රාත්රී දහය වනතුරු චන්දය දැමීමට ඉඩදී තිබියදීත් චන්දයදීමේ වාසනාව නොලැබීම හැරෙන්නට වෙනත් චෝදනා නොමැතිව මහා බ්රිතානයයේ මැතිවරණය පසුගියදා නිමාවිය.
එහෙත් අදටත් අගමැති පරණ බ්රවුන්මය.
කේවළ මැතිවරණ ක්රමය යටතේ ප්රබල පක්ෂ තුනක් තරග වැදුනහොත් කිසිවකුටත් බහුතර බලය ලබාගත නොහැකිය යන සිද්ධාන්තය ,බ්රිතානයය පුරවැසියන් අද අත්විඳිමින් සිටී.
මෙහිදී වැඩිම ආසන ලබාගත් කොන්සර්වර්ටිව් පක්ෂයට චන්දායයකයන් තුනෙන් දෙකක් එරෙහිය.
ඔවුන් තව ආසන 20ක් ලබා බලයගත්තද මේ චිත්රය නොවෙනස්ය.
මෙහිදි වඩාත්ම අසාධාරණයට ලක්වන්නේ ලිබරල් ඩිමොක්රට්ස් පක්ෂයයි
ඔවුනට වඩා සියයට 50 ක් චන්ද ලබාගන්නාවු කොන්සර්වර්ටිව් පක්ෂය, ඔවුන් මෙන් පස්ගුණයක ආසනහිමිකරගනී.
ඔවුන්ට වඩා සියයට විසිපහක් ලබාගන්නා ලේබර් පක්ෂය ඔවුන්මෙන් සිව් ගුණයක ආසන හිමි කරගනී.
මෙය පූර්ණ සමානුපාත ක්රමයකදී නම් ඔවුන්ගේ ආසන ගණන 150 ක්වන බැවින් සියළු වාද අත්හැර 50 ට 50 අනුපාතයට ක්රමවේදයන් දෙකම යොදා ගැනීම වෙනුවෙන් ඔවුන් කේවල් කරමින් සිටි.
ලේබර් පක්ෂය ඉන් ඔබ්බට යමින් විකල්ප චන්ද ක්රමයක් යෝජනා කරයි.
මෙහිදි කේවල ආසන ක්රියාත්මක උවද එක් චන්දදායකයකුට මනාප දෙකක් හෝ තුනක් හිමිවන අතර ආසනයකින් තේරීපත්වීමට සම්පූර්ණ චන්ද ගණනින් සියයට 50 ලබා යුතුය.
ආසනයකින් තේරීපත්වීමට සම්පූර්ණ චන්ද ගණනින් සියයට 50 ලබා ගන්නාතුරු පළමු මනාපයට දෙවනි හා තෙවැනි මනාප එකතුකළයුතුය.
ඒ වඩාත්ම ප්රජාතන්ත්රවාදී නියෝජනයක් ලැබෙන ක්රමවේදයකි.
නමුත් අප අපගේ අපේක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නොහික්මුණ කම් හා නොහැකියාවන් මනාප ක්රමය මත පටවා පැරණි කේවල ක්රමයට ඉදිරි පලාත් පාලන මැතිවරණය පවත්වමු.
පවත්නා මනාප ක්රමය නිසා අමනාපවිම වළක්වමින් වඩා ප්රජාතන්ත්රවාදී නියෝජනයක් ලබාගතයුතුනම් පහත ක්රමවේදය සුදුසුයැයි සිතමි.
1.
පාර්ලිමෙන්තුව ආසන 225කින් සමන්විත අතර ඒ සඳහා නියෝජිතයන් 150ක් තෝරා ගැනෙන්නේ දිවයින පුරා විසිරුණු ආසන 150කින් වන අතර
ඉතිරි 75 තෝරා ගැනෙන්නේ එක් එක් පක්ෂ ලබාගන්නා චන්ද ප්රමාණය ජාතික මට්ටමින් ගණනය කොට ජාතික ලයිස්තුව ක්රමයටය.
2.
දැනට පවත්නා අවිධිමත් ආසන බෙදීම වෙනුවට ආසන්න වශයෙන් එක් ආසනයකට චන්දදායකයන් ලක්ෂයක් පමණ වන පරිදි අළුතින්ම ආසන නිර්ණය කිරීම.
(ගණනය කිරීම සමස්ත චන්දදායකයන්ගේ ගණන 150 න් බෙදුවිට ලැබෙන අගයට ආසන්න අගය.)
3.පක්ෂයට චන්දයකුත් ,පක්ෂභේදයකින් තොරව ඕනෑම අපේක්ෂකයන් තිදෙනකුට මනාප ලබාදීමට ඉඩකඩ සළසාදීම.
A).ආසනය හිමිවන අපේක්ෂකයකයා ප්රකාශිත චන්දවලින් සියයට 51 ක් පළමු මනාපයෙන් හෝ දෙවැනි තෙවැනි මනාපයන්හි එකතුවෙන් ලබා ගතයුතුය.
B).මෙහිදි එක් චන්දදායකුට පක්ෂ තුනකින් අපේක්ෂකයන් තුන්දෙනකුට මනාප ලබාදිය හැකිවේ
C).එම නිසා කිසිම චන්දදායකයකු අමනාප කරගත නොහැකි නිසා විනීතව හැසිරීම ඉබේම සිදුවේ.
D).එසේම එකම පක්ෂයේ අය අතර ගැටීම කොහෙත්ම සිදුනොවන අතර විවිධ පක්ෂවල අයට එකට සිට මනාප ඉල්ලිය හැකිවේ.
E).ආසනයේ ප්රමාණය කුඩාවීම නිසා පෝස්ටර කටවුට්වලට යන වියදම අඩුවීම හෝ ගෙයින් ගෙට යාම,
කුඩා රැස්වීම් සහ අත්පත්රිකා බෙදීමට පමණක් ඉඩදීමෙන් නොයෙකුත් පූර්ව මැතිවරණ දූෂණ හා වැරදි අවම කරගත හැකිවේ.
F).තමන්ගේ චන්දය ලබාගත් කවරකු හෝ කෙළින්ම ආසනයට වගකියන බැවින් චන්දදායකයන් ද තෘප්තිමත්ය.
G).තේරිපත්වූ නියෝජිතයාට අන් පක්ෂවල චන්දදායකයන්ටද සැළකීමට සිදුවේ.
3).
A).එක් එක් පක්ෂ ලබාගන්නා චන්ද ප්රමාණය ජාතික මට්ටමින් ගණනය කොට ජාතික ලයිස්තුව සකසනු ලැබේ.
B).මෙහිදී මැතිවරණයට පෙර ලබාදෙන නම් පසුව වෙනස් කර චන්දදායකයන් ට හොරෙන් මන්ත්රීවරු යැවීමේ ක්රමය නතරකළයුතුවන්නේය.
C). ඒ චන්දදායකයන් චන්දය ලබාදෙන්නේ එම අනුපිළිවෙළ අනුමත කරමින් බැවින් එය වෙනස් කිරීමට කිසිව්කුට ඉඩනොතිබියයුතු නිසාවෙනි.
D).මෙම ක්රමයම පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටද එලෙසින්ම උපයෝගී කරගත හැකි අතර
ඒ සඳහා පිළිවෙලින් පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා ආසන අළුතින් නිර්ණයකළයුතුවේ.
4.
එසේම ජනාධිපතිවරයා දිවයිනේම චන්ද වලින් තෝරා ගන්නා අයුරින්
පලාත් ආණ්ඩුකාරවරයා පලාතේම චන්දවලිනුත්
නගරාධිපති හෝ ප්රාදේශීය සභාවේ සභාපති එම පලත්පාලන ආයතන බලප්රදේශයේම චන්ද වලින්
තෝරා ගැනීමෙන් මෙම ක්රමය වඩාත් අර්ථවත්වන අතර
පක්ෂනායකයනට අවැසි අය නොව සුදුස්සන් පත් කරගැනීමට ඇති චන්දදායකයන් ගේ අයිතිය උපරිමයෙන් ආරක්ෂාවීමද සිදුවේ.
5.
මෙය තවදුරටත් පුළුල් කරමින් සිව්වසරකට වරක් සියළුම මැතිවරණ එකවර පැවත්වීමටද යොදා ගත හැකිය.
එහිදී පක්ෂය වෙනුවෙන් එක් චන්දයක් දිය හැකි අතර,
ජනාධිපති,
පලාත් ආණ්ඩුකාර ,
පලාත් සභා මන්ත්රී,
නගරාධිපති(ප්රාදේශීය සභාවේ සභාපති )
සහ නගරසභා (ප්රාදේශීය සභාවේ )මන්ත්රී වෙනුවෙන් මනාප තුන බැගින් සළකුණු කළහැකිවේ.
6.
මෙහිදී ඉහළ තනතුරේ අපෙක්ෂකයාගේ නියොජිතයා ලෙස ඊට පහල නියෝජිතයා යොදාගැනීමෙන් මුළු මහත් දෙශපාලන යන්ත්රයම සක්රියව මැතිවරණයට ඉබේම දායකවේ.
7.
එසේම තම පලාත්පාලන ආයතන නියෝජිතයාම ගමේ චන්දපොළ නියොජිතයා වන බැවින් එහිදීම ගණනය කිරීම දුෂණයකින් තොරව සිදුකළ හැක.
8.
පවත්නා ක්රමය මත මෙහිදී මතුවන ප්රධාන ප්රශ්නයක් වන්නේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් විශාල ප්රමාණයක්වන ඉදිරිපත්වීමයි.
බොහෝ විට ස්වාධීන කණ්ඩයමක් ඉදිරිපත් කරන්නේ චන්දපොළ නියොජිතයා / චන්ද ගණන් කිරීමේ නියෝජිතයන් වැඩිකරගැනීමට නිසා සියළුම මැතිවරණ එකවර පැවැත්වීමේදී මෙය මගහැරී යනු ඇත.
එසේ නොමැතිනම්
a).දේශපාලන පක්ෂ නැවත ලියාපදින්චි කරනා විට සාධාරණවූ අවම සුදුසුකම් නිර්ණය කිරීම ,
b).ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත්වීමේදී යම් අවම අත්සන් ප්රමාණයක් නිර්ණය කිරීම
c).ඇපමුදල් තැන්පතුව වැඩි කිරීම මගින් විසඳා ගත හැකිය.
වඩාත්ම වැදගත් වන්නේ තුනෙන් දෙක හැමදාම තබාගත හැකිවීමයි………!
පලාත්පාලන ආයතන චන්දය පැවත්වීමට කිසිදු හදිසියක් නොමැති මේ අවස්තාවේ මේ ක්රමය අත් හදා බැලීමක් ලෙස ක්රියත්මක කර උපරිම ප්රජතන්ත්රවාදී නියෝජණයක් තුලින් ලොවටම ආශ්චර්යයක් විය හැකිවනු නො අනුමානය.
සන්වාදයට විවෘත අතර හිමිකම් නො ඇවිරිණ.

එල…..boss
කැමතියිකැමතියි
බොහොම ස්තුතියි ……………….! sorry.com.
කැමතියිකැමතියි