ව්‍යවස්ථාවේ ඉතිහාසය කතා කළත් එයට ඇහුම්කන් දෙන්නේ කවුද?

ඩේලි බයිට් 2025 සැප්තැම්බර් 18

“ව්‍යවස්ථාවේ ඉතිහාසය කතා කළත් එයට ඇහුම්කන් දෙන්නේ කවුද?”

1970 දී එක්සත් පෙරමුණ බලයට පත් වි වසර දෙකක් ඇතුළත සිරිමාවෝ බණ්ඩාරනායක සහ කොල්වින් ආර්. ද සිල්වා රටට නව ව්‍යවස්ථාවක් (1972) ලබා දුන්හ.

1977 දී ජේ.ආර්. ජයවර්ධන පහෙන් හයෙන් බහුතරයක් සමඟ මාස හයක් ඇතුළත 1978 ව්‍යවස්ථාව ඉදිරිපත් කළේය.

ඉතිහාසය පැහැදිලිය
නායකයින්ට සැබෑ ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍ය වූ විට,
එය කඩිනමින් කරයි.

නමුත් අද ගැන කුමක් කිව හැකිද?

NPPය
“ක්‍රමයේ වෙනසක්” ගැන කතා කරයි.

අනුර කුමාර දිසානායක
ප්‍රජාතන්ත්‍රවාදය,
යුක්තිය සහ
ප්‍රතිසංස්කරණ
ගැන හයියෙන් කතා කරයි.

එහෙත් අප දකින්නේ කුමක්ද?
පැලැස්තර විසඳුම්,
තාවකාලික විසඳුම්,
හෙට සඳහා පොරොන්දු.

නව ව්‍යවස්ථාවක් කරා
සැබෑ පියවරක් නොමැත.

ඇත්තම උවමනාවක් තිබුනේ නම්,
කාලය හොදටම තිබුණි.

ජනතාව ජනවරමක් ලබා දුන්හ.

මාර්ගය විවෘත විය.

ඒ වෙනුවට,
පැකිලීම සහ ප්‍රමාදය පැහැදිලිව දකින්නට ඇත.

ඔව්,
දැන් ප්‍රමාද විය හැකිය. නමුත් ප්‍රමාදය කිසිදා නොකරනවාට වඩා හොඳය.
බලා සිටින සෑම දිනකම දුර්වලකම පමණක් නොව, සූදානමක් නොමැතිකමද පෙන්නුම් කරයි.

1972 සහ 1978 පාඩම සරලයි:
බැරෑරුම්ව සිතන අය ක්‍රියා කරති.
ප්‍රමාද වන අය සැකය පෙන්වයි.

ප්‍රශ්නය ,
NPP ක්‍රමය වෙනස් කිරීමට සූදානම්ද, නැතහොත්
ඒ ගැන කරන කතා තව සෙප්පඩ විජ්ජාවක් පමණක්ද?
Anura Kumara Dissanayake

“කුහුඹුවාට,උගේ මුත්‍රා පවා මහා ගඟකි.”

Daily Bite කොළඹ
සැප්තැම්බර් 15 (ප්‍රමාද වූ සංස්කරණය)

“කුහුඹුවාට,
උගේ මුත්‍රා පවා මහා ගඟකි.”

පිටකොටුව බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය උත්කර්ෂවත් ලෙස ආරම්භකළේය.

කොළඹට අලුත්ම ගුවන් තොටුපළක් ලැබුණාක් මෙන් සමහර ආධාරකරුවන් ඔල්වරසන් දුන්හ.

එය “ඓතිහාසික”ය

2019 දී මාකුඹුර මධ්‍යස්ථානය මතකද?

රුපියල් බිලියන 2, ජපන් අරමුදල්, විවෘත කිරීමේදී
ජනාධිපති සහ අගමැති.

අද පිටකොටුව

රුපියල් මිලියන 425,
ජනාධිපතිවරයෙක්

කුහුඹුවාට,
මුත්‍රා බිංදුවක් ගඟකි.

දේශපාලනය සඳහා,

තීන්ත ආලේප කිරීමත් ප්‍රගතියකි.

වෙනස කුමක්ද?
සිරිසේනගේ කතුරද?
අනුරගේ කතුරද?
මේ කුහුඹුවන් අදුනනවාද?

The Pettah bus stand renovation was launched with great fanfare.

Supporters cheered as if Colombo had just got a brand new airport.

It was “historic”

Remember the Makumbura Centre in 2019?
2 billion rupees, Japanese funds, President and Prime Minister at the inauguration.

Pettah today
425 million rupees, a president

To an ant, a drop of urine is a river.
For politics, even applying paint is progress.

What’s the difference? Sirisena’s scissors? Anura’s scissors?
Do these ants know?

මේ රටේ නැවත ජනාධිපතිවර බිහි වෙන්නේ අපේ පක්ෂයෙන් විතරයි විපක්ෂයෙන් බිහි වෙන්නේ නෑ.

ඩේලි බයිට් – 2025 සැප්තැම්බර් 14
(ප්‍රමාද වූ සංස්කරණය)

ජේවීපී මන්ත්‍රීවරයෙක් මෙසේ ප්‍රකාශ කළේය:

“මේ රටේ නැවත ජනාධිපතිවර බිහි වෙන්නේ අපේ පක්ෂයෙන් විතරයි විපක්ෂයෙන් බිහි වෙන්නේ නෑ.”

මෙය තවදුරටත් අභිලාෂයක් නොවේ
එය එක් පක්ෂ පාලනයක් සඳහා සැලැස්මකි.

එක ධජයක්.
එක හඬක්.
එක නායකයෙක්.

පක්ෂය දැනටමත් තීරණය කර ඇති දේ තහවුරු කිරීම සඳහා පමණක් මැතිවරණ පවත්වන
උතුරු කොරියාව සහ චීනය
වැනි පාලන තන්ත්‍රයන් එය ප්‍රතිරාවය කරයි.

පක්ෂපාතී අයට:
නිමක් නැති බලය පිළිබඳ සිහිනයක්.

ප්‍රජාතන්ත්‍රවාදීන්ට:

සදහටම එක් වර්ණයකින් පින්තාරු කරන ලද රටක බියකරු දැක්මක්.

ප්‍රජාතන්ත්‍රවාදය හෝ ඒකාධිපතිත්වය?

ඡන්ද පෙට්ටිය හුදු නාට්‍යයක් බවට පත් වීමට පෙර ශ්‍රී ලංකාව තීරණය කළ යුතුයි.

අයිසේ මේ අහගන්නවා

ඩේලි බයිට් -12/09/2025

උදෑසන,
“අයිසේ මේ අහගන්නවා”

පාර්ලිමේන්තුවේ ගිගුරුම් දුන්
බි🌸, 🐀🐍👹
සවස් වන විට,
කැමරාව දෙස
ගලේ පැහැරූ බළලෙකු මෙන්
බලමින්
මෙසේ කියයි:
“මං එහෙම කවදාවත් කියා නැ!”

පැය 24 ක් යන්න පෙරකී
මෙය දිව පැටලිලාද
දිව දෙකේ කතාවක්ද

බොරුකීම
සාමන්‍යදෙයක් කරගත්
මොවුන්
හොරකම් නොකරන බවට ඇති සහතිකය කුමක්ද
ජනතාව අන්ධ නොවේ
ඔවුන් ගලෙහි පාද සලකුණු දකී.

@Bi🌸🐀🐍👹

“පැන්ෂන් ගිය පොලිස් කාරයා වගේ”

Daily Bite 11th September 2025

“පැන්ෂන් ගිය පොලිස් කාරයා වගේ”

කියන ගමේ කියමන

“පැන්ෂන් ගිය ජනාධිපති වගේ “

වෙනස් කළ අනුර කුමාරට ස්තුතිය

ශ්‍රී ලංකාව අවසානයේ ජනාධිපති විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද කපා දැමීය.

මූල්‍ය ඉතිරිකිරීම් සංකේතයක් වුවත් සිදුවු වෙනස පිරිසිදු රත්තරන්.

කළු කෝපී බොමින් කජු කමින්
රජයේ විශ්‍රාම වැටුප නතර කරන්නට දවල් සිහින දුටු රනිල් වික්‍රමසිංහ පරදා ජයග්‍රහණය අනුර කුමාර විසින් උදුරා ගන්නා ලදී.

රජයේ සේවකයින් මිලියන 1.5 ක් බෙහෝ දෙනා සේවයට එන්නේ රාජ්‍ය විශ්‍රාම වැටුප නිසාය.

විශ්‍රාම වැටුප් පූජනීය සමාජ ආරක්ෂාවක් බව වම අවධාරනය කරයි.

දක්ෂිණාංශිකයින් පෞද්ගලික ඉතිරිකිරීම් සහ මූල්‍ය යථාර්ථය ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ, අප
දෙපාර්ශ්වයේම කතා වලට කැමති නමුත් අංක ගණිතයට වෛර කරයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් කපා හැරීමට දේශපාලනික වශයෙන් කිසිවක් වැය නොවේ.

ඔව්,
ජනාධිපති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම හොඳ උපක්‍රමයක්
-හොඳ මාතෘකාවක්,
සංකේතාත්මක ආරම්භයක්.

නමුත් සැබෑ ප්‍රශ්නය වන්නේ අනුර විශ්‍රාමික ජනාධිපතිවරුන්ට එල්ල කළ ආයුධයම රජයේ නිලධාරිනටද එල්ලකිරීමට ධෛර්යයක් තිබේද?

චේතිය රජවාසල

Daily Bite 8 th September 2025

ගොඩාක් ඉස්සර කාලෙක
“මහා සම්මත”
නමින් රජ කෙනෙක් හිටියා.
ඒ රජුගේ පරම්පරාවෙන් ආ
අරවින්ද නැතිනම් අපවර නමැත්තා
රජවුනා.
අපවර රජ්ජුරුවෝ රජ කළේ
“චේතිය “කියන රටේ
ජයවඩන නගරයේ.
එනිසා මොහුට “චේතිය රජු “කිව්වා.

මේ රජ්ජුරුවන්ට ඉර්ධි බල තිබුනා.

වාහන නැතිව
උඩින් යන්න පුළුවන්

ඒ වගේම ආරක්ෂාවට
FB කඩු ගත් 🧭යක්ෂපුත්‍රයෝ
සතර දිසාවේම සිටියා.

සිරුරෙන් කපුරු සුවඳ හැමු අතර විශ්ව ශක්තියෙන් ඕනෑම දෙයක් දැකිය (🏁📕🔢) හැකිවුනා

මුඛයෙන් සුවඳැති මිහිරි වචන පිටවුන අතර ඒ අසන්නෝ වශීවිය.

සිල් ගත් සිල්වින අග්‍ර පුරෝහිතයාය.
සිල්වින බ්‍රාහ්මණයාගේ
හදාගත් බාල සහෝදරයා බිමරත්ලයකාය.
මේ බිමරත්ලයකාය,
චේතිය රජ්ජුරුවන්නේ බොක්ක

  • අඹ යාලුවෝ.
    ඉතින් චේතියයි බිමරත්ලයකායි
    යාලුවන් කාලේ චේතිය කුමාරයා කිව්වා.

“සහෝදරයා
මං රජකමට පත්වූනාම
උඹට පුරෝහිත තනතුර දෙනවා”.

චේතිය කුමාරයා රජවුනත්
සිල්වින බ්‍රාහ්මණයාව පුරෝහිත තනතුරෙන් එලවන්න බැරිවුනත්
සිල්වින ,
චේතියට කිව්වා
මහරජතුමනි,
මං මහලු නැතිවුනත්
මගේ අදහස වලපැත්තට ගිහින්
සිල් රකින්න

එහෙම කිව්වත් සිල්වින
සිල් රකිමින්ම
තමා හදා ගත් දරුවන් යොදවා රාජ්‍යපාලනය කරගෙන ගියා

බිමරත්ලයකාය පුරෝහිතට
අග්‍ර පුරෝහිත ලැබුනේ නැ

දැන් පාලනය ඔලුතුනේ බුරුවා වගේ

චේතියගේ සුවද දුගදවීගෙන එනවා

ඒ දුගද
සිර්පයාවේ
වල්පවිෂා එලවා බලය

ගත් මයිනිකො
රජ එවු
සීතල මංජුසා දෙක නිසා වැඩිවුනා
දහසක් මංජුසා මැද සැගව ආ
සීතල මංජුසා චේතියට නොපෙනීම ගැන
රට වැස්සෝ පුදුමවුනා

රජවාසල කවටයා
සීතල මංජුසා රුවල් නැවේ නො ආ බව දිවුරුවා
නැව් තොටුපතියා සීවලී දැහැන මතුරා
සීතල මංජුසා නැතිබව සහතික කලා

මහසෙනෙවි කොන්තරාල ද එය සහතික කලා
ස්වර්ගස්තවු රහසාන් ගේ පියා ඒබ්‍රහම් සිටුවරයා අමතක කල දායක සභාව
මෙය නෝමල නම් හොරදෙටුවා
අහසින් රහසින් ඉර්දියෙන් ගෙනා බව කියන්නට විය
හොර දෙටුවාගේ මහ ගෙදර
චේතියට
රජකම නැතිකාලයේ
අපවර සිල්වින බිමරත්ලයකාය
කාබී නටා වැටී සිටිය හැටි අමතක කරන්නට
චේතියගේ වශී බලයට හැකිවුනද

සීතල මංජුසාව කාටත් රහසක්විය

මංජුසාව නිසා

පුරෝහිතටද
යටින් ඉන්නා සිල්විනටද
චේතියටද උනදේ
අදටත් රහසක්

බ්ලඩි මූන් විශ්වශක්තිය ලැබුන අය
චේතියගේ කතා සොයා ගෙන ඒවී

Daily Bite – 2025 සැප්තැම්බර් 4 – ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමඊයේ බාධකඅද රිබන් කැපීම

එදා
“ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම”
විකුණාදැමීමේ කුමන්ත්‍රණයක් බවට දස අතේ දිවුරා කීහ.

වෘත්තීය සමිති වැඩවර්ජන කරමින් පෙළපාළි ගොස්, කෑ ගැසූවේ, ලංවීම කිසි දිනක කඩන්නට ඉඩ නොදෙන බවය

අද, එම “එකමුතුවේ ආරක්ෂකයින්” ආඩම්බරයෙන් ලංවීම ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, මෙහෙයුම් වැනි පිළිවෙලට කැබලි වලට කපා දැමූහ.
හදිසියේම, ඊයේ දේශරෝහීත්වය අද “දූරදර්ශී ප්‍රතිසංස්කරණය” විම
දෛවයේ සරදමකි

එක්සත් රාජධානියේ දිගු කලක් තිස්සේ මෙසේ බෙදූ විදුලි බල පද්ධතියක් සාර්ථකව ක්‍රියාත්මකවේ

ලංකාව වරක් හෙළා දුටු එම ආකෘතියට අද එක්වී ඇත

එදා බාධා කර දේ

අද රිබන් කපා කරගෙන යන්නේ – ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේදී
භූමිතෙල් ලාම්පු වලට වඩා
කුහකකම දීප්තිමත් ලෙස දැල්වු බව සනාත කරමිනි

මේ ගීතයේ මුල් තනුව සොයාගෙන එකට ගයන්න.

CEB Parody Version

විදුලියසේ බෙදුවාදෝ ආදරේ
කඩා දැමුනේ ඇයි සංසාරයේ
මතු හැමදාම එක් වෙන්න මේ ආදරෙන්
මේ අද වාගේ වෙන්වීලා නොයන්

කව්දෝ බෙදුවේ — අපටත් හොරා,
අපේ ආදරේ අමතකදෝ මෙදා

පැලවත්තේ හැඬුවා හඬා
ජීවිතය පුදා එරෙහී වුනා
බලයෙ නාමයෙන් බෙදුවා ඔයා
මගේ පපුවත් හතරට පැලිලා ගියා

රන් ආලෝකයෝ බෙදීලා ගියා,
මාලිමා පොරොන්දු වතුරේ ගියා.
අපේ ආදරේ නාමයෙන් විදුලිය මරා,
ජනයාට දුක් හැමදා ගෙනා.

විදුලිය දෝ අපේ ආදරේ
වෙන්වෙන්න නෑමයි මුලු සංසාරයේ
කියලා කෑ ගැසුවේ බොරුවට එදා
ලංවීම වෙන්වීම හතරට මෙදා

පෞද්ගලික විනෝදය දැන් නීතිමය වශයෙන් අර්ථ දක්වා ඇත!Daily Bite — 2025 සැප්තැම්බර් 2

සිලී ලම්කාවේ ජනප්‍රියම පුවත:

පෞද්ගලික විනෝදය දැන් නීතිමය වශයෙන් අර්ථ දක්වා ඇත!

ලෝක ප්‍රථම වතාවට, සිලී ලම්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තම නායකයින්ගේ නිල රාජකාරි සහ පෞද්ගලික විනෝදාංශ නිල වශයෙන් වෙන් කරමින් අසාමාන්‍ය ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

“විනිවිදභාවය සහ වගවීම පිළිබඳ පනත, 2025” (සිලී ලංකා සංස්කරණය)

නිර්භීතව ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවට සහභාගී වීම, රජයන් හමුවීම, හෝ ප්‍රතිපත්ති සම්පාදනයේ නියැලීම සැබවින්ම නිල කටයුතු බවයි.

නමුත් එය මෙසේද නීතිගත කරයි:

පක්ෂ රැළි,

අවමංගල්‍ය සහ විවාහ මංගල්‍ය

සමාජීය විනෝදාංශ,

සාප්පු සවාරි,

කොක්ටේල් සහ ක්‍රිකට් වැනි ක්‍රීඩා තරඟ

බැක් ටු යුනි

බැක් ටු ස්කූල්

“ලිංගික ක්‍රියාකාරකම්, ස්නානය සහ නින්ද” පවා දැන් නිල වශයෙන් පූර්ණයෙන්ම පෞද්ගලික ලෙස වර්ගීකරණය කර ඇත.

සහ කරුණාකර මතක තබා ගන්න

මෙම පෞද්ගලික ක්‍රියාකාරකම් සඳහා රජයේ මුදල් රහසිගතව භාවිතා කරන ඕනෑම නායකයෙකු වියදම්වු ගණන රු. 25,000 ඉක්මවන්නේ නම්

ආපසු ගෙවන තුරු රිමාන්ඩ් කළ යුතු අතර,

“රාජ්‍ය රාජකාරි සහ පෞද්ගලික විනෝදය අතර ව්‍යාකූලතාවයේ”

ලේබලය නමට ලබා දිය යුතුය.

පළමු වතාවට, වගකීම හාස්‍යජනක නිරවද්‍යතාවයකින් අර්ථ දක්වා ඇත.

ඉදිරියේදී සිලී ලම්කාවේ අසල්වැසි රටවල් මෙම ආදර්ශය අනුගමනය කිරීමට එඩිතර වේදැයි දැකගැනීමට හැකිවනු ඇත.

Daily Bite සිලී ලම්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අසාමාන්‍ය – 2025 සැප්තැම්බර් 1
ජනාධිපතිතුමාගේ අණ පරිදි

“රාජ්‍ය හා පුද්ගලික රාජකාරි (විනිවිදභාවය සහ වගකීම) පනත, 2025 අංක 160

සිලී ලම්කාවේ පුරවැසියන් දීර්ඝකාලයක් තිස්සේ දේශපාලකයන්ගේ වියදම් ඉල්ලීම්වල වින්දිතයන්වී ඇති නිසාත්;

ජනාධිපතිවරුන්, ඇමතිවරුන්, පාර්ලිමේන්තු සාමාජිකයින් සහ විවිධ රජයේ නිලධාරීන් පුද්ගලික වින්දනය සමග රාජ්‍ය වගකීම් පටලවාගනිමින් සිටින නිසාත්;

එබැවින්, ජනාධිපති ධුරයට පවරා ඇති බලතල (සහ විකට අංගයක්) මගින්, පහත සඳහන් මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කරනු ලබයි:

1 ඡේදය – රාජ්‍ය රාජකාරි

පහත සඳහන් කරුණු රාජ්‍ය කටයුතු ලෙස සලකනු ලැබේ:

  1. පාර්ලිමේන්තුවට පැමිණීම සහ සැබවින්ම කටයුතු කිරීම.
    2.
    නිසි ලෙස ගැසට් පත්‍රගත කළ ජාතික උත්සවයන්.
  2. රාජ්‍ය ආයතන හෝ විදේශ රජයන් සමග රැස්වීම්.

4.
ජාත්‍යන්තර සභා, සමුළු සහ සාකච්ඡා.

5.
ප්‍රතිපත්ති සම්පාදනය සහ පරිපාලන පාලනය.

II ඡේදය – පුද්ගලික රාජකාරි

“රාජ්‍ය” යනුවෙන් කෙතරම් හයියෙන් කෑගැසුවද, පහත සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම පුද්ගලික ලෙස සලකනු ලැබේ:

  1. පක්ෂ රැස්වීම්, රැලි හෝ එක්රැස්වීම් (රාජ්‍ය මන්දිරවල පැවැත්වුවද).
  2. අවමංගල්‍ය, මංගල්‍ය, දානය සහ උපන්දින සාදවලට සහභාගිවීම.
  3. පුද්ගලික මට්ටමින් කරන ආගමික වන්දනා.

4.
සියලුම සමාජ සංචාර: සාප්පු සවාරි, සිනමා, කොක්ටේල්, ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩා තරග.

5.
පුද්ගලික විනෝදාස්වාදය: පිහිනීම,
ස්පා ප්‍රතිකාර, නින්ද
(පාර්ලිමෙන්තුවේ නිදා ගැනීම ඇතුලු)

6.
උපාධිය ප්‍රධාන උත්සවවලට සහභාගීවීම

7.
අතිශය පුද්ගලික ක්‍රියාකාරකම්:

ලිංගික සබඳතා පැවත්වීම
හෝ ඒවා නැරඹීම

ස්නානය ( ජලය ,කිරි,මඩ අසුචී දේශපාලන )

ව්‍යායාම කිරීම
යන මේ දැඩි ලෙස රාජකාරි කටයුතු නොවේ.

III ඡේදය- රාජ්‍ය අරමුදල් භාවිතය

පුද්ගලික රාජකාරි අතරතුර
රජයේ අරමුදල්,
දේපළ,
වාහන,
ගුවන් යානා හෝ ආරක්ෂාව භාවිතා කළහොත්:

  • එවැනි භාවිතය රාජ්‍ය ගිණුම්වල ප්‍රකාශ කළ යුතුය.
  • එසේ ප්‍රකාශකල වියදම රුපියල් 25,000 ඉක්මවන විට, එම නිලධාරියා:
  • වහාම අත්අඩංගුවට ගනු ලැබේ,
  • සම්පූර්ණ ආපසු ගෙවීම සිදුවන තුරු දින දාහතරකට හෝ එසේ නොවන විට නඩුව අවසන්වන තුරු
    රිමාන්ඩ් කරනු ලැබේ,

ඔහු හෝ ඇය

“රාජ්‍ය රාජකාරිය හා පුද්ගලික විනෝදය අතර ව්‍යාකූලතාවයට පත්වූ පුද්ගලයා”

ලෙස ප්‍රසිද්ධියේ නම් කරනු ලැබේ.

IV – ඡේදය

විනිවිදභාවය යුතුකම

  1. සෑම දේශීය හා විදේශීය සංචාරයකින් පසුව,
    ජනාධිපතිවරයා සහ සියලුම නිලධාරීන් පහත සඳහන් කරුණු ප්‍රකාශ කරමින් පසු සංචාර දිනපොතක් සමාජ ජාලවල ප්‍රකාශයට පත් කළ යුතුය: • රාජ්‍ය කාර්යභාරය,
    • පක්ෂ කාර්යයන් (ඔවුන්ගේම රැලි ඇතුළුව), • පුද්ගලික කරුණු.
  2. සම්පූර්ණ වියදම සහ වියදම දැරූ පාර්ශ්වය
    භාණ්ඩාගාරය, පක්ෂය හෝ පුද්ගලික ද යන බව
    ප්‍රකාශ කළයුතුය.
  3. රාජ්‍ය අරමුදල්වලින් කළ පුද්ගලික වියදම් කවදා සහ කෙසේ ආපසු ගෙවනු ලැබේද යන්න පැහැදිලිව ප්‍රකාශ කළයුතුය.

V – ඡේදය

ක්‍රියාත්මකවීම

මෙම පනත සිලී ලම්කාවේ වර්තමාන ජනාධිපති ධුරයේ පළමු සංවත්සරයදා සිට ක්‍රියාත්මක වේ.

බැරෑරුම්කමෙන් අත්සන් කරන ලදී,
විකට ජනාධිපතිතුමාගේ අණ පරිදි

(මේ විකට ගැසට් පත්‍රය – නිල භාවිතය සඳහා නොව, නමුත් සමස්තයක් ලෙස ප්‍රසිද්ධ දැනගැනීම සඳහා.)

Daily Bite – 2025 අගෝස්තු 31 – කැලණිය සංස්කරණය

නිල, දේශපාලන හෝ පුද්ගලික?
සීමා රේඛාව අඳින්නේ කොහේද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ නැවතුම් සහ විදේශගත ‘අමතර සංචාර’ මහජන මතකයේ තවමත් නැවුම්ව පවතී — පුද්ගලික විනෝද චාරිකා රාජ්‍ය යුතුකම් ලෙස වෙස්වලාගත් අපකීර්තිමත් සිදුවීම්. එම අපැහැදිලි සීමා රේඛා අදගේ දේශපාලන වේදිකාවටද හොල්මන් කරයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැලණිය විශ්වවිද්‍යාල ආදි ශිෂ්‍ය සම්මේලනයට ආඩම්බරයෙන් සහභාගි විය.
සිනහව, අත්වැල් බැඳීම් සහ කථා කිරීම් පසෙකලා, ප්‍රශ්නය තවමත් පවතී:

මෙය සැබවින්ම නිල යුතුකමක්ද?

නැත්නම් දේශපාලන සන්නාමයෙන් සරසන ලද පුද්ගලික නැවත හමුවීමක් පමණද?

අද අනුර කැළණි ගියේ තම පුද්ගලික වියදමෙන්ද?
ආරක්ෂක රථ හා නිලධාරීනට ගෙවන වියදම
දෙන්නේ කව්ද?

විදේශ චාරිකා හෝ දේශීය සාද මෙන්, කුමන
වියදම් නිල,
දේශපාලන හෝ පුද්ගලිකද
යන්න සම්බන්ධව පුරවැසියන් අනුමාන කිරීමට සිදුවන නිසා පැහැදිලි කිරීම වැදගත්ය.

එනිසා කුමන අයෙකු වියදම් දැරුවේද යන්න සමඟ — නිල, පක්ෂ සහ පුද්ගලික — සංචාරවල පැහැදිලි විස්තරයක් ප්‍රකාශයට පත් කිරීම
වැදගත්ය.

මූලධර්මය නම් ජනාධිපති, අමාත්‍ය සහ නිලධාරී ගමන් සම්බන්ධයෙන් සමානව විනිවිදභාවය තිබීමයි

විනිවිදභාවය පවත්වන්න. රාජ්‍ය යුතුකම් පක්ෂ විනෝදාස්වාදය හෝ පුද්ගලික විවේකය සමඟ ව්‍යාකූල නොකරන්න.