කවුරුන් කළත් වැරැද්ද වැරැද්දමය.
ජාති ආගම් කුළ හෝ දේශපාලන මතය අනුව වැරැද්ද වෙනස්විදියට පෙනියයුතු නැත.
පසුගිය කාලයේ රජයේ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව කෙරුනාවූ සියලුම විවේචනයන්ට මම එකඟවූයෙමි.
ඒ පිළිබඳව මගේ පිළිකුල දැනුදු ප්‍රකාශ කරමි.
රජයේ එම වැරදි පෙන්වමින් මහජනයාහට ඇත්ත පෙන්වාදුන් මාධ්‍යයන් එම වැරැද්දම කරනුදුටු විට ඇතිවන්නේ බලවත්මවූ පිළිකුලෙකි,
ඔවුන් විසින් මෙතෙක් කළ කී දෑ වල සුජාතභාවය පිළිබඳ සැකයෙකි.
එබැවින් ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති විඩියෝව නරඹා අදහස් දැක්වූ සැමට එය නිවැරදි කරගැනුමට මෙය උදව්වේයැයි සිතමි.
හොඳින් අසන්න එතුමා කියන්නේ ”දෙමළා” නොව ”දෙමළත්” යන්නය.
මෙහි ”ත්” ඉවත්කිරිමෙන් අපව මොනතරම් දුරක් වැරදිමගෙහි යැවිනිද?
අනෙක සැබවින්ම එතුමා ” දෙමළා” යන්න භාවිතා කළේනම් එය හෙළාදැකීමටද මම පසුබට නොවෙමි.
ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති කරන ලද විඩියෝව මෙතනින් බලන්න.
ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති විඩියෝව නරඹා දැක්වූ අදහස් මෙතනින් බලන්න.
තවත් හිට්ලර් පන්නයේ පාහරයෙක් බිහිවෙයි….
“අපි සිංහල,රටත් සිංහල,අහගෙන ඉන්නවා,දෙමළා”-මහින්ද යාපනයේදී යකා නටයි.
ජනාධිපතිගේ වව්නියා කතාව ගැන ඉන්දියාවේ අවධානය
Sri Lankans abroad ‘shocked & saddened’ by Rajapakse’s arrogant speech
ඇත්ත කතාව.
කැමතියිකැමතියි
ඔව් ඉතා පැහැදිළිය , ඔහු ඒ බැන වදින්නේ , ඔහුගේ කථාවට බාධාකල සිංහල පිරිසකටය. මන්ද තමුසෙලත් සිංහල යනුවෙන් බැන වැදීම ඔහුට දෙමළ පුද්ගලයෙකු හමුවේ කිව නොහැකි බැවිනි. ඊට අමතරව දෙමළ පරිවර්ථනයට සවන් දුනහොත් ඒ බව මනාව වැටහෙනු ඇත.ඔබට නොතේරේනම් පරිවර්ථකයෙකු ලවා එය සිදුකරවාගන්න.
පැහැදිළි වීඩියෝව , උපුටා ගැනීම ලංකාදීප
http://video.lankadeepa.lk/videos/245/prasident-vavuniya
කැමතියිකැමතියි
ස්තුතියි බුද්ධික.
මට සිදුවුනාවූ අත්වැරැද්දක් නිසාවෙන් මෙයට අදාළ විකෘති වීඩියෝව එකතුවී නොමැත,එම වීඩියෝවත් එයට අදාළ ලිපිත් ඉක්මනින්ම එකතුකරමි.
ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති කරන ලද විඩියෝව බලන්න.
ඊට අමතරව දෙමළ පරිවර්ථනයට සවන් දීමට සහ නොතේරේනම් නම් පරිවර්ථකයෙකු ලවා එය සිදුකරවාගැනීමට දුන් උපදෙසටද මගෙන් තුති.
කැමතියිකැමතියි
ජනපතිතුමා දෙමළා යනුවෙන් කීවා යැයි මමත් නොසිතමි. එතුමා නිතරම වැදගත් විදිහට කතා කරයි.
නමුත් කවරකු හෝ දෙමළා කියා යෙදුවේ නම් එයට මම එකඟ වෙමි.
සිංහලයාට කවදා හෝ සිංහලයා කීවේ යැයි තරහ යන්නේද..?
එසේ නම් දෙමළාට දෙමළා කී විට තරහා යන්නේ මන්ද..?
මේවා අපේ මනස්ගාතය.
කැමතියිකැමතියි
ස්තුතියි ඔබට,
සියල්ලම මනස්ගාත වියහැකි වුවත්
“දෙමළා,ගුරා,වෙදා,තම්බියා,ඇමතියා” වැනි යෙදුම් ගරුකෙරුමට යොදන බවක් නොදන්නෙමි.
කැමතියිකැමතියි
http://video.lankadeepa.lk/videos/245/prasident-vavuniya
කැමතියිකැමතියි
Thanks.I had a problem in uploading fake video and by mistake copied details were not there.Ill correct it.
කැමතියිකැමතියි