තවත් සුදු කුමන්ත්‍රණයක්……. ලෝකයේ ආශ්චර්යය………?

 

රාත්‍රී දහය වනතුරු චන්දය දැමීමට ඉඩදී තිබියදීත් චන්දයදීමේ වාසනාව නොලැබීම හැරෙන්නට වෙනත් චෝදනා නොමැතිව මහා බ්‍රිතානයයේ මැතිවරණය පසුගියදා නිමාවිය.

එහෙත් අදටත් අගමැති පරණ බ්‍රවුන්මය.

කේවළ මැතිවරණ ක්‍රමය යටතේ ප්‍රබල පක්ෂ තුනක් තරග වැදුනහොත් කිසිවකුටත් බහුතර බලය ලබාගත නොහැකිය යන සිද්ධාන්තය ,බ්‍රිතානයය  පුරවැසියන් අද අත්විඳිමින් සිටී.

මෙහිදී වැඩිම ආසන ලබාගත් කොන්සර්වර්ටිව් පක්ෂයට චන්දායයකයන් තුනෙන් දෙකක් එරෙහිය.

ඔවුන් තව ආසන 20ක් ලබා බලයගත්තද මේ චිත්‍රය නොවෙනස්ය.

මෙහිදි වඩාත්ම අසාධාරණයට ලක්වන්නේ ලිබරල් ඩිමොක්‍රට්ස් පක්ෂයයි

ඔවුනට වඩා සියයට 50 ක් චන්ද ලබාගන්නාවු කොන්සර්වර්ටිව් පක්ෂය, ඔවුන් මෙන් පස්ගුණයක ආසනහිමිකරගනී.

ඔවුන්ට වඩා සියයට විසිපහක් ලබාගන්නා ලේබර් පක්ෂය ඔවුන්මෙන් සිව් ගුණයක ආසන හිමි කරගනී.

මෙය පූර්ණ සමානුපාත ක්‍රමයකදී  නම්  ඔවුන්ගේ ආසන ගණන 150 ක්වන බැවින් සියළු වාද අත්හැර 50 ට 50 අනුපාතයට ක්‍රමවේදයන් දෙකම යොදා ගැනීම වෙනුවෙන් ඔවුන් කේවල් කරමින් සිටි.

ලේබර් පක්ෂය ඉන් ඔබ්බට යමින් විකල්ප චන්ද ක්‍රමයක් යෝජනා කරයි.

මෙහිදි කේවල ආසන  ක්‍රියාත්මක උවද එක් චන්දදායකයකුට මනාප දෙකක් හෝ තුනක් හිමිවන අතර  ආසනයකින් තේරීපත්වීමට සම්පූර්ණ චන්ද ගණනින්  සියයට 50 ලබා යුතුය.

ආසනයකින් තේරීපත්වීමට සම්පූර්ණ චන්ද ගණනින්  සියයට 50 ලබා ගන්නාතුරු පළමු මනාපයට දෙවනි හා තෙවැනි මනාප එකතුකළයුතුය.

ඒ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් ලැබෙන ක්‍රමවේදයකි.

නමුත් අප අපගේ අපේක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නොහික්මුණ කම් හා නොහැකියාවන් මනාප ක්‍රමය මත පටවා  පැරණි කේවල ක්‍රමයට ඉදිරි පලාත් පාලන මැතිවරණය පවත්වමු.

පවත්නා මනාප ක්‍රමය නිසා අමනාපවිම වළක්වමින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් ලබාගතයුතුනම් පහත ක්‍රමවේදය සුදුසුයැයි සිතමි.

1.

පාර්ලිමෙන්තුව ආසන 225කින් සමන්විත අතර ඒ සඳහා නියෝජිතයන් 150ක් ‍තෝරා ගැනෙන්නේ දිවයින පුරා විසිරුණු ආසන 150කින් වන අතර

ඉතිරි 75 ‍තෝරා ගැනෙන්නේ එක් එක් පක්ෂ ලබාගන්නා චන්ද ප්‍රමාණය ජාතික මට්ටමින් ගණනය කොට ජාතික ලයිස්තුව ක්‍රමයටය.

2.

දැනට පවත්නා අවිධිමත් ආසන බෙදීම වෙනුවට ආසන්න වශයෙන් එක් ආසනයකට චන්දදායකයන් ලක්ෂයක් පමණ වන  පරිදි අළුතින්ම ආසන නිර්ණය කිරීම.

 (ගණනය කිරීම සමස්ත චන්දදායකයන්ගේ ගණන 150 න් බෙදුවිට ලැබෙන අගයට ආසන්න අගය.)

3.පක්ෂයට චන්දයකුත් ,පක්ෂභේදයකින් තොරව ඕනෑම අපේක්ෂකයන් තිදෙනකුට මනාප ලබාදීමට ඉඩකඩ සළසාදීම.

A).ආසනය හිමිවන අපේක්ෂකයකයා ප්‍රකාශිත චන්දවලින් සියයට 51 ක් පළමු මනාපයෙන් හෝ දෙවැනි තෙවැනි මනාපයන්හි එකතුවෙන් ලබා ගතයුතුය.

B).මෙහිදි එක් චන්දදායකුට පක්ෂ තුනකින් අපේක්ෂකයන් තුන්දෙනකුට මනාප ලබාදිය හැකිවේ

C).එම නිසා කිසිම චන්දදායකයකු අමනාප කරගත නොහැකි නිසා විනීතව හැසිරීම ඉබේම සිදුවේ.

D).එසේම එකම පක්ෂයේ අය අතර ගැටීම කොහෙත්ම සිදුනොවන අතර විවිධ පක්ෂවල අයට එකට සිට මනාප ඉල්ලිය හැකිවේ.

E).ආසනයේ ප්‍රමාණය කුඩාවීම නිසා පෝස්ටර කටවුට්වලට යන වියදම අඩුවීම හෝ ගෙයින් ගෙට යාම,

කුඩා ‍රැස්වීම් සහ අත්පත්‍රිකා බෙදීමට පමණක් ඉඩදීමෙන් නොයෙකුත් පූර්ව මැතිවරණ දූෂණ හා වැරදි අවම කරගත හැකිවේ.

F).තමන්ගේ චන්දය ලබාගත් කවරකු හෝ කෙළින්ම ආසනයට වගකියන බැවින් චන්දදායකයන් ද තෘප්තිමත්ය.

G).තේරිපත්වූ නියෝජිතයාට අන් පක්ෂවල චන්දදායකයන්ටද සැළකීමට සිදුවේ.

3).

A).එක් එක් පක්ෂ ලබාගන්නා චන්ද ප්‍රමාණය ජාතික මට්ටමින් ගණනය කොට ජාතික ලයිස්තුව සකසනු ලැබේ.

B).මෙහිදී මැතිවරණයට පෙර ලබාදෙන නම් පසුව වෙනස් කර චන්දදායකයන් ට හොරෙන් මන්ත්‍රීවරු යැවීමේ ක්‍රමය නතරකළයුතුවන්නේය.

C). ඒ චන්දදායකයන් චන්දය ලබාදෙන්නේ එම අනුපිළිවෙළ අනුමත කරමින් බැවින් එය වෙනස් කිරීමට කිසිව්කුට ඉඩනොතිබියයුතු නිසාවෙනි.

D).මෙම ක්‍රමයම පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් ‍තෝරා ගැනීමටද එලෙසින්ම උපයෝගී කරගත හැකි අතර

ඒ සඳහා පිළිවෙලින් පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා ආසන අළුතින් නිර්ණයකළයුතුවේ.

4.

එසේම ජනාධිපතිවරයා දිවයිනේම චන්ද වලින් ‍තෝරා ගන්නා අයුරින්

පලාත් ආණ්ඩුකාරවරයා පලාතේම චන්දවලිනුත්

නගරාධිපති හෝ ප්‍රාදේශීය සභාවේ සභාපති එම පලත්පාලන ආයතන බලප්‍රදේශයේම චන්ද වලින් ‍

තෝරා ගැනීමෙන් මෙම ක්‍රමය වඩාත් අර්ථවත්වන අතර

පක්ෂනායකයනට අවැසි අය නොව සුදුස්සන් පත් කරගැනීමට ඇති චන්දදායකයන් ගේ අයිතිය උපරිමයෙන් ආරක්ෂාවීමද සිදුවේ.

5.

මෙය තවදුරටත් පුළුල් කරමින් සිව්වසරකට වරක් සියළුම මැතිවරණ එකවර පැවත්වීමටද යොදා ගත හැකිය.

එහිදී පක්ෂය වෙනුවෙන් එක් චන්දයක් දිය හැකි අතර,

ජනාධිපති,

පලාත් ආණ්ඩුකාර ,

පලාත් සභා මන්ත්‍රී,

නගරාධිපති(ප්‍රාදේශීය සභාවේ සභාපති )

සහ නගරසභා (ප්‍රාදේශීය සභාවේ )මන්ත්‍රී වෙනුවෙන් මනාප තුන බැගින් සළකුණු කළහැකිවේ.

6.

මෙහිදී ඉහළ තනතුරේ අපෙක්ෂකයාගේ නියොජිතයා ලෙස ඊට පහල නියෝජිතයා යොදාගැනීමෙන් මුළු මහත් දෙශපාලන යන්ත්‍රයම සක්‍රියව මැතිවරණයට ඉබේම දායකවේ.

7.

එසේම තම පලාත්පාලන ආයතන නියෝජිතයාම ගමේ චන්දපොළ නියොජිතයා වන බැවින් එහිදීම ගණනය කිරීම දුෂණයකින් තොරව සිදුකළ හැක.

8.

පවත්නා ක්‍රමය මත මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් විශාල ප්‍රමාණයක්වන ඉදිරිපත්වීමයි.

බොහෝ විට ස්වාධීන කණ්ඩයමක් ඉදිරිපත් කරන්නේ චන්දපොළ නියොජිතයා / චන්ද ගණන් කිරීමේ නියෝජිතයන් වැඩිකරගැනීමට නිසා සියළුම මැතිවරණ එකවර පැවැත්වීමේදී මෙය මගහැරී යනු ඇත.

එසේ නොමැතිනම්

a).දේශපාලන පක්ෂ නැවත ලියාපදින්චි කරනා විට සාධාරණවූ අවම සුදුසුකම් නිර්ණය කිරීම ,

b).ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත්වීමේදී යම් අවම අත්සන් ප්‍රමාණයක් නිර්ණය කිරීම

c).ඇපමුදල් තැන්පතුව වැඩි කිරීම මගින් විසඳා ගත හැකිය.

වඩාත්ම වැදගත් වන්නේ තුනෙන් දෙක හැමදාම තබාගත හැකිවීමයි………!

පලාත්පාලන ආයතන චන්දය පැවත්වීමට කිසිදු හදිසියක් නොමැති මේ අවස්තාවේ මේ ක්‍රමය අත් හදා බැලීමක් ලෙස ක්‍රියත්මක කර උපරිම ප්‍රජතන්ත්‍රවාදී නියෝජණයක් තුලින් ලොවටම ආශ්චර්යයක් විය හැකිවනු නො අනුමානය.

සන්වාදයට විවෘත අතර හිමිකම් නො ඇවිරිණ.

ඇමතිතුමා ඉතා දුෂ්කර දිගු ගමනක් දුම්රියෙන් යයි…..!

පොල්ලෙ එල්ලී නැළවි නැළවි
කුමාරිගේ ජීවන සුවඳටම මුසුව එන
කරුවගේ  ගල් අරක්කු සුවඳ නොමදව විඳිමින්
කොළඹ්බ සිට මරදාන තෙක්
මිටර දෙදහසක අති දුෂ්කර ගමනක්
විඩාබර මගේ නෙතු විවර වූයේ
ඔබ නිසයි උතුමාණනි.

 ඔබදු‍ටු සැණින් මා ගත විඩාව
පැන ගියේ මටද නොදන්වමිනි.
අහෝ උණු වන සිතක් ඇති ඔබතුමා
ඇයි අපේ දුක වෙනුවෙන්
මේ තරම් දුක් විඳ මේ දුර ගෙවන්නේ.
මගේ මොබයිලයට කොටම කොට පණිවුඩයක්
එහෙත් නැතිනම් රින්ග් කට් එකක්
දුන්නා නම් ඉවර නොව
අපෙ දුක මාගලක ලියාගෙන
දෙදහක් අත්සන් ද සමග
ටෙක්නිකල් හන්දියේ කන්‍තෝරුවටම
අරගෙන එනවා නොවැ.

දැන් ඉතින් මක් කොරන්නද
මෙන්න මේ

ඩීසල් සුවඳැති කළුම කළු පුයර ටිකක් උලාගන්න හැමතැන

ප්‍රසන්න   දුම් පූජාව විඳිමින්

ඊ ලඟ නැවතුමෙන් බැසගන්න.
තනියම පාරට යන්න දන්නවා නේ.
සැකයක් හිතන්න එපා
ඔබතුමා විඳි දුක
හැමදාම හැමෝටම
හැමවිටදි  හැමතැනදි
කියන්නෙමි නොවළහා..
අහෝ මෙහෙව් ගුණ කඳක්..

මා මරදානෙන් බැස ගමි
අද වැඩ නොකළත්
සිත පිරී ඇත
තන් ‍තෝසෙට…….!

 පින්තූරය ඉස්සුවේ 2010 මැයි 7 දින ලන්කාදීප අන්තර්ජාල සන්ස්කරණයෙන්.එහි අයිතිය ඔවුන් සතුය.

සජිත්…………රනිල්ටද,,,,,,,,,,,,,මහින්දටද…………?

පසුගිය මැතිවරණයත් සමගම එක්සත් ජාතික පක්ෂය නිරතුරුව සාකච්චාවට බඳුන්වෙමින් පවතිනු දැකිය හැකිය.මෙහි සමහරෙක් රනිල් වික්‍රමසිංහ  එළවා දැමීමටත්,තව සමහරෙක් සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබාදීමටත් කැසකවන අතර දෙපැත්තටම  අයත් නැතිබව පෙන්නමින් පූර්ණ ප්‍රතිසන්විධානයක් ඉල්ලමින් හැන්ගිමුත්තන් කෙළින පිරිසක්ද වේ. එක්සත් ජාතික පාක්ශිකයකු නොවන මා හට ඔවුන්ගේ ප්‍රශ්ණයට අතදැම්මිමට ඇති ඇම්ම නම් අප රටේ පැරණිම සහ විශාලතම වන එය කාගෙවත් බූදලයක් නොව මේ රටේම තවත් කොටසකි.මේ රටේ ජනයාගේ සම්පතකි.1948 සිට අද තෙක්ම මේ රටේ සන්වර්ධනයේ වැඩිම බර ඇද ඇත්තේ ඔවුන්ය.1977  ජේ.ආර්.ගේ ව්්‍යවස්තාවේ ආනුභාවය නිසාවෙන් වසර හයකට වරක් මාරු කරන ලද තැටිය දැන්  වසර 15-20 තෙක්  එකදිගට වාදනයවේ. නැවත තැටිය වැයීමට උපරිම විභවය ඇත්තන් ගැන කතාකිරිමට හැමටම අයිතියක් ඇත.ඒ නිසා දැන් කාරනාවට බහිමු.

යු.එන්.පී,ය පැරදුනේ රනිල් නිසාද?

 ඔව්.පැරදුන මැතිවරණයන් මෙහෙයවුයේ රනිල් නිසා ඔහු වගකිවයුතුයි.

නමුත් ඔහු  මැතිවරණයන්  18 ක් එකදිගට පැරදුනාද ?

නැත ඔහුගේ  2001 ජයග්‍රහණය 2004 දී උදුරාගත් තැන් සිට වසර හයකදී මහමැතිවරණ දෙකක් ,ජනාධිපතිවරණ දෙකක් ,පලාත් සභා සහ  පලාත් පාලන මැතිවරණයක් පැරදී ඇත.පසුව සඳහන් එතරම් නොවටින දෙක අත්හැර දැමුවිට ඔහු එදා චන්ද්‍රිකාට හෝ සිරිමවෝටද වඩා බලගතු බව පැහැදිලිවම පෙනේ. සිරිමාවෝ හෝ චන්ද්‍රිකා යු.එන්.පි ජනාධිපතිවරයකුගේ රජයක් පෙරළා දමා එම ජනාධිපති යටතේම රජයක් පිහි‍ටුවීමට අපොහසත්වුවද,රනිල් එම අභියෝගය ජයගත්තෙකි.දැන් රනිල්ගේ බැරිකම් දකින මහත්වරුණි ආපස්සට හැරී බලන්න.2005 දී රනිල් පැරද්දුවේ අලි කොටි ගිවිසුමක් ගැන කියමින් කොටි සමග ගිවිසුමක් ගසා බව එදා එසේ ජනතාව මුලාකළවුන්ගේ කටින්ම මේ වනවිට හෙළිවී හමාරය. යුද්ධයේ ජයග්‍රහණයට අයිතිකරුවන් බොහෝ සිටියද,රාජපක්ෂ රජය කොතරම් වැරදිකළද ඒ සියලුපව් 30 වසරකයුද්ධය අවසන් කළ නිසා ගෙවී ගියේය.කවුරුන් පිළිගත්තත් නොපිළිගත්තත් යුද්ධය අවසන් කිරීමට සමත්වු රාජ්්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බව ඉතිහාසගතව අවසන්ය.මේ රටේ ජනයා පිළිගෙන අවසන්ය.යමෙක් එය එසේ නොවේයැයි සිතන්නේ නම එය කුහකකම හෝ මෝඩකම නිසාමවියයුතුය.එවන් සන්දර්භයක් තුළ ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ සමග ඔට්‍ටුවීමට සිතීම මෝඩකමකි.2010 දී මහින්ද රාජපක්ෂට තරගයක් දෙන්න ගොස් පස්ස බිම ඇණගන්නේ නැතිව ඉන්නේ කෙසේදැයි තැවෙමින් සිට රනිල්ව බේරගන්නට ජ.වි.පෙ ඇත්තන් දුන් අන් තට්‍ටුව පැළඳ ගත් සරත් ෆොන්සේකා ඉදිරිපත්වීම රනිල්ට දෙය්යො දුන්නාක්මෙන්විය.රනිල් නැතිව ඉදිරියට දැමූ සරත් නම් අශ්වයා දිවූ දුර අපි දු‍ටුවෙමු.අනිත් වල් අශ්වයකුවූ ස(S)වුත්තු බ(B)න්ඩා දැම්මනම් යූ.එන්.පිය.බිමය. සජිත් ගැන පසුව කියමි.2005 දී ඇන්ටන් බාලසින්හම් කීවාක්සේම රනිල් යනු කපටි නරියෙකි.2010 ජනවාරි 26 දා මේ නරියා ඉතාමත්ම දක්ෂ ලෙසින් තමන්ගේ ඇඟ බේරාගත් අතර තමන්ගේ තරම නොදත් මෝඩයා සිරගතවිය.එවන් හරකුනට නොතෙරුනද දාම යන හැටි ගේම පටන්ගන්නකොට දකින පියාගේ වෘෂණ කෝශයේ ශුක්‍රාණුවක්ව සිටි අවදියේ සිටම දේශපාලනය ඇඟේ දුවන මේ දෙන්නාම දිනුවේය. යුද්ධයේ ජය 2012 විකුණන්න බැරිනිසා පදවිකාලයේ අවුරුදු දෙකක් ඔට්‍ටු තැබූ මහින්ද රාජපක්ෂත් ගොඩ.2012 දී ගොඩ යන්න තිබුනත් 2010දි පක්ෂනායක කමත් නැතිව ගෙදරයන්න සිද්දවෙන මරාලයෙන් රනිල් වික්‍රමසිංහත්ගොඩය.S.B , ජොනී හැදුවෙ පක්ෂයට ඇති ආදරය පෙන්නමින් රනිල් වික්‍රමසිංහට ගේම දෙන්නවුවත් මේ නරියා ඒවට අහුවුනේ නැත..

මේවෙලේ ගේමක් දෙන්න බැරි බව උපකල්පනය කළ යූ.එන්.පි ලක්ෂ 15 ක් මහ මැතිවරණයේදී නැගිට්ටේ නැත.

රනිල් අදක්ෂද..?

රනිල් අදක්ෂ නම් 2001 දි චන්ද්‍රිකාගේ රජය පෙරළා දමා රජයක් පිහි‍ටුවන්නෙත් ,2005 දි සියලු අවාසිසහගත තත්වයන් යටතේ මහින්දට කරට කර තරගයක් දෙන්නෙත් සහ 2010 සරත් ෆොන්සේකා ඉදිරියට දමා ජාම බේරාගන්නේ කොහොමද?.

රනිල්ට බයද?

එසේනම් විශ්‍රාම වැ‍ටුප හා රජයේ සේවයට පත්වීම් ලබානොදීම ,කොටි දෙකඩ වෙන්කිරීමට සමත්වූ ගිවිසුම ගැසුවේ කෙසේද?

රනිල් ජනප්‍රිය නැද්ද?

රජයට විරුද්ධව පාර්ලිමෙන්තුවේදිවත්,ජාතික තලයේ දේශපාලනයේදීවත්, රවී හෝ දයාසිරි තරම් වත් හඬක් නොනැගුවත් පියාගේ උරුමය හා සද්භාවයෙන්ම දිළිදුම දිස්ත්‍රික්කයේ ජීවත්වෙමින් ඔවුන්ට කරන ලද් සේවය නිසා ජනප්‍රියම යූ.එන්.පි  මන්ත්‍රීවරයාවීම නායක්ත්වයට එකම සුදුසුකම යයි සිතන සජිත් ප්‍රේමදාස සහ රනිල්ගේ ජනප්‍රියතාව වෙනස්වීම පහත වගුවෙන් පැහැදිළිය.

නම   ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
 රනිල් වික්‍රමසිංහ 1977 22045   22045   100   38336   57.51   44326   49.73
 රනිල් වික්‍රමසිංහ 1989 86477   385733   22.42   712437   12.14   969658   8.92
 රනිල් වික්‍රමසිංහ 1994 291194   385100   75.62   921933   31.59   1235959   23.56
 රනිල් වික්‍රමසිංහ 2000 363668   440684   82.52   1014220   35.86   1385547   26.25
 සජිත් ප්‍රේමදාස 2000 98968   119074   83.12   276127   35.84   360026   27.49
 රනිල් වික්‍රමසිංහ 2001 415696   546417   76.08   1058481   39.27   1440682   28.85
 සජිත් ප්‍රේමදාස 2001 92536   112520   82.24   281162   32.92   369073   25.07
 රනිල් වික්‍රමසිංහ 2004 329524   441841   74.58   1057966   31.15   1467751   22.45
 සජිත් ප්‍රේමදාස 2004 82968   98877   83.91   279310   29.71   384361   21.59
 රනිල් වික්‍රමසිංහ 2005 569627   569627   100   1114250   51.12   1468537   38.79
 රනිල් වික්‍රමසිංහ 2010 232957   339750   68.57   939375   24.8   1521854   15.31
 සජිත් ප්‍රේමදාස 2010 74467   83027   89.69   278054   26.78   421186   17.68

 

කිසිදු මඩක් නොමැතිව ඔ‍ටුන්න හිමි කුමරකුසේ ජනප්‍රිය සජිත් ප්‍රේමදාසගේ සහ රටේම තිබෙන්නාවූ  සියළුම දහජරාවෙන් නාවනු ලැබුවාවූ රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියතාවයේ  වෙනස පෙනේද?

 එතකොට රනිල් එලවන්න හදන්නේ ඇයි?

කුමන හෝ ක්‍රමයකින් බලය ලබාගෙන වැජබීමට උත්සාහ කරන ඕනැම එකෙකුට රනිල් අරහන්ය.කෙටි ක්‍රමයෙන් බලයට එන්න උත්සහා කරන්නෝ පළමුව රනිල් එලවන්න බලති.එසේ බැරිවූවිට රනිල්ට දෙස් දෙවොල් තියමින් යූ.එන්.පි  බේරගන්න යනවා කියමින් මහින්දගේ ඔඩොක්කුවට පනිති.දැන් ඔය ගිය මහත්වරු ඇමතිවරුවී යූ.එන්.පි  බේරනවාද?රනිල් නොහිටින්න මේවන්විට ඔවුන් යූ.එන්.පි  ය ගෙඩියපිටින්ම ගෙනිහින් මහින්දගේ පෙට්ටගම ඇතුලේ ආරක්ෂවට තබා ය.සජිත්ට සිදුවන්නේ හම්බන්තොට යූ.එන්.පි  නමින් අලුත් එකක් අටවා එහි නායකයා වන්නටය. රටේ ජනතාවට වැඩක් වෙන්නේ ප්‍රබල විපක්ෂයක් තිබුනොතිනි.නමුත් රජයක් කැමැති දුබල විපක්ෂයක් තිබුනොතිනි.එය ලෝක ස්වභාවයයි.එනිසා රනිල් එලවා විපක්ෂය දුබල කිරීම මහින්දගේ කැමැත්තයි.එතැන රනිල් සිටියද එහිවෙනසක් වෙන්නේ නැත.මහින්දගේ ඇමකැවුන් ටිකක් මහින්ද ළගවුවත් තවටිකක් මහින්දගේ උවමනාව ඉ‍ටුකරමින් පක්ෂයේ සිටී.

යු.එන්.පී. සාමාජිකයෙනි .

මහින්දගේ තුරුලට ගිය ඔබගේ කපටි ආරක්ෂකයන්ගේ ලයිස්තුව බලන්න.ඔවුන් අද කරන කියදේ බලන්න.ප්‍රේමදාස යුගයේ සිට යු.එන්.පියේ සැබැ ආරක්ෂකයාවූ රනිල් අවිශ්වාශ නොකරන්න.නවීන් කරපු දේ බලන්න.එනිසා මොහොතකට සජිත්වත් අවිශ්වාශ කරන්න.රනිල් එළවීමේ පාපයට හවුල් නොවී මින්මතු පවත්වන මැතිවරණවලට සහභාගීවී ඔබේ පක්ෂය දිනවාගන්න.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මින්පසු චන්ද පොළට යන්න.

යු.එන්.පී නායකයනි………………..!

මහින්ද බලයේ ඉන්නේ ඔහුට ජනතාව තාමත් කැමති නිසා බව තේරුම්ගන්න.ඔබට බලයේ රස විඳින්න ඕනැනම් බොරු චා‍ටු නැතිව කෙලින්ම මහින්ද ළඟට ගොස් කුමක් හෝ ඉල්ලගන්න.රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් විපක්ෂය ශක්තිමත්ව තිබෙන්න හරින්න.එසේ නොමැතිනම් සජිත් කරන්නාක් මෙන් ජනයාගේ දුක සැපේදී ඉඳිමින් ඔවුන් අතර ජනප්‍රියවෙන්න.බලය ලබා ගන්න ඔනේ නම් රවී දයාසිරි ශිරාල් වගේ වෙන්න.ආන්ඩුවේ වන්චා දූෂණ ජනතාවට හෙලිදරව්කරන්න.ඒවාට එරෙහිව හඬ නගන්න.රජයේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිවෙන්න.එවාට එරෙහිව ඔබෙ ප්‍රදේශයේ ජනයා පෙළගස්සන්න.(දැනට ඇහෙන්නෙ ඔබෙ රනිල් විරෝධය පමණි.)එවිට ජනතාව ඔබව නායකයා කිරීමටද ඉඩ ඇත.

සජිත්……..!

ඔබට නායකයාවන්න අවශ්්‍ය නම්.ඔබේ ආන්ඩු විරෝධය පාර්ලිමෙන්තුවෙත් ජාතික තලයෙත් පෙන්වන්න.රවී දයාසිරි මෙන් හඬනගන්න.රනිල් එලවීම නොව මහින්ද එලවීම ඔබගේ ඉලක්කය කරගන්න.ඔබේ පියා ජේ.ආර්.යටතේ ගියාවූ අඩි පාරේ මිස නායකත්වයට කෙටිමන් සොයා ගොස් ඔබත් පාක්ශිකයනුත් පක්ෂයත් කොටින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේ නොහෙලන්න.

ජ.වි.පෙ.

  2004 පාර්ලිමෙන්තුවේ කථානායක තේරිමේදි සිදුවු සියල්ල අනුමත කළ ඔබ , 2005 දී බොරු ගිවිසුමක් පෙන්නා ජනතාව මුළාකොට රාජ පක්ෂ සමාගම ලියාපදින්චි කළ ඔබ, 2010 කථානායක පත්කළේ යු.එන්.පී යයි කියමින් බොරුවට (ජ)නතාවට  (වි)යරුව (පෙ)න්නන්න එපා.අසරණ සරත් ෆොන්සේකා හිරේ විළන්ගුවේ වැ‍ටුනේ 2005 දී බොරු ගිවිසුමක් පෙන්නා ජනතාව මුළාකොට රාජ පක්ෂ සමාගම ලියාපදින්චිකරදීමේ ඔබගේ පව් සෝදා දීමේ  කටයුත්තට කර ගැසීම නිසාවෙනි.ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයේ ඔබේ භූමිකාව අගේ කරනමුත් ඔබගේ චතුර කම ජනතාව මුළා කරවන්නට යෙදවීම් අනුමත කළනොහැක.ඉතිහසයේ  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වැඩිම ගණනක් පත්වුන මේ පාර්ලිමෙන්තුවේ ඔවුන් ‍තෝරන කථානායකයාට එසේ සහයදීම හැර වෙන කුමක්ද කරන්නෙ.කර අම්බවන්නද? ඔබේ මෝඩ චූන් ජනතාවට දෙන්න එපා.

මහින්ද ………..! නියම ජනතාවගේ රජයක් ලෙස  මේ කාටවත් කටක් අරින්න බැරිවිදියට වැඩ කොට (මර්වින් වගේ නොවී).ලන්කාව ලෝක පුදුමය කරවන්න.

රනිල්………………!

මේ සියල්ල කීවේ ඔබට කඩේ යන්නට නොව ,රටේ ප්‍රජාතත්‍රවාදය ආරක්ශා කරගතයුතු නිසාය.මේ වෙනුවෙන් අද සිටින දක්ෂතමයා ඔබනිසාය.නමුත් ඉන්ග්‍රිසියෙන් සිතා සිංහලෙන් කථාකරන ඔබට සිංහල භාශාවේ චතුරත්වය නොමැතිබව තේරුම්ගන්න.ඔබේ වචන වාචාලවන්ශලාගේ රසමසවුළු වීම නවතන්න.කථාවට ‍රැවටෙන අපේ උන්ට කථා බැරිවුවත් වැඩ පුළුවන් බව 2013 දී පෙන්වන්න.දෙපැත්ත කන කරුවා වැනිවුන්ට රුක්මන්ට බෙදූ හැන්දෙන්මබෙදන්න.සජිත්,බුද්ධික,ගයන්ත,රවී,රෝසී,දයාසිරි ලා ඉදිරියට අරගෙන අලුත් ගමනක් යන්න නැත්නම් පව් නොදී ගෙදර යන්න.

ලලිත් ඔබ මහර්ඝ සම්පතක්විය…………!

අදමෙන් පහසුකම් නොතිබුන අවධියක එනම් මෙයට විසිවසරකට පෙර අන් අයට කෙසේ වූවත්  සරසවි සිසුවකු වූ මාහට  මහපොළ යනු මහර්ඝ සම්පතක්විය.මහපොළ ගැන සහ නිර්මාතෘ අද සිහි කිරීම යුතුකමක් වුවත් අද දිනය අමතකව සිටි මාව කෙනිත්තූ සදාහරිත ඔබට තුති.

ඔහුගේ දේශපාලනය කෙරෙහි කිසිදු පැහැදීමක් නොතිබීම හා වෙනත් හේතු මත මහපොළ ප්‍රධානෝත්ස්වයට සහභාගී නොවුන මා ඉන් වසරකට පමණ පසුව ඔහු හමුවට ගියෙමි.ඒ …….. ශිෂ්‍ය සම්මේලනය නියෝජනය කරමිනි.එහි ගිය අපගේ(…………..සහ මම.) පරමාර්ථය වූයේ මහපොළ දීමනාව රුපියල් 500 තෙක් වැඩිකරවා ගැනීමයි.එකළ සිසුන් බාගැනීමේ තරගයක්ද වූයෙන් මේ කටයුත්තේදී සිසුන්ගෙන් එක දමා ගැනීමද යටි අරමුණක්ද විය.

කෙසේ වුවද ප්‍රසිද්ධ විවාදයක් සඳහාවූ  අභියෝගයක් මග හැරිම නිසාවෙන් අපගේ දැඩි විවේචනයට ලක්ව සිටි ඔහු, මෙසේ අප හමුවීමට කැමතිවිම පිළිබඳව සැකයක්ද අපතුළ තිබින.ඒ වනවිටත් එකළවූ මහා භීෂණයේ අඳුරු සෙවනැළි සමාජයෙන් පහනොවුන බැවිනි.අපහට දැනුම්දුන් පරිදිම නියමිත  වේලාවටම ඔහුගේ කාර්යාලය තුලට කැඳවනු ලැබීමු.අප බලාපොරොත්තුවුයේ අප්‍රසන්නවූ පිළිගැනීමක් වුවත් අප විමතියට පත්කරමින් ඔහුගේ පළමු පැනයවූයේ” මල්ලිලා උදේට කාලාද ඉන්නේ” යන්නයි.ධනපති දේශපාලකයකුගේ සටකපටකම්වලට අසුනොවුන අපි අපගේ ඉල්ලිම මුලින්ම ඉදිරිපත් කළෙමු.අපව පුදුමකරවමින් අපගේ ඉල්ලීමට එකඟවූ ඔහු මහපොළ භාරකාර අරමුදලේ වැඩකටයුතු සිදුවෙන අයුරු මැණවින් පහදමින් කඩිමුඩියේ මෙය කළනොහැකිබව අපහට ඒත්තු ගැන්වුයේ ඉතාමත් කරුණාවෙනි.ඔහුගෙන් පසුව එම අරමුදල් අයුතුලෙස යොදවනු වැළක්වීමට ඔහු යොදා තිබු උපක්‍රම අපහට මැණවින් පසක්වුවද , නොරැවටෙන අපි පොරොන්දුව ලිඛිතව ලබාගත්තෙමු.ඔහු පොරොන්දුව ඉටු කළේය.

ඔහුගේ එම ගුණය , වෙඩි වැදුන ඔහුට ඉක්මන් සුවය පැතීමටත්,මියගිය ඔහු වෙනුවෙන් නිහඬව කඳුළු සැළීමටත්,ඔහුගේ මළගමට සහභාගීවීමටත්,අවමගුල් පෙරහරට එල්ලකළාවූ කඳුළු වායු සිළින්ඩර ආපසු යැවීමටත්,කාකි නිලදරුවකු අඩනිරුවතින් මාර ගසක බඩගායැවීමටත් සහ එකළ ප්‍රකට ඇල්ලේ වලව්ව ඉලව්වක් කිරිමට හවුල්වීමටත් දේශපාලනිකව ඔහුට සතුරු මාව පොළඹවීම්ට තරම් ප්‍රබලවිය.එසේ හෙයින් කවුරුන් කෙසේ මෙය දුටුවද ඔහුගේ වියෝවිමෙන් ඇතිවු හිඩැස තවත් දශක ගණනකින්ද නොපිරෙනු ඇත.

මෙතුවක් කල් ඔබවෙනුවෙන් අකුරක් නොලියා වදනක් නොපවසා හිඳීමට තරම් මා ගුණමකුවීම ගැන මට කමන්න ලලිත්…!

“මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය.
මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ”.

නාමල් සහ සජිත් රජවෙති…………!

අපේ රටේ ජනතාව ගණිතය දුර්වලයයි කවුදෝ ප්‍රසිද්ද පුද්ගලයෙක් පවසා තිබෙනු කලකට පෙර දුටිමි.

එය ඇත්තක්යැයි මට සිතුනේ පසුගිය දිනවල ප්‍රබලයන්ගේ මනාප තමතමන්ට වාසිවන අයුරින් විශ්ලේෂණය කර ඇති අයුරු දුටු විටයි.

ගණිතය පිළිබඳ විශාරදයකු නොවුනද පහත විශ්ලේෂණය සාධාරණයයි සිතමි.

නම ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
නාමල් රාජපක්ෂ 147566   174808   84.42   278054   53.07   421186   35.04
 බැසිල් රාජපක්ෂ 425861   589476   72.24   930233   45.78   1474464   28.88
 විමල් වීරවංශ 280672   480896   58.36   939375   29.88   1521854   18.44
 සජිත් ප්‍රේමදාස 74467   83027   89.69   278054   26.78   421186   17.68
 රනිල් වික්‍රමසිංහ 232957   339750   68.57   939375   24.8   1521854   15.31
 සරත් ෆොන්සේකා 98458   110683   88.95   939375   10.48   1521854   6.47

 

කොච්චර උඩපැන්නත් ජනතාව අතර තමන්ගේ තත්වය හරියටම තේරුම් ගන්න මේ විදියට උත්සාහ කරනවානම් අගෙයි.
මේ බලන්න.
චන්ද්‍රිකා කුමාරතුංග 1994 දී.

නම ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
චන්ද්‍රිකා කුමාරතුංග 464,588   509,030   92.27   896,288   51.84   1,140,808   40.73

 

එහෙම දීලත් මොකද අන්තිමට වුනේ..?

ප්‍රජාතන්ත්‍රවිරෝධී චන්දදායකයනට එරෙහිවෙමු……!

තවත් එක් මැතිවරණ යුද්ධයක් නිමාවිය.දින්නෝ ජයපැන් බොද්දී සෙස්සෝ පශ්චාත් මැතිවරණ පරීක්ෂණ පවත්වති. 

මහින්ද දින්නේ,රනිල් පැරදුනේ රනිල්ට බැරිකමට ‍යයි වාදයක්ද පටන්ගෙනය.කවුරු මොනවා කීවත් තීරකයාවුයේ චන්දදායකයායි.රටේ සමස්ථ චන්දදායකයාගේ හැසිරීම ගැන මොහොතක් ඇස් ඇර බලමුද?

මෙවර ලියාපදින්චි චන්දදායකයන් සංඛ්‍යාව 14,088,500 කි.

2004 දී එය     12,899,038 කි.2004 දී   9797680ක් දෙනා චන්දපොලට යද්දී මෙවර ගියේ  8,630,689  කි.  

එසේම එය මාස දෙකකට පෙර පැවැති ජනාධිපතිවරණයට වඩා1,864,762  කින් අඩුවෙනි. මෙය සුලුපටු ගණනක් නොවේ.ඔලු ගෙඩි ලක්ෂ දහ අටකි.

බලන්න 1999 සිට     චන්දදායකයන් හැසිරුන අයුරු.

මැතිවරණය 1999 2000 2001 2004 2005                2010                 08.04.10
ලියාපදින්චි චන්දදායකයන් සංඛ්‍යාව 11,779,200 12,071,062 12,428,762 12,899,038 13,327,160 14,088,500 14,088,500
චන්දපොලට ගිය   සංඛ්‍යාව 8,635,290 9,128,823 9,449,813 9,797,680 9,826,778 10,495,451 8,630,689
චන්දපොලට නොගිය   සංඛ්‍යාව 3,143,910 2,942,239 2,978,949 3,101,385 3,500,382 3,593,049 5,457,811

 

 

එනම් මෙවර වෙනදාට වඩා 13 % චන්දය පාවිච්චි නොකිරිම මත මෙවර පාර්ලිමෙන්තුවේ සන්යුතියෙන් රටේ ජනමතය පිළිඹිබු නොවනබව පැහැදිලිය.රටේ මෙතරම් සාමකාමී වටපිටාවක් තිබියදී චන්දදායකයාගේ මේ හැසීරිම පිළිබඳව පහසුවෙන් නොසලකා සිටියයුතුනොවේ.ඔවුන් දෙන පණිවුඩය කුමක්ද? 

නො එසේ නම් මැතිවරණයකදී චන්දයදීම අනිවාර්ය කළයුතුද?

මොවුන් විරුද්ධවුයේ ආණ්ඩුවටවේවා විපක්ෂයටවේවා,මොවුන් අනියමින් විනකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයටයි.

චන්දදායකයන්ගේ සහභාගිත්වය අවමවූ (1989දීවූවාක් මෙන්) පාර්ලිමෙන්තුවකට මගපෙන්වන මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී චන්දදායකනට එරෙහිවෙමු……!

ජනාධිපති සහ දෙමළා

කවුරුන් කළත් වැරැද්ද වැරැද්දමය.

ජාති ආගම් කුළ හෝ දේශපාලන මතය අනුව වැරැද්ද වෙනස්විදියට පෙනියයුතු නැත.

පසුගිය කාලයේ රජයේ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව කෙරුනාවූ සියලුම විවේචනයන්ට මම එකඟවූයෙමි.

ඒ පිළිබඳව මගේ පිළිකුල දැනුදු ප්‍රකාශ කරමි.

රජයේ එම වැරදි පෙන්වමින් මහජනයාහට ඇත්ත පෙන්වාදුන් මාධ්‍යයන් එම වැරැද්දම කරනුදුටු විට ඇතිවන්නේ බලවත්මවූ පිළිකුලෙකි,

ඔවුන් විසින් මෙතෙක් කළ කී දෑ වල සුජාතභාවය පිළිබඳ සැකයෙකි.

එබැවින් ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති විඩියෝව නරඹා අදහස් දැක්වූ සැමට එය නිවැරදි කරගැනුමට මෙය උදව්වේයැයි සිතමි.
හොඳින් අසන්න එතුමා කියන්නේ ”දෙමළා” නොව ”දෙමළත්” යන්නය.

මෙහි ”ත්” ඉවත්කිරිමෙන් අපව මොනතරම් දුරක් වැරදිමගෙහි යැවිනිද?

අනෙක සැබවින්ම එතුමා ” දෙමළා” යන්න භාවිතා කළේනම් එය හෙළාදැකීමටද මම පසුබට නොවෙමි.

ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති කරන ලද විඩියෝව මෙතනින් බලන්න. 

ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති විඩියෝව නරඹා දැක්වූ අදහස් මෙතනින් බලන්න.

තවත් හිට්ලර් පන්නයේ පාහරයෙක් බිහිවෙයි….

“අපි සිංහල,රටත් සිංහල,අහගෙන ඉන්නවා,දෙමළා”-මහින්ද යාපනයේදී යකා නටයි.

ජනාධිපතිගේ වව්නියා කතාව ගැන ඉන්දියාවේ අවධානය

Sri Lankans abroad ‘shocked & saddened’ by Rajapakse’s arrogant speech  

2010_04_05_004.html

2010_04_03_013.html

2010_04_02_011.html

වික්ටර් අයිවන්ට මුඛ පිළිකාවක්………….!

වික්ටර් අයිවන් යනු කළෙක මගේ ප්‍රියතම පුවත්පත් කළාවේදියාය.

මගේ ලෝකයේ වීරයෙකි.නමුත් ඔහුගේ පහත අදහස් කියවූ විගස ම’හැඟීම් පාලනය  කරගත නොහැකිවූයෙන් මෙසේ ලියමි.
මේ ලිපියේ අන්තර්ගත ජනමාධ්‍ය කරුවන් ගැනවූ කරුණු ගැන හෝ ඔවුන්ගේ විදේශගතවිම් ගැන ඔහුගේ මතය ගැන මා නොලියන්නේ එය මගේ විශය නොවනනිසාවෙනි.ඒ ගැන පිළිතුරු අදාල අය දෙනු ඇත.

නමුත් ඔහුගේ ලිපිය තුල අතිශය භයානක විෂඝෝර සර්පයකු දුටිමි.ඔහු වැනි ප්‍රබල සිවිල් පුද්ගලයකුගෙන් මෙවන් රෙකමදාරුවක් ලැබ ගැනුමට හැකිවීම ජනාධිපතිතුමාගේ වාසනාවකි.එතුමා පමණක් නොව රනිල් වික්‍රමසිංහන්ද මෙය පිළිගැනීමට දෙවරක් නොසිතනු ඇත.මන්ද යත් අඬන්න බලා සිටින්නාගේ ඇසට ඇගිල්ලෙන් ඇන්නාක් මෙන් නන් ලෙසින් පුද්ගල නිදහස සීමාකිරීමට කැසකවමින් සිටින තුන්වන ලෝකයේ තවත් එක් රටක් වන අප රට පාලකයනට ජනමාධ්‍ය කළාවේ යුගපුරුෂයකුගේ මේ ඔවදන් ඉබ්බා දියට දමද්දී ඇන්නැවේ කීවාක්මෙනි.

අහෝ අයිවනයනි..!
ජනමාධ්‍ය නමැති ලබ්බට අත තබන්නට ඔබ ලැබදුන්නාවූ මේ බලපත මාවැනිවූ බ්ලොගකරුවනගේ බ්ලොගයන් සිට විද්‍යුත් ලිපි සහ අහිංසකයන්ගේ කෙටි පණිවුඩය නමැති පුහුලට අතතබන්නට ඉඩදෙන්නක් බව ඔබට නොවැහැටුනේ අපේම අවාසනාවටද..?
නොමැතිනම් මුඛ පිළිකාවකට ගොදුරුවීමෙන් පසු ඔබ අන්විකල්පයක් නොදැක කථාකිරීම අධෝමුඛයට භාරදුන්නේද?ඔබේ ලිපියේ මුසුව ඇති මළ-අපද්‍රව්‍ය ප්‍රමාණයත්    මේ දුගන්ධයත්,මට සිහිකරනුයේ ඔබ බලවත්වූ මුඛ පිලිකා රෝගයකින් පෙලෙන බවය.
ප.ලි.
හිතේ වේදනාව නිසා මෙය ලියැවුනද මෙයදුටු වහා ලබ්බට පෙර මගේ පුහුල කැපේදෝයි සිහින් බියකිනුත් ම’සිත වෙලියයි.

මෙයත් බලාගෙනම යන්න.

කොටි සොහොන් බිම්වලට රාජ්ය ගෞරව…..!

Lanka News Web

මේ එළාර රජුගේ සොහොන පසුකරයන   

සෑම ස්ත්‍රියක්ම,පුරුෂයෙක්ම   

රියෙන් බැස හිස්වැසුම් පාවහන් ගලවා නිහඬව යායුතුයැයි   

මීට වසර දෙදහස් එකසිය හැත්තෑහතරකට පෙර අණදුන් දුටුගැමුණු මහරජතුමණි.!   

අපේ නව රජතුමා ගිය වසරේදී සකළවිධ බටහිර ජාතින්ගේ විරෝධය නොතකමින් එළාර රජුගේ සහස්‍රයේ අවතාරය නසමින්, එදා ඔබවහන්සේ කළ වික්‍රමය පුනරාවර්තනය කළසේක.  

එපමණක් නොව සතුරාගේ සොහොනට ගරුකිරීමේ ඔබේ අණ අදද පිළිපදින්නෙමු.
  

නහී වේරෙන වේරානී…………..! 

අනේ මේ මොනවද අප කරන්නේ……  

එක්සත් ශ්‍රී ලංකාවද මේ හදන්නේ….  

මෙච්චරමද ඉතුරුවෙලා තියෙන්නේ කරන්න…  

උන්ගේ සොහොන ගැන අප තීරණ ගන්නේ ඇයි…..?  

 http://www.lankanewsweb.com/Sinhala/news/2010_03_25_005.html

අලුත් පුවත්

යාපනය – ඇද වැටෙන ගොඩ නැගෙන වීර ස්මාරක

බිම හෙළිය යුතු සකල විධ සොහොන් කොත් – මැකිය යුතු සියළු යුද සලකුණු! – [කූඹියා]

Aකොන් බොදුනුවෙකි…….?

 නිරුවත් අඩනිරුවත් සහ කාමුක රංගනයන් ගැනවූ කතන්දර අපමණක් බුදුදහම,සහ සාහිත්‍යයයේ හමුවේ.ඒ සිදුහත් චරිතයේදි අප උගෙනගත් නළඟනන්ගේ විකාර සිට බුදුවීමෙන් පසු පස්වන සතියේදී (තන්හා රතී රඟා) මර දූවරු තිදෙන හරහා ත්‍රිපිටකයේ විනය පිටකයෙහි පාරාජිකා-මෙථුන පාරාජිකා ශික්ඛාපද තෙක්මය.

මේ කතන්දර ඇසෙනවිට,කියවනවිට හෝ කියනවිටදී ,අඩ නිරුවත් නිරුවත් හා  කාමුක රංගනයන්හි චිත්ත රූප ඔබට මැවී නොපෙනුනින්ම් එය අරුමයකි.දැන් එම චිත්ත රූප බිතුසිතුවමින් සහ පතපොතින් ඔබ්බට වීඩියෝ රූප රාමු ලෙසින් ඉදිරිපත්ව ඇත.

මේ කිසිවෙකින් කිසිවිටෙකත් බුදුදහමට අපහාසයක් නොවුනා සේම ඒ පිලිබඳව කිසිවකුත් අද තෙක්ම විරෝධතා දක්වා ද නොමැත.ඒ අපගේ බොදුකම බටහිර කුමන්ත්‍රණවල ප්‍රතිඵල ලෙසින් යටවී තිබුනු නිසාවෙනි.එබැවීන් නිදහසින් පසු අදවනතුරාම ධර්මචක්‍රධාරින්ගෙන් මහ සඟරුවනට පහරවදිද්දී,උන් වහන්සේලාට අභූත චෝදනා නගා සිරගත කරද්දී,මහනාහිමිවරුනට තර්ජනය කරද්දී,පන්සල් තුල බෝමැඩ ඉදිරිපිට මිනිසුන් මරා දැමෙද්දී,පන්සලට,බෝ ගසට ,බුදු පිළිමයට හා බුදු සරණයි යන වචනයට මුවාවි නන්විද අපරාධ හා සියලු පස් පව් කෙරෙද්දී අපි අඳ ගොළු බිහිරි අත්පා අහිමි කොටුන්සේ සිටියෙමු.

එසේ සිටි අප ඉදිරිපිට නළගනන්ගේ විකාර සහ මරගනන්ගේ රැගුම් බුදුන් ඉදිරිපිට පෑ අයුරු තිරශ්චිනයැයි බුදුන් අනුදැන වදාළ විද්‍යාවේ පිහිටෙන්  අපහට යළි සිහිකරදුන්නාවු මේ වීඩියෝ ගීතයට පින්සිදුවේවා.
මෙතැන් සිට අපගේ අපෙගේ බොදුකම අපට තදින්ම දැනෙන්නට පටන් ගැනුනි.මෙතැන් සිට අපි  අනෙකවිධවූ බොදු විරෝධී කටයුතු නතරකරන්නෙමු.සාහිත්‍යය හා ත්‍රිපිටකයද ඇතුලු සියළු බොදු විරෝධී මාධ්‍යය විනාශකරමු.සකළවිද බොදුවිරෝධී ව්‍යාපාර මැඩලීමට යුද්ධයක් නොමැතිව කම්මැලිවී සිටින අපේ හමුදාව යවමු.සියළු මිසදිටුවන් විනාශ කිරීමෙන් පසු සකළ ලෝකවාසී සතුනට මෙත්වඩමු.
තමන්ගේ ජීවිතය ගැනද නොසිතා මෙවන්වූ අනර්ග නිමැයුමක් කරමින් අපේ ඇස් අරවා මනස බුද්ධාලම්භන ප්‍රීතියෙන් උතුරවා යැවූ ඇකොන් ඔබ මිසදිටු වෙස්ගත් බුදුපුතෙක්මය.ඔබ විසින් මේ කරගත්තාවූ පිනම ඔබේ ආත්මය කෙළවර කරගනුමට සෑහෙනු ඇත.

 

ප.ලි.
මා මේ දිනවල සිරසට පහරදීමේ මහා පින්කමට සහභගීවීමේදී හටගත් වනයකට ප්‍රතිකාර ගන්නා බැවින් මේ සත්කාරයට සහභාගීවිය නොහැකිවුවද ඉබිෂා(IBIZA) දිවයිනට ගොස් මොවුන් තලා මරා දමා එම බුදු පිළිමයද එහි සංචාරක ව්‍යාපාරයද ගලග්‍රහණයෙන් ගෙන එන ලෙස ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි..!

මේ අයත් බලාගෙනම යන්න.