රැදුරැ සහ සොඳුරැ තර්ජන නිසා මගේ සිතුවිලි ජාලගතවීම නතරවුවද මගේ මිතුරන්ගේ බලවත් පෙළඹවීම නිසා නැවත වියන්නෙමි.
මගේ සිතුවිලි ඔබට හිරිහැරනම් හිරිකිත නම් දැනුම් දෙන්න
වැරදි වැහැරිම් නිවැරදිකරන්න.
Category: Uncategorized
18 වැනි සංසර්ගය
18 වැනි සංසර්ගය
වාරණය යන වදනෙහි අරුත් නොදන්නා බබා සංශෝධනය යනු සංසර්ගය යයි සිතා ——–උස්සයි…!
වාසු සියදිවි නසා ගනී.
වාසු සියදිවි නසා ගනී.
සරත් ෆොන්සේකා එල්ලා මැරීමට එක්වෙමු………..!
කරන ලද වැරදි වලට සරත් ෆොන්සේකා එල්ලා මැරිය යුතු බව ගෝඨා කියයි.
මරණ දඬුවම් ලබා දෙන වරද මොනවාදයි කීමට මා නොදන්නෙමි.මේ පිළිබඳ දන්නා අයගේ ගුරුහරුකම් බලා පොරොත්තුවෙමි.
ගිජ්ජ කූට පර්වතය,නීල් ආම්ස්ට්‍රෝං සහ බෞද්ධයා……!
ම’මව් පස අත්තා (සීයා/මුත්තා)පස් පවින් වැළකුණ සැබෑ බෞද්ධ උවසුවකුය.සතර පෝයට සිල්ගත් හේ පසු කළෙක කරින් නොගැලවූ උතුරු සළුව සහිතව මියනතුරු සිටියේ,අප නිවසට රැස්වන උවසු උවැසියනට,(ම’පියා විසින් තිළිණ කළ ) සද්ධර්ම රත්නාවලිය මිලින්දප්රශ්නය කියවා තේරුම් කරදුන් අයුරු දැනුදු මැවී පෙනේ.එකළ කුඩා පාසල් සිසුවකු වූ මා ,මිනිසාගේ සඳ තරණයේ දසවස් සමරුව පිළිඹඳ ‘මිහිර’ පත්‍රයේ වූ ලිපියක් හඬනගා කියන’තර ,ම’වෙත පැමිණි හේ මිසදිටු පුවත් මායිම් නොකරන්න යැයි ඉතාමත් අදරින් තෙපළුවේ මෘදුව ම’හිස පිරිමදිමිනි.ම’තුලවූ මහත් විමතිය මනා කොට පසක් කරගනිමින් , ම’කෙරේවු අපරිමිත දයාවෙන් මෙසේ පවසන්නට විය. ” ම’වැඩුමහල් මුනපුර,සඳ තරණය වනාහි සෘද්ධි බලයෙන් යුත් උතුමණට මිස පුහුදුන් දනහට කළ හැක්කක් නොව,පුහුදුන් දනහට එ’වෙත කිසිදා ළංවිය නොහේ.තොප මෙකියනා නීල් ආම්ස්ට්රෝනයන් වැඩිමවුවහොත් ගිජු කුළු පව්ව කරා එළැඹින දැයි සිතිය නොහේ. මින් නොපසුබට මා මෙපුවත තරයේ අදහමින් වාදයට වන්නේ එසේ නම් අප නිවසට ඉහලින් යන්නාවූ අහස්යානා සඳ මතට නොපැදවිය හැකිවන්නේ කෙසේදැයි ඇසි, ම’හට පිළිදෙන්නේ ” එසියල්ලම ගිජු කුළු පව් මත්තට නූස්ව පියාඹන්නේ “යැයි ද අප තථාගතයෝ තුසිතයට හා තුසිතයෙ සිට තෙපියවරින් වඩින්නේ ගිජු කුළු පව් මත්තට දෙවැන්න තබමිනැයි කීය.නාගදීපයෙන් එපිට මෙ දිවයිනෙන් බැහැර නොගිය හේ තම නැණ පමණින් එදා ම’හට අවබෝධ කරදුන් ගිජු කුළු පව්වෙ මතකය කල් යත්ම වියැකිණි.නමුත් අදින් දසවසරකට පෙර සඳ තරණය සිතුවම් පටය මවන ලද්දකියි යමෙකු ලියා ඇති බව දුටු විගස යළි එය අළුත් වූයේ” අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ “යැයි සිහි නංවමිනි.නාගදීපයෙන් එපිට මෙවර දිවයිනෙන් බැහැර ගිය කිරිබත්ගොඩ හිමිපානෝ මෙවර ගිජු කුළු පව්වෙ මතකය අළුත් කළේ ‘අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ “යැයි යන්න යළි සිහි නංවමිනි.මනුලොව කප් රුක රචනාවේ මැක්කාගේ කථා වස්තුව දෙවැනි කොටස මෙසේ ඇරඹිමි.
අප තථාගතයානෝ සර්වඥ ය.එබැවින් සියල්ල යථාකාරයෙන් දැක වදාළ සේක.ද්විමාන දෘශ්ඨියෙන් යුත් සත්වයෝද මෙලොව වසන්නෝය.උනුනට ත්‍රිමාණ දෘශ්ඨිය යනු කිමෙක්දයි කිසිදිනෙක නොවැටහේ.පුහුදුන් අප ත්‍රිමාණ දෘශ්ඨිය ඇත්තෝ වම්හ.කාලයාද මානයක් වි සිව්මාන අවබෝධයක් ලබන්නෝ වම්හ.මින් එපිට මානයක් ගම්‍ය නොවන්නෝ වම්හ.එසේ වතුද ජන්මයෙන් ලද්දාවු අති මහත් මුග්ධකම ලොවටම පෙන්වමින් මහා සහස්ර විශ්වයක් සිවුමාන පෙට්ටගමෙක බහා පෙන්වන්නට යත්න දරන්නෝ වම්හ
දුටු ගැමුණු රජු හට දුර දසුන,තල බනුව හෝ පරිගණකය ගැන කීවේ නම් මුසාව වෙනුවෙන් දැඩි දඩුවම් ලැබෙනු නිසැකය.එසේ වුව එය විය හැකියි පවසන්නෙක් එදා සිටියේ නම් අද ඌ හට අභය දියයුත්තේය.මේ සිව්මානයෙන් ලොව බලන්නා වු සියල්ලන්ටම ” අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ ” ‘යැයියන්න අදාල වන්නේය.
එය එසේ වුවද අප තථාගතයානෝ සියල්ල දැන වදාළ සියළු කාරණා සසර කතරින් එතෙර වී මෝක්ෂය ලැබගැනුමටම නොවන බව දත මනාය.ඒ කිම්ද යත් මෝක්ෂය ලැබගත යුත්තාවූ මාර්ගයද පෙන්වා ආනපානසතියද දෙසා වදාළ බැවිනි.එසේ වීනම් මේ සා මහත් වූ සූත්‍ර දේශනා නිශ්ඵල වන්නේහි යයි නොසිතු මනාය.ඒ මන්ද යත් එදා වාදයට වන්නන්ගෙන් පැවැතෙන පරපුර කල්පාන්තය තෙක්මැ යළි යළි මතුවන නියාව තුන්කල් දක්නා ගෝතමයෝ අවබෝධ කොට ගෙන මතු පරපුරෙ යමෙකුහට වාදයට යාම් සඳහා සියළු කාරණා වදාළ බැවින.එකල්හි ලාමක පහත් විද්යායැයි අනුදැන වදාළද මිසදිටුවන්ගේ මන් බිඳිනු වස් තාරකා විද්‍යාවය,ජීව විද්‍යාවය වැනි විද්‍යා උපයෝගී කරගත්තේ යම් සේද, වත්මන් මිසදිටුවන්ගේ මන් එලෙසින්ම බිඳ දමා ,ශ්‍රී සද්ධර්මයට මහත් ආලෝකයක් ගෙනදෙන්නාවූ ධර්මධරයන් කොට්ඨාශයක් ද උන් වහන්සේගේ පිනට පහළව ඇත්තාහුය.ඒ කෙතරම් සේවයක්ද යත් බටහිර අනුකාරකවාදීන්ගේ ,මිසදිටුවන්ගේ නොදියුණු තාරකා විද්‍යාවය, ක්වොන්ටම් වාදය, සමාන්තර විශ්වයය යනාදි වාද හා විද්‍යා උපයෝගී කොටගෙනද,කළල විද්‍යාවය,ප්රවේණි විද්‍යාය,ජාන විද්‍යාය,අණුක ජාන විද්‍යායා උපයෝගී කොටගෙනද ත්‍රිපිටකය නිවරදි යයි ඔප්පුකොට පෙන්වා ඒ සමගම ත්‍රිපිටකය උපයෝගී කොටගෙන එකී සියළු විද්‍යා නොදියුණු සහ සාව්ද්‍ය යයි ඔප්පුකිරීමට තරම් දක්ෂවන්නාහුය.මෙකළ එම පරපුරට කවරහු අයත් වන්නෝද නම් (හ )බරණ ගණිත සලින්ද නිල්වා,ඉස්සරහ අමුනේ රාලලගේ නැතිවුන රා මිගයාද,කළලධාරී දිනුම් අලංකාර යයිද,දත යුත්තාහ.තවද මිසදිටුවන් නම් වනාහි තබූද,බහිරා මිගයාද, පු හු අල තිස්සයාද,නොහොඳ හිතා වන බවත් තේරුම් ගත මනාය.
තවද මේය ලනාගත අංකාව නම්වූ සූත්‍රයෙහි අශුද්ධ පිටපත මෙසේ පළ කළද මෙහිනම් ගම් කාල වකවානු සහ සිද්දිදාමය ගැන වගකීමක් නොමැති නිසා ප්‍රතිචාරයට පිළිතුරු ලැබේදයි සැක සහිතය.
කිරිබත්ගොඩ හිමි………….___කරුණු පැහැදිළි කිරීම
මා කුඩා කළ ,මගේ ගුරුතුමා රචනයේදී හැමවිටම උපරිම අවධානය යොමු කර ගන්නා අයුරින් මාතෘකාව යොදන ලෙස නිරතුරුවම දුන් ඔවදන් සිහිකරමින් ගියවර ලිපිය පළකළෙමි. තද සහ රළු වූ ,මාගේ එම මාතෘකාව සමහර බොදුනුවන්ගේ සිත් තැවුලට කාරණාවක් වූ බව දැන ගතිමි.
එය අපගේ කිරිබත්ගොඩ හිමියන්හට කෙරුන අපහාසයක් ලෙසද සමහරුනට පෙනී ඇත.
එබැවින් ,පළමුව ඒ පිළිබඳ මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර
එම හිමියන් ඇතුළු එයින් සිත් වේදනාවට පත්වූ සියළු දෙනාගෙන්ම සමාව අයදිමි.
නමුත් මා හට කීමට ඇත්තේ මා කිසිවකුට අපහාස කළා නොව මට පැන නැගුන ප්‍රශ්නයකට විසඳුම් සෙව්වා පමණි යන්නය.
අනුන්ගේ සිත් රිදවීම අනුමත නොකරන මා අතින් සිදුවූ මේ අසත්පුරුෂ ක්‍රියාව මෙනෙහි කරමින් ලොව සතහට මෙත් වඩමින් ඊයේ රාත්‍රී නින්දට ගිය මම පහත ලියවෙන සිහිනය දුටුවෙමි.
මගේ මුණූ පොත් මිතුරකුගේ මිතුරා විසින් විද්‍යුත් තැපෑලෙන් මාහට විඩියෝවක් එවා තිබුනි.
එය කිහිප වතාවක් නැරඹුවෙමි. ඒ මෙසේය.
දේශකයානන් වහන්සේ කිරිබත් ගොඩ හිමියන්ය.
“මේ පින්වතුන් දන්න ප්‍රකට කාරණයක් තියෙනවා.ඒ තමයි මම බෞද්ධ පවුලක ඉපදුනේ නැහැ කියන එක.
අප්‍රකට කාරණය තමයි මම කොහොමද බෞද්ධ වුනේ කියන එක.
මේ පින්වතුන් දන්නවා කිසිවකුටත් උපතින් බෞද්ධ වෙන්න බැහැ කියන එක.
කතරගම ගිය මගේ පියාණන්ට සිතුනා මාවත් සමග බෞද්ධ වෙන්න.
මා දන්නේ නැහැ එහෙම හිතුනේ ඇයි කියළා.
නමුත් මට මාස හයේදී මගේ දෙමාපියන් මාවත් වඩාගෙනම තෙරුවන් සරණ ගියා.(උපාසිකාවන්ගේ සාදු නාදය).
මේ පින්වතුන් හිතනවද ඒ වෙලාවේ මාව බෞද්ධයකු වුනා කියා..(උපාසිකාවන්ගේ සාදු නාදය).
පින්වතුනි බෞද්ධයකු වීමට තිසරණ සරණ යායුතුයි.
උපාලි සූත්‍ර දේශනාවෙන් මෙය සනාථ වෙනවා
තිසරණ සරණ යාමට පළමුව බුදුන් සරණ යායුතුයි.
මේ පින්වතුන් දන්නවා නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමිනුයි බුදුන් සරණ යායුත්තේ..(උපාසිකාවන්ගේ සාදු නාදය).
දෙවැනුව දහම් සරණ යාම.
පින්වතුනි ඇයි අප දහම් සරණ යන්නේ.
අප දන්නවා මෙලොව ඉපදීම ,ලෙඩවීම,මහළු වීම සහ මරණයට පත්වීම දුකක් කියා.
ඉතින් මේ දුකින් ගැලවීමේ මාර්ගය දෙසූ බුදුන් සරණ යන අප දුකින් මීදීමට නම් දහම් සරණ යායුතුයි..(උපාසිකාවන්ගේ සාදු නාදය).
මේකට නිකම්ම ධම්මන් සරණන් ගච්චාමි කිව්වට වැඩක් නෑ.
දුක ,දුකට හේතුව,දුක නැති කිරීමේ මාර්ගය සහ දුක නැති කීරීම යන චතුරාර්යය සත්‍යය අවබෝධ කොට ගත් අප බුදු පියානන් වහන්සේ.(උපාසිකාවන්ගේ සාදු නාදය).
අප ඒ සඳහා යා යුතු මාර්ගය ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය පැහැදිලි කරදෙනවා.
පින්වත් උපාසක උපාසිකාවනි ගිහියන් දහම් සරණ යායුත්තේ මේ කාරණා සිත තබා ගෙන මෙනෙහි කරමිනුයි .
වීඩියෝව මදකට නතරවී නැවත පටන් ගනී.
ඉතින් පින්වතුනි කවුරුහරි කියනවා නම් ඔහු උපතින් බෞද්ධ එසේ නැතිනම්,
මාස හයේදී විතර බෞද්ධ වුනා කියළා එය මුසාවක් මිනිසුන් මුලා කිරීමක්.
මතක තියා ගන්න බෞද්ධයකු වීමට තිසරණ සරණ යා යුතුයි.
ඒ සඳහා වැඩුන මොළයක් දහම තේරුම් ගත හැකි මනසක් උවමනා කරනවා.
දැන් මේ පින් වතුන්ට පැහැදිලියි නේද මා බෞද්ධයකු වුන හැටි..(උපාසිකාවන්ගේ සාදු නාදය).
වීඩියෝව මදකට නතරවී නැවත පටන් ගනී
ඉතින් මම ගිජ්ජ කූට පර්වතයට නගින විට මට මෙනෙහි වුනා ආනන්ද හාමුදුරුවෝ..(උපාසිකාවන්ගේ සාදු නාදය).
සිදුහත් කුමරු උපන් දිනම ඉපදුන ආනන්ද කුමාරයා ,සිදුහත් තවුසානන් බුදුවීමෙන් පසු දෙවැනි වසරේදී, දේවදත්ත කුමරු ඇතුළු පිරිස සමග ඇවිල්ලා මහනවෙනවා.
මේ කාලයේදී හාමුදුරුවරුන් කිහිපදෙනෙක්ම බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළත්
උන්වහන්සේට වයස 55 වනවිට ස්ථිර උපස්ථායකයෙක් පත්කරගැනීම උවමනා වෙනවා.
ඒ සඳහා බොහෝ අය ඉදිරිපත්වුනත් බුදුන්ගේ තේරිම ආනන්ද හාමුදුරුවෝ..(උපාසිකාවන්ගේ සාදු නාදය).
එය පතාගෙන ආපු එකක්.එදා ඉඳලා වසර 25 ක්ම ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගේ සෙවනැල්ල සේ සිටිමින් සියළු ධර්ම දෙශනා හිතේ තියා ගත්තා.
ඒ නිසාම එතුමන් ධර්ම භාණ්ඩාගාරික වෙනවා.
බුදුන් පිරිනිවී පසු ඒ කටයුතු සිදුකරන අයුරු පවා එතුමා බුදුන්ගෙන් වේලසනින් ඉගෙන ගන්නවා..(උපාසිකාවන්ගේ සාදු නාදය).
ඉන්පසු පළමු ධර්ම සන්ඝායනාවට පෙරදින රහත් බව ලබනවා..(උපාසිකාවන්ගේ සාදු නාදය).
ආනන්ද මහරහතන් වහන්සේ බුදු දහම කටපාටමින් ගෙනයාම ආරම්භ කරනවා.
ඉතින් පින්වතුනි මා ගිජ්ජ් කූට පර්වතය මුදුනට යනකොට මේ සියළු චිත්ත රූප මැවිලා ඉවර වෙනවා.
ඔබ දන්නවා ත්‍රිපිටකය සරළ බසින් ඔබට ඉගැන්වීමට මා ගන්නා වෙහෙස.
ඒ නිසා මට හිතුනා මාත් ආනන්ද මහරහතන් වහන්සේගේ පරම්පරාවේ නේද කියලා..(උපාසිකාවන්ගේ සාදු නාදය).
එසේම මා ආනන්ද මහරහතන් වහන්සේ යටතේ මහණවෙලා ඉන්න ඇති නේද කියළා මහා සන්වේගයක් හිතට දැනුනා..(උපාසිකාවන්ගේ සාදු නාදය).
වීඩියෝව මදකට නතරවී නැවත පටන් ගනී
බුදුන් වහන්සේ වදාළ විමුක්ති මාර්ගයේ මා යුතු බව අවබෝධ කරගත් මා ඒ වෙනුවෙන් කැපවෙන්න තීරණය කළ මගේ මේ වෑයම නතරකරනේනේ රහත් බව සාක්සාත් කරගැනීමෙනුයි පින්වත්නි..(උපාසිකාවන්ගේ සාදු නාදය).
වීඩියෝව නතරවේ.
මට ඇහැරුණ නිසා වීඩියෝව සුරකීමට නොහැකිවිය.
මට ලැබුන ලිපියද නිදිමතේ මකා දමා ඇත.කුණු බාල්දියේද එය නැත.
එබැවින් මතක පරිදි මේ ලියුවෙමි.
අඩුපාඩුවක් වුවහොත් සමාවන්න.
කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ………!
මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි.
මා කිරිබත්ගොඩ හිමියන් නොදුටු නිසා මේ වීඩියෝව එහිමියන්ගේ යයි උපකල්පනය කරමි.
මෙහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් මේ ප්‍රශ්න අදාළ වන්නේ මෙම දේශක හිමියන්ටය.
එසේවීනම් කිරිබත්ගොඩ හිමියන්ගෙන් සමාව අයදිමි.
මෙයට පිළිතුරු දෙනු කැමත්තේනම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දී වෙනත් ප්‍රශ්න අසන්නේ නම් මැනවි.
මන්ද යත් සමහරුන් කෙලින් පිළිතුරුදීම මගහැර වෙනත් නොවැදගත්දේ ඇදගන්නා බැවිනි.
පළමුව මෙම වීඩියෝවට නරඹන්න.
අසා සිටින්න.
නැවත
විනාඩි 1.43 සිට විනාඩි 2.30 දක්වා පළමු ප්රශ්නය වෙනුවෙන්ද
විනාඩි 3.25 සිට විනාඩි 3.43 දක්වා දෙවැනි ප්රශ්නය වෙනුවෙන්ද
විනාඩි 4.21 සිට විනාඩි 4.42 දක්වා තෙවැනි ප්රශ්නය වෙනුවෙන්ද
හොඳින් අසන්න.
දැන් මගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.
1.වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?
මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?
එසේ නම් සාක්ෂි ඇතිව එය පෙන්වන්න.
2. ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?
ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?
3. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද?
එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?
ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?
නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?
ඉහත අවස්ථා තුනේම මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?
එසේ නොවන්නේ නම් ඒ මන්ද?
යම් හෙයකින් මා වැරදි බව ඔප්පු වුවහොත් මහමෙව්නාවට ගොස්
එතුමා ගෙන් සමාව ඉල්ලා ඕනෑම දඩයකට යටත්වෙමි.
ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කඹුරමි.
ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස පසුව ලියමි.
පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….!-2
පෙරමුනේ රාලගේ අටුවාව හා නිර් රා මුවා ගැන මගේ ලිපියට නිර් රා මුවා පිළිතුරු සපයා ඇත.ඒ පිළිබඳ කෙටි සටහනකි මේ.
පෙරමුනේ රාල හෝ නෝ ෆ්‍රේම් පටලවාගෙන පිස්සු කියවනවා කියන ඔබ එය සිහි විකල් නොවූ විටෙක කියවූවානම් වඩාත් හොඳයි සිතමි.
මන්ද යත් මා කියන්නේ පෙරමුනේ රාලගේ අටුවාවට නෝ ෆ්‍රේම් ලිපිය ගැන බැව් පැහැදිළිවම කියා ඇත.
එය තිබෙන්නේ රාලගේ අටුවාවේ නිසා නිවසේ අයිති කරු සමග තරහක් නැති බව කීවෙමි.
එනිසාම අටුවාවේ ඇතුලත් වෙනත් කරුණු ගැන කීවෙමි.
නෝ ෆ්‍රේම් නමැති බ්ලොගයක රාල කෙනෙක් ගැන ලිව්වානම් මට පිස්සුය.
තවද අටුව කියවන විට රාලත්, නිර් රා මුවාත් එක කොටුවේ ලගින බව පැහැදිලිය.
සිරස්තලය ඉලක්කකලේ පෙරමුනේ රාලගේ අටුවටයි
ඔව් මගේ හිත රිදුන නිසා තමා ලිව්වේ.
මගේ හිත රිදෙන්නට තිබෙන්නාවූ සාධාරණ පසු බිම මා පැහැදිලිව කියා ඇත.
වේදනාව කිව්වේ මා පමණක් වුවද මෙරට ජනයාගෙන් සියයට පහලොවකට ඔබ රිදවා ඇත.
- ඔලු ඇට්ටකුණා වූ ඔස්තාර්ලා යනු සාමන්‍ය මිනිසා සමග පොළොවේ පයගසා සිටින්නට නොහැකි වූ අඳ බාලයන් පිරිසකි.
ඔබ අදහස පැහැදිලියි.මේ ඔස්තාර්ලා දෙමළ ජාතිවාදින්ට කඩේ ගොස් ඊළඟට ෆොන්සේකාට කඩේ ගොස් ඇත.ඔවුන්ට බහුතර සහයෝගය නැත.බොහොම ස්තුතියි අර්ථ දැක් වීමට.
2. මුලින්ම කිය යුතු කාරණේ නම් ඔබේ ජාතකයෙන් මට වැඩක් නැති බවයි. ඔබේ ජාතකය ඇද ගෙන ඔබ පෙන්වන්නට හදන්නේ ඔබ හොඳ සිංහල – බොදු බවද? සිහල – බොදු බව එන්නේ උප්පැන්නයෙන් යයි සිතා සිටින මෝඩයන්ට නම් ඔබ කියන කතාව පිළිගත් හැකි වනු ඇත. නමුත් හදවතට තට්ටු කර තමන් සිහල – බොදු දැයි අසාගත්තා නම් මෙච්චර පල් හෑලි ලියන්නට වෙන්නේ නැත.
මා ජාතකය කියුවේ මගේ සිහල බොදු කම පෙන්වීමට නොව ඔබට එරෙහිව යන අය ගේ ජාතකය සොයන ඔබට උදවීමටය.
මා උප්පන්නයෙන් සිහල වුවද බොදු බව උප්පැන්නයේන් එන බව තිබෙන බව කියා නැත.
මම සිහල බස කතාකරන මේ රටේ පුරවැසියෙක්මි.
මා බොදුනුවකු බවක්ද කියා නැත.
ඔබ කියු ලිපිය නැවත කියවුයෙමි.
නමුත් පොළොවේ පයගසා සිටින සාමන්‍ය මිනිසා අවජාතකයා , අවජාතකවාදියා යන්න එසේ තේරුම් ගනිතැයි නොසිතන නිසයි මා එය ඇසුවේ.
3.තම මතයන්ට පහර වදින විට කටු තුලට රිංගා නිශ්ශබ්දව සිටීම මේ චෝදනාව මා ඔබට එල්ල කොට නැත
ඔබගේ වචනය පිළිගනිමි.මට චෝදනා එල්ල කොට නැත මා එසේ කියුවේ මගේ පමාවක් වුව්හොත් මතු ආරක්ෂාවටයි.
4. .වෙනත් මතයක් දරන කෙනෙක් පිළිතුරක් දැමූ විට අපහාස උපහාස කරන්නට මොවුන් සැදී පැහැදී සිටිති – මෙය ඔබගේ බ්ලොගයේදිද මම දකින්නෙමි.මා එය මතු කරන්නේ අන් අය එසේ කරන බව කියමින් ඔබත් එයම කරනවිට ඔබ ඔවුන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි නොවැහැටෙනබැවිනි.
ඔබේ පිළිතුරෙන් ඔබත් වෙනත් මතයක් දරන කෙනෙක් පිළිතුරක් දැමූ විට අපහාස උපහාස කරන්නට සැදී පැහැදී සිටින බව මම දකින්නෙමි.
සිංහල – බෞද්ධ යනු සංස්කෘතියකි. මේ හැර ඔබ අසන්නේ කුමක්දැ යි අපැහැදිලිය
සිංහල –බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම ගැන මාගේ වාදයක් නැත.මට සහතික කරගත යුතුවූයේ බෞද්ධයාට විශේෂණ පද වුවමනාද යන්නයි.
6. බෞද්ධයන් එකී යාඥා මධ්‍යස්ථානයට පහර දීමත් බුදු දහමට ගැලපෙන්නේ නැහැනේද? මේ ප්රශ්නය අසන්නට උත්සුක වන ඔබ, පළමු ප්රශ්නය නො අසා මගහැර යන්නේ ඇයි?
මා ප්රශ්නය මගහැර නොමැත.පටලා ගන්න එපා.
විහාර මහා දේවී උද්‍යානයේ සිදු වූ මරණ වල වගකීම උක්ත පාස්ටර් විසින් ගත යුතු බව ගැන නොවේ මා අසන්නේ.
බෞද්ධයන් මේ ආකාරයෙන් පල්ලියකට පහරදුන්නානම් එය බුදුනට කරන නිගාවක් නිසායි,
මේ ස්ථාන දෙකේදීම මරණ සිදුවූ සැබෑ ආකාරය මම නොදනිමි.
නමුත් පාදිලි තැනගේ මෙහෙය නිසා එම මරණ සිදුවී ඇත්නම් එම ක්‍රියාව හෙළා දකින අතර ඒ පිළිබඳ ව අපරාධ නීතියට අනුව දඬුවම් කළයුතු බව කියමි.
සෝමාවතියේ මියගිය තිදෙනා ගේ මරණ පිළිබඳවද මගේ මතය එයමවේ.
7. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් රහත් වී තිබේද යන ප්රශ්නය මතු කරන්න කිසිවෙකුටත් අයිතියක් කොහෙත්ම නැත රහත්වීම හෝ නොවීම ඒ හිමියන්ගේ අයිතියක්
ඔබේ පුරුෂ ලිංගයේ තරම කවරක්දැ යි හො (කාන්තාවක් නම්) තිසර පටෙහි කප් සයිස් එක කොපමණදැයි ඇසීම පුද්ගලික කරුණු වුවද
රහත්වීම හෝ නොවීම ඒ හිමියන්ගේ පුද්ගලික අයිතියක් බව දැන නොසිටියෙමි.
මාද සිතුවේ එය පොදු කාරණාවක් කියා.
බුදු දහම හෝ සඟ සසුන ගැනවූ මද දැනුම නිසා ඒ පැනය නැගීම ගැන සමාවන්න.
8. ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද ? මෙය කිතුණුවන්ටද අදාළ අදාල වුවත් කරන්නට දෙයක් නැත
ඔව් මාතෘකාව බැලුවා නමුත් කිතුනුවන්ටත් ඉස්ලාමයටත් ආදම් සහ එව පොදු නිසයි ඇසුවේ.
9.බුදු දහම මිනිස් පරපුරේ පටන් ගැන්ම හෝ අවාසානය ගැන යමක් නොකියයි. එය නිවන් දැකීමට අවශ්‍ය නොවන නිසාය. නිවන් දැකීමේ “ස්කෝප්” එකට ඒක වැටෙන්නේ නැති නිසාය.
බුදු දහම ගැනවූ මද දැනුම නිසා මිනිස් පරපුරේ ආරම්භය ගැන ඒ පැනය නැගීම ගැන සමාවන්න.
10. කුරාණය ප්‍රශ්ණ කිරීම සමච්චලයක් වන්නේත්, ඥාණාන්ද හිමියන්ට සමච්චල් කිරීම හරි වන්නේත් කෙසේ දැයි මට නම් හිතා ගන්නට බැරිය. සමහර විට ඔබ දමාගෙන සිටිනා “අවජාතකවාදී” කන්ණාඩිය නිසා වීමටද ඉඩ .
අන් අය ඥාණාන්ද හිමියන්ට සමච්චල් කරන නිසා ඔබට කුරනයට සම්ච්චල් කිරීමට අයිතියක් ඇත.
මම තවම පියවි ඇසින් ලෝකය බලමි.
එහි කාචය අවජාතක නොවූවද අවජාතක වාදී බවක් දැන් මට පෙනී යයි.
11. බුද්ධාගමට අපහාස කරන අනෙක් අසම්පූර්ණ බෞද්ධයන් හෝ සැප බඩු සමග යහන් ගත වන හීරලුවන්ගෙන් එම ප්රශ්නය ඔබ නො ඇසීම ගැනම මගේ පුදුමය පිළිගන්න.
බුද්ධාගමට ඔබෙන් වන අපහාසය ගැන ප්‍රශ්ණකිරීමට පෙර මා ඉහත අයගෙන් ප්‍රශ්න කළයුතු බව මම පිළිගනිමි.
මුහම්මද් ගේ ජීවිතය විවේචනය කරන විට ඒ හා සම්මනව බුදුන් ගේ ජීවිතය විවේචනය කළ නොහැකි නිසා ඔවුන් විවේචනය කරන්නේ බුද්ධ පුත්රයන්ය
බෝසත් චරිතය,සිදුහත් චරිතය හා බුද්ධ චරිතයෙහි මෙන්ම බුද්ධ පුත්‍රයන්ගේ විවේචනයට දෙයක් නොමැති නිසා
අන් ආගම් විවේචනය කිරිමේ ගැටළුවක් නැත.
පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….!
පෙරමුණේ රාළ සමග හෝ නෝ ෆ්‍රේම් සමග කිසිම විරසකයක් මාහට නොමැති වුවද “පල ඈති රුකට ගල් ගැසීම” යනුවෙන් පෙරමුණේ රාළගේ අටුවාවට නෝ ෆ්‍රේම් එක් කර තිබූ ලිපියට මෙසේ ප්‍රතිචාර දක්වන්නේ ඔහුගේ ඔවදනක්ද පිළිගනිමිනුයි.(එනිසා මොවුන්ට උත්තර දීමට අවශ්‍ය නම් ඔබේම බ්ලොග් අඩවියක උත්තර දීම වඩාත් උචිතය. එසේ නොමැතිව මොවුන්ගේ “හිට්ස්” වැඩිකර දීමට අප දායක නොවිය යුතුය.)
සෑබවින්ම මා හට අවශ්‍යව ඇත්තේ එහි අඩංගු යම් කරුණු කිහිපයක් පැහැදිළි කරගැනීම උව මා එම ප්‍රශ්න අසන්නේ කුමන පදනමින්ද යන්න ඔහු දැන ගත යුතුයැයි සිතෙන බැවින් මා ගැන කෙටි හැඳින්වීමක් පළමුව කරමි.
මගේ ජාතිය ශ්‍රී ලාංකික,(මී මුත්තගේ මුත්තාද ලංකාවේ ඉපදී ඇතිබව මගේ මුත්තා මා හට කියාදී ඇත )
ජන වර්ගය සිංහල (පරම්පරා තුනක උප්පැන්න සහතික සාක්ෂියට ඇත. )
නමුත් පරම්පරා ගණනාවක් භාවිත කරන්නේ පෘතුග්‍රීසී හෝ ගැලීසියානු බසෙන් ව්‍යුත්පන්නවූ පෙළපත් නාමයකි.
මීමුත්තගේ සිට හමේ වර්ණය සාමාන්‍යය සිංහලයාට වඩා පැහැපත් බව දැක ඇත්තෙමි.
නමුත් ලොකු තාත්තාගෙ පුතෙක් ලංකා යෝනක යුවතියක් සමගද,
ලොකු අම්මාගේ පුතෙක් ලංකා දෙමළ යුවතියක් සමග විවාහවීම නිසා අපේ මහ පවුල බහුජාතිකය.
පරම්පරා තුනකින් මෙපිට උභය කුළ පාරිශුද්ධ ගොවිගම කුලයට අයිතිවෙමි.
මගේ තාත්තා මුත්තා මීමුත්තා රෝමානු කතෝලිකය.
මගේ තාත්තාගේ අම්මා බෞද්ධය.මගේ අම්මා සහ ඇගේ දෙමාපිය දෙපාර්ශවයම බෞද්ධය.
කුඩාකළ පියා සමග පල්ලියටද,මව සමග පන්සලට හා කතරගම දෙවිඳුන් පිදීමට කෝවිලටද ගියෙමි.
දෙනෑනුන් නිසා මුස්ලිම් පල්ලියේ සහ හින්දු කෝවිලේ වැඩටද දායකවීමට සිදුව ඇත.
පාසලේ උගන්වනු ලැබුවේ බුද්ධාගම නිසා විශයක් ලෙසින් එය උගත් අතර පන්සලේ දහම් පාසලට ඉරිදා සහභාගීවුනෙමි.එපමණක් නොව පාසලේ බෞද්ධ සංගමයේ සභාපතිවරයාද වීමි. තවද අ.පො.ස.සා.පෙළ විභාගයේදී බුද්ධ ධර්මය විශය සඳහා විශිෂ්ට සම්මානයක් ලදිමි.මෙයට අමතරව බයිබලය හා කුරානය හැදෑරුවෙමි.ආගමික පිපාසය නිසා ත්‍රිපිටකය,භගවත් ගීතාව හදාරමින් සිටිමි.කරුණු මෙසේ හෙයින් මට උරුමයෙන් ලැබුන ආගමක් නැත.(උපතින් බොදුනුවකු විය නොහැකි බව දනිමී).මපියා මාව මවට හොරෙන් බෞතීස්ම කළාදැයි නොදනිමි.මේ පසුබිම නිසා මා සර්ව ආගමික පසු බිමකින් යුත් ජීවියෙක් විය.දැන් මගේ පැනයන් ඉදිරිපත්කරමි.
1.බ්ලොග් අවකාශය යනු ඔලු ඇට්ටකුණා වූ ඔස්තාර් ලා එළිබසින තැනකි
ඔබ මෙහි සඳහන් කුලයට අයත් නොවන්නේ කෙසේද?
2.අවජාතක වාදීන්ටද තෝතැන්නක් ලෙස බ්ලොග් දැක්විය හැකිය.
මෙහි සඳහන් අවජාතක වාදීන් යනු කවුරුන්ද?
මා දන්නා තරමින් සෑම මනුෂ්‍යකුටම ජීව විද්‍යාත්මක මවක් සහ පියෙක් ඇති අතර ඔවුන්ගේ දරුවා ඔවුන් කළවැරදි වලට වගකිව යුතු නොවෙ.
ඒනිසා රජය උප්පැන්න සහතිකයෙන් මව්පියන් විවාහකද යන වගන්තිය ඉවත්කිරීමට කටයුතු යොදමින් සිටී.
බුදුන් වහන්සේද මේ හැඳින්වීම අනුදැන වදාළේ නැහැ නේද?
3.තම මතයන්ට පහර වදින විට කටු තුලට රිංගා නිශ්ශබ්දව සිටීම මොවුන්ගේ තවත් ලකුණකි
මෙයට ඔබෙන් යම් පැනයක් වෙතොත් එයට පිළිතුරු දෙමි.ප්‍රමාද වනු ඇත්තේ හැමදාම අන්තර්ජාලයත් සමග සම්බන්ධවිය නොහැකි නිසාය.
4.වෙනත් මතයක් දරන කෙනෙක් පිළිතුරක් දැමූ විට අපහාස උපහාස කරන්නට මොවුන් සැදී පැහැදී සිටිති
මෙය ඔබගේ බ්ලොගයේදිද මම දකින්නෙමි.
මා එය මතු කරන්නේ අන් අය එසේ කරන බව කියමින් ඔබත් එයම කරනවිට ඔබ ඔවුන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි නොවැහැටෙන බැවිනි.
5.මේ සියල්ලන්ම පහර ගසන්නට හදන්නේ සිංහල බෞද්ධ කමටය.
සිංහල බෞද්ධ කම යනු කුමක්ද?
අන් ජාතික බෞද්ධයන් ,සිංහල බෞද්ධයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද.?
තිසරණ සරණ යෑමෙන් හැර වෙනත් ක්‍රමයකට බෞද්ධවීමක් අන් ජාතිකයන්ගේ හෝ සිංහලයන්ගේ තිබේද?
6.
මේ සමහරුන්ට පාදිලියකු අතින් කාන්තාවක් මිය යාමට වඩා ප්‍රශ්නයක් වුනේ බෞද්ධයන් එකී යාඥා මධ්‍යස්ථානයට පහර දී එහි වායු සමීකරණයකට අලාභ හානි කිරීමය.
පාදිලියකු අතින් කාන්තාවක් මිය යාම අපරාධ නීතියට අනුව දඬුවම් ලබා දියයුතු ප්‍රශ්නයක්, බෞද්ධයන් එකී යාඥා මධ්‍යස්ථානයට පහර දීමත් බුදු දහමට ගැලපෙන්නේ නැහැනේද?
7.දැන් මොවුන් කරන්නේ මෙරට ප්‍රසිද්ධ බුද්ධ පුත්‍රයකු වූ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ට උසුළු විසුළු කිරීමය. ඇට (නැති) මැස්සා උන් වහන්සේ රහත් වී තිබේද යන ප්රශ්නය මතු කරයි.
මෙරට ප්‍රසිද්ධ බුද්ධ පුත්‍රයකු වූ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් රහත් වී තිබේද යන ප්රශ්නය මතු කරන්න කිසිවෙකුටත් අයිතියක් නැතිද?
8.ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද ?
මෙය කිතුණුවන්ටද අදාළ නොවේද?
බුදු දහමට අනුව මිනිස් පරපුර බෝ වුනේ කෙසේද යන ප්‍රශ්නයද ගැටළු සහගත නොවේද?
ඉස්ලාම් ආගමේ තිබෙන්නාවු ගැටළු සහිත තැන් පිළිබඳව වූ ඔබගේ විවේචන වලට මම එරෙහි නොවෙමි.
එය සමච්චලයට ලක් නොකර එය කරනවානම් හොඳයි නේද?
ඔබගේ මුළු බ්ලොගයම සැරිසැරූ මට එක් තැනෙකදී ඔබ සම්පූරණ බෞද්ධයකු නොවන බව වැටහුනා.
ඔබ වැනි අසම්පූරණ බෞද්ධයන් ගේ මෙවැනි ක්‍රියා සම්පූරණ බෞද්ධයන්ට අපහාසයක් බව වැටහුනාද?.
ආදම් සහ ඒව ඉස්ලාම් හෝ කිතුණුවන් යයි සඳහනක් මා දැක නැත.
වසර 2500ක් වත් නොවූ ආගමක් ගැන මහමත් නබිගෙන් පටන් ගමුද?
ආගම් ගැන මගේ වැටහීම මෙසේ කැටිකර දක්වමි.
සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වීමටපෙර දැනුම සොයා ඉන්දු-ගංඟා මිටියාවත පුරාම සැරිසරණ ලද අතර ,
එතුමා එම සත්වස තුලදි එම ශිෂ්ටාචාරයේ තිබුනාවූ සියළුම දැනුම ලබාගන්නවා.අවසානයේ බුද්ධත්වය ලබනවා.
බුදු හිමියන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගැනුමට තමන් වහන්සේම ගුරු කොට ගත්තද ධර්ම දේශනා කරද්දී සියළුම දැනුම උපයෝගී කරගන්නවා.
උදාහරණ ලෙසට සූර්ය්යාගේ චලිතය,පෘතුවියේ පරිභ්‍රමණය ගැන තාරකා ව්ද්‍යාව හා වෙනත් විද්‍යා ගැන එතුමාගේ සඳහන් කිරීම් ගත හැකිය.
නමුත් බුදුන්ගෙන් පසු අද දක්වා කාලය තුල බෞද්ධයන් වෙනත් ආගම් වල කොටස් එයට එකතු කිරීම නිසා බෞද්ධ සංස්කෘතියක් නිර්මාණයවේ.
උදාහරණ ලෙස හින්දුන්ගේ දේව ඇදහිළි,කිතුණුවන්ගේ උත්සවවලට සමපාතව බෞද්ධ උත්සව පැවත්වීම ගත හැකිය.
බුදුන්ගෙන් වසර 500 කට පමණ පසු යේසුස් උපදින්නේ යුදෙව් ආගමික වටපිටාවක වන අතර,
එවකට එම පල්ලිතුල සිදුවන විෂමාචාර දකින ඔහු මෙය සැබෑ දහම නොවේ යයි අවබෝධ කරගැනීම නිසා ධර්ම ගවේශණයේ යෙදෙනවා.
මේ වන විට විකෘතිවීගිය බුදු දහමක් නාසරත් වැසියනට වෙළඳ සබඳතා මගින් ලැබී තිබිය හැකිය.
එබැවින් ඔහු අතුරුදහන්ව සිටි කාලය යනු ඉන්දු ගංඟා නිම්නයේ ධර්ම ගවේශණයේ යෙදුන කාලය විය හැකිය.
ඉන් පසු එතුමාගේ දේශනාවන් කාලයාගේ ඇවෑමෙන් නැවත යුදෙව් දහම සමග මිශ්රවීම මගින් අද පවතින කිතුණු දහම බිහිවේ.
නමුත් එතුමා විව්ධවූ විද්‍යාවන් බුදුන් වහන්සේ තරම්දුර හදාරා නොමැති බව පෙනේ.
බුද්ධ පරිනිර්වාණයෙන් තවත් වසර දහසක් සහ ජේසු උපතින් වසර 570 කට පසු මහමත් නබිවරයා උපත ලබනවා මක්කමදී.
ඒ වනවිට මක්කම වැසියන් යුදෙව් දහම කිතුණු දහම සහ බුදු දහම දැන සිටින්නට හෝ අදහමින් සිටින්නට ඉද ඇති අතර මේ සියළු ආගම් මිශ්‍රව තිබෙන්නද ඇත.
ධර්ම ගවේශී නබිවරයා ගුහාගතවී සිට එළියට එන්නේ මේ සියල්ල සංකලනයෙන් යුත් ආගමක් සමග.
එය එදා ඔහු ජීවත්වූ සමාජයේ අවශ්‍යතා සඳහා ගැලපුන අතර එතුමා බුදුන්වහන්සේ මෙන් විද්‍යා දැනුමෙන්සන්නද්ධවී නොමැති බවත් ,
අඩු තරමින් එවකට ග්‍රීසිය සහ රෝමයේ දියුණුවී තිබු විද්‍යා දැනුමවත් ඔහුවෙත ලඟාවී නැති බව පැහැදිළිය.
ක්‍රි.ව.හයවන සියවස වන විට බැග්ඩෑඩ් හරහා මක්කම වෙත දැනුම ගලායාමේ ගැටළුවක් තිබෙන්නට හැකි යයි මත නොසිතේ.
වර්තමානය වන විට සියළු ආගම් සහ සංස්කෘතීන් එහි මූලාරම්භයට වඩා වෙනස්වී ඇති බව පැහැදිළිය.
එයට අන්‍ය ආගම් වල බල පෑම් මෙන්ම මුඛ පරම්පරාගතව ඒමේදී එදා තිබූ විවිධවූ මිත්‍යාමත රිසිසේ එකතුවන්නට ඇත.
හැම තන්හි අප දකින්නේ මේ විකෘතියයි.
ඒ කිසිවකට මේ සාස්තෲවරුන් පළි නැත.
අන්ධානුකරණයෙන් ආගම් අදහන්නෝ හැම ආගමකටම පොදුය.
මේ අන්ධානුකරණයට සමච්ච්ල් කිරීමෙන් සිත් රිදවා ගැනීමක් හෝ තමනට විනෝදයක් ලබාගැනීම හැර නෙත් පෑදීමක් සිදුවේ යැයි සිතීම අපහසුය.
ඔව් අප කළයුතු දෙයක් ඇත.
ඒ සියළු ආගම්හි විකාශය කාලානුරූපව ප්‍රාදේශීය හා ලෝක ඉතිහාසය සමග සසඳා අවිනිශ්චිත හා පිළිගත නොහැකි කරුණු පිළිබඳව විද්‍යාත්මක සාකච්චාවකට මග පාදා ගැනීමයි.
අනුන්ගේ ඇසේ පොල්කෙන්ඳ දකිනවිට තමන්ගේ ඇසේ පොල් පරාලය අමතක කරන බව මතක තබාගතයුතුය.
උදාහරණයක් කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් වයස මාස හයේදී තිසරණ සරණ යන්නේ කෙසේදැයි මට නොවැටහේ.
බුදුන් වහන්සේ අනුදැන වදාළේ මේ අපහාස කිරිමේ ක්‍රමයයි මට නොසිතේ.
මා කිසිම බ්ලොග්කරුවකුගේ අහවල් දෙය කරන්නකු නොව යථාර්තවාදී ලෙස සිතීමේ උන්මාදයෙන් පෙලෙන්නෙක් බවද මාගේ පවුල් පසුබිම අනුව ඔබගේ සටහන් වලින් අප සිත් තැලෙන බවද සිහිකරන්න.
අප රට තුල හැම ආගමකටම ධර්ම සංඝායනාවන් අවශ්‍යව ඇත.
පෙරමුණේ රාළ ඒ සඳහා පෙරමුණ ගනු ඇතයි පතමි.
තෙරුවන් සරණයි…!
.
කොළඹ පැල්පත් වැසියන් කඳවුරකට …………!
රටේ සන්වර්ධන වැඩ වෙනුවෙන් ඕනෑම ඉඳිකිරීමක් ඉවත්කළ යුතු නම් එයට එරෙහි නොවිය යුතුය,
එසේවූ විට යම් ජන කොටසකගේ හිසට සෙවන,සමාජ වටපිටාව, බඩ වියත රැකගන්නා මාර්ගයට එය බලපෑවද
එ නිසා ඒ වැඩ පිළිවෙල අත්හැර දැම්මේ නම් ලොව මහ නගර ඉඳි නොවෙනු ඇත.
නමුත් මේ අසරණයන් පදික වේදිකාවෙන් එළවන විටම,
(සමහරුනට අනුව ඔවුන් එළවීම නිවැරදිය.මන්දයත් කාන්තා අතවර සිදුවන නිසාය.ඒ අනුව කාන්තා අතවර සිදුවන සියළු තැන් වසා දැමිය යුතුය.)
නිවසින් එළවන විටම ,
වෙනදාමෙන්ම හිසට සෙවනක් ,බඩට අහරක් ,වැටෙන බවට සහතිකයක් තිබිය යුතුය..
නො එසේ නම් ඔවුන් වෙනුවෙන් අප පාරට බැසිය යුතුය.
අවාසනාවකට එය නොවේ.
එසේම පාරට බහින අසරණයන්ට තලන්නේ ,වසරකට පෙර කිරිබත් කැවූ ඔවුන්ගේ එකෙක් වීම මොන තරම් ශෝචනීයද.?
මේ පාප කර්මය දිඨ්ටධම්මවේදනීය කර්මය යයි මා නොකියන්නේ මේ අසරණ සිත් තවත් නොතැලියයුතු නිසාවෙනි.
නමුත් රටේ ජනතාව ගැටළු විසඳීමේ මෙම ක්‍රමය ඉහළින්ම අනුමත කර ඇතිබවත් අමතක නොකළ යුතුය.
එවැනි උදාහරණ කිහිපයකි මේ.
1.සාමය සඳහා යුධ කොට ,එය ජය ගැනීමෙන් මින් පසු සාමය ඇතිකරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කොමිසම පත්කිරීම.
ඒ මක් නිසාද යත් එසෙ නොවී සාම විසඳුමට යම් හෙයකින් ඔවුන් එකඟ වුවානම් ඔවුන්ව සමූල ඝාතනය කොට සිව් හෙළයේ විජය ධජ නන්වන්න ඉඩ නොලැබෙන බැවිනි.
2.ඉරිදා සහ පෝයදා ටියුශන් තහනම් කිරීම.
එවිට වෙන කළයුතු දෙයක් නොමැති හෙයින් ධර්මානුකූල දිවියක් සඳහා දහම් පාසලට පන්සලට යෑම.
3.ඉරිදා සහ පෝයදා මත්පැන් සහ මස් විකිණීම තහනම් කිරීම.
එවිට නියත වශයෙන්ම පස්පවු වලින් දෙකකින් මිදුන බවට රජයේ සහතිකයක් ලැබීම.
4.කාම චිත්‍රපට හා වෙබ් අඩවි තහනම් කිරීම.
මෙමගින් තෙවැනි සිල්පදය ආරක්ෂාවන බවට රජයේ සහතිකයක් ලැබීම
5.ඇල ඉවුරු දෙපස ජනතාව මේ පෝලිමට හෙට එක්වීමට නියතයි.
ඉහත හැම එකකම මූලධර්මය පළමුව වාරණයයි.
ජාතියක් වශයෙන්ම අප වාරණයෙන් පසු විසඳුම් සෙවීමට රුසියෝය.
එසේනම් කොළඹ පැල්පත් වැසියන් කඳවුරකට ගාල්කරමු
කුඩා කළ කොපි පොතේ ඇතුල් කවරයේ ලියාගෙන පාඩම් කළ “මාර්ටින් නීමෝලර් මුලධර්මය .”
ඒ පොත් පිටු අතර තිබු සියළු භෞතික හා රසායන මූලධර්මවලට වඩා දිනෙන්දින ඇස්පනාපිට ඔප්පුවන බව දකින්නෙමි.
“THEY CAME FIRST for the Communists,
and I didn’t speak up because I wasn’t a Communist.
THEN THEY CAME for the Jews,
and I didn’t speak up because I wasn’t a Jew.
THEN THEY CAME for the trade unionists,
and I didn’t speak up because I wasn’t a trade unionist.
THEN THEY CAME for me
and by that time no one was left to speak up.”
නී මෝලර් සමාවෙන්න අදට ගැලපුවාට
පළමුව ඔවුන් ත්රස්තවාදීයා වෙත පැමිණියහ
මා නිහඬව සිටියේ ත්‍රස්තවාදීයකු නොවන බැවිනි
ඊළඟට ඔවුන් දෙමළා වෙත පැමිණියහ
මා නිහඬව සිටියේ දෙමළකු නොවන බැවිනි
ඊළඟට ඔවුන් මුඩුක්කු /හැකරුන් වෙත පැමිණියහ
මා නිහඬව සිටියේ මුඩුක්කු /හැකරකු නොවන බැවිනි
අවසානයේ ඔවුන් මා වෙත නොපැමිණෙන බව සහතිකය
ඒ මා ඔවුන්ගේම කෙනෙකු නිසාය