ජපන් වයින්

Daily Bite

2025 ඔක්තෝබර් 1

ජපන් වයින් සංස්කරණය

JR ගේ ආදරයේ සිට AKD ගේ වයින් දක්වා

ටෝකියෝවේ උදෑසන – JR ගේ ආදරය

🇯🇵 ජපාන අගමැතිතුමා ජනාධිපති අනුර කුමාරට ජේ.ආර්. ජයවර්ධනගේ 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ පණිවිඩය මතක් කළේ

“වෛරය නතර වන්නේ වෛරයෙන් නොව ආදරයෙන්.”

එය ඉතිහාසයෙන් පාඩමක් මතක් කිරීමක් විය.

ටෝකියෝවේ සන්ධ්‍යාව – AKD ගේ වයින්

🍷 ශ්‍රී ලාංකික ප්‍රජා රැස්වීමේදී, ආධාරකරුවෙකු නැඟිට ආඩම්බරයෙන් ප්‍රකාශ කළේ

“කිසිදා බසයක නොගිය අයෙක් නිල් බස් රථයේ යනු දුටු සතුටට ගෙදර ගොස් තනිවම වයින් බෝතලයක්ම බිව්වා!”

ශාලාව සිනාසුණා.

ජනාධිපතිවරයා සිනාසුණා.

එක් දිනක්,
එක් නායකයෙකු,
පණිවිඩ දෙකක්

උදෑසන, ජපානය පාඩමක් ඉගැන්වීය

වෛරයෙන් වෛරය නොසන්සිදේ

සවස් වන විට,
වෛරය වයින් සමග පානය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නිවසට ගෙන යන්නේ කුමන පණිවිඩයද?

බුදුන්ගේ වචනද
නැතහොත්
ආධාරකරුගේ වෛරයෙ වයින් බෝතලයද?

ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිචාරය වැදගත් වන්නේ එය ජාතියේ ස්වරය සකසන බැවිනි.
ආධාරකරුවෙකුගේ සමච්චලයට සිනාසීමෙන්,
අනුර කුමාර වෛරය අනුමත කරන බවක් පෙනෙන්නට තිබුණි,

එය සංහිඳියාව පිළිබඳ පෙර පණිවිඩයට පටහැනි විය.
පුරවැසියන් කෝපයෙන් කතාකල හැකි නමුත් නායකයින් සතුරුකමට වඩා ඉහලින් සිටිය යුතුය.

අනුර Anura Kumara Dissanayake
මෙය ඔබට මග හැරුණු අවස්ථාවක් විය

  • ප්‍රකාශය භුක්ති විඳීම වෙනුවට,
    ඔබට පක්ෂග්‍රාහීත්වයට වඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පෙන්වීමට,
    මෛත්‍රිය ඉල්ලා සිටීමට ඉඩ තිබුණි.

“කලකදි වහලු, කලකදි රස වෙනවාලු.”

ඩේලි බයිට්

  • 2025 සැප්තැම්බර් 23
    (උදෑසන සංස්කරණය)

“කලකදි වහලු, කලකදි රස වෙනවාලු.”

1980 දී,
ජේ.ආර්. ජයවර්ධන,
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත
පාවිච්චි කොට
මහා වැඩ වර්ජනය තලා දැම්මා

එදා,
“මෙම නීතිය ජනතාව බැද දමන මර්දනකාරි එකකි.”
හඬ නැගු අය මතකද?

අද,
එම පනතම නව ගැසට් පත්‍රයක පළ වේ,

මෙවර විදුලිය ,අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

ගැසට් අංකය වෙනස් වේ.

ජනාධිපතිවරයා වෙනස් වේ.

නමුත් පනත එසේමය.

කලකදි වහලු, කලකදි රස වෙනවාලු.

ඔහොම යන්
Anura Kumara Dissanayake