උඳු වපුරා මුං පැතීම

Daily bite – 2025 ඔක්තෝබර් 9

උඳු වපුරා මුං පැතීම

  • සංස්කරණය

“යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං,�කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං,�පවුත‍්තං තාත තෙ බීජං ඵලං පච‍්චනුභොස‍්සසීති.”

-ඉසයොසමුද්‌දක සූත්‍රය-

ත්‍රිපිටකය
සූත්‍ර පිටකය
සංයුත්‌ත නිකාය
සගාථා වර්ගය
සක්‌ක සංයුත්‌තය
සුවීර වර්ගය

෴ යම් බඳු බිජුවටක් වපුරා ද,
එබඳු පල හැර ගණි.
යහපත් ක්‍රියා කරණ තැනැත්තේ යහපත් විපාක ලබයි.
පාපක්‍රියා කරණ තැනැත්තේ ලාමකවිපාක ලබයි.
දරුවා, තා විසින් බිජුවටක් වපුරණ ලදී. එහි ඵලය විඳුනෙහි ය.෴

ඇමතිවරයෙකුගේ පෞද්ගලික ජීවිතයට සහ දේශපාලන ජීවිතයට පහර දෙමින් අපහාස කළ පුද්ගලයින් නම් කරන පෝස්ටුවක් දුටුවෙමි.

මගේ ස්ථාවරය

• මම කිසිවෙකුගේ ලිංගික ජීවිතය, දිශානතිය හෝ පෞද්ගලික සම්බන්ධතා සාකච්ඡා කිරීමට සමාජ මාධ්‍ය භාවිතා නොකරන අතර
වෙනත් අය එසේ කිරීමද අනුමත නොකරමි.• පුද්ගලයකුගේ පක්ෂය කුමක් වුවත් මම චරිත ඝාතනයට විරුද්ධ වෙමි . • යමෙකු එම සීමාව ඉක්මවා ගියවිට නීතිමය ක්‍රියාමාර්ගවලට යාම ගැන විරුද්ධ නොවෙමි.

මේ පුවත ගැන මගේ අදහස

• ප්‍රසිද්ධියේ පුද්ගලයින් නම් කිරීම සාමාන්‍ය නීතිමය ප්‍රතිචාරයකට වඩා බිය ගැන්වීමක් ලෙස පෙනේ.• සැබෑ අපහාස වලට එරෙහිව අධිකරණයට යා යුතුය

එහෙත් මෙසේ
“නම් කිරීම සහ ලැජ්ජාවට පත් කිරීම”

නීත්‍යානුකූල විවේචන සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ අවදානමක් ඇත.

• මෙහිදී දේශපාලන
ආධාරකරුවන් “ශක්තිය” ත්

දේශපාලන

විචාරකයින් “අනාරක්ෂිත බව සහ නීතිය දඩමීමා “කරගැනීමත් දකී.
• සමාජ මාධ්‍ය හැසිරවීම පාලනයේදී පුද්ගලයින් ඉලක්ක කර ගැනීම බොහෝ විට බූමරංගයක් විය හැක.

එසේම
පසුගිය කාලයේ දේශපාලන
මඩ ගැසීම් ආයුධයක් ලෙස භාවිතා කර ඇති බවද අපි දනිමු.

අපහාස සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සාධාරණයි

තම දේශපාලන එදිරිවාදීන් අසාධාරණ ලෙස දඩයම් කිරීම එසේ සාධාරණනොවේ.

බුදු දහමේ ඉගැන්වෙන පාඩම් අනුව

දේශපාලනයේදීද

උඳු වපුරා මුං පැතිය නොහැක!