එම්බල රනා ගනු කඩුව එව සටනට නැතහොත් මෙහි නොසිට පලායව..!

 
 

ඩලස්ට අගුපිළ නමින් බියොන්ඩ් ෆ්‍රේම් ගේ ලිපියකට මා සහ මල් මාමා ලියන ලද සටහනක් නිසා රනා සටනට එළබිණ.දැන් එය ද්වන්ධ සටනක් බවට පත්වි මාසයක් තිස්සේ ඇදි යයි.අප දෙදෙනා බියොන්ඩ් ෆ්‍රේම්ගේ අවකාශය මෙසේ යොදා ගැනීම නොහොබී.එබැවින් එය මගේ අගු පිළට ගෙන ආවෙමි.බියොන්ඩ් ෆ්‍රේම් ,මල්මාමා ඇතුළු සැමට මේ සටන නැරඹිමට ඇරියුම් කරමි.

 
අපේ සන්වාදයට හවුල් වූ රනා හැර තවත් රනා කෙනෙක් සිටි.ඔහු  මේ මම ගැන නෙමෙයි…. මගින් එය පැහැදිළිකර ඇත.මා පිළිතුරු දුන්නේ වාදයට පැටලුනු රනාටය.මට හමුවු දෙවනි රනා ඔබට යම් සිත තැවුලක් විනි නම් සමාවෙන්න.මා කිසිවිටෙක ඔබව ඉලක්ක නොකෙළෙමි.
මල්මාමා
 
April 27, 2010
 

ඔව් ඔව් දැන් ගොඩක් අයට අද පේන්නේ හෙටනේ.
 

rana  April 27, 2010
 
 
 
මේ කියන ආකාරයට තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යාංශය අගු පිලකි.
දහස් ගණනක් තරුණයන් මරු පල්ලට දැක්කූ එක්සත් ජාතික පක්ෂයට
තරුණ කටයුතු අමාත්‍යාංශය අගු පිලක් සේ පෙනීම පුදුමයක්නම් නොවේ.
බ්‍රේස්ලට් එකකට හෝ කබල් වෑන් රථයකට මුලු ආත්මයම පාවා දෙන
තරුණයන් සිටි බව විස්වාස කළ පක්ෂයකින් අප වෙන බලාපොරොත්තු වන්නේ කුමක්ද?
රටේ ජීවනාලිය යයි කියන තරුණ පරපුර ගැන එ. ජා. ප. යේ මතය මෙයද?
 

  • පසුව ලියමි
    රනිල් වික්‍රමසිංහට ජේ. ආර්. ජයවර්ධන යුගයේදි ලැබුනේ අගු පිලකි.
    මන්ද යත් එතුමාට ලැබුනේ තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යාංශය බැවිනි.
     
    Reply
     
  • මල්මාමා   April 27, 2010
     
    ඒත් වැඩේ කියන්නේ ඒ කාලේ තාරුණ්‍යයට හෙටක් කියලා
     
    එකක් තියාගෙන ජේ ආර් ගේ පුතා ඔක්කොම වැඩ ටික කරපු නැති එක තමා.
     
    නැත්තන් ඉතින් ඒකත් අගු පිලක් තමා.
     
    Reply
    මල්මාමා April 27, 2010
     
    භූතානෙට යද්දී ලොක්කගේ ලොකු එකාවත් අරන් ගිහින්
     
     නියෝජ්‍ය විදේශ ඇමති ගීතාංජන නම් හිටියේ නෑ
     
    එත් ජී ඇල් එක්ක ගිහින් තිබ්බේ ලොක්කගේ ලොකු එකා. අලි ශෝක්
     
    Reply
    ranaApril  27, 2010
     
    ඇත්ත. රවී ජයවර්ධන තාරුණ්‍යට හෙටක් හැදුවේ නැහැ.
     
    ඒ වෙනුවට තාරුණ්‍යට අයිති හෙට නැති කරන්න විශේෂ කාර්ය බලකාය හැදුවා.
     
    හැබැයි විශේෂ කාර්ය බලකාය නිවැරදි දේ සඳහා
     
    පළමුවෙන් යොදා ගත්තේ ඩී. බී. විජේතුංග මහතා.
    තව එකක් විදේශයකට ඇමති සහ නියෝජ්‍ය ඇමති එක පාර යන්නෙ නැහැ.
     
     ඇමති නැති නිසා වැඩ බලන්නේ නියෝජ්‍ය ඇමති.
     
    රනිල් සහ සාගල රත්නයක රට යනකොට
     
    කරූ ජයසූරිය සහ තිස්ස අත්තනායකත් යන්නෙ නැහැනේ.
     
    Reply
    මල්මාමා April 28, 2010
     
    අනේ මල්ලියේ විශේෂ කාර්යය බලකාය මොකැයි කලේ
     
    තාරුණ්‍යයට හෙටක් නැති කරන්න ?
    89-90 කලබල කාලේ ගැන කියනව නම්
     
    ඉතින් මුලින්ම කියලා තියන්න වැරද්ද කාගෙද කියලා.
     
    ඔවු ඉතින් ඒත් ඉතින් ජී ඇල් ඇමති තුමා පැත්තක තියෙන
     
    පුටුවක වාඩි වෙලා ප්‍රධාන පුටුව නාමල් කොල්ලට දීල තියෙන්නේ මොකද දන්නේ නෑ.
     
    Reply
    rana April 29, 2010
     
    විශේෂ කාර්ය බලකාය 87-89 කරපුවා ඉතින් අයියට මතක ඇතිනේ .
     
    වැරද්ද කාගෙද කියලා අහන හැටි විතරක්!
     
     අයියා පිළිගනියිද මන්දා වැරද්ද එ. ජා. ප. යේ කියලා.
     
     හැබැයි ජේ. ආර්. ලොක්කානම් පෙන්ෂන් ගියාට පස්සේ පිළිගත්තා
     
    ජ. වි. පෙ. තහනම් කළේ බොරුවට කියලා.
     
    ප්‍රජාතන්ත්‍රවදී දේශපාලන දහරාවේ හිටිය දේශපාලන පක්ෂයක්
     
     නිකරුණේ තහනම් කළාම ඔය විදිහේ දේවල් සිද්ධ වෙනවා.
     
    ඒ නිසා ඒ කාළේ ජ. වි. පෙ. කළ දේවල් වළ වගකීම ගන්න වෙන්නෙ එ. ජා. ප. යට.
    නාමල් කොල්ලා ඉඳගෙන හිටපු පුටුවේ සයිස් එක කියන්න මන් දන්නෙ නැහැ.
     
     කොහොමහරි නාමල් කොල්ලට විදේශ ඇමති කම
     
    ජී. එල්. ගෙන් උදුරගෙන අරන් දීලානම් අපි අපේ විරොධය පාමු.
     
    Reply
    මල්මාමා April 29, 2010
     
    එතකොට රටක පාලනය ආයුධ බලෙන් ලබාගන්න එක හරි ?
     
    එතකොට එල්ටීටීඊ කරපු වැඩෙත් හරි. මහින්ද තමා වැරදි ?
     
    Reply
    rana April 30, 2010
     
    ජ.වි.පෙ. අයුධ බලෙන් ආණ්ඩුව අල්ලන්න ගියේ
     
    ඔවුන්ව තහනම් කරළා ඔවුන්ව ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටමං කරපු නිසානේ.
     
    නැත්නම් 87-89 භීෂණයක් බිහිනොවෙන්න තිබුණනේ.
     
    ඉස්සෙල්ලා විශේෂ කාර්ය බලකාය හැදුවා පස්සේ ජ. වි. පෙ. තහනම් කළා.
     
    ඊට පස්සේ තරුණයෝ ටික බිල්ලට ගත්තා.
     
     ඒ විදිහටයි ජේ. ආර්. තමුන්ගේ පුතාව යොදා ගත්තේ තාරුණ්‍යට අයිති හෙට නැති කරන්න.
     
    Reply
    මල්මාමා April 30, 2010
     
    ඉතින් හත්වලාමේ අපිත් කියන්නේ ඒකම තමා
     
    රටේ ප්‍රධාන සුළු ජාතිය වන දෙමල අයට වෙනස් කම් නොකර
     
    සැමට සමානව සැලකුව නම් දෙමළ ත්‍රස්තවාදය ඇතිවෙන්නෙත් නෑ.
     
    එහෙම ඇතිවුන දෙමල ත්‍රස්තවාදය මර්ධනය කරපු මහින්ද හොඳයි.
     
    අරක කරපු එජාපය වැරදියි. මේක හතර බීරී කථාවක්නේ.
     
    Reply
     


  • හොඳහිතMay 2, 2010

    රනා, මල් මාමා….
     
    1. සිංහල දෙමළ භේදයක් නැතිව කවුරු මැරුවත් ඒක වැරදි දෙයක්.දෙන්නම ඒක පිළිගන්නේ භාගෙට.
     
    2. විශේෂ කාර්ය බලකාය හැදුවේ ජ.වි.පෙ මර්ධනයට නොවේ.
     
    3. රවී,විශේෂ කාර්ය බලකාය හැදුවට නාමල් වගේ දේශපාලනය කළේ නැහැ.
     
    4. රනා ඉතිහාසය වැරදිලෙස පාවිච්ච්චි කරන්න එපා.
     
    තරුණ නවක මන්ත්‍රීවරයකු වූ රනිල්ට එම ඇමතිකම ලැබෙනකොට ඒක ඉහටත් උඩින්.
     
    ඒත් පරිණත ඩලස්ට ඒ ඇමතිකම දෙනකොට ඔහු හිටපු තැනට සාපේක්ෂව අගුපිල තමා.
     
    ඒක ඔබ පිළිනොගත්තත් ඔහුගේ දේශපාලන මිතුරනුත් පිළිගන්නවා.
     
    මා විදේශ ගතවනවිට මාගේ පුතා ගෙනයන විදියටම ජනාධිපතිතුමාටත් පුතා ගෙන යන්න පුළුවනි.
     
    නමුත් වියදම දරන්නේ පියා හෝ පුතාගේ සාක්කුවෙන් වෙන්න ඕනෑ.
     
    එසේ නැතිව ගියානම් ඔහුගේ නිල ගමනක් වියයුතුයි.
     
    රනා මෙන්න මේවා ජනතාවට පැහැදිළි කරන්න.
     
    එසේ නොවේ නම් අනිත් රජයේ සේවකයනටද ඒ අවස්ථාව ලබාදියයුතුයි.
     
    4.  රනිල් සහ සාගල රත්නයක රට යනකොට කථාව මෙතනට අදාළ නැහැනේ.
     
    5. අනික අතීතයේ එ.ජා.ප.ය කරපු වැරදි නිසා ඒවාට මහජනයා දඬුවම්දීලා බලයෙන් ඉවත්කරළා තියෙන්නේ.
     
    ඒ වැරදි නොකරන්න කියලා පත්කර ගත් ආණ්ඩුව ,
     
    එ.ජා.පය කරපු වැරදි නැවත කරන එක සාධාරණය කරන්නේ කොහොමද?
     
  •  Reply
    rana May 3, 2010
     
  •  
     
    @මල්මාමා
     
    මල්මාමා පටන් ගත්තේ ජ.වි.පෙ. මර්ධනය කරපු එක වැරදිද කියලා අහගෙන.
    ඒත් දැන් කියනවා මහින්ද කොටි මර්ධනය කරපු එක වැරදිය කියලා.
    කවුද දැන් හතරබීරී කතා කියන්නේ?
    මල්මාමේ ත්‍රස්තවාදය නැතිකරන එක ආණ්ඩුවේ වගකීම.
    ඒක සිංහලද දෙමළද කියලා බලන්න බැහැ.
    හැබැයි ත්‍රස්තවාදය ඇතිකිරීම ආණ්ඩුවේ වගකීමනම් නෙමෙයි.
    ජ. වි. පෙ. තහනම් කරනවත් එක්ක
    විශේෂ කාර්ය බලකාය හදන්න පටන් ගත්තේ ජ.වි.පෙ. ට ගහන්න.
    ඒක නැහැ කියන්න පුලුවන් රටේ මෑත ඉතිහාසය දන්නේ නැති කෙනෙකුට විතරයි.
     
    @හොඳහිත
     
    1. සිංහළ දෙමළ කවුරු මැරුවත් වැරදි දෙයක් වන්නේ අවස්ථාව අනුවයි.
    ත්‍රස්තවාදය සිංහළද දෙමළද කියලා බෙදන්න බැහැ.
    සාමයට තියෙන දොරවල් පාවිච්චි කරන්නේ නැත්නම් පිළිතුරු හම්බුවෙන්නෙත් යුද්ධයෙන්.
    2. එහෙම නෙමෙයි කියලා කියන්නෙ කොහොමද?
    ජේ. ආර්. ජ.වි.පෙ. තහනම් කළේ පැහැදිලි හේතුවක් නැතුව.
    ඒ එක්කම එයා බලපොරොත්තු වුනා ජ.වි.පෙ. ආයුධ අතට ගනියි කියල්ල.
    ඒ නිසා එස්. ටී. එෆ්. එක හැදුවා.
    ජ.විපෙ. ට විරුද්ධව එස්. ටී. එෆ්. එක පාවිච්චි කළේ නැහැ කියලද කියන්නේ?
     
    3. ඒක රවීගේ වැඩක් දේශපාලනය කරනවද නැද්ද කියලා තීරණය කරන එක.
    ඩඩ්ලිට පුලුවන්නම් ඩී. එස්. ගේ පුතා හැටියට දේශපාලනයට එන්න රවිත් දේශපාලනයට ආවත් වැරද්දක් නැහැ. ඒක මෙතනට අදාළ නැහැ.
     
    4. ඩලස්ගේ මිතුරන් හිතන්නේ කුමක්ද යන්න මම දන්නෙ නැහැ.
    හැබැයි තරුණ කටයුතු අමාත්‍යංශය කියන්නේ අගුපිල නෙමෙයි.
    ඒක මේ රටේ ජීවනාලිය සහ අනාගතය.
    ඒකට අගු පිල කීම තරුණයන්ට කරන ලොකු අපහාසයක්.
    මම කලින් කිව්වා වගේ තරුණයන්ව සොහොන් බිමට දක්කපු
    එ. ජා. ප. වගේ පක්ෂයක් එහෙම හිතන එක පුදුමයක් නෙමෙයි.
    නාමල් ගියේ නිල ගමනක් නෙමෙයිද?
    නාමල්ට අපි කැමති වුනත් නැතත් මංත්‍රී කෙනෙක්.
    හරි හෝ වැරදි මංත්‍රීවරුන්ට තියෙන අයිතිය රජයේ හැම සේවකයාටම දෙන්න බැහැ.
    උදාහරණයක් හැටියට ගත්තොත් වාහන පර්මිට්, ගෙදරට සිකියුරිටි වගේ දේවල්.
     
    5.  රනිල් සහ සාගලගේ කතාව කිව්වේ නියොජ්‍ය ඇමති ගිය නැති එක ගැන විස්තර කිරීමේ
    උදාහරණයකට. නැතුව වෙන මුකුත් හිතේ තියාගෙන ලිව්වා නෙමෙයි.
     
    6. ඔබ මෙතනදී බොහෝ නිවැරදියි.
    ඔව් එ. ජා. ප. ය කරපු වැරදි මේ ආණ්ඩුව කළ යුතු නැහැ.
    ජනතාව ඡන්දය දුන්නේ එවා නැවතත් අලුත් ආණ්ඩුවකින් කර ගන්න නෙමෙයි.
    නමුත් අපිට පිළිගන්න වෙන එක සත්‍යයක් තියෙනවා.
    ඒ තමයි මෙච්චර කල් පුරුදු වෙච්ච ක්‍රමය එක පාර අතාරින එක.
    උදාහරණයක් හැටියට ඇමති මණ්ඩලය අඩු කිරීම.
    ප්‍රේමදාස තමයි ඉන්න ඔක්කොටොම ඇමති කම් දුන්නේ.
    ඊට පස්සේ අනිත් අයත් ඒවා බලපොරොත්තු වෙනවා.
    දුන්නැත්නම් අනිත් පැත්තට පනිනවා.
    දැන් බලන්න ඩලස්ට දීපු ඇමති කම ගැන ඩලස් කෑ ගහුවේ නැතත් එ. ජා. ප. යෙන් හරි කෑ ගහනවා.
     
    Reply
     


    • ChrishiMay 3, 2010

      ඉතින් මල්ලියේ මම මේ කියන්නේ එල්ටීටීඊ එකෙයි
      88-89ජවිපෙ ක්‍රියාදාමයෙයි තියෙන එකම වෙනස
      එල්ටීටීඊ එක දෙමල වීමයි ජවිපේ සිංහල වීමයි නෙමේද ?
      දෙගොල්ලොම කලේ ආයුධ බලෙන් රාජ්‍ය බලය ලබාගන්න ට්‍රයි කරපු එකනේ.
      ඉතින් කොලුවො එකක් හරියි අනික වැරදියි කියන්නේ කොහොමද ?
      ඔය කට්ටිය ඕක ඔච්චර උඩ දාගෙන ඉන්නේ 88-89 කාලේ මරපු හැටි මිනිස්සු දැක්ක නිසා.
      ඒක හොඳට දන්න මහින්දයා කරේ
      මුලින්ම යුද්දේ තියන පැත්තකටවත් කාටවත් යන්න දුන්නු නැති එකයි.
      නැත්තන් ඉතින් ප්‍රේමදාස දහස් වරක් හොඳයි කියලා මිනිස්සු කියයි.
       
      Reply
       

       


  • ලෝකයාMay 3, 2010

    ඩලස් මල්ලි නුඹ නාඩන්
    නුඹට ඔවා හොද පාඩම්
     
    Reply
     

  • හොඳහිතMay 3, 2010

    @ rana.
     
    1. සිංහළ දෙමළ කවුරු මැරුවත් වැරදි දෙයක් වන්නේ අවස්ථාව අනුවයි. ත්‍රස්තවාදය සිංහළද දෙමළද කියලා බෙදන්න බැහැ. සාමයට තියෙන දොරවල් පාවිච්චි කරන්නේ නැත්නම් පිළිතුරු හම්බුවෙන්නෙත් යුද්ධයෙන්
    කියා ඔබ පැවසුවද ඔබගේ සටහන් වලින් පෙනෙන්නේ ඔබ
    “සිංහළ ත්‍රස්තවාදය” පිළිබඳව එම මතය නොදරන බවයි.
    මේ ඔබේ වචන
    “ජ.වි.පෙ. අයුධ බලෙන් ආණ්ඩුව අල්ලන්න ගියේ ඔවුන්ව තහනම් කරළා ඔවුන්ව ප්ර ජාතන්ත්ර වාදයෙන් පිටමං කරපු නිසානේ. නැත්නම් 87-89 භීෂණයක් බිහිනොවෙන්න තිබුණනේ. ඉස්සෙල්ලා විශේෂ කාර්ය බලකාය හැදුවා පස්සේ ජ. වි. පෙ. තහනම් කළා. ඊට පස්සේ තරුණයෝ ටික බිල්ලට ගත්තා. ඒ විදිහටයි ජේ. ආර්. තමුන්ගේ පුතාව යොදා ගත්තේ තාරුණ්ය්ට අයිති හෙට නැති කරන්න.”
    2.
    a) විශේෂ කාර්ය බලකාය හැදුවේ ජ.වි.පෙ මර්ධනයට නොවේ . “එහෙම නෙමෙයි කියලා කියන්නෙ කොහොමද?”
    1983 දී විශේෂ කාර්ය බලකාය හැදුවේ LTTE නිසායි.
    ඔවුන්ව ස්ථාපනය කළේ නැගෙනහිර පලාතේ සහ V.I.P ආරක්ෂාව වෙනුවෙනුයි.
    1983 සිට 1987 තෙක් සිංහළ ප්රදේශවල විශේෂ කාර්ය බලකාය ක්රියාත්මකවුනේ නැහැ.
     
  • b) “ජේ. ආර්. ජ.වි.පෙ. තහනම් කළේ පැහැදිලි හේතුවක් නැතුව. ඒ එක්කම එයා බලපොරොත්තු වුනා ජ.වි.පෙ. ආයුධ අතට ගනියි කියල්ල. ඒ නිසා එස්. ටී. එෆ්. එක හැදුවා”
    1983 දි ජ.වි.පෙ ,කො.ප. සහ න.ස.ස.ප තහනම් කරන්නේ
    ජුලි කළබල වලට නායකත්වය දුන්නායැයි බොරු චෝදනා කරමින්.
    ඔවුන් එකළ ඇත්තටම නායකත්වය දුන්නේ කම්කරු පන්තියට.
    1980 වැඩවර්ජනය පරාජයකළද 1983 වනවිට නැවත කම්කරුවන්ගේ නැගිටීමක ඉව වැටී තිබුනා.
    ඒ වනවිට ජ.වි.පෙ.වෘත්තිය සමිති පෙරමුණ ගෙන තිබුනා.
    ඒක තමයි තහනම් කරන්න පැහැදිළි හේතුව.
    1983 දි ජ.වි.පෙ ආයුධ අතට ගන්න බලපොරොත්තු වුනේ නැහැ.
    හැබැයි රවී ජයවර්ධන විශේෂ කාර්ය බලකාය පළමුවෙන් යොදා ගත්තේ
    දෙමළ තාරුණ්යට හෙටක් නැති කරන්න.
    දෙවැනිව යොදා ගත්තේ සිංහළ තාරුණ්යට හෙටක් නැති කරන්න
    කියළා ඔබ කියනවනම් මා ඒකට එකඟයි.
     

     
     


    c). “ජ.විපෙ. ට විරුද්ධව එස්. ටී. එෆ්. එක පාවිච්චි කළේ නැහැ කියලද කියන්නේ?”

    සමාවෙන්න මම එසේ නොකීවෙමි
    මා අදහස් කළේ “ඉස්සෙල්ලා විශේෂ කාර්ය බලකාය හැදුවා
    පස්සේ ජ. වි. පෙ. තහනම් කළා. ඊට පස්සේ තරුණයෝ ටික බිල්ලට ගත්තා”
    යන ඔබේ අදහස වැරදි බව කීමටයි.
     
    3. “ඒක රවීගේ වැඩක් දේශපාලනය කරනවද නැද්ද කියලා තීරණය කරන එක. ඩඩ්ලිට පුලුවන්නම් ඩී. එස්. ගේ පුතා හැටියට දේශපාලනයට එන්න රවිත් දේශපාලනයට ආවත් වැරද්දක් නැහැ. ඒක මෙතනට අදාළ නැහැ.”
     
    මෙතනදි මම ඔබට එකඟවෙමි.
    නමුත් “ රවී,විශේෂ කාර්ය බලකාය හැදුවට නාමල් වගේ දේශපාලනය කළේ නැහැ”
    යැයි මා කීවේ නාමල් හා රවී සමාන නොකළයුතු නිසායි.
    මන්ද යත් නාමල්ගේ “තාරුණ්යට හෙටක්”දේශපාලන ව්යාපෘතියක්වූ අතර
    රවීගේ විශේෂ කාර්ය බලකාය රාජ්ය ව්යාපෘතියක්වූ නිසාය.
    4.
    a) “ඩලස්ගේ මිතුරන් හිතන්නේ කුමක්ද යන්න මම දන්නෙ නැහැ. හැබැයි තරුණ කටයුතු අමාත්යංයශය කියන්නේ අගුපිල නෙමෙයි. ඒක මේ රටේ ජීවනාලිය සහ අනාගතය. ඒකට අගු පිල කීම තරුණයන්ට කරන ලොකු අපහාසයක්”
     
    ඒක හරි මෙතන කිසිකෙනෙක් තරුණයන්ට අපහාස කර ඇතිබවක් මට නොපෙනේ.
    ඩලස් වැනි පතාක යෝධයකුට
    ඔහුට මුලින් ලබාදී තිබුන අමාත්‍යංශයට වඩා පහල අමාත්‍යංශය ලබාදී ඇති බවයි ඔවුන් කියන්නේ.
    ඔබ හැර මුළු රටම දන්නවා මේ අමාත්‍යංශය වල උස් පහත් භේදයක්
    විවිධවූ මාන වලින් තිබෙන බව.
    හොඳයි ඔබ සමග මොහොතකට එකඟ වෙමු,
    මට පෙන්න්වන්න රනිල්ගේ කාලයෙන් පසු
    යු,එන්.පි.යත්. පෙරමුණත් මේ රටේ ජීවනාලිය සහ අනාගතයවූ
    තරුණ කටයුතු අමාත්‍යංශය හරහා කරනලද සේවයන් ටිකක්.
     
     
     
     

    b) “ තරුණයන්ව සොහොන් බිමට දක්කපු එ. ජා. ප. වගේ පක්ෂයක් එහෙම හිතන එක පුදුමයක් නෙමෙයි.”
    තරුණයන්ව සොහොන් බිමට දැක්කුවේ එ. ජා. ප. පමණක්ද?
    1971 දි       ජ.වි.පෙ සහ සමගි පෙරමුණ(ශ්රි..ල.නි.ප,ල.ස.ස.ප.කො.ප)- .
             සිංහළ තරුණයන්ව මුලින් ම සොහොන් බිමට දැක්කුව.
    1988 89 දි     ජ.වි.පෙ සහ එ. ජා. ප      සිංහළ තරුණයන්ව සොහොන් බිමට දැක්කුව.
     

     
     


      
     
     
     
     

     

     

  • 1976 -2009 දි ශ්රි.ල.නි.ප,ල.ස.ස.ප.කො.ප ජ.වි.පෙ සහ එ. ජා. ප
                          දෙමළ තරුණයන්ව සොහොන් බිමට දැක්කුව.
     
    c) “නාමල් ගියේ නිල ගමනක් නෙමෙයිද? නාමල්ට අපි කැමති වුනත් නැතත් මංත්රී කෙනෙක්. හරි හෝ වැරදි මංත්රී9වරුන්ට තියෙන අයිතිය රජයේ හැම සේවකයාටම දෙන්න බැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් වාහන පර්මිට්, ගෙදරට සිකියුරිටි වගේ දේවල්.”
    නාමල්ට මගේ කැමැත්ත අකැමැත්ත මෙතනට අදාල නැහැ.
    මා ඔහුට කැමැතියි.
    ප්රශ්ණය ඇයි ඔහුට තිබුන විශේෂ නිල තත්වය අනිත් මන්ත්රින්හට නැති.
    අනිත් මන්ත්රීවන්ව අරගෙන ගියේ නැත්තේ ඇයි.
    ඔවුන්ට බලය ද නිලයද නැතිද?
    ඔබ නොදත්තාට සියලුම රජයේ සෙවකයන් සහ ඇමතිවරුන්
    ක්රියාකළයුත්තේ ආයතන සන්ග්ර‍හය සහ මුදල් සන්ග්රාහයට අනුකූළවයි.
    ඒ අනුව තමා විදේශ ගමන්වලට මුදල් වෙන්කරන්නේ.
    ඒ අනුව නාමල්ට රජය නියොජනය කිරීමට නිළ තත්වයක් නැහැ.
    නමුත් ඔහුගේ බාප්පා ඔප්පුකරළා තියෙනවා මෙවා විකාර බව.
    ඒ නිසා ඔහු ආයතන සන්ග්රනහය නොතකා ප්රසිද්ධියේ දේශපාලනයේ නිරතවූයේ.
    වෙන රජයේ සේවකයකු එය කළානම් ඔහු මහ උළු ගෙදර හෝ ගෙදර.
    වාහන පර්මිට්, ගෙදරට සිකියුරිටි වගේ දේවල් මෙතනට අදාල නැහැ
     

     
     


    යථාර්තය දැන දැන මෙහෙම උගුරට හොරා බෙහෙත් බොන්න උත්සාහ කරන්නේ ඇයි.
     
    5. රනිල් සහ සාගලගේ කතාව කිව්වේ නියොජ්ය ඇමති ගිය නැති එක ගැන විස්තර කිරීමේ උදාහරණය පැහැදිළි මදිවුන නිසයි අදාළ නෑ යයි ලිව්වේ.. නැතුව වෙන මුකුත් හිතේ තියාගෙන ලිව්වා නෙමෙයි.
     
    6
     
     
     
     

    .” මෙච්චර කල් පුරුදු වෙච්ච ක්ර්මය එක පාර අතාරින එක. උදාහරණයක් හැටියට ඇමති මණ්ඩලය අඩු කිරීම. ප්රේදමදාස තමයි ඉන්න ඔක්කොටොම ඇමති කම් දුන්නේ. ඊට පස්සේ අනිත් අයත් ඒවා බලපොරොත්තු වෙනවා. දුන්නැත්නම් අනිත් පැත්තට පනිනවා. දැන් බලන්න ඩලස්ට දීපු ඇමති කම ගැන ඩලස් කෑ ගහුවේ නැතත් එ. ජා. ප. යෙන් හරි කෑ ගහනවා.”
    මේ පැනිල්ල පුරුදුකළේ එ.ජා.ප.යයි.ඒකේ විපාක ඔවුන් හොඳින්ම විඳගත්තා.
    ඒත් පනින අයට ජනතාව මනාපයි.2010 දීත් ඒක ජනතාව අනුමත කළා.
    ප්රේමදාස මරාදමලත් අවුරුදු 17 ක් වුනා.
    ඉතින් ඔහු පුරුදු කරපු නරක පුරුදුවලින් මිදෙන්න තවම බැරිවුනාද?
    අනික ඩලස්ට දීපු ඇමති කම ගැන ඩලස් කෑ ගහුවේ නැතත්
    එ. ජා. ප යටත් මටත් ඔබටත් මේ බ්ලොග්කරුටත් කෑ ගැසීමේ අයිතියක් ඇත.
    මා ඔබට එරෙහිවුවා නොව ඔබගේ මතයේ වූ සදොස් තැන් නිදොස් කළා පමණි.
     

     
     


      
    Reply
     
     
     
     
     

     

     

  • මල්මාමාMay 3, 2010
     
    රනා මල්ලියේ උත්තර හම්බෙලා තියනවා නේද ?
     
    Reply
    rana May 6, 2010
     
    1.
    නැත. මම සිංහළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන්ද දරන්නේ එම මතයමයි.
    සිංහළ ත්‍රස්තවාදය පරාජය කළ යුතුව තිබු බව මවිසින් දරණ මතය
    ඉහත දක්වන ලද මගේ අදහසින් නිෂේද වන්නේ කෙසේද යන්න මටනම් පැහැදිළි නැත.
    ඔබ උපකල්පන මතින් නිගමනවලට එළඹෙන බව පෙනේ…
    මා එතනදී කියා ඇත්තේ 87-89 භීෂණය වළක්වා ගතව හැකිව තිබූ බව කීමටය.
    එම භීෂණය ඇතිකිරීමේ පුරෝගාමි මෙහෙවරක් ජේ. ආර්. විසින් කරන ලද බව දැක්වීමටය.
    එමගින් මම සිංහල ත්‍රස්තවාදය අනුමත නොකළෙමි.
    නමුත් හේතුව කුමක් වුවත් ජ.වි.පෙ. මර්ධනය කිරීමට එවකට රජය ක්‍රියා කිරීම වැරද්දක් නොවේ.
    එය පිළිගැනීම සම්බන්ධයෙන් මටනම් චකිතයක් ඇති නොවේ.
     
    2.
    (a) විශේෂ කාර්ය බලකාය හැදුවේ 1983දී බව ඇත්ත.
    ඒ වගේම එය නැගෙනහිරින් වැඩ පටන් ගත් බවත් ඇත්ත.
    ඒ වගේම අමතක කරන්න එපා ජ.වි.පෙ. තහනම් කළෙත් 1983දී කියලා.
    1983-1987 කාළය තුළ සිංහල ප්‍රදේශ වල විශේෂ කාර්ය බලකාය යෙදෙව්වේ නැහැ.
    ඒ කාළය තුළ ජ.වි.පෙ. ත්‍රස්තවාදය තුළට අවතීර්ණ වෙළා
    හිටියේ නැති නිසා ඒ සඳහා අවශ්‍යතාවයක් තිබුනේ නැහැ.
    ජේ. ආර්. බලාපොරොත්තු වුනේ බොහොම ඉක්මනට ජ.වි.පෙ. ආයුධ අතට ගනියි කියලා.
    නමුත් ජ.වි.පෙ. එතනට ආවේ බොහෝ පහුවෙලා.
    ඒ නිසා එස්. ටී. එෆ්. එකට දකුණේ වැඩ පටන් ගන්න 87 වෙනකම් බලා ඉන්න වුනා.
     
    (b) නැහැ ඔබ කියන හේතුව නිවැරදි නැහැ.
    ජේ. ආර්ගේ. ඉලක්කය තිබුනේ ජ.වි.පෙ.යි.
    ඒකට හේතුව රෝහණ විජෙවීර 1982 ජනමත විචාරණයට විරුද්ධව පවරපු නඩුවයි.
    එම නඩුව ඒ කාළය තුළ එ. ජා.ප. යට අවාසි සහගත අන්දමටයි කැරකුණේ.
    ජ.වි.පෙ. පමණක් තහනම් කළානම් හොරේ අහුවෙනවා.
    අනිත් අතට ඔය කියන පරණ වම ඒ වෙනකොට නන්නත්තාර වෙලා හිටියේ.
    ඒගොල්ලන්ගේ කීමට වැඩ වර්ජන කරළා රැකියා නැතිවූ දහස් ගණනකගේ කෝපය එල්ළ වුනේ ඔවුන්ට.
    80 ජුලි වර්ජනය ඛෙදවචාකයක් බවට පත් කිරීමෙන් පසු
    ජනතාව එවන් ක්‍රියමාර්ගයකට නැවත අවනත කරගන්නට
    ලෙහෙසි නොවන බව ජේ. ආර්. නොදැන සිටියා නොවේ.
    අනිත් කාරණාව ඔබ පිළිගන්නවා එස්. ටී. එෆ්. එක සිංහල තාරුණ්‍යට
    හෙට නැති කරන්න යොදා ගත්තා කියළා.
    ඔබට තිබෙන එකම අවුළ එස්. ටී. එෆ්. එක පළමුව යොදා ගත්තේ
    සිංහළයට විරුද්ධවද නැත්නම් දෙමළ තරුණයට විරුද්ධවද යන්නයි.
    දෙමළ තරුණයට විරුද්ධව පළමුව යොදා ගත්තත්
    ජ.වි.පෙ. මර්ධනයටත් එස්. ටී. එෆ්. යොදා ගැනීමට ජේ. ආර්. අදහස් කළ බව
    නොදන්නේ දේශපාලනය පිළිබඳව සවිඥාණක නොවන අයට පමණි.
     
    (c) නමුත් ඔබට මතක නැතිවාට ජ.වි.පෙ. තහනම් කළ දිනවල
    ජේ. ආර්. කියපු කරපු කතාවල ජ.වි.පෙ. ආයුධ ගැනීම ගැන සඳහන් කරළා තිබෙනවා.
    ඒ නිසා ජ.වි.පෙ. ත්‍රස්තවාදය නැති කිරීමට එස්. ටී. එෆ්. යොදා ගැනීමක්
    ජේ. ආර්. ගේ හිත තුළ නොතිබූ බව කියන්නේ කෙසේද?
    ජේ. ආර්. විසින් විනිමය වංචාවක් සම්බන්ධයෙන්
    තමුන්ගේ ඥාතින් නිදහස් කර ගැනීමට සහ ඡන්දයේ වාසිය ගැනීමට
    විජේවීරව නිදහස් කළත් ඔහුව වෙනත් ලෙසකින්
    විනාශ කිරීමට සැලසුම් කළේ නැතයි කියන්නේ කෙසේද?
    ජ.වි.පෙ. තහනම් කිරීම සමගම එස්. ටී. එෆ්. එක හැදෙන්නේ අහඹුවකින්ද?
     
    3. රවි දේශපාලනය ප්‍රසිද්ධියේ නොකළා වෙන්න පුළුවන්.
    එහෙත් ඔහුත් තම පියාගේ රාජ්‍ය ව්‍යාපෘතියක් දියත් කළා. එය වැරදිද?
    එය නිවැරදිනම් නාමල් දේශපාලන ව්‍යාපෘතියක් ඇරඹීමේ වරද කුමක්ද?
    වඩා වැරදි වන්නේ රාජ්‍ය නායකයාගේ පුත්‍රයා රාජ්‍ය ව්‍යාපෘතියක් ඇරඹීමද
    නැත්නම් දේශපාලන ව්‍යාපෘතියක් ඇරඹීමද?
     
    4.
    (a)
    රටේ අනාගතය බාරගැනීමට සිටින තරුණයන්ට වෙන්වූ අමාත්‍යංශය
    අගුපිලක් සේ හැඳින්වීම තරුණයන්ට කළ අපහාසයක් නොවන්නේ කෙසේද?
    හෙට දිනයේ අධ්‍යාපන අමාත්‍යංශයද එසේ හඳුන්වනු ලැබුවොත් එය පුදුමයක් නොවේ.
    ඔබ කියන මාන වලින් බැලූ කළ තරුණ කටයුතු අමාත්‍යාංශය
    ප්‍රවාහන අමාත්‍යාංශයට වඩා මිටි වන්නේ කරුණු කිහිපයකිනි.
    පළමු එකනම් තරුණ කටයුතු වලින් කොමිස් ගැසීමට ඇති අවස්ථා අඩු වීමයි.
    දෙවෙනි කරුණ ලෙස මා දකින්නේ ප්‍රවාහන අමාත්‍යාංශය හා සසඳන කළ
    තමුන්ට උපකාරි කළ අයට ප්‍රත්‍යුපකාර කිරීමට තරුණ කටයුතු අමාත්‍යාංශය තුළ
    ඉහළ රැකියා සංඛ‍යාවක් නැති කමයි.
    නමුත් තරුණ කටයුතු නැංවීම අරමුණු කර ගත් අයෙකුට
    ඉහත සඳහන් කළ දේ නොවටිනා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
    ඔබ නිවැරදියි.
    රනිල්ට පසු තරුණ කටයුතු අමාත්‍යංශයක් තිබූ බවවත් මතක නැත.
    තරුණ කටයුතු අමාත්‍යංශය ඩලස්ට දීමෙන් ඒ අඩු පාඩුව සපුරා තිබේ.
    ඉදිරියේදිත් එය එසේම විය යුතුද?
    ඩලස්, තරුණයන් විශේෂයෙන්ම ජ.වි.පෙ. තරුණයන් ළඟින් ඇසුරු කළ අයෙකි.
    එවන් අයෙක් තරුණ කටයුතු අමාත්‍යංශය බාර ගැනීම දෙස
    ශුභවාදීව බලන්නට නොහැකි වී ඇත්තේ දේශපාලන කුහකත්වය නිසා මිස අන් කුමක් නිසාද?
     
    (b) ඔබ මෙතැනදී නිවැරදියි.
    හැමෝගෙම කිල්ලෝටවල හුණු තිබේ.
    නමුත් තරුණයන් වළ පල්ලට දැක්කීමේදී එ. ජා. ප. යේ දායකත්වය සෙසු පාර්ශ්ව හා සසඳන කළ ඉතා ඉහළය.
     
    (c ) ඔබ නොදන්නවාට මහින්ද විදේශගත වන විට
    වෙනත් මංත්‍රීවරුද ඒ සමග යනු මා රූපවහිනියෙන් දැක ඇත.
     
    ඔවුන් අතර මහින්දානන්ද අලුත්ගමගේ වැන්නවුන්ද සිටිනු මා දැක ඇත.
    ඊට අමතරව විමල් වීරවංශ, ඩලස්, නිමල් සිරිපාල වැන්නවුන්ද මා දැක ඇත.
    නාමල්ව මා දකින්නේ ප්‍රථම වතාවටයි.
    නාමල්ගේ බප්පගේ ආයතන සංග්‍රහ විරෝධි වැඩ මොනවාදයි පැහදිළි කළොත් තුති.
    මට ඒ පිළිබඳව අවබෝධයක් නැත.
     
    6. යම් බඩගෝස්තරවාදී සංස්කෘතියක් හඳුන්වා දුන් විට එය ඉවත් කිරීම පහසු දෙයක් නොවේ.
    විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බලය එල්ලී ඇති විටක එය ඉතා අපහසුය.
    තුනෙන් දෙකක් බලාපොරොත්තු වනවිට එය නව පාර්ලිමේන්තුව තුළද දිස්වනු ඇත.
    දේශපාලනය පිළිබඳව ලිවීමේදී හෝ කතා කිරීමේදී දැනෙන සුමුදු බව ප්‍රායෝගික දේශපාලනයේ දක්නට නැත.
    ඒ අතරම දෑත ශක්තිමත් කිරීමට පැමිණි එ.ජා.ප. මංත්‍රීවරුන් මේ කාර්යය වඩා දුෂ්කර තත්වයකට පත් කර ඇත. මන්ද ඔවුන් පුරුදු පුහුණු වූ සංස්කෘතිය ඔවුන් තමුන්ගේ වත්මන් ස්ථානයෙන්ද බලාපොරොත්තු වන බැවිනි.
    ඔබේ හෝ වෙන අයකුගේ කෑ ගැසීමේ අයිතියට බධා කිරීමට මට අවශ්‍ය නොවේ.
    එහෙත් එම අයිතිය හරවත් දෙයක් වෙනුවෙන් පාවිච්චි කිරීම එම අයිතියේ බලවත් භාවය රැකගැනීමට හේතුවනු ඇත.
    නැතහොත් එය අප වසර කිහිපයකට පෙර අත්දුටු ඊනියා මාරාන්තික උපවාස මෙන් ජනතාව අතර හාස්‍යයට ලක්වීම නොවැළැක්විය හැකි වනු ඇත.
     
    Reply
     


  • හොඳහිතMay 6, 2010

    @ rana
     
    1.
    සමාවෙන්න මා නිගමනයන්ට එළඹෙන්නේ ඔබේ පහත සඳහන් වැකි තේරුම් ගත් අයුරිනුයි.
     
    A)’ ඇත්ත. රවී ජයවර්ධන තාරුණ්යකට හෙටක් හැදුවේ නැහැ.
    ඒ වෙනුවට තාරුණ්ය.ට අයිති හෙට නැති කරන්න විශේෂ කාර්ය බලකාය හැදුවා.
    හැබැයි විශේෂ කාර්ය බලකාය නිවැරදි දේ සඳහා පළමුවෙන් යොදා ගත්තේ ඩී. බී. විජේතුංග මහතා “

     
    මේ වැකිය කියන්නේ ඩී. බී. විජේතුංග මහතා විශේෂ කාර්ය බලකාය
    LTTE ට පහරදීම සඳහා යොදා ගන්නා තෙක් වැරදි දේ කර ඇති බවයි.
    මෙම (A)සඳහන .
    එයට පෙර විශේෂ කාර්ය බලකාය යොදා ගත්තේ ජ.වි.පෙ. මර්ධනය කිරීමට පමණක් බව කියන ඔබේ පහත
    (B) සටහනෙන් ,තවත් තහවුරු කරනවා.
    මෙම (A) සටහනෙන් LTTE ත්‍රස්තවාදය මර්ධනය කිරිම හරි යයි ඔබ පිළිගන්නවා
     
  • B) “ජ.වි.පෙ. අයුධ බලෙන් ආණ්ඩුව අල්ලන්න ගියේ ඔවුන්ව තහනම් කරළා ඔවුන්ව ප්රවජාතන්ත්ර වාදයෙන් පිටමං කරපු නිසානේ.
    නැත්නම් 87-89 භීෂණයක් බිහිනොවෙන්න තිබුණනේ.
    ඉස්සෙල්ලා විශේෂ කාර්ය බලකාය හැදුවා
    පස්සේ ජ. වි. පෙ. තහනම් කළා.
    ඊට පස්සේ තරුණයෝ ටික බිල්ලට ගත්තා.
    ඒ විදිහටයි ජේ. ආර්. තමුන්ගේ පුතාව යොදා ගත්තේ තාරුණ්ය ට අයිති හෙට නැති කරන්න “

     
    ඉහත (B) සටහන සිංහළ ත්‍රස්තවාදය මර්ධනය කිරිම පිළිබඳව ඔබේ අනුකම්පාව පෙන්නුම් කරනවා.
    එනම් LTTE ත්‍රස්තවාදය මර්ධනය කිරීම නිවැරදි ක්රියාවක් බව පිළිගන්නා ඔබ
    සිංහළ ත්‍රස්තවාදය මර්ධනය කිරිම පිළිබඳව අනුකම්පා සහගත ලෙස යොදන
    “බිල්ලට ගත්තා “යන වචන මට කියැවෙන්නේ ඔබ මෙම කණ්ඩායම් දෙක පිළිබඳව මත දෙකක් දරණ බවයි.
    මගේ සිංහළ දැනුමේ මදි කම නිසා මට මෙසේ කියවෙනුද වියහැකියි.
    නමුත් ඔබේ සිංහළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දරණ මතය ඉහත දක්වන ලද
    ඔබේගේ අදහසින් නිෂේද වන බවක් නොකීවෙමි.
     
    2
    (a)
    ජ.වි.පෙ. තහනම් කළෙත් 1983දී කියලා මා අමතක නොකරම සඳහන් කොට ඇති බව නැවත කියවුවහොත් පෙනෙනු ඇත.
     
    “ 1983-1987 කාළය තුළ සිංහල ප්රමදේශ වල විශේෂ කාර්ය බලකාය යෙදෙව්වේ නැහැ.
    ඒ කාළය තුළ ජ.වි.පෙ. ත්රශස්තවාදය තුළට අවතීර්ණ වෙළා හිටියේ නැති නිසා ඒ සඳහා අවශ්ය තාවයක් තිබුනේ නැහැ.
    ජේ. ආර්. බලාපොරොත්තු වුනේ බොහොම ඉක්මනට ජ.වි.පෙ. ආයුධ අතට ගනියි කියලා.
    නමුත් ජ.වි.පෙ. එතනට ආවේ බොහෝ පහුවෙලා.
    ඒ නිසා එස්. ටී. එෆ්. එකට දකුණේ වැඩ පටන් ගන්න 87 වෙනකම් බලා ඉන්න වුනා. “

     
    ඔබේ මේ අදහසට මම එකඟ නොවෙමි.
    විශේෂ කාර්ය බලකාය 1983 වනවිට සන්නද්ධව සිටි LTTE ට
    එරෙහිව සටන් කිරිමට හැදුවා වෙනුවට
    “ඉක්මනට ජ.වි.පෙ. ආයුධ අතට ගනියි කියලා ,ඉස්සෙල්ලා විශේෂ කාර්ය බලකාය හැදුවා පස්සේ ජ. වි. පෙ. තහනම් කළා.
    නමුත් ජ.වි.පෙ. එතනට ආවේ බොහෝ පහුවෙලා.
    ඒ නිසා එස්. ටී. එෆ්. එකට දකුණේ වැඩ පටන් ගන්න 87 වෙනකම්
    නැගෙනහිර ට වෙලා බලා ඉන්න වුනා.”

    යයි සිතන්නට ඔබට අයිතියක් ඇතිමුත් මා එය එසේ යයි නොසිතමි.
     
  • (b)
    “ජේ. ආර්ගේ. ඉලක්කය තිබුනේ ජ.වි.පෙ.යි.
    ඒකට හේතුව රෝහණ විජෙවීර 1982 ජනමත විචාරණයට විරුද්ධව පවරපු නඩුවයි.
    එම නඩුව ඒ කාළය තුළ එ. ජා.ප. යට අවාසි සහගත අන්දමටයි කැරකුණේ.
    ජ.වි.පෙ. පමණක් තහනම් කළානම් හොරේ අහුවෙනවා.
    අනිත් අතට ඔය කියන පරණ වම ඒ වෙනකොට නන්නත්තාර වෙලා හිටියේ.
    ඒගොල්ලන්ගේ කීමට වැඩ වර්ජන කරළා රැකියා නැතිවූ දහස් ගණනකගේ කෝපය එල්ළ වුනේ ඔවුන්ට.
    80 ජුලි වර්ජනය ඛෙදවචාකයක් බවට පත් කිරීමෙන් පසු ජනතාව එවන් ක්රි8යමාර්ගයකට
    නැවත අවනත කරගන්නට ලෙහෙසි නොවන බව ජේ. ආර්. නොදැන සිටියා නොවේ”.

     
    ඔබ ඔය කියන්නේ ජ.වි.පෙ. ඒ ගැන දැරූ මතය පටලවාගෙන.
    නැක්සලයිට් කුමන්ත්රනණ ගැන ජේ.ආර්.1982 ජනාධිපතිවරණය අවසානයේ කථාකරනවා.
    නමුත් ඉලක්කයවුනේ විජය කුමාරතුන්ගවයි.
    එ නිසා ඔහුව සිරගත කරනු ලබනවා.
    ජේ.ආර් 1982 ජනමත විචාරණය ඉතාමත්ම නීච අයුරින් ජය ගන්නවා.
    රෝහණ විජෙවීර 1982 ජනමත විචාරණයට විරුද්ධව නඩු පවරනවා.
    මේ අතර දී රජය පැරදුන ආසන 14 ක් සඳහා වු අතුරු මැතිවරණයක් 1983 මැයි මස 18 වැනිදා පවත්වනවා.
    මහරගම,මතුගම .බද්දෙගම,අක්මීමන යන ආසනවලින් රජය පරාජය ලබනවා.
    නමුත් 1982 ජනාධිපතිවරණය දී රෝහණ විජෙවීර චන්ද 273428 ක් ලබාගත්තද ,
    අතුරු මැතිවරණයේදී ඔවුන් තරග කළ
    රත්ගම කම්බුරුපිටිය සහ දෙවිනුවර යන ආසන වලින් පරාදවන්නේ
    ජනාධිපතිවරණය දී රෝහණ විජෙවීර ලැබූ චන්දවත් නොලබමින්.
    ඊට පසුව 1983 කළු ජූලියේ දි ජ.වි.පෙ ,කො.ප. සහ න.ස.ස.ප තහනම් කරනවා.
    අනිත් අතට ඔය කියන පරණ වම ඒ වෙනකොට නන්නත්තාර නොවියැයි මා කොතනකවත් කියා තිබේද?
    ඒ ගැන මා අමතක නොකරම සඳහන් කොට ඇති බව නැවත කියවුවහොත් පෙනෙනු ඇත
    මේ තමා අනුපිළිවෙල.
    1983 වනවිට ජ.වි.පෙ.චන්ද පදනම අඩුවුනත් සාම්ප්රෙදායික වෘත්තිය සමිති අභිබවමින් ඉදිරියටම පැමිණ තිබුනා.
    එයයි ජේ.ආර්.ට තිබු තර්ජනය.
    ජ.වි.පෙ ආයුධ ගන්නා බව දැන සිටියානම් ජේ.ආර්.ජ.වි.පෙ.පමණක් තහනම් කළයුතුව තිබුනා.
    එයට කිසිවකු එරෙහිවන්නේ නැත.
    නමුත් කම්කරු අරගලයක් මෝදුවනු දු‍ටු විට එසේ කිරීමට නොහැකි නිසා
    කළු ජූලිය පිට පටවා ජ.වි.පෙ ,කො.ප. සහ න.ස.ස.ප යන පක්ෂ තුන තහනම් කළා.
    සම සමාජයේ කොල්වින්ගෙන් ජේ.ආර්.ට තර්ජනයක් තිබුනේ නැහැ හරියටම පසුගිය කාළයේ මහින්දට වාසු වගෙයි එය.
    නමුත් එදා වාසු සහ බාහු ගැනත් කො.ප.ය ගැනත් සැකයක් ජේ.ආර්.ට තිබුනා.
    ඉතා ඉක්මනින්ම කොප ගැන තිබුනාවූ සැකය ඉවත්කරගත්තද න.ස.ස.ප සහ ජ.වි.පෙ.ගැනවු සැකය තව දුර ගියා.
    අවසානයේදී න.ස.ස.ප තහනම ඉවත්වුවත් ජ.වි.පෙ තහනම දිගටම ගියා.
    නමුත් ජ.වි.පෙ ආයුධ ගන්නේ 1987 ඉන්දු ලන්කා ගිවිසුමට එරෙහිවයි.
    මහින්දටත් වඩා බල සම්පන්නව සිටි ජේ.ආර්.ට උසාවියේ තිබෙන නඩුවක් කරකවා ගන්නට බැරි බව ප්රකාශ කිරීමටත්,
    ජ.වි.පෙ. පමණක් තහනම් කළානම් හොරේ අහුවෙනවා බය වුනා යයි සිතන්නට ඔබට අයිතියක් ඇතිමුත් මා එය එසේ යයි නොසිතමි.
     
    මා පිළිගන්නවා එස්. ටී. එෆ්. එක සිංහල තාරුණ්යකට හෙට නැති කරන්න යොදා ගත්තා කියළා.
    එය එසේ නොවියැයි මා කොතනකවත් කියා තිබේද?
    එස්. ටී. එෆ්. එක පළමුව යොදා ගත්තේ
    සිංහළයට විරුද්ධවද නැත්නම් දෙමළ තරුණයට විරුද්ධවද යන්න ගැන
    කිසිදු අවුළක් මා හට නැතත් ඒ ගැන අවුළක් ඔබට ඇතිබව ඔබේ සටහන් වළින්ම පෙනේ.
    දේශපාලනය පිළිබඳව සවිඥාණක ඔබ දෙමළ තරුණයට විරුද්ධව පළමුව යොදා ගත්තත්,
    ජ.වි.පෙ. මර්ධනයටත් එස්. ටී. එෆ්. යොදා ගැනීමට ජේ. ආර්. අදහස් කළ ලෙසට
    පලමු ප්රකාශය වෙනස් කර ඇති අයුරු අවිඥාණකවම පෙනේ..
    (c)
    නමුත් ඔබට මතක නැතිවාට 1982 ජනාධිපතිවරණය අවසානයේ
    ජේ. ආර්. කියපු කරපු කතාවල නැක්සලයිට් කුමන්ත්ර ණ ගැන, ආයුධ ගැනීම ගැන සඳහන් කරළා තිබෙනවා.
    නමුත් ජ.වි.පෙ. ත්‍රස්තවාදය නැති කිරීමට එස්. ටී. එෆ්. යොදා ගැනීමක්
    ජේ. ආර්. ගේ හිත තුළ තිබූ බවට උපකල්පන මතින් නිගමනවලට එළඹෙන්නේ කෙසේද?
    ජේ.ආර්.ගේ හෝ මහින්දගේ සිත් තුළ තිබෙනදේ කෙසේවෙතත්
    මගේ ළඟම මිතුරාගේ සිත තුළ තිබෙනදේ වුව කීමට මා හට නොහැක.
    ජේ. ආර්. විසින් විනිමය වංචාවක් සම්බන්ධයෙන් තමුන්ගේ ඥාතින් නිදහස් කර ගැනීමට
    සහ ඡන්දයේ වාසිය ගැනීමට විජේවීරව නිදහස් කළත්
    ඔහුව වෙනත් ලෙසකින් විනාශ කිරීමට සැලසුම් කළේ යයි
    උපකල්පන මතින් නිගමනවලට එළඹෙන්නේ කෙසේද?
    ජ.වි.පෙ. තහනම් කිරීම සමගම එස්. ටී. එෆ්. එක හැදෙන්නේ අහඹුවකින්යැයි මා කොතනකවත් කියා තිබේද?
     
    1983 දී විශේෂ කාර්ය බලකාය හැදුවේ LTTE නිසායි මා කියන්නේ එය පැහැදිළිවම පෙනුන නිසාවෙනි.
     
    නමුත් ජේ. ආර්. ගේ හිත තුළ තිබුනදෑ කියන්නට මට නොහැක.
    ජේ.ආර්.එසේ කියා තිබුනානම් මම එය එසේ යැයි පිළිගනිමි.
     
    3. රවි දේශපාලනය ප්රසිද්ධියේ නොකළා පමණක් නොව තම පියාගේ රාජ්ය ව්යාපෘතියක් දියත් කළා. එය අද ද පවති.
    එය ඔබ කියන අයුරින්ම නිවැරදි දේ සඳහා පළමුවෙන් යොදා ගත්තේ ඩී. බී. විජේතුංග මහතා. එය වැරදිද? එය නිවැරදියි .
    නමුත් නාමල් දේශපාලන ව්යාපෘතියක් ඇරඹීමේ වරද වන්නේ එය රටේ යහපතට නොව
    හුදෙක් තම පියාගේ බල ව්යාපෘතිය සහ තම පුද්ගල ප්රාතිරූපය ගොඩ නගාගැනීමට පමණක් යොදාගැනීමයි.
    මෙහිදී වැරදි වන්නේ රාජ්ය් නායකයාගේ පුතා
    තම පියාගේ රාජ්ය බලය සහ රාජ්ය සම්පත් භාවිතා කරමින් පුද්ගළික දේශපාලන ව්යාපෘතියක් ඇරඹීමය.
    එසේ නොකියා සිටිමට නම් නාමල්ගේ දේශපාලන ව්යා‍පෘති වලින් තාරුණ්යට සිදුවී ඇති සේවාවන් පහදාදෙන්න.
    4.
    (a)
    රටේ අනාගතය බාරගැනීමට සිටින තරුණයන්ට වෙන්වූ අමාත්‍යංශය අගුපිලක් සේ හැඳින්වීම
    තරුණයන්ට කළ අපහාසයක් නොවන්නේ
    කැබිනට් මණ්ඩලය ගෙයක් සහ අමාත්‍යංශය එහි කාමරසේ සැළකුවහොත් ජේ.ආර්.ගෙන් පසු හැම රජයක්ම පාහේ
    තරුණයන්ට වෙන්වූ අමාත්‍යංශය තබා තිබුනේ අගුපිලේ බැවිණි.
    එනිසා සැබවින්ම අපහාස කළවුන් වන්නේ පාලකයන් මිස Beyond Frame හෝ මල් මාමා හෝ මා නොවේ.
     
    ඔබ මෙතැනදී නිවැරදියි හෙට දිනයේ අධ්යාපන අමාත්‍යංශය එසේ හඳුන්වනු ලැබුවොත් එය පුදුමයක් නොවේ.
     
    ඔබ නිවැරදියි මා කියන මාන වලින් බැලූ කළ තරුණ කටයුතු අමාත්‍යංශය ප්රවාහන අමාත්‍යංශයට වඩා මිටි වන්නේ,
    තරුණ කටයුතු වලින් කොමිස් ගැසීමට ඇති අවස්ථා අඩු වීම.
    ප්රවාහන අමාත්‍යාංශය හා සසඳන කළ තමුන්ට උපකාරි කළ අයට ප්රත්යුපකාර කිරීමට
    තරුණ කටයුතු අමාත්‍යංශය තුළ ඉහළ රැකියා සංඛ‍යාවක් නැති කම
    සහ සරළව කිවහොත් පොදු ජනයා මෙය එතරම් බලගතු අමාත්‍යංශයයක් යයි පිළිනොගැනීමයි.
    නමුත් මෙවර වෙනදා නොතිබුණු විශයයන්ද එක්කොට ඔහුට යම් සාධාරණයක් සිදු කර ඇත.
     
    එය එසේ වුයේ ඔහුගේ විරෝධය පෑම සහ Beyond Frame ගේ
    මේ ලිපිය නිසා විහහැකියයයි උපකල්පන මතින් නිගමනවලට නොඑළඹෙමි.
     
    ඔබ නිවැරදියි .තරුණ කටයුතු නැංවීම අරමුණු කර ගත් අයෙකුට ඉහත සඳහන් කළ දේ නොවටිනා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
    ප්රවාහන ඇමතිව සිටියදී පවා ඩලස් තාරුණ්යයේ තක්සලාව නමින් වූ ව්යාපෘතියක් දියත් කළා.
    තරුණ කටයුතු අමාත්‍යංශය ඩලස්ට දුන්නේ ඒ අඩු පාඩුව සපුරන්නටයයි උපකල්පන මතින් නිගමනවලට එළඹෙන්නේ කෙසේද?.
    තරුණයන් ළඟින් ඇසුරු කළ අයෙක්වු ඩලස් , තරුණ කටයුතු අමාත්‍යංශය බාර ගැනීම දෙස
    ශුභවාදීව බලන්නට නොහැකි වී ඇත්තේ දේශපාලන කුහකත්වය නිසා නොව,
    මහින්ද වෙනුවෙන් ඔහුදර දිය ඇදි අයුරින් ඔහුට සැලකියයුත්තේ මේ අයුරින් නොවන බවත්
    පැහෑදිළිවම ඔහුට කුඩම්මාගේ සැළකිලි ලැබී ඇති බවත් පෙනෙන නිසා මිස අන් කුමක් නිසාද?
     
    නමුත් කුහක ඇසින් මේ ලිපිය කියවුවහොත් එය ඔබේ මතවාදයට සමපාත වනබවට අන් කවර කතාද?
     
    (b)
    තරුණයන් වළ පල්ලට දැක්කීමේදී එ. ජා. ප. යේ දායකත්වය සෙසු පාර්ශ්ව හා සසඳන කළ ඉතා සමානය.
    නමුත් සිංහළ තරුණයන් වළ පල්ලට දැක්කීමේ එ. ජා. ප. යේ දායකත්වය ජ.වි.පෙ හා සසඳන කළ විසි දහසකින් පමණ අඩුය.
     
    (c )
    ඔබ නිවැරදියි, මහින්ද විදේශගත වන විට වෙනත් මංත්රී වරුද ඒ සමග යනු මා රූපවහිනියෙන් දැක නැත.
    ඒ මා රූපවාහිනිය නොබලන නිසාවෙනි.
    නමුත් විමල් වීරවංශ හැර අන් අය ඇමතිවරුන්ය.
    ඔවුනට නිල ගමන් ඇත.
    විමල් එසේ නිල නොවන ගමන් ගොස් ඇත්නම් එයද වරදකි.
    නැවතත් ඔබ උත්සාහ ගන්නේ ඔවුන් එසේ කළ බැවින් ප්ර්ථම වතාවට නාමල් එසේ කිරීම වරදක් නොවේ යයි කියන්නද?
    නාමල් තම පුද්ගලික වියදමින් මේ ගමන ගියානම් අප හට අවුළක් නැත.
    ඇයි ඇස් පනාපිට පෙනෙන වරද නොතකා හරින්නේ?
     
    මගේ දැනුමේ හැටියට රජයේ විධායක ශ්රේණියේ නිලධාරිනට ප්ර සිද්ධියේ දේශපාලනය කිරිමේ අයිතිය නැත.
    ඔවුනට ඇත්තේ චන්දය පාවිච්චිකෙරුමේ අයිතිය පමණි.
    නාමල්ගේ බාප්පාටද ඒ නීතිය අදාළය.
    නමුත් ඔහු පසුගිය මැතිවරණ දෙකේදීම දේශපාලන ‍රැස්වීම් ඇමතූ බවට ජාතික පුවත්පත්හි වාර්තා පළවිය.
    එම පුවත් වැරදියයි සඳහන් නිවැරදිකිරීම් නොදු‍ටුවෙමි.
    නාමල්ගේ බාප්පාගේ ආයතන සංග්ර‍හ විරෝධි වැඩ පිළිබඳව අවබෝධයක් ඔබට ලැබිනැයි හඟිමි.
    6.
    කේවල හෝ සමානුපාත හෝ යන කුමන ක්රකමයෙන් වුවද එක පක්ෂයකින් වැඩිම ඔලුගණන පත්වුයේ මෙවරය.
    1977 දී ජේ.ආර්. 160 කින් ලබාගත්තේ 140කි.
    මෙවර 225 කින් 144 කි.දැනටම එය 146 ක් වී ඇත.
     
    මෙය පාර්ලිමේන්තුවේ බලය එල්ලී ඇති අවස්තාවක් නොවන බැවින්
    තුනෙන් දෙකක් බලාපොරොත්තු වුවද
    බඩගෝස්තරවාදී සංස්කෘතිය ඉවත් කිරීම ඉතා පහසු දෙයක් වේ.
    උවමනාකරන්නේ වේදීකාවේදී ගිරිය පුප්පාගෙන කෑ ගසා කී
    කැපවිම ඔප්පුකර පෙන්වීම පමණි.
     
    විශේෂයෙන්ම දේශපාලනය පිළිබඳව ලිවීමේදී හෝ කතා කිරීමේදී
    මහින්ද ඇතුළු පිරිස පෙන්වූ සුමුදු බව සන්වේදී බව ප්රායෝගික දේශපාලනයේ දක්නට නැත.
     
    ඒ අතරම දෑත ශක්තිමත් කිරීමට පැමිණි එ.ජා.ප. මංත්රීවරුන් තවදුරටත් එ.ජා.ප. නොවේ.
    ඔවුන් ශ්රි.ල.නි.ප සාමාජිකයන්ය.
    බොහෝ තැන්වලදි ජනතාවගේ ඉහළම මනාපය ඔවුන් හට ලබාදී ඇත.
     
    ඔවුන් පුරුදු පුහුණු වූ සංස්කෘතිය ඔවුන් තමුන්ගේ වත්මන් ස්ථානයෙන්ද බලාපොරොත්තු වනවා
    යයි කියන්නේ මේ අයගෙන් කවුරුන් ගැනද?.
    මොවුන් ගැනද?
    1.දුමින්ද 2.තිලන්ග 3.ලොකුගේ 4.මර්වින් 5.මහින්ද 6.රාජිත
    7.නන්දිමිත්ර 8.නවීන්.9.කෙහෙලිය 10.අමුණුගම,
    11.මහින්ද යාපා 12.ලක්ෂ්මන් යාපා.13.දයාරත්න,
    14.ජොන්ස්ටන් 15.ඉන්දික
    16. නියොමාල්17.,සූරිය ආරච්චි,
     
    මා දන්නා පරිදි එ.ජා.ප.මන්ත්රීවරයකුව හෝ සන්විධායකුව දේශපාලනය ආරම්භකොට
    වත්මන් පාර්ලිමෙන්තුවේ රජයේ මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන්නේ මෙම 17 දෙනා පමණි.(මා වැරදි නම් එය පෙන්වනු මැනවි) .
     
    මගේ හෝ වෙන අයකුගේ කෑ ගැසීමේ අයිතියට ඔබ බාධා කළ බවක් මා කොතනකවත් කියා තිබේද?.
     
    ඩලස්ට සිදුවූ අසාධාරණය ගැන කෑ ගැසීම නිසා වෙන් කෑ ගැසීමේ අයිතිය හරවත් දෙයක් වෙනුවෙන් පාවිච්චි කිරීමට හෝ
    එම අයිතියේ බලවත් භාවය රැකගැනීමට නොහැකිවන්නේ කෙසේද?
     
    මැතිතුමණි,
     
    මා සටහන් කළේ ඔබත් මමත් හොඳින්ම දන්නාවූ සත්යය කරුණු පමණි.
     
    මම කිසිම උපකල්පිතයකින් නිගමනයකට නොපැමිණියෙමි.
     
    ඔබ වැනි දේශපාලන සවිඥාණක අයට එසේ නිගමන වලට පැමිණියහැකි බව දනිමි.
     
    නමුත් සාමානයය ගැමියකු වන මා දන්නේ මා සතු දත්ත කැටි කොට අපහසුවෙන් වුව ජාල ගත කිරීමට පමණි.
     
    එහෙයින් මාතින් යම් වරදක් සිදුව ඇතිනම් එය කමා කොට නිවැරදි කරනු මැන.
     
    එසේම උගුරට හොරා බෙහෙත් කෑම දිගටම කළහොත් නුදුරු දිනෙක ඔබ ජනතාව අතර හාස්ය යට ලක්වීම නොවැළැක්විය හැකි වනු ඇත.
     
    Reply
     

  • ranaMay 21, 2010

    තමුන් විසින් තනන ලද ත්‍රස්තවාදයක් මර්ධනය කිරීම නිවැරදි නොවේ. කළ යුතුව තිබුනේ ත්‍රස්තවාදය ඇති නොකර සිටීමයි. ඒ කෙසේ වතුද ත්‍රස්තවාදය පරාජය කළ යුතුමය. යමෙක් හරකෙකුව එලවළු කොටුවකට දක්කීමෙන් පසු එම හරකා විසින් එලවළු කොටුව කා විනාස කිරීමෙදී එහි වගකීම භාරගත යුත්තේ හරකාව දැක්කු මිනිසා මිස හරකා නොවේ. කවුරුන් දැක්කුවද හරකාට තලා එළියට දැමිය යුතුය. මා ජ.වි.පෙ. මර්ධනය පිළිබඳව යම් අනුකම්පාවක් දක්වන්නේ එම හේතුව නිසාය. සිංහල ත්‍රස්තවාදය ගැන මා වෙනස් විදිහකට සිතනවායයි ඔබට සිතෙන්නේ එබැවින් විය යුතුය. මම විශේෂයෙන්ම ඩී. බී . විජෙතුංග මහතා ගැන සඳහන් කළේ ඔහු උතුරේ ත්‍රස්තවාදය පරාජය කළයුතුය යන ස්ථාවරයකට එඩිතරව පැමිනි බැවිනි. මීට කළින් සිටි පාළකයෝ ජ.වි.පෙ. මර්ධනයට බොහෝ කැමත්තෙන් ඉදිරිපත් වුවත් කොටි මර්ධනයේදි කැමැත්තෙන්ම පසුබා සිටියහ. එවන් පසුබිමකදි ඩී. බී. විජේතුංග මගේ විශේෂ ගෞරවයට ලක්වීම නොවළැක්විය හැකිය. ඔහු ජනාධිපති වූ පසු කොටි සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරයක් ගැනීමෙන් සහ යුද්ධය කොටියට එරෙහිව ආරම්භ කිරීමෙන් එස්. ටී. එෆ්. එක නිවැරදි ලෙස භාවිතා කළේය. ඔබ උපුටා දක්වන ලද මගේ අදහස් දැක්වීමට පාදක වී ඇත්තේ එයයි.
     
    ජේ. ආර්. ජයවර්ධන බොහෝ රැස්වීම් වළ ජ.වි.පෙ. මැයි පෙළපාලිවල ස්වභාවය ගැන භීතිය පළ කොට තිබුණි. ඔවුන් හමුදාවල මෙන් පෙළපාලි යතියි ඔහු නිතර දෙඩුවේය. මමද එවන් කතාවක් සජීවීව අසා ඇත. ඉන් ඔහු ජ.වි.පෙ. ආයුධ ගනිතියි සැක පහළ කොට ඇති බව පැහැදිළිය. නමුත් ජ.වි.පෙ. ආයුධ අතත ගන්නේ බොහෝ කළ් ගොස්ය. එනිසා ජ.වි.පෙ. පමණක් තහනම් කිරීම ඔහුට සධාරණීකරණය කිරීමට හැකියාවක් තිබුනේ නැත. සෙසු නාමික වමේ පක්ෂ තහනම් කරන්නේ ජ.වි.පෙ. පමණක් ඉලක්ක කළ බව සැඟවීමටය. 1980 ජුලි වර්ජකයන්ගේ පරාජයත් සමග නැවත ජ.වි.පෙ. ට හෝ සක්‍රයාටවත් එවැනි වර්ජනයක් දියත් කළ නොහැකි බව ජේ. ආර්. ට අවබෝධ නොවිණිනම් ලෝක පුදුමයකි. ඔබට ජ.වි.පෙ. තහනම් කළ හේතුව එය යයි හැඟේනම් මට කළ හැකි දෙයක් නැත.
    ජේ. ආර්. ජයවර්ධන බොහෝ බලගතු පුද්ගලයෙකුව සිටි බව සැබෑවකි. නමුත් ඔහුට සමහර නඩු තීන්දු ඔබ කියන අයුරින් තමුන්ගේ පැත්තට කරකවා ගැනීමට නොහැකි විය. එවන් අවස්ථාවලදී ඔහුට තමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී බලකාය එම නඩු තීන්දු දුන් විනිසුරන්ගේ නිවෙස් ඉදිරිපිටට ගෙනගොස් හූ කීමට සහ ගල් ගැසීමට යොදා ගත් අයුරු ඔබට මතක ඇතයි සිතමි. එමෙන්ම දෙවැනි මැතිවරණයකදී, පළමු මැතිවරණයේදි පරාජිත වුවන්ගේ ඡන්ද පළමු වරට වඩා අඩු වීම ස්වභාවිකය. එය ජ.වි.පෙ. ට විශේෂ වූවක් නොවේ.
     
    නාමල් රාජ්‍ය සම්පත් තාරුණයට හෙටක් සඳහා පාවිච්චි කර ඇත්තේ කෙළෙසදැයි ඔබගේ දත්ත වළින් පැහැදිළි කරන්නේනම් කෘතඥ වෙමි. කෙසේ වෙතත් දේශපාලන වයාපෘතියකින් මූලිකවම අපේක්ෂා කරන්නේ තමුන්ගේ ප්‍රතිරූපය නැංවීම මිස අන් කවරක්ද? සජිත්ගේ ජන සුවයත්, ප්‍රේමදාසගේ සුචරිතයත් එසේ නොවේයයි ඔබට කිව හැකිද? තාරුණ්‍යට හෙටක් මගින් තරුණයන් ඉලක්ක කරමින් ඉංග්‍රීසි පන්ති පැවැත්වීම, පරිඝනක පාඨමාලා පැවැත්වීම යන්න මා දන්නා යම් සෙවාවන්ය.
     
    නිවැරදියි. ඔබ කියනා අයුරින්ම තරුණ කටයුතු අමාත්‍යංශය මීට පෙර සෑම ආණ්ඩුවක් විසින්ම අගුපිලෙහි තබා තිබුණි. නමුත් තරුණ කටයුතු අමාත්‍යාංශය අගුපිළක් සේ සැලකීමට මට නොහැකිය. දැන් එම තත්වය වෙනස් වී ඇත්නම් අප කළ යුත්තේ සතුටු වීම නොවේද? අනික් අතට බියොන්ඩ්ෆ්‍රේම් විසින් එය හඳුන්වා දුන්නේ අගුපිලක් ලෙසටය. එය ඩලස්ට දීම ඔහුට කළ මදි කමක් ලෙස හැඳින්විනි. මා විරුද්ද වූයේ එයටය. ඩලස් විසින් තරුණයන් සඳහා ඔබ කියන අයුරින් වයාපෘතියක් අරඹා තිබුණේනම් තරුණ කටයුතු අමාත්‍යංශය ඔහුට ලබා දීම නිවැරදි තීරණයක් නොවන්නේ කෙසේද?
    ඩලස්ට දුන් ඇමති කම නිසා ඔහුට අසාධාරණයක් නොවූ නිසා ඒ වෙනුවෙන් කෑ ගැසීම පළක් නැති දෙයකි. පළක් නැති දෙයකට කෑ ගැසීම මගින් කෑ ගැසීමෙ අයිතිය බාල්දු වන බව ඔබගේ ජාල ගත දත්ත වලින් පෙන්නුම් නොකිරීම මට පුදුමයක් නොවේ.
     
    ඔබ සඳහන් කරන ලෙස ජ.වි.පෙ. විසින් කරන ලද ඝාතන ප්‍රමාණය එ.ජා.ප. විසින් කරනලද ඝාතන සංඛ්‍යාවට වඩා වැඩිය. එක්කෝ ඔබගේ දත්ත වැරදිය. නැත්නම් ඔබ එම දත්ත ජාල ගත කර තිබෙන අයුරු වැරදිය. මා දන්නා දත්ත අනුව 89-90 කාළය තුළ මියගියවුන්ගේ සංඛ්‍යාව 65000ක් පමණ වේ. ඉන් 6000කට පමණ වගකියා ඇත්තේ ජ. වි. පෙ. ය. එ.ජා.ප. ය සහ එහි අනුභද්ධ කණ්ඩායම් විසින් ඉතිරි 59000ට වග කියා තිබේ.
     
    ඇමති කෙනෙකුට ඇති නිල තත්වයම මන්ත්‍රි කෙනෙකුට නැතත් මන්ත්‍රී කෙනෙකුට ඒ සඳහා සහභාගි වීමට නිල තත්වයක් නැතැයි කියන්නෙ කුමන පදනමකින්දැයි මට නොතේරේ. නාමල් ජනාධිපතිගේ පුතා නිසා ඔහුට තිබෙන නිල තත්වය අහිමි වේද? විමල්ට එම නිල තත්වය නැත්තේ ඇයි?
     
    මා දන්නා තරමින් ඝෝඨාභය දේශපාලන රැස්වීම් අමතා නැත. ඔහු විසින් සිදු කරන ලද්දේ වෙනම සම්මණ්ත්‍රණ මාලවක් දියත් කිරීමයි. ඒ සඳහා ඔහුට අයතන සංග්‍රහයෙන් හෝ වෙන යමකින් බාධාවක් ඇත්ද?
     
    ඔබ කළින් සඳහන් කළ පරිදි ප්‍රේමදාස නැතිවී අවුරුදු 17කට පසුවත් බඩගෝස්තරවාදී දේශපාලනය වෙනස් කළ නොහැක්කේ පර්ලිමේන්තුව එල්ලී සිටි නිසා බව සඳහන් කළේ මීට මාසයකට පෙර තිබුනු පර්ලිමේන්තු එල්ලී සිටි බැවිනි. අලුත් පාර්ලිමේන්තුවද 2/3 ක් නැත. 2/3 සම්පූර්ණ කිරීමෙදි කලින් ආණ්ඩු මුහුන් දුන් අභියෝගවලට මේ ආණ්ඩුවටද මුහුන් දීමේ අවදානමක් පවතී. කෙසේ වෙතත් දැනට කැබිනට් මණ්ඩලය කළින් තරම් විශාළ නැත. එය විශාළ නොවේවායි පතමි. ඔවුන් දැන් ශ්‍රි.ල.නි.ප. මන්ත්‍රී වරු වුවත් ඔවුන් ඇමති තනතුරු බලාපොරොත්තු වෙති. ඔබ නම් සඳහන් කර ඇති මංත්‍රීවරුන්ගෙන් කවුරුන් හෝ ඇමති කම් බලාපොරොත්තු නොවනවනම් එම පින්වත් මන්ත්‍රීවරයගේ නම ඉදිරිපත් කරන්න.
    මමද ගැමියෙකි. දේශපාලන සවිඥ්ඥාණකත්වය ලබා ගැනීමට ගැමි කම බාධාවක් නොවේ. එය පිටුවහලක් වියහැකි බව මගේ විස්වාසායයි. අහස දෙස බලන ගැමියකුට හවසට වහින බව කිය හැකි මුත් දත්ත කැටිකොට ජාල ගත කරන්නාවූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහිදී අසමත් වෙයි.
    නිවැරදි යමක් වෙනුවෙන් පෙනී සිටීම නිසා හාස්‍යයට ලක් වේනම් එම හාස්‍යය මම ඉතා ආදරයෙන් වැළඳ ගමි. ඒ සමගම සත්‍යය සහ නිවැරද්ද වෙනුවෙන් හාස්‍යයට ලක් වූ බොහෝ අය ඉතිහාසය විසින් නිදොස් කරන ලද බව ඔබට මතක් කර දීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
     
  • May 22, 2010
     

      @ rana
    1. තමුන් විසින් තනන ලද ත්‍රස්තවාදයක් මර්ධනය කිරීම නිවැරදි නොවේ.

     
     
    ජේ.ආර්.විසින් ත්‍රස්තවාදය ඇති කළායයි ඔබ කීවද
     
    ජ.වි.පෙ තහනම් කළ පමණින් ත්‍රස්තවාදය ට යොමුවීම සාධාරණය කරන්නේ කෙසේද?
     
    1986 දී දයා පතිරන මැරුවේ ඇයි?
     
    2.“කළ යුතුව තිබුනේ ත්‍රස්තවාදය ඇති නොකර සිටීමයි.
     
     
     
     ජ.වි.පෙ කළ යුතුව තිබුනේ ත්‍රස්තවාදය ඇති නොකර සිටීමයි
     
    3.“මා ජ.වි.පෙ. මර්ධනය පිළිබඳව යම් අනුකම්පාවක් දක්වන්නේ එම හේතුව නිසාය. සිංහල ත්‍රස්තවාදය ගැන මා වෙනස් විදිහකට සිතනවායයි ඔබට සිතෙන්නේ එබැවින් විය යුතුය.
     
    සිංහල ත්‍රස්තවාදය ගැන ඔබ වෙනස් විදිහකට සිතනවායයි මට සිතෙන්නේ
     
    දෙමල ත්‍රස්තවාදයට ද ජ.වි.පෙ ට මෙන්ම සාධාරණ හේතු
     
    තිබුන බව ඔබ පිළිගන්නා බවක්  නොපෙනෙන නිසාය.
     
    මා සියළුම ත්‍රස්තවාදයට එරෙහිය.
     
    නමුත් ඒ මුවාවෙන් තරුණයන් මරාදමනවාට ඊටත් වඩා එරෙහිය.
     
    එය 1971 හෝ 1987 සිංහල ත්‍රස්තවාදය හෝ 1976 සිට  දෙමළ ත්‍රස්තවාදය කියා කිසිම වෙනසක් නැත. අනෙක් අතට මේ දෙගොල්ලනටම රජයට එරෙහිව යාම සඳහා සාධාරණ හේතු තිබුන බව පිළිගනිමි.
     
    නමුත් කිසිවෙකුටත් ආයුධ අතට ගැනීමට අයිතියක් ඇතයි නොසිතන අතර එයට එරෙහිවෙමි.
     
    ආයුධ අතට ගත් අයට එරෙහිවීමට රජයකට ඇති අයිතිය පිළිගනිමි.
     
     නමුත් එය මුහුණට මුහුණලා කරන සටනකදී සිදුවෙන මරාදැමීමකට සීමාවියයුතුය.
     
    ආයුධ සමග හෝ නිරායුධව හෝ අල්ලාගත් හෝ යටත්වූවකුහට
     
    රටේ පවතින නීතියට අනුකූලව දඬුවම් දෙනු විනා මරා දැමීම කිසිසේත් අනුමත නොකරමි.
     
    ශීලාචාර රජයකට එය කිසිසේත්ම නොගැලපෙන්නකි.
     
    නමුත් ඉහත අවස්ථා තුනෙහිදීම එය එසේ නොවූ බවට අප අතර විවාදයක් ඇතිවේයයි නොසිතමි.
     
    එසේ මරා නොදමා පුනරුත්තාපනය කළ හෝ සමාව ලද පසුව හෝ සිවිල් සමාජයට එකතුවුන අයගේ නම් කිහිපයකි මේ.
     
    වික්ටර් අයිවන්,ජයදේව උයන්ගොඩ,මහින්ද විජේසේකර,ජි.අයි.ඩී.ධර්මසේකර,1971 දී,
     
    නන්දන ගුනතිලක,බිමල් රත්නායක,සුනිල් හඳුන්නෙති,පියසිරි විජේනායක 1987 දී (දේශපාලනයේ සිටින අය හැර හිරෙන් නිදහස්ව  සිවිල් සමාජයට පැමිණි මා දන්න අය ඔවුන්ගේ එකළ දේශපාලන අන්නයයතාව එළිකිරීමට අකමැති බැවින් ඔවුන්ගේ නම් සඳන් නොකරමි)
     
    අනෙක් අතට සුරේශ් ප්‍රේමචන්ද්‍ර කරුණා අම්මාන් පිල්ලෙයාන් දයා මාස්ටර් සහ කේ.පී. බලන්න මේ සියළු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයකට අනුගතව ඇති සැටි.
     
    ජ.වි.පෙ.විසින් ඝාතනයට ලක්කෙරුන
     
    දයා පතිරන,ස්ටැන්ලි විජේසුන්දර ,ග්ලැඩිස් ජයවර්ධන,
     
    විජය කුමාරතුන්ග, තේවිස් ගුරුගේ,නන්දන මාරසින්හ,
     
    පොහොද්දරමුල්ලේ ප්‍රේමාලෝක හිමි ඇතුළුව දහස් ගණනක ලයිස්තුව සිහියට ගන්න.
     
    පුද්ගල ඝාතනය දේශපාලනය කරගනිමින්
     
    මෙරටේ මොනතරම් සිවිල් පුද්ගලයන් පිරිසකගේ ජිවිත
     
    ඔබගේ අනුකම්පාව ලබන ජ.වි.පෙ.රටට අහිමි කළාද?
     
    ඔවුන්ගෙන් වැඩිහරියක් නිරායුධව සිටි සිවිල් සමාජයේ වැදගතුන් බව ඔබට මතකද?
     
    අපොයි මුන්ට හෙනගහපන් කියා ප්‍රසිද්ධියේ කිව් අයටද,
     
    කොත්තමල්ලි විකුණූ මුදලාලිටද.
     
    ඔත්තුදුන් රජයේ සේවකයාටද
     
    එක හා සමානව මරණ දඬුවම ලබාදුන් බව අමතකද?
     
    එනිසා මට නම් ඔවුන් ගැන විශේෂ අනුකම්පාවක් නැත.
     
    නමුත් ඔවුනට නිසි අයුරින් දඬුවම් නොකොට මරාදැමීමට එරෙහිවෙමි.
     
    රජයේ හමුදා විසින් ඝාතනයට ලක්කෙරුන ප්‍රේමවතී මනම්පේරි සිට රෝහන ව්ජෙවීර දක්වාමද
     
    පුන්චි නිලමෙගේ ගෝලයන් විසින් මරාදමුනු ත්‍රිමා විතාන වැනි අයට
     
    සමාව දුන්නානම් ඔවුන්ද අද සමාජයට සේවයක් කරනු නො අනුමානය.
     
    ජ.වි.පෙ. අතින් ඝාතනයට ලක්වුවන් අද සිටියානම්.
     
    අනෙක් අතට එල්.ටි.ටි.ඊ. ය අතින් ඝාතනයට ලක්වූ
     
    ලලිත් ඇතුලත්මුදලි.ගාමිනී දිසානායක.ආර්.ප්‍රේමදාස රන්ජන් විජයවර්ධන.
     
    උමා මහේශ්වරන්,ශ්‍රී සභාරත්නම්,ඒ.අමිර්තලින්ගම්,කුමාර් පොන්නම්බලම්,
     
    ලක්ෂ්මන් කදිරගාමර්,ජානක පෙරේරා ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ.සී.වී.ගුණරත්න
     
    ඇතුළු සියළු සිවිල් වැසියන් අද ජීවත්වුනානම් රටට වියහැකි සේවය කෙතරම්ද.?
     
    එසේම යුද්ධයෙදී යටත් වීමෙන් පසු හා අත් අඩන්ගුවට පත්වීමෙන් පසු
     
    කොපමණ ප්‍රමාණයක් මරා දමන්න ඇතිද?
     
    මෙවර දැඩි ලෙස ජනමාධයය පාලනය කළ බැවින්
     
    1971 හෝ 1987-89 හෝ 1 සිට 3 දක්වාවූ ඊලාම් යුද්ධයෙදී හෝ  
     
    මෙන් කිසිදු තොරතුරක් අපවෙත නොමත.
     
    අඩුම තරමින් අපේ සෙබළුන් දහස් ගණන් දිවි පිදුවද
     
    ඔවුන්ගේ නම ගමවත් ප්‍රමාණයවත් රටට හෙළි නොකැරින.
     
    යුද්ධයේ හා ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුවත් පත් වලට මුඛවාඩම් බැඳින.
     
    සමාවෙන්න එය වෙනම කථාකළයුතු මාතෘකාවක් වුවද
     
    ඔබ ගණන් හිලවු අසනවිට මට පෙන්වීමට දෙයක් නොමැත.
     
    සියල්ලන්ගේම ආරක්ෂාව තකා තිබෙන තොරතුරු හෝ එය ලැබුනු මූලාශ්‍ර හෙළිකළ නොහැක.
     
    එම නිසා මෙහිදී පමණක් උපකල්පන මගින් මෙසේ නිගමනයකට එමි.
     
    ඒ.1971 දි 20,000 කුත් 1987-89 දි 60,000 කුත් ලෙස අවස්ථා දෙකකදී
     
    බහුතර සිංහලයන්ගෙන් සමන්විත රජයේ හමුදාව ,
     
    තමන්ගේ බස කතාකරන තමාගේ ඉඟි තේරෙන,
     
    තමාගේම සොහොයුරන් යැයි සිතිය හැකි
     
    සිංහල තරුණයන් 80,000ක් දළ වශයෙන් ඝාතනය කළේ නම් ,
     
    අන් බසක් වහරන අන් ජාතියක් යයි සිතිය හැකි ‘
     
    වෙනම සන්ස්කෘතියක් ඇති දෙමළ තරුණයන් කීයක්නම් ඝාතනය කරන්න ඇතිද යන්නයි.
     
    අනෙක් අතට රජයේ අනුග්‍රහය ලබමින්  සිවිල් වැසියන් ඝාතනයකළ කණ්ඩායම්ද වේ.
     
    චරිත ලන්කාපුර ,රිච්ඩ් ද සොයිසා ,රවිරාජ්,
     
    නිමල රාජන්,සිව කුමාර්,ලසන්ත වික්‍රමතුන්ග එම ගොදුරුවලින් කිහිපයක් පමණි.
     
    ඉදිරියේදී එක්නැළිගොඩගේ නම මෙයට එක් නොවේවා යයි පතමි.
     
    මේ සියළු වර්ගයේ ඝාතකයන් අතුරින් කවරකු හෝ අතින්
     
     මාගේ එක් කුස උපන් සොහොයුරා,
     
    මගේ ලේ ඥාතීන්,
     
    මගේ ළබැඳි මිතුරු මිතුරියන් ,
     
    සියළුම ජනවර්ග හා ආගම් වලට අයත් වූ මගේ හිතවතුන් (නම් සඳහන් කළ හැකි )
     
    දහසකට වැඩි ප්‍රමණයක් ඝාතනය වී ඇත.
     
    අද දවසේ ද ඒ මියගියවුන්ගේ පවුල්වල සාමාජිකයන් තැවෙන අයුරු නිරතුරුවම අත් විඳිමි.
     
    පුද්ගලිකව මේ සියළු වර්ගයේ ඝාතකයන්ගෙන් දිවි ගලවා ගතිමි.
     
    මරණ බය කුමක්දයි මම හොඳින්ම හඳුනමි.
     
    එබැවින් නීතියෙන් මරණ දඬුවම දීම ගැනද මට එකඟ විය නොහැක.
     
    මා විඳි වේදනාව විඳි ඔනෑම අයකු
     
    මොනම අයුරකින් හෝ මිනිසුන් මරාදමනවාට එරෙහිවනු ඇති.
     
     4.
     
        4 (A) මම විශේෂයෙන්ම ඩී. බී . විජෙතුංග මහතා ගැන සඳහන් කළේ ඔහු උතුරේ ත්‍රස්තවාදය පරාජය කළයුතුය යන ස්ථාවරයකට එඩිතරව පැමිනි බැවිනි. මීට කළින් සිටි පාළකයෝ ජ.වි.පෙ. මර්ධනයට බොහෝ කැමත්තෙන් ඉදිරිපත් වුවත් කොටි මර්ධනයේදි කැමැත්තෙන්ම පසුබා සිටියහ.
     
    ඔබගේ මේ සඳහන පහත කරුණු නිසා සදොස්ය.
     
    (a)
     
    ඩී. බී . විජෙතුංග ජනාධිපතිවන්නේ 1993 මැයි 1 දා සිටය.
     
    එවිට ඔහුට අකමැත්තෙන් හෝ කැමැත්තෙන් මර්ධනය කිරීමට ජ.වි.පෙ. යක් නොතිබිණි.
     
    (b)
     
    මිට කළින් සිටි පාලකයෝ වන්නේ ජේ.ආර්. සහ ප්‍රේමදාස පමණි.
     
    ජ.වි.පෙ.උපරිමයෙන් මර්ධනය වන්නේ ප්‍රේමදාස යුගයේ වුවද
     
    ඔහු මුලින්ම ජ.වි.පෙ මරාදමනවාට එරෙහි විය.
     
    එපමණක් නොව මේ දෙදෙනාම ජ.වි.පෙ ට රජයට යටත්වීමට
     
    අවස්ථා දුන්නාට අමතරව කැබිනට් ඇමති තනතුරු දෙන්නද සුදානමින් සිටියා.
     
    ජේ.ආර්.කොටි මර්ධනයට පසු බාන්නේ උඩින් ඇවිත් පරිප්පු දමන විට
     
     ඔහුගේ අන්තර්ජාතික මිතුරන් ඔහු තනි කළ බැවින් වුවද .
     
    ඒ වන විට කොටි බිත්තියටම හේත්තු කර තිබුනි.
     
    ජ.වි.පෙ සහය ලබා ගැනීම උදෙසා වූ ප්‍රේමදාසගේ ඉන්දියානු විරෝධය
     
    ගොස් නතරවූයේ වර්ධරාජා පෙරුමාල්ගේ ඊළමට එරෙහිව කොටින්ට ආයුධ දෙමින් වුවද
     
    අවසාන කාළයේ ප්‍රේමදාස කොටියට එරෙහිවිය.
     
     4 (B)  “එවන් පසුබිමකදි ඩී. බී. විජේතුංග මගේ විශේෂ ගෞරවයට ලක්වීම නොවළැක්විය හැකිය. ඔහු ජනාධිපති වූ පසු කොටි සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරයක් ගැනීමෙන් සහ යුද්ධය කොටියට එරෙහිව ආරම්භ කිරීමෙන් එස්. ටී. එෆ්. එක නිවැරදි ලෙස භාවිතා කළේය. ඔබ උපුටා දක්වන ලද මගේ අදහස් දැක්වීමට පාදක වී ඇත්තේ එයයි.
     
     ඩී. බී . විජෙතුංග මහතා  කොටි මර්ධනයට ජාතිවාදි  ස්ථාවරයක් ගැනීමට
     
    කොටින්ගෙන් එ.ජා.ප.යට එකළ වූ හානිය නිසා තල්ලුවුනා.
     
    ඔහු එකළ කොටින් දෙස බැලුවේ ජාතිවාදී ස්ථාවරයක සිටයි.
     
    එය කොතෙක් ප්‍රබලද යන්න වඩාත් සාමකාමි මතයක සිටි
     
    චන්ද්‍රිකාගේ රූපවල පොට්‍ටු තබන්න තරම් පසුව එ.ජා.ප ගියා.
     
    ඒ පිළිබඳව ඔහුට ඔබගේ ගෞරවය හිමිවීම ගැන මට විමතියක් නැතත්
     
    මා එය උපුටා දක්වන්නේ සිංහල දෙමල ත්‍රස්ත්වාදීනට
     
    ඔබ දෙවිදියකට සළකනවා යයි මගේ කීමට ඔබ එරෙහිවූ නිසාය.
     
    නමුත් දැන් එය ඉතාමත්ම පැහැදිලිවම ඉදිරිපත් කිරීමනිසා එය ගැන වාද කළයුතු නොවේ.
     
    5.
     
    5(A).“ජේ. ආර්. ජයවර්ධන බොහෝ රැස්වීම් වළ ජ.වි.පෙ. මැයි පෙළපාලිවල ස්වභාවය ගැන භීතිය පළ කොට තිබුණි. ඔවුන් හමුදාවල මෙන් පෙළපාලි යතියි ඔහු නිතර දෙඩුවේය. මමද එවන් කතාවක් සජීවීව අසා ඇත. ඉන් ඔහු ජ.වි.පෙ. ආයුධ ගනිතියි සැක පහළ කොට ඇති බව පැහැදිළිය.
     
    දේශපාලකයන් වේදිකාවල කතා කරනදේ
     
    ක්‍රියාවට නොනගන බව මා මීට පෙරත් සඳහන් කළා.
     
    ඔබ හරි ඔහු එහෙම කීවා.
     
    දැන් බලන්න පසු ගිය කාලයේ අලි කොටි ගිවිසුම ගැන කිව්වත් වුනේ කුමක්ද.
     
    සරත් ෆොන්සේකා ඇත්තටම හමුදාව පාවා දුන්නාද.
     
    ගෝඨාභය ඇපලෝ රෝහල ගත්තාද?
     
    එනිසා ජේ.ආර් ගේ මේ කතා පමණකින්
     
    ජ.වි.පෙ.  ගැන ජේ.ආර් දැරූ මතය කිව නොහැකියි.
     
    5(B) “නමුත් ජ.වි.පෙ. ආයුධ අතත ගන්නේ බොහෝ කළ් ගොස්ය. එනිසා ජ.වි.පෙ. පමණක් තහනම් කිරීම ඔහුට සධාරණීකරණය කිරීමට හැකියාවක් තිබුනේ නැත. සෙසු නාමික වමේ පක්ෂ තහනම් කරන්නේ ජ.වි.පෙ. පමණක් ඉලක්ක කළ බව සැඟවීමටය.
     
     
     
    ඔබගේ මූලික තර්කයවූයේ ජ.වි.පෙ ආයුධ ගනීයයි සැක කළ නිසා STF එක හැදුවා යන්නයි.
     
    “ඒ අනුව ජ.වි.පෙ ගැන සැක කළා STF එක හැදුවා
     
    නමුත් ජ.වි.පෙ. ආයුධ ගන්නේ බොහෝ කළ් ගොස්ය.
     
    එනිසා ජ.වි.පෙ. තහනම් කළා. “
     
    යනුවෙන් ඔබ කියන බව ඕනෑම කෙනෙකුට පෙනේ.
     
    ජ.වි.පෙ තහනම් කරනවිට හා ජ.වි.පෙ  ආයුධ  ගන්නා විට තිබුන
     
    දේශපාලන වටපිටාව බෙහෙවින්ම වෙනස් බව තේරුම්
     
    නොගන්නා තාක් ඔබට ඔබේ මතය නිවැරදියයි හැඟේ.
     
    මට සමාවී කරුණාකර 1983 හා 1987 දි රටේ දේශපාලන පසුබිම
     
    එකක් නොව දෙකක් බව වටහාගන්න.
     
    එවිට ඔබට වැටහේවි STF එක හැදුවේ ජ.වි.පෙ මරන්න නොවේ කියා.
     
    අනෙක 1971 දී සිරිමා රජය
     
    වාසුදේව,එස්.ඩී.බණ්ඩාරනායක සහ  එන්.ශන්මුගදාසන් 
     
    අත් අඩන්ගුවට ගන්නේ කැ‍රැල්ලට සම්බන්ධයයි සැක පිට.
     
    එසේම 1983 දී කම්කරු නැගිටීමකට නායකත්වය දේ යැයි සැක කරන පක්ෂ තහනම් කරනවා.
     
    මේ ගැන මගේ පැහැදිළි කිරීම මීට පෙර කළෙමි.
     
    5(C) “1980 ජුලි වර්ජකයන්ගේ පරාජයත් සමග නැවත ජ.වි.පෙ. ට හෝ සක්‍රයාටවත් එවැනි වර්ජනයක් දියත් කළ නොහැකි බව ජේ. ආර්. ට අවබෝධ නොවිණිනම් ලෝක පුදුමයකි. ඔබට ජ.වි.පෙ. තහනම් කළ හේතුව එය යයි හැඟේනම් මට කළ හැකි දෙයක් නැත.
     
     
     
    ශක්‍රයා ගැන නොදනිතත් ජේ.ආර්.ගැන මම දනිමි.
     
    නැවත වර්ජනයක් දියත් කළ හැකි බව ජේ. ආර්. ට අවබෝධ නොවිණිනම් ලෝක පුදුමයකි.
     
    ඔබට ජ.වි.පෙ. තහනම් කළ හේතුව එය  නොවේයයි හැඟේනම් මට කළ හැකි දෙයක් නැත.
     
    5(D)   “ජේ. ආර්. ජයවර්ධන බොහෝ බලගතු පුද්ගලයෙකුව සිටි බව සැබෑවකි. නමුත් ඔහුට සමහර නඩු තීන්දු ඔබ කියන අයුරින් තමුන්ගේ පැත්තට කරකවා ගැනීමට නොහැකි විය. එවන් අවස්ථාවලදී ඔහුට තමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී බලකාය එම නඩු තීන්දු දුන් විනිසුරන්ගේ නිවෙස් ඉදිරිපිටට ගෙනගොස් හූ කීමට සහ ගල් ගැසීමට යොදා ගත් අයුරු ඔබට මතක ඇතයි සිතමි.
     
     
     
    ඔබ එසේ කීවත් එසේ වුවේ එක නඩුවක් ගැන පමණි.
     
    මා දන්නා ලෙසට වී ඇත්තේ
     
    “පිරිමියෙක් ,ගැහණියක් හෝ  ගැහණියක් ,පිරිමියෙක් හෝ
     
    බවට පත් කිරීම හැර අන් සියල්ල කළ හැකි
     
    සර්වබලධාරී ඔබතුමා මේ නඩුව ගැන ගන්නා තීන්දුව කුමක්දැ”යි
     
    ඇසූවිට” උසාවිය මට ඉහළින් ගියා “යයි ජේ.ආර්.කී විට ,
     
    කුපිත වූ ඔවුන් ගල් ගැසූ බවත් නමුත් ඔවුනට දඬුවම් කළ බවත්ය.
     
    ලිඛිත සාක්ෂි ලැබුනහොත් ඔබට දන්වමි.
     
    5(E)  “එමෙන්ම දෙවැනි මැතිවරණයකදී, පළමු මැතිවරණයේදි පරාජිත වුවන්ගේ ඡන්ද පළමු වරට වඩා අඩු වීම ස්වභාවිකය. එය ජ.වි.පෙ. ට විශේෂ වූවක් නොවේ”.
     
     
     
    සාමාන්යය තත්වය එසේවුවද
     
    1982 දී රෝහණ විජේවීරට චන්දය දුන් අය දුන්නේ
     
    ඔහු පරදින බව දැන දැනම ප්‍රතිපත්තිය වෙනුවෙනි.
     
    එය ජ.වි.පෙ.ට සුවිශේෂී තත්වයකි.
     
    එසේ වු ජ.වි.පෙ.චන්ද පදනම අඩුවීම මට නම් විශේෂ වූවකි.
     
    6)
     
    6(A) “ නාමල් රාජ්‍ය සම්පත් තාරුණයට හෙටක් සඳහා පාවිච්චි කර ඇත්තේ කෙළෙසදැයි ඔබගේ දත්ත වළින් පැහැදිළි කරන්නේනම් කෘතඥ වෙමි.
     
    6(B)කෙසේ වෙතත් දේශපාලන වයාපෘතියකින් මූලිකවම අපේක්ෂා කරන්නේ තමුන්ගේ ප්‍රතිරූපය නැංවීම මිස අන් කවරක්ද? සජිත්ගේ ජන සුවයත්, ප්‍රේමදාසගේ සුචරිතයත් එසේ නොවේයයි ඔබට කිව හැකිද?
     
    6(C).තාරුණ්‍යට හෙටක් මගින් තරුණයන් ඉලක්ක කරමින් ඉංග්‍රීසි පන්ති පැවැත්වීම, පරිඝනක පාඨමාලා පැවැත්වීම යන්න මා දන්නා යම් සෙවාවන්ය.
     
     
     
    6(A) නමුත් නාමල්ගේ තාරුණයට හෙටක් සඳහා
     
    දායකත්වය ලැබුනේ රජයේ අරමුදල් වලින් නොවේ යයි
     
    ඔබ කියන්නේද.?
     
    මා දෙන දත්තවල ඔබට සැක සිතෙන නිසා
     
    ඔබම පසුගිය වසරවල පුවත්පත් බලන්න.
     
    එයට රජයේ ආයතනවල අනුග්‍රහය ලැබී ඇති අයුරු.
     
         6(B). සජිත්ගේ ජනසුවයත් ,ප්‍රේමදාසගේ සුචරිතය ,
     
    දේශපාලන ව්යාපෘති වුවද ඒවා ක්‍රියත්මකවූයේ
     
    ඔවුන් විපක්ෂයේ සිටින විටයි.
     
    ඒවාට රාජ්ය අනුග්‍රහය ලැබුනේ නැත.
     
    එම ව්යාපෘතිවල කෝටි සිය ගණන් මුදල් යෙදවුනේද නැත.
     
    6(C)  තාරුණ්‍යට හෙටක් මගින්
     
    තරුණයන් ඉලක්ක කරමින් ඉංග්‍රීසි පන්ති පැවැත්වීම,
     
    පරිඝනක පාඨමාලා පැවැත්වීට අමතර සේවාවල් කර ඇත.
     
    බලන්න http://www.youth.lk/
     
    මගේ ප්‍රශ්නය මේ බොහොම සේවා කිරීමට රජයේ ආයතන ඇති බැවින් (තරුණ කටයුතු අමාත්‍යංශය)
     
    රජයේ ආයතන එම අනුග්‍රාහක මුදල් අදාළ ආයතනවලට නොදී
     
    කාටවත් වගනොකියන තාරුණ්‍යට හෙටක් ට දීමයි
     
    අනෙක අතට පසුගිය ජනාධිපතිවරණයේදී
     
    තාරුණ්‍යට හෙටක් වියදම් කළ මුදල් කන්දරාව හා
     
    සසඳන කළ ඉහත සියළු ව්යාපෘති වලට
     
     වැයකළේ සොච්ච්මක් නොවේද?
     
    ඔව් ,මට දත්ත නැතත් ජනාධිපතිවරණයේදී  පෝස්ටර් හා දැන්වීම් වලට
     
     කොපමණක් වැයකළේද යන්න රටට රහසක් නොවේ.
     
    රජයේ මුදල් එයට නොයදෙව්ව බවට ඔබට සාක්ෂි තිබේද.
     
    ඔබ මෙතරම් නාමල් වෙනුවෙන් පෙනී සිටින නිසා 
     
    ගනු දෙනු රටට හෙළිකරන්නයි මා ඉල්ලන ඉල්ලීමට එකගවෙනවාද.
     
    මා පැහැදිලිවම කියන්නේ රජයේ මුදල් අනුග්‍රහක මුදල් ලෙස ලබාගත් නිසා
     
    තම අවන්කභාවය පෙන්වීමට එදා සිට අද තෙක් විගණන වාර්තාවක්
     
    මේ රටෙ තරුණයනට ලබාදෙන ලෙසයි
     
    7.
     
    7(A ) “නිවැරදියි. ඔබ කියනා අයුරින්ම තරුණ කටයුතු අමාත්‍යංශය මීට පෙර සෑම ආණ්ඩුවක් විසින්ම අගුපිලෙහි තබා තිබුණි.
     
      
     
     ඔබ වැරදියි. මා කියා ඇත්තේ  ජේ.ආර්.ගෙන් පසු හැම රජයක්ම පාහේ තරුණ කටයුතු අමාත්‍යංශය අගුපිලෙහි තබා තිබුණ බවයි
     
    7(B) “නමුත් තරුණ කටයුතු අමාත්‍යාංශය අගුපිළක් සේ සැලකීමට මට නොහැකිය. දැන් එම තත්වය වෙනස් වී ඇත්නම් අප කළ යුත්තේ සතුටු වීම නොවේද? අනික් අතට බියොන්ඩ්ෆ්‍රේම් විසින් එය හඳුන්වා දුන්නේ අගුපිලක් ලෙසටය.”
     
    නමුත් තරුණ කටයුතු අමාත්‍යාංශය අගුපිළක් සේ සැලකීම කරන්නේ මා
     
    ,මල් මාමා හෝ බියොන්ඩ් ෆ්‍රේම් නොව මහින්ද රාජපක්ෂයි.
     
    එය එසේ කරනබව පැවසීමයි අප කළේ.
     
    වැ‍රැද්ද එසේ කිරීමද?
     
    නැතිනම් එසේ කළ බව හෙළි කිරීමද.
     
    මෙය ඩලස් ද  ඒ අයුරින්ම පිළිගෙන ඇතිබව මා හොඳින්ම  දන්නා කරුණකි.
     
    7(C)
     
    එය ඩලස්ට දීම ඔහුට කළ මදි කමක් ලෙස හැඳින්විනි. මා විරුද්ද වූයේ එයටය. ඩලස් විසින් තරුණයන් සඳහා ඔබ කියන අයුරින් වයාපෘතියක් අරඹා තිබුණේනම් තරුණ කටයුතු අමාත්‍යංශය ඔහුට ලබා දීම නිවැරදි තීරණයක් නොවන්නේ කෙසේද?”
     
     
     
    ඔව් එය ඩලස්ට කළ මදි පුන්චි කමකි.
     
    ඩලස් විසින් තරුණයන් සඳහා වයාපෘතියක් අරඹා තිබුණ පමණින්
     
    තරුණ කටයුතු අමාත්‍යංශය ඔහුට ලබා දීම නිවැරදි තීරණයක් වන්නේ කෙසේද?
     
    එසේ නම් ඒ පදනමින් නාමල්ට ඔහුගේ නියෝජ්ය ඇමතිකම දිය යුතුය.
     
    නාමල්ට නියෝජ්ය ඇමතිකම දෙනවාට මා නම් අදත් කැමතිය.
     
    නමුත් ඩලස් යනු යෝධයෙකි.
     
    7(D) “ඩලස්ට දුන් ඇමති කම නිසා ඔහුට අසාධාරණයක් නොවූ නිසා ඒ වෙනුවෙන් කෑ ගැසීම පළක් නැති දෙයකි. පළක් නැති දෙයකට කෑ ගැසීම මගින් කෑ ගැසීමෙ අයිතිය බාල්දු වන බව ඔබගේ ජාල ගත දත්ත වලින් පෙන්නුම් නොකිරීම මට පුදුමයක් නොවේ.”
     
    ඩලස්ට දුන් ඇමති කම නිසා ඔහුට අසාධාරණයක් වූ නිසා
     
    ඒ වෙනුවෙන් කෑ ගැසීම  මගින් කෑ ගැසීමෙ අයිතිය
     
    බාල්දු වන බව ඔබට පෙනීම පුදුමයක් නොවුනත්
     
    එය එසේ යයි සිතන අයට කැගෑසිමේ අයිතියක් ඇත.
     
    මා දන්නේ මා සතු දත්ත කැටි කොට අපහසුවෙන් වුව ජාල ගත කිරීමට පමණි
     
    යනුවෙන් මා අදහස් කළේ අන්තර්ජාලයට එක්කිරීමයි.
     
    එහිදි ඔබට ඇතිවු වැරදි අවබෝධයේ මුල මා බැවින් එයට වෙන්න සමා.
     
     
     
     
     
    8).
     
    ඔබ සඳහන් කරන ලෙස ජ.වි.පෙ. විසින් කරන ලද ඝාතන ප්‍රමාණය එ.ජා.ප. විසින් කරනලද ඝාතන සංඛ්‍යාවට වඩා වැඩිය. එක්කෝ ඔබගේ දත්ත වැරදිය. නැත්නම් ඔබ එම දත්ත ජාල ගත කර තිබෙන අයුරු වැරදිය. මා දන්නා දත්ත අනුව 89-90 කාළය තුළ මියගියවුන්ගේ සංඛ්‍යාව 65000ක් පමණ වේ. ඉන් 6000කට පමණ වගකියා ඇත්තේ ජ. වි. පෙ. ය. එ.ජා.ප. ය සහ එහි අනුභද්ධ කණ්ඩායම් විසින් ඉතිරි 59000ට වග කියා තිබේ.
     
    මා එය සඳහන් කළේ ඊට පෙර ලිපියටද සම්බන්ද කරමිනුයි.
     
    මා නැවත පැහැදිලි කරන්නම්.
     
    1971 දී සභාග රජය සහ ජවිපෙ එකතු වී 20000ක් වලපල්ලට දැක්කුවා.
     
    නැවත 1987 එ.ජා.ප ය සමග එකතුවී 60000ක් වලපල්ලට දැක්කුවා.
     
    මේ අනුව  සභාග රජය 20000 ක්,එ.ජා.පෙ.ය 60,000ක්  වලපල්ලට දැක්කීමට දායක වෙද්දි
     
    මේ 80,000 ම වලපල්ලට දැක්කිමට ජ.වි.පෙ. දායකවුනා.
     
    එවිට පරතරය 20000කි.
     
    මා කියන්නේ මේ හැම මරණයකටම
     
    එවකට සිටිය රජයට සේම ජ.වි.පෙ.ටද සමාන වගකීමක් ඇතිබවය.
     
    මා පිළිතුරුදුන්නේ ඔබේම වචනය වූ වලපල්ලට දැක්වීමටය.
     
    ඝාතන ගැන නොවේ.
     
    ඝාතනය එකෙක් කළද වලපල්ලට දැක්කිමට බොහෝ අයට හවුල්විය හැක.
     
    9) “.9(A)ඇමති කෙනෙකුට ඇති නිල තත්වයම මන්ත්‍රි කෙනෙකුට නැතත් මන්ත්‍රී කෙනෙකුට ඒ සඳහා සහභාගි වීමට නිල තත්වයක් නැතැයි කියන්නෙ කුමන පදනමකින්දැයි මට නොතේරේ.
     
     
     
    ඇමතිවරුනට ද්විපාර්ශ්වික සාකච්චා සඳහා නිල බලයෙන් එතෙර යා හැක.
     
    මන්ත්‍රීවරුනට එසේ නිලබලයක් තිබුනේ නැත.
     
    නමුත් ඔවුනටද නිල සන්චාර ලැබේ.
     
    ඒ මුළු පාර්ලිමෙන්තුවම නියෝජනය කෙරෙන ලෙසය.
     
    එම අවස්ථාවලදී රජයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුද යම් අනුපාතයක් මත සහභාගීවේ.
     
    දැන් පදනම පැහදිලි ඇතයි සිතමි.
     
      9(B). ”නාමල් ජනාධිපතිගේ පුතා නිසා ඔහුට තිබෙන නිල තත්වය අහිමි වේද? විමල්ට එම නිල තත්වය නැත්තේ ඇයි?”
     
     
     
    නාමල් ජනාධිපතිගේ පුතා නිසා ඔහුට තිබෙන නිල තත්වය අහිමි යයි මා කියා නැත.
     
    නාමල් හට  ඉහත පදනම මත සාර්ක් සමුළුවට යාමට නිලපදනමක් නැතිවුවද
     
    ජනාධිපතිගේ පුතා වීම නිසා ඔහු සහභගීවී ඇත.
     
    ඔබ කියන් අයුරින්  විමල් එසේ ගොස් ඇත්නම්
     
    පදනම නාමල්ට අනුව ඔහු ජනාධිපතිගේ ලොකු පුතා වීම වියහැක.
     
    10).”මා දන්නා තරමින් ඝෝඨාභය දේශපාලන රැස්වීම් අමතා නැත. ඔහු විසින් සිදු කරන ලද්දේ වෙනම සම්මණ්ත්‍රණ මාලවක් දියත් කිරීමයි. ඒ සඳහා ඔහුට අයතන සංග්‍රහයෙන් හෝ වෙන යමකින් බාධාවක් ඇත්ද?”
     
     
     
    ඒ සම්මන්ත්‍රණ දේශපාලන අරමුණ උදෙසා නොවී යයි
     
    ඔබ මට ඔප්පු කළහොත් ගෝඨාට මවිසින් සිදුකළ අපහාසය වෙනුවෙන්
     
    ඔබ කියන ඕනෑම තැනකදී බිම වැඳ වැටී සමාව ගන්නෙමි.
     
    අදාළ පුවත්වල යොමුවන් නුදුරේම ලබා දෙන්නෙමි.
     
    11.).
     
    11(A) “ඔබ කළින් සඳහන් කළ පරිදි ප්‍රේමදාස නැතිවී අවුරුදු 17කට පසුවත් බඩගෝස්තරවාදී දේශපාලනය වෙනස් කළ නොහැක්කේ පර්ලිමේන්තුව එල්ලී සිටි නිසා බව සඳහන් කළේ මීට මාසයකට පෙර තිබුනු පර්ලිමේන්තු එල්ලී සිටි බැවිනි.”
     
    මීට මාසයකට පෙර තිබුන පාර්ලිමෙන්තුව පටන් ගන්නාවිට ආසන තිබුනේ මෙසේය.
     
    එ.ජ්.නි.ස.              105                                                                                 එ.ජා.ප.    82
     
    ජ.හෙ.උ.                09                                                                                ඉ.ත.අ.ක.    22
     
    ක.ජ.පෙ.               01                                                                                මු.කො.        05
     
    ඊ.පී.ඩී.පී               01
     
    රජයට                 116                                                                             විපක්ෂ     109
     
    හෙළ උරුමය මැදිහත්ව සිටීමට යාම නිසා රජයට 107 ක් විය.
     
    නමුත් කතානායක පත්කිරීමේදී
     
    හාමුදුරුවන්ගේ වෘෂණ කෝෂ මිරිකුවේ ,
     
    දෙනමක් උස්සාගෙන ගියේ ,
     
    ප්‍රේමදාස උගන්වපු බඩගෝස්තරවාදී දේශපාලනය  නිසාද?.
     
    හොඳ හැමදෙයටම සහය දෙන බව කියද්දීත් ,
     
    හාමුදුරුවන් දෙනමක් ඉස්සීම නිසා නොවෙද ?
     
    රතන හාමුදුරුවො කිව්වේ සමබර කරන්න විපක්ෂයට චන්ද දෙකක් දෙනවා කියා.
     
    එදා හික්මීමක් තිබුනානම් කථානායක නැතිව විපක්ෂයට 108 නේද?
     
    පසුව හෙළ උරුමය රජයයට සහාය දෙනවිට රජයේ ගාන 115 (උඩුවේ හිමි හැර) උනා නේද.
     
    එදා කළ බඩගෝස්තරවාදී දේශපාලන වැඩ නිසා කුමරි කුරෙ සියදිවි නසාගත් බව දන්නවාද?
     
    මේ බඩගෝස්තරවාදී දේශපාලනය වැඩ ප්‍රේමදාසගෙද?
     
    ජ.වි.පෙ. ඉවත් වුනේ ඔවුන් භේද කිරීම සහ පොරොන්දු ඉ‍ටු නොකිරීම මත බව අමතකද?
     
    ඒවා ප්‍රේමදාසගෙ බඩගෝස්තරවාදී දේශපාලනය  වැඩද?
     
    හෙල උරුමය ඇමතිකම් ඉල්ලුවාද?
     
    ජ.වි.පෙ 4 කට වඩා ඉල්ලුවාද?
     
    40 ට අඩුවෙන් ලස්සනට ඇමති මණ්ඩලය තියාගෙන
     
    රජය ගෙනියන්න තිබුනා එල්ලෙන්නේ නැතිව.
     
    අනික රනිල් එකඟතාවයකටත් ඇවිත් තිබුනා රජයට උදව් කිරීමට.
     
    මහින්දගේ බල ලෝභී බඩගෝස්තරවාදී දේශපාලනය වැඩ නිසා ජ.වි.පෙ.වියෝ වුනේ.
     
    අනෙක 2001 දී චන්ද්‍රිකා රජය පෙරලන්න
     
    එස්.බී ලා පැන්නාම වුනේ නැවත චන්දයක් තියපු එක.
     
    බඩගෝස්තරවාදී දේශපාලනය  නැතිනම් එ.ජා.ප මන්ත්‍රිවරුනට දොල පිදේනි නොදී
     
    නැවත චන්දයකට ගිහිල්ලා ජනතාවට කියන්න තිබුනා
     
    අපිට හරියට බලය දෙන්න කියලා.
     
     2001 දී චන්ද්‍රිකා කළා වගේ.
     
    1994 දී රනිල් ආදර්ශයක් දුන්නා එල්ලෙන රජයක් නොහොදා ඉන්න.
     
    මහින්ද තමයි බලය ‍රැකගැනීමට මන්ත්‍රිවරුනට මිල නියමකළේ.
     
    මේ කියන්නේ ඩලස්.
     

  • 11(B).”අලුත් පාර්ලිමේන්තුවද 2/3 ක් නැත. 2/3 සම්පූර්ණ කිරීමෙදි කලින් ආණ්ඩු මුහුන් දුන් අභියෝගවලට මේ ආණ්ඩුවටද මුහුන් දීමේ අවදානමක් පවතී.
     
     
     
    මේ රටේ 2/3 බලය ලැබුනු ආණ්ඩු දෙකයි තිබුනේ.
     
    1970 සමගි පෙරමුණු රජය සහ 1977 එ.ජා.ප. රජය .
     
    ඒ ආණ්ඩු දෙකටම තුනෙන් දෙක වෙනුවෙන් අභියෝග තිබුනේ නැහැ.
     
    එසේ තිබුනේ නම් ඒ මොනවාදයි කියන්න.
     
    මේ ආණ්ඩුවට තුනෙන් දෙක උවමනා වෙන්නේ
     
    ජනාධිපතිවරණයේ මහින්ද චින්තන 2 ක්‍රියාත්මක කරන්නනම්
     
    විපක්ෂයේ සහය ගන්න අභියෝග නැහැ.
     
    එය ලැබේවී.
     
    නමුත් එදා නොකියපු දේ කරන්න
     
    එනම් දෙවරකට වඩා ජනපති වෙන්න වැනි
     
    පුද්ගල අභිමතාර්ථ සඳහා නම් අභියෝග තියේවි.
     

    11(C).”
    කෙසේ වෙතත් දැනට කැබිනට් මණ්ඩලය කළින් තරම් විශාළ නැත. එය විශාළ නොවේවායි පතමි. “
    මා කිසිවකුටවත් චන්දය නුදුන්නෙමි.
     
    ඔබ මේ රජයට චන්දය දෙන්නට ඇතයි සිතමි.
     
    ඔබ චන්දය දුන්නේ මහින්ද චින්තන 2 ට නම් මෙසේ පාර්ථනා කරන්න උවමනානොවේ.
     
    එසේම ඇමති මණ්ඩලය 35 ට වඩා වැඩි කරළාය.
     
    ඔබ විශාලයි කියන්නේ 100 ට වඩා වැඩි වුනොත්ද?
     
     
     
    11(D)
     
    ඔවුන් දැන් ශ්‍රි.ල.නි.ප. මන්ත්‍රී වරු වුවත් ඔවුන් ඇමති තනතුරු බලාපොරොත්තු වෙති. ඔබ නම් සඳහන් කර ඇති මංත්‍රීවරුන්ගෙන් කවුරුන් හෝ ඇමති කම් බලාපොරොත්තු නොවනවනම් එම පින්වත් මන්ත්‍රීවරයගේ නම ඉදිරිපත් කරන්න.
    මේ ප්‍රශ්නය මගෙන් අසා පලක් නැත.
     
    නමුත් මා දන්නා දෙය 140ක් මන්ත්‍රීවරු සිටි ජේ.ආර්.ට ඔය ප්‍රශ්නය මතු නොවුන බවය.
     
    11(E)
    මමද ගැමියෙකි. දේශපාලන සවිඥ්ඥාණකත්වය ලබා ගැනීමට ගැමි කම බාධාවක් නොවේ. එය පිටුවහලක් වියහැකි බව මගේ විස්වාසායයි.”.
    මා දේශපාලන සවිඥ්ඥාණකත්වය ලබා ගැනීමට ගැමි කම බාධාවක් වේ යයි කොතනකවත් කියා නැත.
     
    11(F)
     
    අහස දෙස බලන ගැමියකුට හවසට වහින බව කිය හැකි මුත් දත්ත කැටිකොට ජාල ගත කරන්නාවූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහිදී අසමත් වෙයි.
    අහස දෙස බලන ගැමිය මෙන්ම දත්ත කැටිකොට ජාල ගත කරන්නාවූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද හවසට වහින බව කිය හැකි මුත් දෙදෙනාම අසමත් වන අවස්ථා එමටය.
     

    11(G).

    නිවැරදි යමක් වෙනුවෙන් පෙනී සිටීම නිසා හාස්‍යයට ලක් වේනම් එම හාස්‍යය මම ඉතා ආදරයෙන් වැළඳ ගමි.
    නිවැරදි යමක් වෙනුවෙන් පෙනී සිටීම නිසා හාස්‍යයට ලක් වේ යයි කොතනකවත් කියා නැත.
     
     11(H). “ ඒ සමගම සත්‍යය සහ නිවැරද්ද වෙනුවෙන් හාස්‍යයට ලක් වූ බොහෝ අය ඉතිහාසය විසින් නිදොස් කරන ලද බව ඔබට මතක් කර දීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

     
    එයට මගේ ස්තුතිය පිළිගන්න.
     
    මැති තුමණි.
     
    ඔබතුමා මට පිළිතුරුදෙන අයුරු හා ප්‍රශ්න අසන අයුරු දු‍ටුවිට ඔබගැන හැඟීම් දෙකක් ඇතිවේ.
     
    1.සැබවින්ම් කරුණු නොදන්නාකම නිසා එසේ හැසිරෙන බව. 
     
    2.කරුණු දැන සිටියද තමන්ට අවාසි තන්හී මෝඩ ප්‍රශ්න අසා ලිස්සන බව.
     
     මා මගේ කාලය වැයකර මේ ලියන්නේ ඔබ මේ දෙකින් එක යයි සිතා ඔබට උදව්වීමටය.
     
    අප දෙදෙනා බියොන්ඩ් ෆ්‍රේම්ගේ අවකාශය මෙසේ යොදා ගැනීම නොහොබී.
     
    එනිසා අපගේ සන්වාදය මගේ  බ්ලොගයට ගෙන යන අතර එහිදි
     
    “එම්බල රනා ගනු කඩුව එව සටනට නැතහොත් මෙහි නොසිට පලායව” තුලින් හමුවෙමු.
     
    මල් මාමාත් එන්න.
     
  • පිස්සු වාසු…….පිස්සු නටයි ….!

    පිස්සු වාසු             පිස්සු නටයි ….!

    පාර්ලිමෙන්තුවේ     පිස්සු නටයි ….!

    වාසුගේ …………  පිස්සු නටයි …….!

    ෆැකල්ටියේ       පිස්සු නටයි………!

     ඉහත සඳහන් පෝස්ටරය මෙයට වසර දහ අටකට පමණ පෙර එක්තරා පීඨයක ඇලවුනේ

     සහකාර වෛද්යවරුන්ගේ අරගලයකට වාසු දුන්නාවූ සහයෝගයට එරෙහිවයි.

    එයට අමතරව එවකට එම පීඨයේ සිටි ඔහුගේ නියෝජිතයාදටද එයින් පහර ගසන ලදි.

    එකල මට සිතුනේ මෙය ලියු එකාට පිස්සු කියායි

    මන්ද යත් මාද එම ස්ථාවරයේම සිටි හෙයිනි.

    (අදත් නිවැරදි ක්‍රමවේදයක් හරහා ඔනෑම සුව සේවකයකුට වෛද්යවරයකු වීම සඳහා ඉඩලබාදීමට එරෙහි නොවෙමි.)

    එදා කොතනක හෝ අරගලයක් විනි නම් වාසු එතන විය.

    ජේ.ආර්.ගේ.1978 ආණ්ඩු ක්‍රම වයවස්ථාවට එරෙහිව කළු කොඩි ඔසවන බාහුට වාසු අයෝමය ශක්තියක් විය.

    වියරණ නොවරදවා වේගවත් ප්‍රහාරක කතා පැවත්වීමේ ඔහුගේ ශෛලියට

    අලගු තැබීමටවත් විමල්ට හෝ මහින්දට නොහැක.

    කළෙක ඔහුගේ ගුරුවූ කාල් මාක්ස්ට අනුව හෝ

     රටේ බහුතරයක් අදහන බුදු දහමට අනුව හෝ නලින් ද සිල්වාට අනුව හෝ

    භෞතික රසායනයට අනුව හෝ සැළකුවද මුළු විශ්වයම නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතී යන්න සත්යයකි.

    එහෙයින් ඔහුගේ වෙනස්වීම ගැන මගේ ලොකු ගැටළුවක් නැත.

    (මන්ද කළෙක මාක්ස්වාදියකු වූ මා අදද පිළිගන්නේ සමාජවාදය බිහිවන්නේ ධනපති ක්‍රමය තුලින් යන්නය.

    එබැවින් විකෘති කම්කරු රජයන් බිහිවී සමාජවාදයේ නම කැත කරනවාට මම හැමවිටම එරෙහිවෙමි.

    ගහ ලොකු කර ඵල නෙළා ගැනීම මගේ අරමුණ නිසා වඩාත් දියුණු ධනපති සමාජ ක්‍රමයක් රටේ ඇති කිරීමට කැපවී සිටිමි.)

    නමුත් අද දින මා කියවූ මේ පුවත(මහින්දට තව දෙතුන් වරක් ජනාධිපතිවෙන්න වයවස්ථාව වෙනස් කළාට ප්‍රශ්නයක් නැහැ-වාසුදේව) ඇත්තක් නම්

    ඉහත වු පෝස්ටරයට දායකවූ  සියළු දෙනාම සිසු අවධියේදීම රෝග නිශ්චයෙහි අති දක්ෂයන්ව සිටි බව නොකියාම බැරිය.

    වාසු………….! 

     පොදු ජන අරගලයේදි ඔබෙන් ලැබුනාවූ දායකත්වය අදද අගයමි.

    නමුත් වයස් ගතවීම නිසා ඔබේ සියළු ඉඳුරන් මෙන්ම මනසද රෝගාතුරවී ඇති බවක් මට හැඟේ.

    පසුගියවරමෙන් නොලැබුනත් ලක්ෂ  භාගයක ජනයා ඔබට මනාපය.

    (මගේ සුභ පැතුම් මේ සමග….!)
    එහෙයින් ඔවුනට නිගා නොකොට වහාම ප්‍රතිකාර ලබාගන්න.

    ඔබට සුවය දීර්ඝායුශ සමග සුභ අනාගතයක්…………………!

    සේලයින් නාස්තිය වළක්වමු………………..ජීවිත බේරා ගමු…………….!

    වඩින්න මගේ දෙවියෝ වඩින්න

    සේලයින් කිලෝ 18000ක් කියන්නේ සෙල්ලමක්ද

    ඇඳන් හැත්තෑ දහසක රෝගීනට

    (බිම ඉන්නා උන්ට කවුද සෙලයින් දෙන්නේ)

    දහසක් දවසට උපන්නද දෙසීය පනහක් මැරෙන නිසා

     බැලන්ස් එක හත්සිය පනහ නොවැ

    ඉතින් එකෙකුට සේලයින් මිලිග්‍රෑම් 500 ගානේ බැලුවත්

    මිලියන 36000කට දෙන්න බඩු ගේනාවා

    දැන් ඉතින් කවුරුවත් මැරෙන්න බය වෙන්න එපා

    මේ කප තිබෙන තුරාම බඩු තිබේ.

    (බුදු අම්මෝ……………………..මුන්ට ………….පිස්සූඌඌඌඋ )

    මොකාද බොල ඒ…… තොට ගණන් ඉගැන්නුවේ (S) පාලද බොල……….

    (පිස්සෙක් (M) පාලට බැණ අඬ ගසයි… )

    මොකද ….බොල …….මොකද ……….බොල ?

    ඇයි යකඩෝ කිලෝ එකට සේලයින් බොතල් දෙක නොවැ…

     ඉතින් තොට ….   …………          රුදාවද..?

    දොස්තරලා දන්නවා වාට්‍ටුවම එකෙන් ගොඩ දාන්න….

    එනවා මෙතන අපේ ආසියාවේ මක්කද එකට කෙළින්න

    අලියා ……………….කොටියා ………………………….සීනුවා……………..!

    පින්තූරය ඉස්සුවේ 2010 මැයි 13 දින ලන්කාදීප අන්තර්ජාල සන්ස්කරණයෙන්.එහි අයිතිය ඔවුන් සතුය.

    තවත් සුදු කුමන්ත්‍රණයක්……. ලෝකයේ ආශ්චර්යය………?

     

    රාත්‍රී දහය වනතුරු චන්දය දැමීමට ඉඩදී තිබියදීත් චන්දයදීමේ වාසනාව නොලැබීම හැරෙන්නට වෙනත් චෝදනා නොමැතිව මහා බ්‍රිතානයයේ මැතිවරණය පසුගියදා නිමාවිය.

    එහෙත් අදටත් අගමැති පරණ බ්‍රවුන්මය.

    කේවළ මැතිවරණ ක්‍රමය යටතේ ප්‍රබල පක්ෂ තුනක් තරග වැදුනහොත් කිසිවකුටත් බහුතර බලය ලබාගත නොහැකිය යන සිද්ධාන්තය ,බ්‍රිතානයය  පුරවැසියන් අද අත්විඳිමින් සිටී.

    මෙහිදී වැඩිම ආසන ලබාගත් කොන්සර්වර්ටිව් පක්ෂයට චන්දායයකයන් තුනෙන් දෙකක් එරෙහිය.

    ඔවුන් තව ආසන 20ක් ලබා බලයගත්තද මේ චිත්‍රය නොවෙනස්ය.

    මෙහිදි වඩාත්ම අසාධාරණයට ලක්වන්නේ ලිබරල් ඩිමොක්‍රට්ස් පක්ෂයයි

    ඔවුනට වඩා සියයට 50 ක් චන්ද ලබාගන්නාවු කොන්සර්වර්ටිව් පක්ෂය, ඔවුන් මෙන් පස්ගුණයක ආසනහිමිකරගනී.

    ඔවුන්ට වඩා සියයට විසිපහක් ලබාගන්නා ලේබර් පක්ෂය ඔවුන්මෙන් සිව් ගුණයක ආසන හිමි කරගනී.

    මෙය පූර්ණ සමානුපාත ක්‍රමයකදී  නම්  ඔවුන්ගේ ආසන ගණන 150 ක්වන බැවින් සියළු වාද අත්හැර 50 ට 50 අනුපාතයට ක්‍රමවේදයන් දෙකම යොදා ගැනීම වෙනුවෙන් ඔවුන් කේවල් කරමින් සිටි.

    ලේබර් පක්ෂය ඉන් ඔබ්බට යමින් විකල්ප චන්ද ක්‍රමයක් යෝජනා කරයි.

    මෙහිදි කේවල ආසන  ක්‍රියාත්මක උවද එක් චන්දදායකයකුට මනාප දෙකක් හෝ තුනක් හිමිවන අතර  ආසනයකින් තේරීපත්වීමට සම්පූර්ණ චන්ද ගණනින්  සියයට 50 ලබා යුතුය.

    ආසනයකින් තේරීපත්වීමට සම්පූර්ණ චන්ද ගණනින්  සියයට 50 ලබා ගන්නාතුරු පළමු මනාපයට දෙවනි හා තෙවැනි මනාප එකතුකළයුතුය.

    ඒ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් ලැබෙන ක්‍රමවේදයකි.

    නමුත් අප අපගේ අපේක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නොහික්මුණ කම් හා නොහැකියාවන් මනාප ක්‍රමය මත පටවා  පැරණි කේවල ක්‍රමයට ඉදිරි පලාත් පාලන මැතිවරණය පවත්වමු.

    පවත්නා මනාප ක්‍රමය නිසා අමනාපවිම වළක්වමින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් ලබාගතයුතුනම් පහත ක්‍රමවේදය සුදුසුයැයි සිතමි.

    1.

    පාර්ලිමෙන්තුව ආසන 225කින් සමන්විත අතර ඒ සඳහා නියෝජිතයන් 150ක් ‍තෝරා ගැනෙන්නේ දිවයින පුරා විසිරුණු ආසන 150කින් වන අතර

    ඉතිරි 75 ‍තෝරා ගැනෙන්නේ එක් එක් පක්ෂ ලබාගන්නා චන්ද ප්‍රමාණය ජාතික මට්ටමින් ගණනය කොට ජාතික ලයිස්තුව ක්‍රමයටය.

    2.

    දැනට පවත්නා අවිධිමත් ආසන බෙදීම වෙනුවට ආසන්න වශයෙන් එක් ආසනයකට චන්දදායකයන් ලක්ෂයක් පමණ වන  පරිදි අළුතින්ම ආසන නිර්ණය කිරීම.

     (ගණනය කිරීම සමස්ත චන්දදායකයන්ගේ ගණන 150 න් බෙදුවිට ලැබෙන අගයට ආසන්න අගය.)

    3.පක්ෂයට චන්දයකුත් ,පක්ෂභේදයකින් තොරව ඕනෑම අපේක්ෂකයන් තිදෙනකුට මනාප ලබාදීමට ඉඩකඩ සළසාදීම.

    A).ආසනය හිමිවන අපේක්ෂකයකයා ප්‍රකාශිත චන්දවලින් සියයට 51 ක් පළමු මනාපයෙන් හෝ දෙවැනි තෙවැනි මනාපයන්හි එකතුවෙන් ලබා ගතයුතුය.

    B).මෙහිදි එක් චන්දදායකුට පක්ෂ තුනකින් අපේක්ෂකයන් තුන්දෙනකුට මනාප ලබාදිය හැකිවේ

    C).එම නිසා කිසිම චන්දදායකයකු අමනාප කරගත නොහැකි නිසා විනීතව හැසිරීම ඉබේම සිදුවේ.

    D).එසේම එකම පක්ෂයේ අය අතර ගැටීම කොහෙත්ම සිදුනොවන අතර විවිධ පක්ෂවල අයට එකට සිට මනාප ඉල්ලිය හැකිවේ.

    E).ආසනයේ ප්‍රමාණය කුඩාවීම නිසා පෝස්ටර කටවුට්වලට යන වියදම අඩුවීම හෝ ගෙයින් ගෙට යාම,

    කුඩා ‍රැස්වීම් සහ අත්පත්‍රිකා බෙදීමට පමණක් ඉඩදීමෙන් නොයෙකුත් පූර්ව මැතිවරණ දූෂණ හා වැරදි අවම කරගත හැකිවේ.

    F).තමන්ගේ චන්දය ලබාගත් කවරකු හෝ කෙළින්ම ආසනයට වගකියන බැවින් චන්දදායකයන් ද තෘප්තිමත්ය.

    G).තේරිපත්වූ නියෝජිතයාට අන් පක්ෂවල චන්දදායකයන්ටද සැළකීමට සිදුවේ.

    3).

    A).එක් එක් පක්ෂ ලබාගන්නා චන්ද ප්‍රමාණය ජාතික මට්ටමින් ගණනය කොට ජාතික ලයිස්තුව සකසනු ලැබේ.

    B).මෙහිදී මැතිවරණයට පෙර ලබාදෙන නම් පසුව වෙනස් කර චන්දදායකයන් ට හොරෙන් මන්ත්‍රීවරු යැවීමේ ක්‍රමය නතරකළයුතුවන්නේය.

    C). ඒ චන්දදායකයන් චන්දය ලබාදෙන්නේ එම අනුපිළිවෙළ අනුමත කරමින් බැවින් එය වෙනස් කිරීමට කිසිව්කුට ඉඩනොතිබියයුතු නිසාවෙනි.

    D).මෙම ක්‍රමයම පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් ‍තෝරා ගැනීමටද එලෙසින්ම උපයෝගී කරගත හැකි අතර

    ඒ සඳහා පිළිවෙලින් පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා ආසන අළුතින් නිර්ණයකළයුතුවේ.

    4.

    එසේම ජනාධිපතිවරයා දිවයිනේම චන්ද වලින් ‍තෝරා ගන්නා අයුරින්

    පලාත් ආණ්ඩුකාරවරයා පලාතේම චන්දවලිනුත්

    නගරාධිපති හෝ ප්‍රාදේශීය සභාවේ සභාපති එම පලත්පාලන ආයතන බලප්‍රදේශයේම චන්ද වලින් ‍

    තෝරා ගැනීමෙන් මෙම ක්‍රමය වඩාත් අර්ථවත්වන අතර

    පක්ෂනායකයනට අවැසි අය නොව සුදුස්සන් පත් කරගැනීමට ඇති චන්දදායකයන් ගේ අයිතිය උපරිමයෙන් ආරක්ෂාවීමද සිදුවේ.

    5.

    මෙය තවදුරටත් පුළුල් කරමින් සිව්වසරකට වරක් සියළුම මැතිවරණ එකවර පැවත්වීමටද යොදා ගත හැකිය.

    එහිදී පක්ෂය වෙනුවෙන් එක් චන්දයක් දිය හැකි අතර,

    ජනාධිපති,

    පලාත් ආණ්ඩුකාර ,

    පලාත් සභා මන්ත්‍රී,

    නගරාධිපති(ප්‍රාදේශීය සභාවේ සභාපති )

    සහ නගරසභා (ප්‍රාදේශීය සභාවේ )මන්ත්‍රී වෙනුවෙන් මනාප තුන බැගින් සළකුණු කළහැකිවේ.

    6.

    මෙහිදී ඉහළ තනතුරේ අපෙක්ෂකයාගේ නියොජිතයා ලෙස ඊට පහල නියෝජිතයා යොදාගැනීමෙන් මුළු මහත් දෙශපාලන යන්ත්‍රයම සක්‍රියව මැතිවරණයට ඉබේම දායකවේ.

    7.

    එසේම තම පලාත්පාලන ආයතන නියෝජිතයාම ගමේ චන්දපොළ නියොජිතයා වන බැවින් එහිදීම ගණනය කිරීම දුෂණයකින් තොරව සිදුකළ හැක.

    8.

    පවත්නා ක්‍රමය මත මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් විශාල ප්‍රමාණයක්වන ඉදිරිපත්වීමයි.

    බොහෝ විට ස්වාධීන කණ්ඩයමක් ඉදිරිපත් කරන්නේ චන්දපොළ නියොජිතයා / චන්ද ගණන් කිරීමේ නියෝජිතයන් වැඩිකරගැනීමට නිසා සියළුම මැතිවරණ එකවර පැවැත්වීමේදී මෙය මගහැරී යනු ඇත.

    එසේ නොමැතිනම්

    a).දේශපාලන පක්ෂ නැවත ලියාපදින්චි කරනා විට සාධාරණවූ අවම සුදුසුකම් නිර්ණය කිරීම ,

    b).ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත්වීමේදී යම් අවම අත්සන් ප්‍රමාණයක් නිර්ණය කිරීම

    c).ඇපමුදල් තැන්පතුව වැඩි කිරීම මගින් විසඳා ගත හැකිය.

    වඩාත්ම වැදගත් වන්නේ තුනෙන් දෙක හැමදාම තබාගත හැකිවීමයි………!

    පලාත්පාලන ආයතන චන්දය පැවත්වීමට කිසිදු හදිසියක් නොමැති මේ අවස්තාවේ මේ ක්‍රමය අත් හදා බැලීමක් ලෙස ක්‍රියත්මක කර උපරිම ප්‍රජතන්ත්‍රවාදී නියෝජණයක් තුලින් ලොවටම ආශ්චර්යයක් විය හැකිවනු නො අනුමානය.

    සන්වාදයට විවෘත අතර හිමිකම් නො ඇවිරිණ.

    ඇමතිතුමා ඉතා දුෂ්කර දිගු ගමනක් දුම්රියෙන් යයි…..!

    පොල්ලෙ එල්ලී නැළවි නැළවි
    කුමාරිගේ ජීවන සුවඳටම මුසුව එන
    කරුවගේ  ගල් අරක්කු සුවඳ නොමදව විඳිමින්
    කොළඹ්බ සිට මරදාන තෙක්
    මිටර දෙදහසක අති දුෂ්කර ගමනක්
    විඩාබර මගේ නෙතු විවර වූයේ
    ඔබ නිසයි උතුමාණනි.

     ඔබදු‍ටු සැණින් මා ගත විඩාව
    පැන ගියේ මටද නොදන්වමිනි.
    අහෝ උණු වන සිතක් ඇති ඔබතුමා
    ඇයි අපේ දුක වෙනුවෙන්
    මේ තරම් දුක් විඳ මේ දුර ගෙවන්නේ.
    මගේ මොබයිලයට කොටම කොට පණිවුඩයක්
    එහෙත් නැතිනම් රින්ග් කට් එකක්
    දුන්නා නම් ඉවර නොව
    අපෙ දුක මාගලක ලියාගෙන
    දෙදහක් අත්සන් ද සමග
    ටෙක්නිකල් හන්දියේ කන්‍තෝරුවටම
    අරගෙන එනවා නොවැ.

    දැන් ඉතින් මක් කොරන්නද
    මෙන්න මේ

    ඩීසල් සුවඳැති කළුම කළු පුයර ටිකක් උලාගන්න හැමතැන

    ප්‍රසන්න   දුම් පූජාව විඳිමින්

    ඊ ලඟ නැවතුමෙන් බැසගන්න.
    තනියම පාරට යන්න දන්නවා නේ.
    සැකයක් හිතන්න එපා
    ඔබතුමා විඳි දුක
    හැමදාම හැමෝටම
    හැමවිටදි  හැමතැනදි
    කියන්නෙමි නොවළහා..
    අහෝ මෙහෙව් ගුණ කඳක්..

    මා මරදානෙන් බැස ගමි
    අද වැඩ නොකළත්
    සිත පිරී ඇත
    තන් ‍තෝසෙට…….!

     පින්තූරය ඉස්සුවේ 2010 මැයි 7 දින ලන්කාදීප අන්තර්ජාල සන්ස්කරණයෙන්.එහි අයිතිය ඔවුන් සතුය.

    සජිත්…………රනිල්ටද,,,,,,,,,,,,,මහින්දටද…………?

    පසුගිය මැතිවරණයත් සමගම එක්සත් ජාතික පක්ෂය නිරතුරුව සාකච්චාවට බඳුන්වෙමින් පවතිනු දැකිය හැකිය.මෙහි සමහරෙක් රනිල් වික්‍රමසිංහ  එළවා දැමීමටත්,තව සමහරෙක් සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබාදීමටත් කැසකවන අතර දෙපැත්තටම  අයත් නැතිබව පෙන්නමින් පූර්ණ ප්‍රතිසන්විධානයක් ඉල්ලමින් හැන්ගිමුත්තන් කෙළින පිරිසක්ද වේ. එක්සත් ජාතික පාක්ශිකයකු නොවන මා හට ඔවුන්ගේ ප්‍රශ්ණයට අතදැම්මිමට ඇති ඇම්ම නම් අප රටේ පැරණිම සහ විශාලතම වන එය කාගෙවත් බූදලයක් නොව මේ රටේම තවත් කොටසකි.මේ රටේ ජනයාගේ සම්පතකි.1948 සිට අද තෙක්ම මේ රටේ සන්වර්ධනයේ වැඩිම බර ඇද ඇත්තේ ඔවුන්ය.1977  ජේ.ආර්.ගේ ව්්‍යවස්තාවේ ආනුභාවය නිසාවෙන් වසර හයකට වරක් මාරු කරන ලද තැටිය දැන්  වසර 15-20 තෙක්  එකදිගට වාදනයවේ. නැවත තැටිය වැයීමට උපරිම විභවය ඇත්තන් ගැන කතාකිරිමට හැමටම අයිතියක් ඇත.ඒ නිසා දැන් කාරනාවට බහිමු.

    යු.එන්.පී,ය පැරදුනේ රනිල් නිසාද?

     ඔව්.පැරදුන මැතිවරණයන් මෙහෙයවුයේ රනිල් නිසා ඔහු වගකිවයුතුයි.

    නමුත් ඔහු  මැතිවරණයන්  18 ක් එකදිගට පැරදුනාද ?

    නැත ඔහුගේ  2001 ජයග්‍රහණය 2004 දී උදුරාගත් තැන් සිට වසර හයකදී මහමැතිවරණ දෙකක් ,ජනාධිපතිවරණ දෙකක් ,පලාත් සභා සහ  පලාත් පාලන මැතිවරණයක් පැරදී ඇත.පසුව සඳහන් එතරම් නොවටින දෙක අත්හැර දැමුවිට ඔහු එදා චන්ද්‍රිකාට හෝ සිරිමවෝටද වඩා බලගතු බව පැහැදිලිවම පෙනේ. සිරිමාවෝ හෝ චන්ද්‍රිකා යු.එන්.පි ජනාධිපතිවරයකුගේ රජයක් පෙරළා දමා එම ජනාධිපති යටතේම රජයක් පිහි‍ටුවීමට අපොහසත්වුවද,රනිල් එම අභියෝගය ජයගත්තෙකි.දැන් රනිල්ගේ බැරිකම් දකින මහත්වරුණි ආපස්සට හැරී බලන්න.2005 දී රනිල් පැරද්දුවේ අලි කොටි ගිවිසුමක් ගැන කියමින් කොටි සමග ගිවිසුමක් ගසා බව එදා එසේ ජනතාව මුලාකළවුන්ගේ කටින්ම මේ වනවිට හෙළිවී හමාරය. යුද්ධයේ ජයග්‍රහණයට අයිතිකරුවන් බොහෝ සිටියද,රාජපක්ෂ රජය කොතරම් වැරදිකළද ඒ සියලුපව් 30 වසරකයුද්ධය අවසන් කළ නිසා ගෙවී ගියේය.කවුරුන් පිළිගත්තත් නොපිළිගත්තත් යුද්ධය අවසන් කිරීමට සමත්වු රාජ්්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බව ඉතිහාසගතව අවසන්ය.මේ රටේ ජනයා පිළිගෙන අවසන්ය.යමෙක් එය එසේ නොවේයැයි සිතන්නේ නම එය කුහකකම හෝ මෝඩකම නිසාමවියයුතුය.එවන් සන්දර්භයක් තුළ ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ සමග ඔට්‍ටුවීමට සිතීම මෝඩකමකි.2010 දී මහින්ද රාජපක්ෂට තරගයක් දෙන්න ගොස් පස්ස බිම ඇණගන්නේ නැතිව ඉන්නේ කෙසේදැයි තැවෙමින් සිට රනිල්ව බේරගන්නට ජ.වි.පෙ ඇත්තන් දුන් අන් තට්‍ටුව පැළඳ ගත් සරත් ෆොන්සේකා ඉදිරිපත්වීම රනිල්ට දෙය්යො දුන්නාක්මෙන්විය.රනිල් නැතිව ඉදිරියට දැමූ සරත් නම් අශ්වයා දිවූ දුර අපි දු‍ටුවෙමු.අනිත් වල් අශ්වයකුවූ ස(S)වුත්තු බ(B)න්ඩා දැම්මනම් යූ.එන්.පිය.බිමය. සජිත් ගැන පසුව කියමි.2005 දී ඇන්ටන් බාලසින්හම් කීවාක්සේම රනිල් යනු කපටි නරියෙකි.2010 ජනවාරි 26 දා මේ නරියා ඉතාමත්ම දක්ෂ ලෙසින් තමන්ගේ ඇඟ බේරාගත් අතර තමන්ගේ තරම නොදත් මෝඩයා සිරගතවිය.එවන් හරකුනට නොතෙරුනද දාම යන හැටි ගේම පටන්ගන්නකොට දකින පියාගේ වෘෂණ කෝශයේ ශුක්‍රාණුවක්ව සිටි අවදියේ සිටම දේශපාලනය ඇඟේ දුවන මේ දෙන්නාම දිනුවේය. යුද්ධයේ ජය 2012 විකුණන්න බැරිනිසා පදවිකාලයේ අවුරුදු දෙකක් ඔට්‍ටු තැබූ මහින්ද රාජපක්ෂත් ගොඩ.2012 දී ගොඩ යන්න තිබුනත් 2010දි පක්ෂනායක කමත් නැතිව ගෙදරයන්න සිද්දවෙන මරාලයෙන් රනිල් වික්‍රමසිංහත්ගොඩය.S.B , ජොනී හැදුවෙ පක්ෂයට ඇති ආදරය පෙන්නමින් රනිල් වික්‍රමසිංහට ගේම දෙන්නවුවත් මේ නරියා ඒවට අහුවුනේ නැත..

    මේවෙලේ ගේමක් දෙන්න බැරි බව උපකල්පනය කළ යූ.එන්.පි ලක්ෂ 15 ක් මහ මැතිවරණයේදී නැගිට්ටේ නැත.

    රනිල් අදක්ෂද..?

    රනිල් අදක්ෂ නම් 2001 දි චන්ද්‍රිකාගේ රජය පෙරළා දමා රජයක් පිහි‍ටුවන්නෙත් ,2005 දි සියලු අවාසිසහගත තත්වයන් යටතේ මහින්දට කරට කර තරගයක් දෙන්නෙත් සහ 2010 සරත් ෆොන්සේකා ඉදිරියට දමා ජාම බේරාගන්නේ කොහොමද?.

    රනිල්ට බයද?

    එසේනම් විශ්‍රාම වැ‍ටුප හා රජයේ සේවයට පත්වීම් ලබානොදීම ,කොටි දෙකඩ වෙන්කිරීමට සමත්වූ ගිවිසුම ගැසුවේ කෙසේද?

    රනිල් ජනප්‍රිය නැද්ද?

    රජයට විරුද්ධව පාර්ලිමෙන්තුවේදිවත්,ජාතික තලයේ දේශපාලනයේදීවත්, රවී හෝ දයාසිරි තරම් වත් හඬක් නොනැගුවත් පියාගේ උරුමය හා සද්භාවයෙන්ම දිළිදුම දිස්ත්‍රික්කයේ ජීවත්වෙමින් ඔවුන්ට කරන ලද් සේවය නිසා ජනප්‍රියම යූ.එන්.පි  මන්ත්‍රීවරයාවීම නායක්ත්වයට එකම සුදුසුකම යයි සිතන සජිත් ප්‍රේමදාස සහ රනිල්ගේ ජනප්‍රියතාව වෙනස්වීම පහත වගුවෙන් පැහැදිළිය.

    නම   ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
     රනිල් වික්‍රමසිංහ 1977 22045   22045   100   38336   57.51   44326   49.73
     රනිල් වික්‍රමසිංහ 1989 86477   385733   22.42   712437   12.14   969658   8.92
     රනිල් වික්‍රමසිංහ 1994 291194   385100   75.62   921933   31.59   1235959   23.56
     රනිල් වික්‍රමසිංහ 2000 363668   440684   82.52   1014220   35.86   1385547   26.25
     සජිත් ප්‍රේමදාස 2000 98968   119074   83.12   276127   35.84   360026   27.49
     රනිල් වික්‍රමසිංහ 2001 415696   546417   76.08   1058481   39.27   1440682   28.85
     සජිත් ප්‍රේමදාස 2001 92536   112520   82.24   281162   32.92   369073   25.07
     රනිල් වික්‍රමසිංහ 2004 329524   441841   74.58   1057966   31.15   1467751   22.45
     සජිත් ප්‍රේමදාස 2004 82968   98877   83.91   279310   29.71   384361   21.59
     රනිල් වික්‍රමසිංහ 2005 569627   569627   100   1114250   51.12   1468537   38.79
     රනිල් වික්‍රමසිංහ 2010 232957   339750   68.57   939375   24.8   1521854   15.31
     සජිත් ප්‍රේමදාස 2010 74467   83027   89.69   278054   26.78   421186   17.68

     

    කිසිදු මඩක් නොමැතිව ඔ‍ටුන්න හිමි කුමරකුසේ ජනප්‍රිය සජිත් ප්‍රේමදාසගේ සහ රටේම තිබෙන්නාවූ  සියළුම දහජරාවෙන් නාවනු ලැබුවාවූ රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියතාවයේ  වෙනස පෙනේද?

     එතකොට රනිල් එලවන්න හදන්නේ ඇයි?

    කුමන හෝ ක්‍රමයකින් බලය ලබාගෙන වැජබීමට උත්සාහ කරන ඕනැම එකෙකුට රනිල් අරහන්ය.කෙටි ක්‍රමයෙන් බලයට එන්න උත්සහා කරන්නෝ පළමුව රනිල් එලවන්න බලති.එසේ බැරිවූවිට රනිල්ට දෙස් දෙවොල් තියමින් යූ.එන්.පි  බේරගන්න යනවා කියමින් මහින්දගේ ඔඩොක්කුවට පනිති.දැන් ඔය ගිය මහත්වරු ඇමතිවරුවී යූ.එන්.පි  බේරනවාද?රනිල් නොහිටින්න මේවන්විට ඔවුන් යූ.එන්.පි  ය ගෙඩියපිටින්ම ගෙනිහින් මහින්දගේ පෙට්ටගම ඇතුලේ ආරක්ෂවට තබා ය.සජිත්ට සිදුවන්නේ හම්බන්තොට යූ.එන්.පි  නමින් අලුත් එකක් අටවා එහි නායකයා වන්නටය. රටේ ජනතාවට වැඩක් වෙන්නේ ප්‍රබල විපක්ෂයක් තිබුනොතිනි.නමුත් රජයක් කැමැති දුබල විපක්ෂයක් තිබුනොතිනි.එය ලෝක ස්වභාවයයි.එනිසා රනිල් එලවා විපක්ෂය දුබල කිරීම මහින්දගේ කැමැත්තයි.එතැන රනිල් සිටියද එහිවෙනසක් වෙන්නේ නැත.මහින්දගේ ඇමකැවුන් ටිකක් මහින්ද ළගවුවත් තවටිකක් මහින්දගේ උවමනාව ඉ‍ටුකරමින් පක්ෂයේ සිටී.

    යු.එන්.පී. සාමාජිකයෙනි .

    මහින්දගේ තුරුලට ගිය ඔබගේ කපටි ආරක්ෂකයන්ගේ ලයිස්තුව බලන්න.ඔවුන් අද කරන කියදේ බලන්න.ප්‍රේමදාස යුගයේ සිට යු.එන්.පියේ සැබැ ආරක්ෂකයාවූ රනිල් අවිශ්වාශ නොකරන්න.නවීන් කරපු දේ බලන්න.එනිසා මොහොතකට සජිත්වත් අවිශ්වාශ කරන්න.රනිල් එළවීමේ පාපයට හවුල් නොවී මින්මතු පවත්වන මැතිවරණවලට සහභාගීවී ඔබේ පක්ෂය දිනවාගන්න.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මින්පසු චන්ද පොළට යන්න.

    යු.එන්.පී නායකයනි………………..!

    මහින්ද බලයේ ඉන්නේ ඔහුට ජනතාව තාමත් කැමති නිසා බව තේරුම්ගන්න.ඔබට බලයේ රස විඳින්න ඕනැනම් බොරු චා‍ටු නැතිව කෙලින්ම මහින්ද ළඟට ගොස් කුමක් හෝ ඉල්ලගන්න.රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් විපක්ෂය ශක්තිමත්ව තිබෙන්න හරින්න.එසේ නොමැතිනම් සජිත් කරන්නාක් මෙන් ජනයාගේ දුක සැපේදී ඉඳිමින් ඔවුන් අතර ජනප්‍රියවෙන්න.බලය ලබා ගන්න ඔනේ නම් රවී දයාසිරි ශිරාල් වගේ වෙන්න.ආන්ඩුවේ වන්චා දූෂණ ජනතාවට හෙලිදරව්කරන්න.ඒවාට එරෙහිව හඬ නගන්න.රජයේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිවෙන්න.එවාට එරෙහිව ඔබෙ ප්‍රදේශයේ ජනයා පෙළගස්සන්න.(දැනට ඇහෙන්නෙ ඔබෙ රනිල් විරෝධය පමණි.)එවිට ජනතාව ඔබව නායකයා කිරීමටද ඉඩ ඇත.

    සජිත්……..!

    ඔබට නායකයාවන්න අවශ්්‍ය නම්.ඔබේ ආන්ඩු විරෝධය පාර්ලිමෙන්තුවෙත් ජාතික තලයෙත් පෙන්වන්න.රවී දයාසිරි මෙන් හඬනගන්න.රනිල් එලවීම නොව මහින්ද එලවීම ඔබගේ ඉලක්කය කරගන්න.ඔබේ පියා ජේ.ආර්.යටතේ ගියාවූ අඩි පාරේ මිස නායකත්වයට කෙටිමන් සොයා ගොස් ඔබත් පාක්ශිකයනුත් පක්ෂයත් කොටින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේ නොහෙලන්න.

    ජ.වි.පෙ.

      2004 පාර්ලිමෙන්තුවේ කථානායක තේරිමේදි සිදුවු සියල්ල අනුමත කළ ඔබ , 2005 දී බොරු ගිවිසුමක් පෙන්නා ජනතාව මුළාකොට රාජ පක්ෂ සමාගම ලියාපදින්චි කළ ඔබ, 2010 කථානායක පත්කළේ යු.එන්.පී යයි කියමින් බොරුවට (ජ)නතාවට  (වි)යරුව (පෙ)න්නන්න එපා.අසරණ සරත් ෆොන්සේකා හිරේ විළන්ගුවේ වැ‍ටුනේ 2005 දී බොරු ගිවිසුමක් පෙන්නා ජනතාව මුළාකොට රාජ පක්ෂ සමාගම ලියාපදින්චිකරදීමේ ඔබගේ පව් සෝදා දීමේ  කටයුත්තට කර ගැසීම නිසාවෙනි.ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයේ ඔබේ භූමිකාව අගේ කරනමුත් ඔබගේ චතුර කම ජනතාව මුළා කරවන්නට යෙදවීම් අනුමත කළනොහැක.ඉතිහසයේ  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වැඩිම ගණනක් පත්වුන මේ පාර්ලිමෙන්තුවේ ඔවුන් ‍තෝරන කථානායකයාට එසේ සහයදීම හැර වෙන කුමක්ද කරන්නෙ.කර අම්බවන්නද? ඔබේ මෝඩ චූන් ජනතාවට දෙන්න එපා.

    මහින්ද ………..! නියම ජනතාවගේ රජයක් ලෙස  මේ කාටවත් කටක් අරින්න බැරිවිදියට වැඩ කොට (මර්වින් වගේ නොවී).ලන්කාව ලෝක පුදුමය කරවන්න.

    රනිල්………………!

    මේ සියල්ල කීවේ ඔබට කඩේ යන්නට නොව ,රටේ ප්‍රජාතත්‍රවාදය ආරක්ශා කරගතයුතු නිසාය.මේ වෙනුවෙන් අද සිටින දක්ෂතමයා ඔබනිසාය.නමුත් ඉන්ග්‍රිසියෙන් සිතා සිංහලෙන් කථාකරන ඔබට සිංහල භාශාවේ චතුරත්වය නොමැතිබව තේරුම්ගන්න.ඔබේ වචන වාචාලවන්ශලාගේ රසමසවුළු වීම නවතන්න.කථාවට ‍රැවටෙන අපේ උන්ට කථා බැරිවුවත් වැඩ පුළුවන් බව 2013 දී පෙන්වන්න.දෙපැත්ත කන කරුවා වැනිවුන්ට රුක්මන්ට බෙදූ හැන්දෙන්මබෙදන්න.සජිත්,බුද්ධික,ගයන්ත,රවී,රෝසී,දයාසිරි ලා ඉදිරියට අරගෙන අලුත් ගමනක් යන්න නැත්නම් පව් නොදී ගෙදර යන්න.

    ලලිත් ඔබ මහර්ඝ සම්පතක්විය…………!

    අදමෙන් පහසුකම් නොතිබුන අවධියක එනම් මෙයට විසිවසරකට පෙර අන් අයට කෙසේ වූවත්  සරසවි සිසුවකු වූ මාහට  මහපොළ යනු මහර්ඝ සම්පතක්විය.මහපොළ ගැන සහ නිර්මාතෘ අද සිහි කිරීම යුතුකමක් වුවත් අද දිනය අමතකව සිටි මාව කෙනිත්තූ සදාහරිත ඔබට තුති.

    ඔහුගේ දේශපාලනය කෙරෙහි කිසිදු පැහැදීමක් නොතිබීම හා වෙනත් හේතු මත මහපොළ ප්‍රධානෝත්ස්වයට සහභාගී නොවුන මා ඉන් වසරකට පමණ පසුව ඔහු හමුවට ගියෙමි.ඒ …….. ශිෂ්‍ය සම්මේලනය නියෝජනය කරමිනි.එහි ගිය අපගේ(…………..සහ මම.) පරමාර්ථය වූයේ මහපොළ දීමනාව රුපියල් 500 තෙක් වැඩිකරවා ගැනීමයි.එකළ සිසුන් බාගැනීමේ තරගයක්ද වූයෙන් මේ කටයුත්තේදී සිසුන්ගෙන් එක දමා ගැනීමද යටි අරමුණක්ද විය.

    කෙසේ වුවද ප්‍රසිද්ධ විවාදයක් සඳහාවූ  අභියෝගයක් මග හැරිම නිසාවෙන් අපගේ දැඩි විවේචනයට ලක්ව සිටි ඔහු, මෙසේ අප හමුවීමට කැමතිවිම පිළිබඳව සැකයක්ද අපතුළ තිබින.ඒ වනවිටත් එකළවූ මහා භීෂණයේ අඳුරු සෙවනැළි සමාජයෙන් පහනොවුන බැවිනි.අපහට දැනුම්දුන් පරිදිම නියමිත  වේලාවටම ඔහුගේ කාර්යාලය තුලට කැඳවනු ලැබීමු.අප බලාපොරොත්තුවුයේ අප්‍රසන්නවූ පිළිගැනීමක් වුවත් අප විමතියට පත්කරමින් ඔහුගේ පළමු පැනයවූයේ” මල්ලිලා උදේට කාලාද ඉන්නේ” යන්නයි.ධනපති දේශපාලකයකුගේ සටකපටකම්වලට අසුනොවුන අපි අපගේ ඉල්ලිම මුලින්ම ඉදිරිපත් කළෙමු.අපව පුදුමකරවමින් අපගේ ඉල්ලීමට එකඟවූ ඔහු මහපොළ භාරකාර අරමුදලේ වැඩකටයුතු සිදුවෙන අයුරු මැණවින් පහදමින් කඩිමුඩියේ මෙය කළනොහැකිබව අපහට ඒත්තු ගැන්වුයේ ඉතාමත් කරුණාවෙනි.ඔහුගෙන් පසුව එම අරමුදල් අයුතුලෙස යොදවනු වැළක්වීමට ඔහු යොදා තිබු උපක්‍රම අපහට මැණවින් පසක්වුවද , නොරැවටෙන අපි පොරොන්දුව ලිඛිතව ලබාගත්තෙමු.ඔහු පොරොන්දුව ඉටු කළේය.

    ඔහුගේ එම ගුණය , වෙඩි වැදුන ඔහුට ඉක්මන් සුවය පැතීමටත්,මියගිය ඔහු වෙනුවෙන් නිහඬව කඳුළු සැළීමටත්,ඔහුගේ මළගමට සහභාගීවීමටත්,අවමගුල් පෙරහරට එල්ලකළාවූ කඳුළු වායු සිළින්ඩර ආපසු යැවීමටත්,කාකි නිලදරුවකු අඩනිරුවතින් මාර ගසක බඩගායැවීමටත් සහ එකළ ප්‍රකට ඇල්ලේ වලව්ව ඉලව්වක් කිරිමට හවුල්වීමටත් දේශපාලනිකව ඔහුට සතුරු මාව පොළඹවීම්ට තරම් ප්‍රබලවිය.එසේ හෙයින් කවුරුන් කෙසේ මෙය දුටුවද ඔහුගේ වියෝවිමෙන් ඇතිවු හිඩැස තවත් දශක ගණනකින්ද නොපිරෙනු ඇත.

    මෙතුවක් කල් ඔබවෙනුවෙන් අකුරක් නොලියා වදනක් නොපවසා හිඳීමට තරම් මා ගුණමකුවීම ගැන මට කමන්න ලලිත්…!

    “මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය.
    මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ”.

    නාමල් සහ සජිත් රජවෙති…………!

    අපේ රටේ ජනතාව ගණිතය දුර්වලයයි කවුදෝ ප්‍රසිද්ද පුද්ගලයෙක් පවසා තිබෙනු කලකට පෙර දුටිමි.

    එය ඇත්තක්යැයි මට සිතුනේ පසුගිය දිනවල ප්‍රබලයන්ගේ මනාප තමතමන්ට වාසිවන අයුරින් විශ්ලේෂණය කර ඇති අයුරු දුටු විටයි.

    ගණිතය පිළිබඳ විශාරදයකු නොවුනද පහත විශ්ලේෂණය සාධාරණයයි සිතමි.

    නම ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
    නාමල් රාජපක්ෂ 147566   174808   84.42   278054   53.07   421186   35.04
     බැසිල් රාජපක්ෂ 425861   589476   72.24   930233   45.78   1474464   28.88
     විමල් වීරවංශ 280672   480896   58.36   939375   29.88   1521854   18.44
     සජිත් ප්‍රේමදාස 74467   83027   89.69   278054   26.78   421186   17.68
     රනිල් වික්‍රමසිංහ 232957   339750   68.57   939375   24.8   1521854   15.31
     සරත් ෆොන්සේකා 98458   110683   88.95   939375   10.48   1521854   6.47

     

    කොච්චර උඩපැන්නත් ජනතාව අතර තමන්ගේ තත්වය හරියටම තේරුම් ගන්න මේ විදියට උත්සාහ කරනවානම් අගෙයි.
    මේ බලන්න.
    චන්ද්‍රිකා කුමාරතුංග 1994 දී.

    නම ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
    චන්ද්‍රිකා කුමාරතුංග 464,588   509,030   92.27   896,288   51.84   1,140,808   40.73

     

    එහෙම දීලත් මොකද අන්තිමට වුනේ..?

    ප්‍රජාතන්ත්‍රවිරෝධී චන්දදායකයනට එරෙහිවෙමු……!

    තවත් එක් මැතිවරණ යුද්ධයක් නිමාවිය.දින්නෝ ජයපැන් බොද්දී සෙස්සෝ පශ්චාත් මැතිවරණ පරීක්ෂණ පවත්වති. 

    මහින්ද දින්නේ,රනිල් පැරදුනේ රනිල්ට බැරිකමට ‍යයි වාදයක්ද පටන්ගෙනය.කවුරු මොනවා කීවත් තීරකයාවුයේ චන්දදායකයායි.රටේ සමස්ථ චන්දදායකයාගේ හැසිරීම ගැන මොහොතක් ඇස් ඇර බලමුද?

    මෙවර ලියාපදින්චි චන්දදායකයන් සංඛ්‍යාව 14,088,500 කි.

    2004 දී එය     12,899,038 කි.2004 දී   9797680ක් දෙනා චන්දපොලට යද්දී මෙවර ගියේ  8,630,689  කි.  

    එසේම එය මාස දෙකකට පෙර පැවැති ජනාධිපතිවරණයට වඩා1,864,762  කින් අඩුවෙනි. මෙය සුලුපටු ගණනක් නොවේ.ඔලු ගෙඩි ලක්ෂ දහ අටකි.

    බලන්න 1999 සිට     චන්දදායකයන් හැසිරුන අයුරු.

    මැතිවරණය 1999 2000 2001 2004 2005                2010                 08.04.10
    ලියාපදින්චි චන්දදායකයන් සංඛ්‍යාව 11,779,200 12,071,062 12,428,762 12,899,038 13,327,160 14,088,500 14,088,500
    චන්දපොලට ගිය   සංඛ්‍යාව 8,635,290 9,128,823 9,449,813 9,797,680 9,826,778 10,495,451 8,630,689
    චන්දපොලට නොගිය   සංඛ්‍යාව 3,143,910 2,942,239 2,978,949 3,101,385 3,500,382 3,593,049 5,457,811

     

     

    එනම් මෙවර වෙනදාට වඩා 13 % චන්දය පාවිච්චි නොකිරිම මත මෙවර පාර්ලිමෙන්තුවේ සන්යුතියෙන් රටේ ජනමතය පිළිඹිබු නොවනබව පැහැදිලිය.රටේ මෙතරම් සාමකාමී වටපිටාවක් තිබියදී චන්දදායකයාගේ මේ හැසීරිම පිළිබඳව පහසුවෙන් නොසලකා සිටියයුතුනොවේ.ඔවුන් දෙන පණිවුඩය කුමක්ද? 

    නො එසේ නම් මැතිවරණයකදී චන්දයදීම අනිවාර්ය කළයුතුද?

    මොවුන් විරුද්ධවුයේ ආණ්ඩුවටවේවා විපක්ෂයටවේවා,මොවුන් අනියමින් විනකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයටයි.

    චන්දදායකයන්ගේ සහභාගිත්වය අවමවූ (1989දීවූවාක් මෙන්) පාර්ලිමෙන්තුවකට මගපෙන්වන මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී චන්දදායකනට එරෙහිවෙමු……!

    ජනාධිපති සහ දෙමළා

    කවුරුන් කළත් වැරැද්ද වැරැද්දමය.

    ජාති ආගම් කුළ හෝ දේශපාලන මතය අනුව වැරැද්ද වෙනස්විදියට පෙනියයුතු නැත.

    පසුගිය කාලයේ රජයේ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව කෙරුනාවූ සියලුම විවේචනයන්ට මම එකඟවූයෙමි.

    ඒ පිළිබඳව මගේ පිළිකුල දැනුදු ප්‍රකාශ කරමි.

    රජයේ එම වැරදි පෙන්වමින් මහජනයාහට ඇත්ත පෙන්වාදුන් මාධ්‍යයන් එම වැරැද්දම කරනුදුටු විට ඇතිවන්නේ බලවත්මවූ පිළිකුලෙකි,

    ඔවුන් විසින් මෙතෙක් කළ කී දෑ වල සුජාතභාවය පිළිබඳ සැකයෙකි.

    එබැවින් ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති විඩියෝව නරඹා අදහස් දැක්වූ සැමට එය නිවැරදි කරගැනුමට මෙය උදව්වේයැයි සිතමි.
    හොඳින් අසන්න එතුමා කියන්නේ ”දෙමළා” නොව ”දෙමළත්” යන්නය.

    මෙහි ”ත්” ඉවත්කිරිමෙන් අපව මොනතරම් දුරක් වැරදිමගෙහි යැවිනිද?

    අනෙක සැබවින්ම එතුමා ” දෙමළා” යන්න භාවිතා කළේනම් එය හෙළාදැකීමටද මම පසුබට නොවෙමි.

    ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති කරන ලද විඩියෝව මෙතනින් බලන්න. 

    ජනාධිපතිතුමාගේ වව්නියා කතාවේ විකෘති විඩියෝව නරඹා දැක්වූ අදහස් මෙතනින් බලන්න.

    තවත් හිට්ලර් පන්නයේ පාහරයෙක් බිහිවෙයි….

    “අපි සිංහල,රටත් සිංහල,අහගෙන ඉන්නවා,දෙමළා”-මහින්ද යාපනයේදී යකා නටයි.

    ජනාධිපතිගේ වව්නියා කතාව ගැන ඉන්දියාවේ අවධානය

    Sri Lankans abroad ‘shocked & saddened’ by Rajapakse’s arrogant speech  

    2010_04_05_004.html

    2010_04_03_013.html

    2010_04_02_011.html