අදමෙන් පහසුකම් නොතිබුන අවධියක එනම් මෙයට විසිවසරකට පෙර අන් අයට කෙසේ වූවත් සරසවි සිසුවකු වූ මාහට මහපොළ යනු මහර්ඝ සම්පතක්විය.මහපොළ ගැන සහ නිර්මාතෘ අද සිහි කිරීම යුතුකමක් වුවත් අද දිනය අමතකව සිටි මාව කෙනිත්තූ සදාහරිත ඔබට තුති.
ඔහුගේ දේශපාලනය කෙරෙහි කිසිදු පැහැදීමක් නොතිබීම හා වෙනත් හේතු මත මහපොළ ප්‍රධානෝත්ස්වයට සහභාගී නොවුන මා ඉන් වසරකට පමණ පසුව ඔහු හමුවට ගියෙමි.ඒ …….. ශිෂ්‍ය සම්මේලනය නියෝජනය කරමිනි.එහි ගිය අපගේ(…………..සහ මම.) පරමාර්ථය වූයේ මහපොළ දීමනාව රුපියල් 500 තෙක් වැඩිකරවා ගැනීමයි.එකළ සිසුන් බාගැනීමේ තරගයක්ද වූයෙන් මේ කටයුත්තේදී සිසුන්ගෙන් එක දමා ගැනීමද යටි අරමුණක්ද විය.
කෙසේ වුවද ප්‍රසිද්ධ විවාදයක් සඳහාවූ අභියෝගයක් මග හැරිම නිසාවෙන් අපගේ දැඩි විවේචනයට ලක්ව සිටි ඔහු, මෙසේ අප හමුවීමට කැමතිවිම පිළිබඳව සැකයක්ද අපතුළ තිබින.ඒ වනවිටත් එකළවූ මහා භීෂණයේ අඳුරු සෙවනැළි සමාජයෙන් පහනොවුන බැවිනි.අපහට දැනුම්දුන් පරිදිම නියමිත වේලාවටම ඔහුගේ කාර්යාලය තුලට කැඳවනු ලැබීමු.අප බලාපොරොත්තුවුයේ අප්‍රසන්නවූ පිළිගැනීමක් වුවත් අප විමතියට පත්කරමින් ඔහුගේ පළමු පැනයවූයේ” මල්ලිලා උදේට කාලාද ඉන්නේ” යන්නයි.ධනපති දේශපාලකයකුගේ සටකපටකම්වලට අසුනොවුන අපි අපගේ ඉල්ලිම මුලින්ම ඉදිරිපත් කළෙමු.අපව පුදුමකරවමින් අපගේ ඉල්ලීමට එකඟවූ ඔහු මහපොළ භාරකාර අරමුදලේ වැඩකටයුතු සිදුවෙන අයුරු මැණවින් පහදමින් කඩිමුඩියේ මෙය කළනොහැකිබව අපහට ඒත්තු ගැන්වුයේ ඉතාමත් කරුණාවෙනි.ඔහුගෙන් පසුව එම අරමුදල් අයුතුලෙස යොදවනු වැළක්වීමට ඔහු යොදා තිබු උපක්‍රම අපහට මැණවින් පසක්වුවද , නොරැවටෙන අපි පොරොන්දුව ලිඛිතව ලබාගත්තෙමු.ඔහු පොරොන්දුව ඉටු කළේය.
ඔහුගේ එම ගුණය , වෙඩි වැදුන ඔහුට ඉක්මන් සුවය පැතීමටත්,මියගිය ඔහු වෙනුවෙන් නිහඬව කඳුළු සැළීමටත්,ඔහුගේ මළගමට සහභාගීවීමටත්,අවමගුල් පෙරහරට එල්ලකළාවූ කඳුළු වායු සිළින්ඩර ආපසු යැවීමටත්,කාකි නිලදරුවකු අඩනිරුවතින් මාර ගසක බඩගායැවීමටත් සහ එකළ ප්‍රකට ඇල්ලේ වලව්ව ඉලව්වක් කිරිමට හවුල්වීමටත් දේශපාලනිකව ඔහුට සතුරු මාව පොළඹවීම්ට තරම් ප්රබලවිය.එසේ හෙයින් කවුරුන් කෙසේ මෙය දුටුවද ඔහුගේ වියෝවිමෙන් ඇතිවු හිඩැස තවත් දශක ගණනකින්ද නොපිරෙනු ඇත.
මෙතුවක් කල් ඔබවෙනුවෙන් අකුරක් නොලියා වදනක් නොපවසා හිඳීමට තරම් මා ගුණමකුවීම ගැන මට කමන්න ලලිත්…!
“මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය.
මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ”.
True.. He was a rare politician… Unfortunately how many of us who have benefited by the “Mahapola” would remember the great founder of it.
Thanks for the post.
කැමතියිකැමතියි
You are welcome Aminda.He was a great politician and we were immature to estimate his value.But now we know he did a great job but we are reluctant to give him due credit.
කැමතියිකැමතියි
අත්දැකීම් කියන දේවල් අපිව ජීථය තුලම තව තවත් ගොඩනන්වනවා . අපි නොලද ඒ අත්දැකීම මෙලෙසින් ලබාගැනීමට උදව් කළ ඔබට තුති .
කැමතියිකැමතියි