පිස්සු වාසු…….පිස්සු නටයි ….!

පිස්සු වාසු             පිස්සු නටයි ….!

පාර්ලිමෙන්තුවේ     පිස්සු නටයි ….!

වාසුගේ …………  පිස්සු නටයි …….!

ෆැකල්ටියේ       පිස්සු නටයි………!

 ඉහත සඳහන් පෝස්ටරය මෙයට වසර දහ අටකට පමණ පෙර එක්තරා පීඨයක ඇලවුනේ

 සහකාර වෛද්යවරුන්ගේ අරගලයකට වාසු දුන්නාවූ සහයෝගයට එරෙහිවයි.

එයට අමතරව එවකට එම පීඨයේ සිටි ඔහුගේ නියෝජිතයාදටද එයින් පහර ගසන ලදි.

එකල මට සිතුනේ මෙය ලියු එකාට පිස්සු කියායි

මන්ද යත් මාද එම ස්ථාවරයේම සිටි හෙයිනි.

(අදත් නිවැරදි ක්‍රමවේදයක් හරහා ඔනෑම සුව සේවකයකුට වෛද්යවරයකු වීම සඳහා ඉඩලබාදීමට එරෙහි නොවෙමි.)

එදා කොතනක හෝ අරගලයක් විනි නම් වාසු එතන විය.

ජේ.ආර්.ගේ.1978 ආණ්ඩු ක්‍රම වයවස්ථාවට එරෙහිව කළු කොඩි ඔසවන බාහුට වාසු අයෝමය ශක්තියක් විය.

වියරණ නොවරදවා වේගවත් ප්‍රහාරක කතා පැවත්වීමේ ඔහුගේ ශෛලියට

අලගු තැබීමටවත් විමල්ට හෝ මහින්දට නොහැක.

කළෙක ඔහුගේ ගුරුවූ කාල් මාක්ස්ට අනුව හෝ

 රටේ බහුතරයක් අදහන බුදු දහමට අනුව හෝ නලින් ද සිල්වාට අනුව හෝ

භෞතික රසායනයට අනුව හෝ සැළකුවද මුළු විශ්වයම නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතී යන්න සත්යයකි.

එහෙයින් ඔහුගේ වෙනස්වීම ගැන මගේ ලොකු ගැටළුවක් නැත.

(මන්ද කළෙක මාක්ස්වාදියකු වූ මා අදද පිළිගන්නේ සමාජවාදය බිහිවන්නේ ධනපති ක්‍රමය තුලින් යන්නය.

එබැවින් විකෘති කම්කරු රජයන් බිහිවී සමාජවාදයේ නම කැත කරනවාට මම හැමවිටම එරෙහිවෙමි.

ගහ ලොකු කර ඵල නෙළා ගැනීම මගේ අරමුණ නිසා වඩාත් දියුණු ධනපති සමාජ ක්‍රමයක් රටේ ඇති කිරීමට කැපවී සිටිමි.)

නමුත් අද දින මා කියවූ මේ පුවත(මහින්දට තව දෙතුන් වරක් ජනාධිපතිවෙන්න වයවස්ථාව වෙනස් කළාට ප්‍රශ්නයක් නැහැ-වාසුදේව) ඇත්තක් නම්

ඉහත වු පෝස්ටරයට දායකවූ  සියළු දෙනාම සිසු අවධියේදීම රෝග නිශ්චයෙහි අති දක්ෂයන්ව සිටි බව නොකියාම බැරිය.

වාසු………….! 

 පොදු ජන අරගලයේදි ඔබෙන් ලැබුනාවූ දායකත්වය අදද අගයමි.

නමුත් වයස් ගතවීම නිසා ඔබේ සියළු ඉඳුරන් මෙන්ම මනසද රෝගාතුරවී ඇති බවක් මට හැඟේ.

පසුගියවරමෙන් නොලැබුනත් ලක්ෂ  භාගයක ජනයා ඔබට මනාපය.

(මගේ සුභ පැතුම් මේ සමග….!)
එහෙයින් ඔවුනට නිගා නොකොට වහාම ප්‍රතිකාර ලබාගන්න.

ඔබට සුවය දීර්ඝායුශ සමග සුභ අනාගතයක්…………………!

4 thoughts on “පිස්සු වාසු…….පිස්සු නටයි ….!

  1. මාත් හිතන් හිටියේ කවදා හරි ඔයවගේ දෙයක් සිදු උනොත් එලියට බැහැල කතා කරන්න ඉන්නෙ වාසු විතරයි කියලා,දැන් බලද්දි මහින්ද මිනිසුන් හැසිරවීමේ ප්‍රවීනත්වයටම පත්වෙලානෙ.ඕක වාසුගෙ නොහැකියාව නෙමෙයි මහින්දගෙ හැකියාව.

    කැමතියි

  2. මහින්දගේ හෑකියාව යනු මොණරු පෙන්වා බිලී බා ගෑනීමේ හෑකියාවයි.වාසුගේ හෝ විමල්ගේ නොහෑකියාව යනු ඒ මොණරුන් දෙස නොබෑලීමේ ධෛර්යය කල් ඉකුත් වීමයි.

    කැමතියි

Mee වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න