ධ ඔබ කළබල වීම හිතා ගන්න අපහසුයි.ඔබම ඔබේ පරම දහමට නිග්‍රහ කරනවානේද?
        සීනි කිරීම ගැන මගේ අවබෝධයක් නොමැති නිසා පරාල කතාව ගැන ඇහුවේ.ඔබ එසේ කියා නැත. ඔබට එසේ පෙනෙන්නේ ඔබේ අන්ධ භක්තිය හා මෝඩ කම නිසා වියයුතුය යන යෙදුමට මට සමාවන්න.එය ඔබට අපහාස කෙරුමට හිත රිදවීමට හිතා මතා යෙදුවා නොව ඉබේ ලියවුනකි.
        ඔබ බ්රමහ්ම ජාල සූත්ර්ය කියෙව්වෙ ආගම් පිපාසයකින් නොවේ කියල මතක තබා ගන්නම්.මට කුරාණය , බයිබලය ත්රිතපිටකය කියවීම නිසා කිසිදු හානියක් වී නොමැති අතර මගේ විචාර බුද්ධියේ නිම් වලළු නම් පුළුල් විය.
        අනෙක ම’
        1.සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි
        2.වංචා රහිතව පිරිසිඳු සිතින් වාසය කරන්නාහ
        3.කාම සම්පතෙන් හැකිතාක් ඈත්ව
        4.සත්‍යම කිය
        5.කේලාම් කීම අතහැර
        6.සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනා
        7.පරුෂ වචනය සත්හැර
        8. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය
        9.සැරසීම් හා අලංකාර කිරීම් ආදියෙහි නො ඇළී සිටීම
        යන කාරනා ඇතිව සිටීමට උත්සාහ කරමි.

        ප.ලි.
        මට වඩා හොදින් බුදුදහම හදාරා ඇති බැවින් , බුදුදහම යයි ඉදිරිපත් ක‍රන ඇතැම් විකාර නම් මට හඳුනා ගත හැකි. බැවින්
        කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් වයස මාස 6 දී තිසරණයේ පිහිටා බෞද්ධයකු වුනේ කෙසේද කියා පැහැදිළි කර දෙනවාද?

        කැමතියි

      • යමක් සම්බන්දව දිගින් දිගට තර්ක කිරීමේ අවශ්‍යතාවයක් මට නැත. මට තේරෙන ප‍රිදි මේ ගැන තවදුරටත් කතා කිරීම පලක් නැත. මම කියන දේ ඔබ තේරුම් ගන්නේ නැත ඔබට අනුව ඔබ කියන දේ මම තේරුම් ගන්නේද නැත. ඉතින් මේ ගැන දිගින් දිගට කතාකිරීමේ ඵලය කුමක්ද.

        කැමතියි

      • මෙතෙක් අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.ඇත්තටම දිගින් දිගටම කතාකිරීමේ ඵලයක් නැහැ.

        ඒත් අවසන් වතාවට මාස හයේ ළමයකු තිසරණ සරණ යවන්න පුළුවන්ද කියා සොයා පිළිතුරක් දෙනවානම් මට ලොකු උදව්වක්.
        තෙරුවන් සරණයි..!

        කැමතියි

  3. ආගමක් සේ රටවල් ආක්‍රමණය කිරීම “පමණක්ද” එහි තියෙන්නේ.?
    මෙහි පමඛක්ද යන්නෙන් ඔබද මෙහි මේ තුලින් ඔබගේ හෘද සාක්ෂිය හෝ සත්‍යතාව පිළිගන්නා බව මම දනිමි.
    නමුත් මෙයට කතාකිරීමට නොපෙලඹීමට කුමක් හෝ බාධාවක් ඇතැයි සිතමි.
    මම හෝ පෙරමුනේ රාළ ඉස්ලාමිකයන්ට යමක් කී පමණින් යමෙකු අපි ආගම් වාදීන් ජාතිවාදීන් ලෙස හං වඩු ගහනු නොඅනුමානයි ඒ අපේම උන් වීම තවත් විෂේශත්වයකි(අනාදිමත් කාලයක සිට වී ඇත්තේද එයමයි) නමුත් මුලු ලොවම පිලිගත් ආගම්වාදීන් වන්නේ ඉස්ලාමිකයන්ම නොවේදැයි කල්පනා කරන්න.

    කැමතියි

    • අනේ නිර්ණාමිකයා
      මගේ හෘද සාක්ෂිය ගැන සැක හිතන්න එපා.
      මා කොතනකවත් රටවල් ආක්‍රමණය ගැන කතා කළේ නැහැ.
      අමනාප නොවී මගේ ලිපිය නැවත කියවන්න.
      මා කියන්නේ සියළු ආගම් විකෘතිවී ඇති බවත්,
      ඒවාට අපහාස නොකොට සන්වාදයකට පැමිණිය යුතු බවත්ය.
      කුරුස යුද්ධ හා ජිහාඩ් යුද්ධ ගැන මා හොඳින් දන්නවා.
      එය අනුමත නොකරමි.
      මෙය කතා නොකලේ මගේ ලිපියේ අර්මුණ එය නොවුන නිසා මිස වෙනකක් නිසා නොවේ.
      මම නම් මේ ලිපියෙන් කිසිවකු හන්වඩු නොගැසුවෙමි.
      මා රාලට කියන්නේ ඔහුගේ ප්‍රවේශය එක් මාතෘකාවක් සියළු ආගම් වලින්ම විග්‍රහ කොට එවා ගැන සුහද වාද විවාදයයකට අන්වර්ලාට ආරධනා කිරීම මිස අපහාස නොකරන ලෙසයි.
      යුදෙව්වන්ද,කිතුනුවන්ද ,මුස්ලිම් වරුන්ගේද දැඩි ආගම් වාදින් සිටි සහ සිටින අතර බුදුන් එය අනුදැන වදාළේ නැහැ.
      නමුත් අශෝක පළමුවෙන්ම රාජ්ය බලය යොදා ගන්නවා බුදු දහම පතුරුවන්න.
      ලන්කාව එන්ගලන්තය අනුගමනය කරමින් බුද්ධාගම රාජ්ය ආගම කරනවා.(එතනදී බටහිර හොඳයි)
      මෙය බුදුන් අනු දත් ක්‍රමය නොවේ යයි මට සිතේ.
      මේ ගැන ඔබේ අදහස් බලාපොරොත්තුවෙමි.

      කැමතියි

    • ඔන්න නිකන් අනිත් ආගම් ඇදල ගන්නව.
      අනය ආගම් වලට අපහාස නොකර තමන්ගෙ ආගමේ වැදගත්කම පෙන්නල දුන්නොත් හොදයි නේද?

      හොදහිත ගෙ කතාවට මම එකගයි.
      පෙරමුනේ රලගේ වැඩේ අපහාස කරල තෘප්තියක් ගන්න එක ,එය මානසික රෝගයක් දැයි මා දන්නේ නැ.

      ජාති ආගම් සහ කුළ ඇදා ගන්නෙ නැතුව,වැදගත් යමක් කරොත් හොදයි.

      කැමතියි

      • බොහොම ස්තුතියි

        බුදුන් වහන්සේ ගේ දේශනාවන් පවා දිගු කලක් කටපාඩමින් පැවත එනවිට මොන තරම් වෙනස්වීම් වලට බඳුන් වෙන්න ඇතිද?
        ඒ නිසා සැකයට බඳුන් වන තැන් කොපමණ තිබේද.?
        අනුන්ට අපහාස කරන්නට පෙර අපේ වැරදි හදාගන්න යොමු නොවීම අවාසනාවකි.

        කැමතියි

  4. බුදුන්ට හෝ ජේසුස්ට ආගම් නිර්මාණය නොකෙලේය. මේ උතුම් මිනිසුන් අසරණ ජනයා දුකින් මුදා ගැන්මට තමන් ලැබූ සත්‍යාවබෝධය නිරතුරු යෙදවූ අයයි. ආගම් නිර්මාණය කලේ ඔවුන්ගේ ඇවෑමෙන් පසු අනුගාමිකයින් විසිනි.
    එසේ වුවද ඒ ආගම් තුලද බෙදීම් ඇත. බුද්ධාගම හීනයාන. මහයාන.වජ්‍රයාන ආදී ලෙස ප්‍රභේද වලට බෙදී ගොස් ඇත. ඒත් ඒ සියල්ලම මනුෂ්‍ය අධ්‍යාත්මයේ හිතසුව පිණිස වූ ඉගැන්වීම් වලින් යුක්තය. එබැවින් ඛාණ්ඩගත වී තර්ක විතර්ක කිරීමට වඩා සියල්ල හදාරා හොඳදේ පෙරාගත යුතුය.
    ඉස්ලාම් ආගම තුල විමුක්ති දර්ශනයක් නැති බව ඇත්තය. ඒත් ඔවුන්ගේ මූලධර්මවාදයට පහර දීමට කෙනෙක් තමන් සිංහල බෞද්ධයන් ලෙස අවි ඔසවන්නේනම් හානිය සිදුවන්නේ බෞද්ධ දර්ශනයටම පමණි. කෙනෙකුට උපතින් ඉස්ලාම් විය හැක. ඒත් බෞද්ධ විය හැක්කේ උපතින් නොව හදවතින් පමණි.

    කැමතියි

    • දියරකුස්.”බෞද්ධ විය හැක්කේ උපතින් නොව හදවතින් පමණි” කියන්නේ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගැනද?

      ඒත්,කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් වදාලන්නේ මාස හයේ තිසරණ ගිය බවයි.

      පෙර භවයෙක ආනන්ද මහ රහතන් වහන්සේගේ පිරිවරෙහි සිටියද රහත් ඵල නොලබා නැවත නැවතත් මේ සසර සැරි සරනුයේ නොවේද?

      ඥානාන්ද හාමුදුරුවන්ගෙ පෙර භව ගැන දැනගත්තෙ කොහොමද? චුතුපපාත ඥානය තියෙන කවුරුහරි ඉන්නවද?

      කැමතියි

      • ස්තුතියි… පහන්
        මගේ ජාතිය ගැන මා කියා ඇත.
        බුදු දහම රාජ්ය්ය ආගම කිරිම ගැන මා සඳහන් කලේ බුදුන් වහනෙසේ ආගම ප්‍රචාරයට රාජ්ය්ය බලය යෙදෙව්වේ නැති බව කියන්නයි.
        එය පටන්ගන්නේ ධර්මාශෝක රජු,
        නමුත් කිතු දහම හා ඉස්ලාමය පතුරවන්නේ රජ බලය යොදවලායි.
        සැබෑ බුදුදහම පතුරුවන්න කිසිදු අනුග්‍රහයක් වුවමනා නොවුනත් බාදා නොකර සිටියාම හොඳටම ඇති.
        රජ බලය යොදවා ගැනීම බුදුන් වහන්සේ අනුදැන වදාළේ නැත.
        හේතුව ඉතාම සරලයි බොදුකම ඇත්තේ සිතේය.
        සමහර විටෙක ඔබට මැද පෙරදිග අත්දැකීම් නිසා
        බුදු දහමත් එසේ වියයුතුයි සිතෙනු ඇත.
        නමුත් අන් ආගම් වලින් බුදු දහම වෙනස් වනවා එය බලෙන් පටවන්නේ නැහැ.

        කැමතියි

  5. මම දන්න විදියට ඔය ගොවිගම සහ අනෙත් කුළ ඔක්කොම මහ බොරුවක් දැන් ඔය ගොවිගම කියන කුළේ(මාද ගොවිගම) මුදියන්සේ කියලා එකක් තියෙනවනේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකම ඔය වාසගම තියෙන මිනිස්සු ඉන්නවා එහෙම බැලුවම මුදියන්සේ කියන නම ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. අනිත් කුළත් එහෙමයි මේ රටට පරදේශීන් දාව උපන් පරගැති කුළ තමයි ඔය ඔක්කොම.

    කැමතියි

    • ස්තුතියි ඔබට.
      මා ජාති ආගම් සහ කුළ කරපින්නාගෙන නොයන්නෙමි.
      මේ ලිපියට පාදකවූ මුල් ලිපියට ලැබුන කොමෙන්‍ටුවල අවජාතක යන වචනය නිතර යෙදී තිබුන නිසා මගේ සාමාජයික පසුබිම ලිව්වේ.එවිට ඔවුනට ජාතකය පහසුවෙන් සොයා ගත හැකි නිසා.
      ගොවිගම නම් කුළය මතුවී අවුරුදු 200 ක් වත් ඇතයි මා නොසිතමි.නමුත් අනෙක් කුළ වලට ඉතිහාසයක් ඇත.
      දකුණු ඉන්දියාවෙන් තවත් නම් අපට ලැබුන බව අසා ඇත්තෙමි.මා සතු සාක්ෂි නැත.
      මීරකන්ඩු මුහන්දිරම්ලා ගෙදර මොහමෙඩ් F……….යනුවෙන් මගෙ මුස්ලිම් මිතුරෙක් සිටි
      මේ රටට පරදේශීන් විශාල ප්‍රමාණයක් පැමිණ ඇත.
      ඒ වෙළඳාමට,යටත් කර ගැනුමට,අතරමන්ව ,විනෝදයට හෝ ආරාධනාවක් මත හෝ විය හැකිය.
      ඔවුන් මෙහි එනවිට ගැහැණු නොගෙනා බැවින්
      ඔවුන්ගේ ලින්ගික වුවමනාකම් අපේ රටේ ගැහැණුන්ගෙන් බලයෙන් ,මුදලින් හෝ ආදරයෙන් ඉ‍ටු කරගන්න ඇත.
      එම ගැහැණුන් කොටසක් පරදේශීන් නිසා ගැබ් ගන්න ඇත.
      සමහරක් ගබ්සා වන්න ඇත.සමහරක් ගබ්සා කරවන්න ඇත.සමහරක් ගබ්සා නොකොට දරුවන් බිහිවන්න ඇත.
      එසේවු සියළු දරුවන් පරදේශීන්හට දාව උපන්නද ඔවුන් සියල්ලන්ම පරගැතියයි කිව නොහැක.
      මෙය අදද සිදුවෙමින් පවතින්නක් බව මා හොඳින්ම දැක ඇත.
      මාගේ නාමය සමේ වර්ණය අනුව මාගේ නත්තා,පනත්තා හෝ කිරිකෑ මුත්තා ඉහත සඳහන් දරුවකු බව පිළි ගනිමි.
      නමුත් මා පරදේශිකයකුට දාව නොඉපදුන අතර පරගැත්තෙක්ද නොවෙමි.

      කැමතියි

      • “නමුත් මා පරදේශිකයකුට දාව නොඉපදුන අතර පරගැත්තෙක්ද නොවෙමි.” මා එසේ ඔබ ගැන සදහන් කර නැත මෙතන මම කියන්න හැදුවේ ඔය කුළ කියන සංකල්පය පරගැති සංකල්පයක් බවයි හුදු හීනමානයක් බවයි

        කැමතියි

      • .ඔබ ගැනද සඳහන් කොට ඇතිනිසා.මාහට එසේ නොකියූ බව ඉතාමත්ම පැහැදිලිය නමුත් මා එසේ ලියුවෙ එය පූර්න කිරීම සඳහායි.එයින් සිත රිදුනේ නම් සමාවන්න.

        කැමතියි

  6. පින්ග්කිරීම: පල ඇති රුකට ගල් ගැසීම (2) – හොඳහිත ගේ හිත් නරක් වීම « පෙරමුණේ රාලගේ අටුවාව

  7. By the way, Kiribathgoda Gnanananda failed to show any ‘Budu Res’ on May 8.
    On the contrary, not only the function was disrupted by heavy rains, but also at least three died and about 25 hospitalised as a result of the stampede.
    We hope at least that failure help Kiribathgoda Gnanananda to come out of darkness to see the light.

    Buddhism is not showing magic, after all.

    Kiribathgoda Gnanananda want to make money showing his magic.

    Now success.

    he has chance to go all around the world.

    ‘emission of Buddha rays’. The devotees incessantly chant “Sadhu, Sadhu Sadhu”. What we see a series of sporadic flashes that appear without any pattern. There can be other more apt scientific explanations, but the most possible is lightning.

    කැමතියි

sanjaya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න