කිසි දින නොපතමි ඔබේ ආදරය…
මගේ දයාබර සොහොයුරියේ………..
පියවි ලොවින් ඈතින් ඈතට..
මා හිත ඇදගත් පුංචි කුමාරිය..
ඔබ වෙනුවෙන් තැනු හද යහනාවට…
වෙනකකු තව නැහැ ළං වූයේ.
සොහොන් ගෙයක් වූ – ගරාවැටුනු ඒ යහනට
එන්න එපා ඔබ එන්න එපා
හෙට ගොඩනැංවෙන අපේ රතු ලොවට
වැලි ඇටයක් වී…..
ඔබ වැන්නන්ගෙන් මා..මියෙනා විට
මා වැළලූ තැන…රතු කුසුමක්
අදවන් දිනයක තබන්න කුමරිය.

විප්ලව වාදියකු වෙලා සමාජයට කරන්න හදපු සේවයට වඩා යන්තම් පණ බේරගෙන “හොඳ හිත” වෙලා කරපු හරිය නරකද??
කැමතියිකැමතියි