නාමල් සහ සජිත් රජවෙති…………!

අපේ රටේ ජනතාව ගණිතය දුර්වලයයි කවුදෝ ප්‍රසිද්ද පුද්ගලයෙක් පවසා තිබෙනු කලකට පෙර දුටිමි.

එය ඇත්තක්යැයි මට සිතුනේ පසුගිය දිනවල ප්‍රබලයන්ගේ මනාප තමතමන්ට වාසිවන අයුරින් විශ්ලේෂණය කර ඇති අයුරු දුටු විටයි.

ගණිතය පිළිබඳ විශාරදයකු නොවුනද පහත විශ්ලේෂණය සාධාරණයයි සිතමි.

නම ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
නාමල් රාජපක්ෂ 147566   174808   84.42   278054   53.07   421186   35.04
 බැසිල් රාජපක්ෂ 425861   589476   72.24   930233   45.78   1474464   28.88
 විමල් වීරවංශ 280672   480896   58.36   939375   29.88   1521854   18.44
 සජිත් ප්‍රේමදාස 74467   83027   89.69   278054   26.78   421186   17.68
 රනිල් වික්‍රමසිංහ 232957   339750   68.57   939375   24.8   1521854   15.31
 සරත් ෆොන්සේකා 98458   110683   88.95   939375   10.48   1521854   6.47

 

කොච්චර උඩපැන්නත් ජනතාව අතර තමන්ගේ තත්වය හරියටම තේරුම් ගන්න මේ විදියට උත්සාහ කරනවානම් අගෙයි.
මේ බලන්න.
චන්ද්‍රිකා කුමාරතුංග 1994 දී.

නම ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
චන්ද්‍රිකා කුමාරතුංග 464,588   509,030   92.27   896,288   51.84   1,140,808   40.73

 

එහෙම දීලත් මොකද අන්තිමට වුනේ..?

6 thoughts on “නාමල් සහ සජිත් රජවෙති…………!

  1. සාමාන්‍ය්යෙන් පවුල් දේශපාලන පුරුක් වලින් වැඩකට ඇති යමක් කරන්නේ මුල් පුරුක විතරයි. පුරුකේ ඉන්න අනෙක් අය කරන්නේ ඒ පුද්ගලයගේ ජනප්‍රියත්වය මත පාර්ලිමේන්තු ගිහින් මොකුත් නොකර ඉන්න එකයි… නාමල්, චන්ද්‍රිකා සහ බැසිල් පවුල් පසුබිමක් නැතුව, තමන් කළ වැඩ අනුව ඡන්දෙ ඉල්ලුවා නම්, වැලේ වැල් නැතුව යනවා…

    කැමතියි

  2. දැන් මෙහෙමනෙ වැඩේ වැඩියෙන් පෝස්ටර් ගහන කටවුට් ගහන එකා තමයි දිනන්නෙ. ඒ වගේම තක්කඩි වැඩ වලට ප්‍රසිද්ධනම් ඒකත් මනාප වැඩි වෙන්න හේතුවක්.
    ලංකාවේ මිනිස්සු ගණිතයටද අදක්ෂ නැත්නම් ඡන්දය ප්‍රකාශ කරන්නද?

    කැමතියි

  3. ඩලස්…මීට කලින් මැතිවරනෙක….මිලින්ද කලින් එකක…..රණවක සහ සෙට් එක දෙවතාවක් දිනුව…..පෝස්ටර් නොගහ…..සජීට ඔය්ට වඩා පොඩ්ඩය් අඩු වෙන්නෙ පෝස්ටර් නොගැහුවනම්,,,,,,කිසිම සිවිල් බලයක් නැති…..ආචාර්ය මහාචාර්යල කීයක් පාර්ලිමෙන්තු ඉන්නවද???කෝ ඒ අය කරපු වැඩ….බුද්දිමතුන් උනත් රටට සේවය කරන්න නියම ක්‍රමයට හැඩගැසෙන්න ඕන….එහෙම නැතුව 225ම මහාචර්ය උනත් කරන්න පුලුවන් උලව්වක් නෑ…….සජිත් විරුද්ද පක්සෙ වෙලත් මිනිස්සුන්ට වැඩක් කරන්නෙ එයා ගොඩදාගතපු සිවිල් බලයෙන්…එහෙම නැතිව…අවුරුදු 16කට කලින් මැරුන ප්‍රේමදාසගෙ සල්ලිවලින් නෙමෙ….

    කැමතියි

indika kumara වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න