එදා චමල් අද නාමල්

ඉරුදින –  Web Edition
2010 මාර්තු මස 28 වැනිදා,ඉරිදා
පිටු අට-රාජ්‍ය රහස්

එදා චමල් අද නාමල්  

මේක දැන් පරණ වුවත් එම ලිපියේ            

එදා චමල් අද නාමල්     

මගේ නින්ද කැඩුවා.

එයට අනුව
1.පසුගිය මැතිවරණයෙදී චමල් රාජපක්ෂ මහතා දීස්ත්‍රික්කයේ පළමුවෙනියා ලෙස තේරි පත්වී ඇත.
2.2005 න් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමෙන්තු මැතිවරණයන්ට ඉදිරිපත්වී නැත.

අනේ ඉතින් ඇයි මැ.කෝ…………..
ඔයා මටත් හොරෙන් 2005 පස්සේ පාර්ලිමෙන්තු මැතිවරණයක් පවත්වලා 2004දී
මනාප 56416 ක්  ලබාගෙන පස්වැනියාවූ චමල් රාජපක්ෂව පළමුවැනියා කළේ ?
ඔයා ජිල් මාට් දැම්මද?
ඔයා හරීම නෝටියෙක් වෙලා……….

අනේ ලසන්ත මාවත් ගන්නකෝ……..
මට මේවා බලන්න බැරියෝ…………….!

බීමත්වූ රැයේ

අදින් පසු මගෙ ලොවට

නොපායන් හිරු උදේ

මගේ ජීවය

මගෙන් ඉවතට

ළං නොවන්නට ඇදීයේ……

08011986

සමා වුව මැනවි මට.

අහිංසක ඔබේ හිත මා මෙලෙස රිදවූයේ..
                   ලොවටම ඇති බියෙනි………
නමුත් මට හැකි නොවුනි …එලෙස දිවි ගෙවන්නට
             ඔබෙ අවංකවූ නෙතු අසල
එනමුදු මට සිතේ
       කුමට මම බියවුනිද ලෝකයට
මන්ද,
හමුවන හැම බාධකයකටම නොසැලී හිඳීමේ.
     ශක්තිය මා ඔබෙන් ලැබු හෙයිනි

සමා වුව මැනවි මට
මා අතින් වූ දොසට
මින් මතු කිසිදිනක
නොරිදවමි මම …………….ඔබේ හිත

30041990

පලායැවුනු සෙව්වන්දිය

පෙති නොවියැකී
   විකසිතව මා අත තිබූ සෙව්වන්දිය
මාරුතයක් හමුවේ
   පලා ගියෙන් මගෙන්
අද රිදවූ මා හදවත
   තවත් වරක් රිදවන්නට….
තව සැරයක් කවදාවත්
  එන්න එපා මගේ අතට
 මගේ සෙව්වන්දියේ………………………!

11021987

විප්ලවවාදියකුගේ විරහ ගීය

කිසි දින නොපතමි ඔබේ ආදරය…
මගේ දයාබර සොහොයුරියේ………..
  පියවි ලොවින් ඈතින් ඈතට..
  මා හිත ඇදගත් පුංචි කුමාරිය..
ඔබ වෙනුවෙන් තැනු හද යහනාවට…
වෙනකකු තව නැහැ ළං වූයේ.
  සොහොන් ගෙයක් වූ – ගරාවැටුනු ඒ යහනට
  එන්න එපා ඔබ එන්න එපා
හෙට ගොඩනැංවෙන අපේ රතු ලොවට
වැලි ඇටයක් වී…..

ඔබ වැන්නන්ගෙන් මා..මියෙනා විට
මා වැළලූ තැන…රතු කුසුමක්
අදවන් දිනයක තබන්න  කුමරිය.

23081985

මිරිඟුව

ඔබේ දෙනයන – නැගුන මිරිඟුවෙ

අහස් මලිගා සියක් මැව්වෙමි

දියට හසුවු සිත්තමක් සේ

වියැකිනි ඒ සියල්ලම දිගටම කියවන්න