Daily Bite
2025 සැප්තැම්බර් 24
මාලිමාව සැබවින්ම අවංකද?
“වත්කම් හෙළිදරව් වී ඇත, වෙස් මුහුණු ගැලවී ඇත.”
රජය ඉරිතලා යද්දි ජනයා සසලවී ඇත.
වත්කම් බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධවීම නිසා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කලබලවී ඇත.
එදා
තමා දුප්පත්ය
තමාට අදායමක් නැත
තමාට රස්සාවක් නැත
තමා ජීවත්වන්නේ
තම හිතවතුන්ගේ සහ
පක්ෂයේ උදව්වෙන් යයි කියමින්
මහජනයාගේ හදවතට කතා කල ඔවුන් අද
අපට
පරම්පරා දේපල
රත්තරන් ,
මන්දිර,
වාහන සහ
ව්‍යාපාර තිබු බව කියති.
එකෙක්
තම අසරණ දියණිය විකුණා ඇත.
හැමෝම
“ගලේ පැහැරු බළලුන්” බවට පත්ව ඇත.
ඒ මදිවාට
අප “අවංක “නිසා
වත්කම් ප්‍රකාශ කර බව කියමින්
එසේ කිරීමට
බලකෙරුන හේතුව සගවා
ජනයා නොමග යවයි
තව අය
අපේ වත්කම් දේශපාලනයට නොදුන් නිසා ඉතිරිවු බව කියයි
එකෙක් තොපිට පාන්ද අසයි
පිළිතුරු දීම වෙනුවට,
මාලිමා ඇමතිවරු
මාධ්‍යයේ කට වහති,
ප්‍රශ්න තහනම් කරති,
සහ පුරවැසියන්ට මෙසේ කියති
“පැමිණිල්ලක් ගොනු කරන්න.”
බොහෝ අය ණය ප්‍රකාශ කර නැත,
ත්‍යාග දුන්නේ කවුද ප්‍රකාශ කර නැත,
පක්ෂය තමන්ට දුන්නත් පක්ෂයටත්
කව්රුන් හෝ දී ඇති බව සගවයි
සැබෑ ව්‍යාපාරිකයන්
බිලියන ගණනක් ණය දරති.
එලොන් මස්ක් පවා ණයගැතියෙකි.
නමුත් අපගේ රටේ එහෙම නැත
ඔබ උපයා ගත්තේ කෙසේද?
@අසන්න මහජනයාට අයිතියක් ඇත
පුද්ගලයකුට හෝ පක්ෂයකට හෝ තෑගි ලෙස ලැබුන
මුදලක් දේපලක් නිසා
ඉන් ළබැදියාවන් පිළිබද ගැටුමක් නැතිබව සහතික වීමක්ද අවශ්‍යයි
එන් පි පී රජය
සැබවින්ම අවංකනම්
කළයුත්තේ
2023 අංක 9 දරණ දූෂණ විරෝධී
පනතට සංශෝධන ගෙනවිත් එය තවත් ශක්තිමත් කිරීමයි









