වඩින්න මගේ දෙවියෝ වඩින්න
සේලයින් කිලෝ 18000ක් කියන්නේ සෙල්ලමක්ද
ඇඳන් හැත්තෑ දහසක රෝගීනට
(බිම ඉන්නා උන්ට කවුද සෙලයින් දෙන්නේ)
දහසක් දවසට උපන්නද දෙසීය පනහක් මැරෙන නිසා
බැලන්ස් එක හත්සිය පනහ නොවැ
ඉතින් එකෙකුට සේලයින් මිලිග්‍රෑම් 500 ගානේ බැලුවත්
මිලියන 36000කට දෙන්න බඩු ගේනාවා
දැන් ඉතින් කවුරුවත් මැරෙන්න බය වෙන්න එපා
මේ කප තිබෙන තුරාම බඩු තිබේ.
(බුදු අම්මෝ……………………..මුන්ට ………….පිස්සූඌඌඌඋ )
මොකාද බොල ඒ…… තොට ගණන් ඉගැන්නුවේ (S) පාලද බොල……….
(පිස්සෙක් (M) පාලට බැණ අඬ ගසයි… )
මොකද ….බොල …….මොකද ……….බොල ?
ඇයි යකඩෝ කිලෝ එකට සේලයින් බොතල් දෙක නොවැ…
ඉතින් තොට …. ………… රුදාවද..?
දොස්තරලා දන්නවා වාට්ටුවම එකෙන් ගොඩ දාන්න….
එනවා මෙතන අපේ ආසියාවේ මක්කද එකට කෙළින්න
අලියා ……………….කොටියා ………………………….සීනුවා……………..!
පින්තූරය ඉස්සුවේ 2010 මැයි 13 දින ලන්කාදීප අන්තර්ජාල සන්ස්කරණයෙන්.එහි අයිතිය ඔවුන් සතුය.

ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ මෙවන් දේද සිදු වී ඇත….. අපි වෛද්‍ය ශිෂ්‍යයන්ව සිටි සමයේ, මහාචාර්ය රාජසූරිය මහතා, අපට මෙසේ පවසා ඇත. වරක් කොලරා වසංගතයක් පැවති අවස්ථාවක, සේලයින් වෙනුවට, (සේලයින් හිඟයක් පැවතුනාද නොදනිමි )තැඹිලි වතුර ශරීර ගත කල බවයි. පලුද්දක් නොමැති තැඹිලි ගෙඩියක් හොඳට සෝදා, ඉහලින් සහ පහලින් කපා, රුධිරය ශරීර ගත කරන විට යොදන පෙරහනයක් පාවිච්චි කොට තැඹිලි වතුර කෙලින්ම ශරීර ගතකල හැකි බවයි. ඒ මහතා එසේ කල ඇති බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සඟරාවේ එය පල වී ඇති බවත් සත්‍යයකි. කිසිදාක පුද්ගලික මුදල් ඉපැයීමේ සේවයක නොයෙදුනු ඒ මහතා, එකල මුලු රටටම ආඩම්බරයක් විය. එසේම ශිෂ්‍යයන්ටද ආදර්ශයක් විය.
කැමතියිකැමතියි
ස්තුතියි ඔබතුමාට.
රාජසූරිය මැතිතුමා ගැනවූ සියල්ලටම එකඟවෙමි.
නමුත් මෙහිදී මා මතු කරන්නේ සේලයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් වලින් සඳහන් කොට මහජනයා නොමගයැවිමේ උත්සාහයයි.
හදිසියේ සේලයින් ගෙන්වීමේ වැරදි ක්‍රමවේදය ගැන වචනයකුදු සඳහන් නොකළේ අදාළ තාක්ෂණික දැනුම නොමැති බැවිනි.
Use of i.v. Tender Coconut Water in the treatment of Diarrhoea
Prof. K. Rajasuriya and colleagues were the first to use i.v. T.C.W. to treat diarrhoea in Sri Lanka
(CMJ, Vol. 2, 1954, 255-261) Prof. C.C. De Silva used intravenous T.C.W. in the treatment of
infantile diarrhoea (Paediatric International Rome, 19, 1958, 225) Dr. (Mrs) N. P. Fernando used
T.C.W. as i.v. rehydrating fluid in malnourished children with diarrhoea (J.C.H., Vol 4, 1955, 57-59)
කැමතියිකැමතියි