ඇමතිතුමා ඉතා දුෂ්කර දිගු ගමනක් දුම්රියෙන් යයි…..!

පොල්ලෙ එල්ලී නැළවි නැළවි
කුමාරිගේ ජීවන සුවඳටම මුසුව එන
කරුවගේ  ගල් අරක්කු සුවඳ නොමදව විඳිමින්
කොළඹ්බ සිට මරදාන තෙක්
මිටර දෙදහසක අති දුෂ්කර ගමනක්
විඩාබර මගේ නෙතු විවර වූයේ
ඔබ නිසයි උතුමාණනි.

 ඔබදු‍ටු සැණින් මා ගත විඩාව
පැන ගියේ මටද නොදන්වමිනි.
අහෝ උණු වන සිතක් ඇති ඔබතුමා
ඇයි අපේ දුක වෙනුවෙන්
මේ තරම් දුක් විඳ මේ දුර ගෙවන්නේ.
මගේ මොබයිලයට කොටම කොට පණිවුඩයක්
එහෙත් නැතිනම් රින්ග් කට් එකක්
දුන්නා නම් ඉවර නොව
අපෙ දුක මාගලක ලියාගෙන
දෙදහක් අත්සන් ද සමග
ටෙක්නිකල් හන්දියේ කන්‍තෝරුවටම
අරගෙන එනවා නොවැ.

දැන් ඉතින් මක් කොරන්නද
මෙන්න මේ

ඩීසල් සුවඳැති කළුම කළු පුයර ටිකක් උලාගන්න හැමතැන

ප්‍රසන්න   දුම් පූජාව විඳිමින්

ඊ ලඟ නැවතුමෙන් බැසගන්න.
තනියම පාරට යන්න දන්නවා නේ.
සැකයක් හිතන්න එපා
ඔබතුමා විඳි දුක
හැමදාම හැමෝටම
හැමවිටදි  හැමතැනදි
කියන්නෙමි නොවළහා..
අහෝ මෙහෙව් ගුණ කඳක්..

මා මරදානෙන් බැස ගමි
අද වැඩ නොකළත්
සිත පිරී ඇත
තන් ‍තෝසෙට…….!

 පින්තූරය ඉස්සුවේ 2010 මැයි 7 දින ලන්කාදීප අන්තර්ජාල සන්ස්කරණයෙන්.එහි අයිතිය ඔවුන් සතුය.

3 thoughts on “ඇමතිතුමා ඉතා දුෂ්කර දිගු ගමනක් දුම්රියෙන් යයි…..!

  1. මට තියන පුදුමෙ මේකට කොමෙන්ට් එකක් දමන්න මම විතරක් හිටපු 1ට…මොනාද බO උඹල හැමදාම අඹ ඇටේ සූප්පු කරන්න වාගෙ බූට්ම තුරුල් කරන් ඉන්නව මෙව්වටත් කොමෙන්ට් එකක් දමාපල්ලකෝ….

    කැමතියි

indika kumara වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න