
Daily Bite 7th September 2025
සීවලී සූත්රය
කන්ටේනර් 323 -2 = 323
සීවලී මේ මොනවාද
ස්වාමීනි ඒ කන්ටේනර දෙකකි
සීවලී අර මොනවාද
ස්වාමීනි ඒ කන්ටේනර 323 කි
සීවලී මේ කන්ටේනර බැලුවාද
ස්වාමීනි ඒ කන්ටේනර දෙක බැලුවා
සීවලී අර කන්ටේනර 323 බැලුවාද
ස්වාමීනි ඒ කන්ටේනර දිවසින් බැලුවා
සීවලී මේකේ මොනවාද තියන්නේ
ස්වාමීනි මේ කන්ටේනර දෙකේ අයිස්ය
සීවලී අර 323 මොනවාද
ස්වාමීනි ඒ කන්ටේනරවල වතුර ය
සීවලී අර වතුර වලින් මේ අයිස් හැදිය හැකිද
නොහැකිය ස්වාමීනි
සීවලී ඒ ඇයි
ස්වාමීනි මේ අයිස් කන්ටේනර පොහොට්ටුවේ ය
අර වතු කන්ටේනරවල මාලුමාවේ වතුරය
මාලුමාවේ වතුරවලින් පොහොට්ටුවේ අයිස් සෑදිය නොහැක
සීවලී ඔබගේ බුද්ධි මහිමය අති මහත්
එනිසා
ඔබට
” බිමලානන්ද මාලීමාරත්න කුඩා පචේස්වර” යන නම්බු නාමය දෙමි
යහපති ස්වාමීනි
මට පැනයක් ඇත ඇයි
කුඩා පචේස්වර
සීවලී
මේ ලෝකයේ සිටිනා එකම
මහා පචේස්වරයා නම් මේ මා පමණක්ම වන නිසාය.
