ගොබෙල්ස් නොබෙල් ගිනස්

Daily Bite
2025 සැප්තැම්බර් 29
ගොබෙල්ස් සංස්කරණය

ගොබෙල්ස්ද ?
ගිනස් ද ?
නොබෙල් ද?
කවුද ගණන් ගන්නේ…?

ජපානයේ තේ වෙන්දේසියකදී
වාර්තාගත මිලක්
ශ්‍රී ලංකා තේ වලට ලැබීම
සදහන් කරන ඇමතිවරයා
එය නොබෙල් ත්‍යාගයක් බවට “උසස්” කිරීමට සමත් වූනාලු.

ඔවුන් වෙනස දන්නේ නැහැ
ගොබෙල්ස්,
ගිනස්,
නොබෙල්…
කවුද ගණන් ගන්නේ?

සැමවිටම වචන ලිස්සා යනවා,
සැමවිටම දිව කරකවනවා,
සැමවිටම ගොබෙල්ස්ගේ
අනුගාමිකයන් බව ඔප්පු කරනවා
ඉතිං
ඔයැයිට පාන්ද?

නව සම්‍යක් ප්‍රයෝග

Daily Bite
2025 සැප්තැම්බර් 28
ප්‍රමාද වූ
සම්‍යක් ප්‍රයෝග සංස්කරණය

බුදුන් වහන්සේ වරක් තම ගිහි කල සොහොයුරා වන නන්දට ඒත්තු ගැන්වීම සඳහා සම්‍යක්-ප්‍රයෝගය – නිවැරදි යෙදුම – භාවිතා කළසේක .

උන්වහන්සේ නන්දහිමියනට අපසරාවියන් පෙන්වා , ආශාව විනය බවට පත් කර, ඔහුව විමුක්තිය කරා ගෙන ගියේය.

අනුර කුමාරගේ මාධ්‍ය කණ්ඩායම ද තමන්ගේම සම්‍යක්-ප්‍රයෝගය සොයාගෙන ඇත
නිව්යෝර්ක්හි රාත්‍රී භෝජන සංග්‍රහයක්
“ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හමුවීමක්” බවට පත්වේ.

ඇදහිලිවන්තයින්ට එය විශිෂ්ට ලෙස පෙනේ.

නමුත් ආගමේ මෙන්ම දේශපාලනයේද වැදගත් වන්නේ සත්‍යය නොවේ –
ඔබ එය අදාළ කර ගන්නා ආකාරයයි.

ශ්‍රී ලංකා ජනාධිපතිඅනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන්පියල් පෙරේරාවිසින් ඉදිරිපත් කරන ලද දේශනය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ
80 වන සැසිවාරයට

ශ්‍රී ලංකා ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා වෙනුවෙන්
පියල් පෙරේරා
විසින් ඉදිරිපත් කරන ලද දේශනය

සභාපතිතුමියනි,
ගෞරවනීය ආරාධිතයිනි,
සම්භාවනීය නියෝජිතයිනි,

මුලින්ම,
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙම ඓතිහාසික 80 වන සැසිවාරයේ සභාපතිනි ධුරයට තේරී පත්වීම සම්බන්ධයෙන් ජර්මනියේ අතිගරු ඇනලේනා බේර්බොක් මැතිණියට මම උණුසුම් සුබපැතුම් පිරිනමමි.
79 වන සැසිවාරය අතරතුර ඇති කළ සුවිශේෂ නායකත්වය සඳහා කැමරූනයේ අතිගරු ෆිලමන් යං මැතිතුමාට ශ්‍රී ලංකාවේ කෘතඥතාව ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් මෙම ගෞරවනීය මහා මණ්ඩලයට ඇමතීමට ලැබීම ගැන නිහතමානීව සතුටුවෙමි.

සම්භාවනීය නියෝජිතයිනි,
අපි මෙහි රටවල නියෝජිතයන් ලෙස රැස්ව සිටිමු.
නමුත් එයින් ඔබ්බට,
අප මත පැටවී ඇත්තේ අපේ ජනතාවගේ පූජනීය භාරකාරත්වයකි.

මෙම ශාලාව තුළ අප ගන්නා සෑම තීරණයක්ම ලොව පුරා ජීවිත ස්පර්ශ කර අපේ පොදු නිවසේ අනාගතය හැඩ ගැසේ.

මානව වර්ගයාගේ පැරණි ඛේදවාචකයක් වන
දරිද්‍රතාවය
තවමත් අපේ ලෝකයට පීඩා කරන අයුරු බලන්න.

අද දිනයේ මිලියන ගණන් ළමුන් කුසගින්නෙන් පෙළෙන අතර,
තවත් මිලියන ගණනකට ඔවුන්ගේ
මූලික අධ්‍යාපන අයිතිය අහිමි කර ඇත. තම තාක්ෂණික ජයග්‍රහණ ගැන ආඩම්බර වන ලෝකයක් මෙය ඉවසන්නේ කෙසේද?

අධ්‍යාපනය සෑම මහා ජාතියකම පදනමයි.
අධ්‍යාපනයට ආයෝජනය කිරීම, ඇත්තෙන්ම ගෝලීය ප්‍රගතිය සඳහා වන ආයෝජනයකි.
එහෙත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය වලින් බැඳී, පාසල් හෝ රෝහල් සඳහා වියදම් කරනවාට වඩා පොලී ගෙවීමට සිදු වී ඇත.

2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රතිඥා දී ඇත්තේ
“කිසිවෙකු අත්හැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් ” ය.
අප මෙම පොරොන්දුවට ගරු කළ යුතුයි.

ගරු සභාපතිතුමිනි,
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාංශයේ 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව පැහැදිලිව දක්වන්නේ ගෝලීය මත්ද්‍රව්‍ය වෙළඳාම සහ එහි අපරාධ ජාල වැඩෙමින් පවතින බිහිසුණු තර්ජනයක් බවයි.
ඒවා අපේ සමාජ දූෂණය කර,
රාජ්‍ය අස්ථාවර කර,
ජීවිත විනාශ කරයි.

මෙම මහා ව්‍යසනයට මුහුණ දීමට ශ්‍රී ලංකාව ස්ථිර පියවර ගෙන ඇත.
නමුත් කිසිදු රටකට තනිව සාර්ථක විය නොහැක.
අප එකට ක්‍රියා කළ යුතුයි — ජාවාරම්කරුවන්ට එරෙහිව
නීතිය දැඩි කර,
දේශ සීමා හරහා වන ආරක්ෂිත තෝතැන්න වසා දමා,
ඇබ්බැහි වීමට ගොදුරු වූවන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු ගැන
මේ මොහොතේ මම ඔබගේ අවධානයට යොමු කරමි

ගරු සභාපතිතුමියනි,
ගෞරවනීය අමුත්තනි,
දූෂණය සමාජය විනාශ කරන තවත් වසංගතයකි.
එය ජාතීන්ගේ ධනය සොරකම් කර, ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කර,
දරිද්‍රතාවය පෝෂණය කරයි.

නයිජීරියාවේ ,
අබූජාහිදී
රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ මහතා ,
ආචාර්ය ගොසි ඔකොන්ජෝ-ඉවේලාගේ

“දූෂණයට එරෙහි සටන භයානකයි ”

කෘතියෙන් උපුටා දක්වමින් අපට මතක් කර දුන් පරිදි

“දූෂණයට එරෙහි සටන භයානකයි. එහෙත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි .”

සටන කිසිවිටෙක පහසු නැත.
නමුත්,
ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු වරෙක කියා ඇති පරිදි
“නිර්භීත වන්න, ඉතිරි සියල්ල ඉබේම සිදු වනු ඇත.”

පළමු පියවර තැබීමට අපට ධෛර්යය ඇති කර ගනිමු.
එය කොතරම් දුෂ්කර වුවද,
එම පියවර නිවැරදි නම්,
තවත් දහස් ගණනක් අනුගමනය කරනු ඇත.

ගරු සභාපතිතුමියනි,
ගෞරවනීය අමුත්තනි,
ශ්‍රී ලංකාව දශක තුනක යුද්ධයේ කටුක ඇත්දැකීම් විඳදරා ගත්තා.
අපි යුද්ධයේ නිෂ්ඵලතාව වැඩිපුරම දනිමු.
අපි යුද්ධය නිසා මියගිය දහස් ගණනකගේ සැමරුම් ස්මාරක අසලට පැමිණ ඔවුන්ගේ දෙමාපින්, දූදරුවන්, බිරින්දෑවරු දෑත් එක්කර නඟන වේදනාබර ආයාචනයන් දැක ඇත්තෙමු.

අපි පවුල් සදහටම විසිරී යනු දැක ඇත්තෙමු.

ඒ නිසා අද අපි පැහැදිලිව කියමු

කිසිදු ජාතියක් යුද්ධය ප්‍රාර්ථනා නොකරන අතර,
කිසිදු ජනතාවක් එහි ඛේදවාචක වලට ගොදුරු විය යුතු නැත.

ගාසා වල මානුෂීය ව්‍යසනය
අප දැඩි ලෙස කනස්සල්ලට පත් කරයි.

අහිංසක ළමුන් සහ සිවිල් වැසියන් එළිමහන් සිර කඳවුරක් බවට පත් වූ ප්‍රදේශයක දුක් විඳින්නෝය

. ශ්‍රී ලංකාවේ අප

  • ක්ෂණික සටන් විරාමයක්,
  • බාධාවකින් තොරව මානුෂීය ආධාර, සහ
  • ප්‍රාණ ඇපකරුවන්ගේ මුදා හැරීම වෙනුවෙන් පෙනී සිටිමු

එ.ජ. යෝජනා සහ 1967 සීමාවන්ට අනුකූලව ඊශ්‍රායලය සමග පලස්තීන ජනතාවගේ ස්වෛරී රාජ්‍යයක් සඳහා වන අහෝසි කළ නොහැකි අයිතිය අප නැවත තහවුරු කරමු.

යුක්තිසහගත හා ස්ථීර විසඳුමකින් පමණක් සාමය ගෙන ආ හැකිය.

වහල්භාවය අහෝසි කිරීමෙන් සියවසකට පසුවත්,
ජාතිවාදයේ සහ ආන්තිකවාදයේ විෂ තවමත් තැන තැන ඇති බව පෙනේ.
ඒවා අළු යට ගිනි පුපුරු මෙනි
එහි බිහිසුණුම තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව
අවස්ථාවාදී ලෙස එම ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලා බවට පත් කිරීමයි.

මානව දයාව,
සමානාත්මතාව සහ සහයෝගිතාවේ වටිනාකම් වලින් මෙම ගිණිදැල් නිවා දැමිය යුතුයි.

මාගේ ජනතාව අන්ධකාරය මත ආලෝකය තෝරාගෙන ඇත.
ඔවුන්
“ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”

යන දැක්මට තම ආශිර්වාදය ලබා දී ඇත.

මෙම දැක්ම ඉටු කරගැනීමට,
ශ්‍රී ලංකාව කැපවී ඇත

එනම්

  • සදාචාරාත්මක, දූෂණ රහිත පාලනයට,
  • දරිද්‍රතාවය මුලින්ම සමනය කිරීමට,
  • අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ව්‍යාප්ථ කිරීමට,
  • පිරිසිදු හා තිරසාර සංවර්ධනය අනුගමනය කිරීමට,
  • ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට සහ කෘතිම බුද්ධිය වගකීමෙන් යුතුව භාවිතා කිරීමට.

අප මෙම පදනම් ශක්තිමත් කරන අතරම,
ලෝකයට ශ්‍රී ලංකාවේ දොරවල් විවෘත කරමු

  • ආයෝජකයන්ට,
    අප සුරක්ෂිත, නීතිය මත පදනම් වූ, විනිවිදභාවයට කැපවූ පරිසරයක් ලබා දෙමු.
  • සංචාරකයන්ට,
    අපගේ ජනතාවගේ සංග්‍රහ සත්කාර, අපගේ සංස්කෘතියේ පොහොසත්කම, සහ අපගේ දිවයිනේ සුන්දරත්වය දිගු කරමු.

ගරු සභාපතිතුමියනි,
ගෞරවනීය අමුත්තනි,
1945 දී එ.ජ. ප්‍රඥප්තිය අත්සන් කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හැරී එස්. ට්‍රූමන් ප්‍රකාශ කළේ

“ඔබගේ අතේ අපගේ අනාගතය තිබේ. අප භීතියෙන් හෝ බලහත්කාරයෙන් ක්‍රියා නොකර,
වඩා යහපත් හා ආරක්ෂිත ලෝකයක් සඳහා බලාපොරොත්තුවෙන් ක්‍රියා කළ යුතුයි.”

එම බලාපොරොත්තුවෙන් මගපෙන්වන්නෙමු.
ලෝකය තවත් ව්‍යසනයට රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වූ පරපුරක් බවට පත්වීමට මෙම සමුළුවේදී අපි අධිෂ්ඨාන කර ගනිමු.

අවසාන වශයෙන්
මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා.
ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා.
මගේ රටේ ජනතාවට සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා.
ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා.
ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අප විශ්වාස කරනවා.

“නිරෝගී ධරණි තලයක
සාමය සහ ගෞරවය සහ සමානාත්මතාව වෙනුවෙන් කැප වෙමු “

යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා.

ලෝකය සැබෑවටම පිළිසකර කරන්නන් වෙමු කියා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

මෙම උතුම් ගමනට ඔබ සමග එක් වීමට ශ්‍රී ලංකාව සූදානම්.

මේ රැස්වීම අවසානයේ ශ්‍රී ලංකාවේ තේ හෝ බෙලිමල්/ රණවරා ඹෂධීය පානය කිතුල් හකුරු සහ කොණ්ඩ කැවුම් සමග රස බැලීමට හෝ තැඹිලි වතුර පානය කිරීමටත් එක්වන ලෙස ඔබ සැමටම ආරාධනා කරමි.

බෙහෙවින්ම ස්තූතියි.

අංගුලිමාල පිරිත

Daily Bite
2025 සැප්තැම්බර් 26
අංගුලිමාල සංස්කරණය

වරක් භීතිය පතුරුවා හරින ලද අංගුලිමාලගෙන්ම
ආරක්ෂාව සඳහා
අංගුලිමාල පිරිතෙහි
ඔහුගේ වචන
තවමත් මව්වරුන්ට සහ නූපන් දරුවන්ට ආශිර්වාද කරයි

“මා මේ උතුම් ජීවිතයට ඉපදුණු දින සිට,
මා හිතාමතාම ජීවියෙකුට හානියක් කර නැත.
මෙම සත්‍යයෙන්, ඔබට සහ ඔබේ දරුවාට යහපැවැත්ම ලැබේවා.”

ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ අන්ධකාරයෙන් ආරම්භ වන අයට පවා සාමයේ හඬක් බවට පත්විය හැකි බවයි.

බෞද්ධ සම්ප්‍රදාය තුළ,
අංගුලිමාල කලක් ප්‍රචණ්ඩ කැරලිකරුවෙකු ලෙස බිය වැපිරීය.

නමුත් බුදුන් වහන්සේ හමුවීමෙන් පසු, ඔහු ඉන් ඉවත් වී අනුකම්පාවේ පණිවිඩකරුවෙකු බවට පත්විය.

මේ පරිවර්තනයට වඩා හොඳ දෙයක් තවත් තිබේද?

ප්‍රචණ්ඩත්වයෙන් එසවූ අත්වලින් මව්වරුන්ට සහ නූපන් දරුවන්ට ආශිර්වාද ලැබුණි.

අද පවා,

අංගුලිමාල පිරිත
බෞද්ධ නිවාස,
පන්සල් සහ රෝහල්වල –
විශේෂයෙන් ගැබිනි මව්වරුන් සඳහා – ගායනා කරනු ලැබේ.

එය ආරක්ෂාව, සන්සුන් හා ආරක්ෂිත දරු ප්‍රසූතිය ලබා දෙන බව විශ්වාස කෙරේ,
හානියට වඩා සුව කිරීම තෝරා ගත් වෙනස්වු මිනිසෙකු විසින් වරක් කථා කරන ලද එම වචන අසිරිමත්ය.

මෙය වෙනස් වීමේ
සැබෑ මිනුමයි,
කැරැල්ලෙන් ආරම්භවු කෙනෙකුගේ හඬ භීෂණයට එරෙහිව අවදි කිරීමෙන් අවසන් කිරීම.
ආරම්භය කොතරම් අඳුරු වුවත්, අවසානය ඒ මත නිගමකය නොකළ යුතු බව අංගුලිමාල අපට මතක් කර දෙයි

නව යව්වන යව්වනියන්ගේ ලිංගික ආශාවන් නීතියෙන් මැඩලිය නොහැක

Daily Bite 2025 සැප්තැම්බර් 25

දෙවැනි පාර්ලිමේන්තු කථාව

නව යව්වන යව්වනියන්ගේ ලිංගික ආශාවන් නීතියෙන් මැඩලිය නොහැක.නීතියට සාමාන්‍ය ලිංගික හැසිරීම් අපරාධයක් බවට පත් කළ හැකිය. • සැබෑ ගැටළුව ලිංගික සූරාකෑම සහ සම වයසේ යව්වන යව්වනියන්ගේ සබඳතා අතර වෙනස නොදැකීමය. • විසඳුම ලිංගික අධ්‍යාපනය සහ පැහැදිලි නීතිමය වෙනස්කම් සහ අර්ථදැක්වීමය

මගේ අද දිනයේ දෙවැනි පාර්ලිමේන්තු කථාව

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,

අද නැවතත් මෙම සභාව ඇමතීමට
දුන් අවසරය ගැන ස්තූතිවන්ත වෙමි.

ගරු ළමා හා පවුල් කටයුතු
අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ්, Saroja Savithri Paulraj

මැතිණියනි

ලිංගික හැසිරීමට කැමැත්ත
දෙන වයස සහ
අපගේ වර්තමාන නීතිවල ඇති පරස්පරතා පිළිබඳ ප්‍රශ්නය
පිළිබඳව කතා කිරීමට මා කැමතියි.

නාරිවේද අංශයේ වසර 27 කට වැඩි කාලයක්,
ගැබ් ගැනීම්,
ලිංගික සෞඛ්‍ය ගැටළු සහ
බාලවයසේ ලිංගික සබඳතාවල
සමාජ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන තරුණ තරුණියන් සමඟ වැඩ කර ඇත්තෙමි.

එම අත්දැකීම මත
මා සිතන්නේ මෙම විවාදය
ඉලක්කම් ඉක්මවා යා යුතු බවයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,
අපි අවංක වෙමු

තරුණ තරුණියන් අතර
ලිංගික ආශාව සහ
ලිංගික ක්‍රියාකාරකම් නීතියෙන් නැවැත්විය නොහැක.

එය මිනිස් ස්වභාවයේ කොටසකි.

වයස අවුරුදු 16 හෝ 17 අතර දෙදෙනෙකු කැමැත්තෙන් ලිංගික සබඳතාවල යෙදෙන විට,

එය අපරාධ ක්‍රියාවක් නොවේ

එය මානව සංවර්ධනයේ
ස්වාභාවික අවධියකි.

ඔවුන්
අපරාධකරුවන් ලෙස සැලකීම,
ඔවුන්
වැරදිකරුවන් ලෙස සැලකීම,
යනු
සාමාන්‍ය නව යොවුන් වියේ දරුවන් උසාවි සහ බන්ධනාගාරවලට
තල්ලු කිරීම පමණි.

මේ නිසා
මා විශ්වාස කරන්නේ
ලිංගික හැසිරීමට කැමැත්ත දිය හැකි වයස අවුරුදු 16 සිට 18 දක්වා
ඉහළ දැමීමෙන්
ගැටළු අඩු නොවී
තවත් ගැටළු ඇති විය හැකිබවයි.

අප
අපේම දරුවන්
අපරාධකරුවන් ලෙස
හංවඩු ගසනු ඇත.

නමුත්
මෙය නියත වශයෙන්ම තව පැහැදිලි කල යුතුය

වයස අවුරුදු 16 හෝ 17 ක දරුවෙකු වැඩිහිටි පුද්ගලයෙකු,
ගුරුවරයෙකු,
විදුහල්පතිවරයෙකු හෝ
අධිකාරියක තනතුරක සිටින ඕනෑම වැඩිහිටියෙකු විසින්
ලිංගික සූරාකෑමට ලක් කරන්නේ නම්,

එය අපයෝජනයක් වන අතර එය බරපතල අපරාධයක් ලෙස සැලකිය යුතුය.

නීතිය සම වයසේ මිතුරන් අතර ලිංගික සබඳතා සහ වැඩිහිටි ලිංගික සූරාකෑම අතර වෙනස හඳුනාගත යුතුය.

විසඳුම ඇත්තේ දඬුවම් තුළ නොව ලිංගික අධ්‍යාපනය තුළ ය.

මුල් අවධියේදී ආරම්භ කරන ලද
පුළුල් ලිංගික අධ්‍යාපනය,

තරුණ තරුණියන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට,

වගකීමෙන් ක්‍රියා කිරීමට සහ
අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගැනීමට උපකාර කරයි.

අතීතයේ දී,

විරෝධතා හේතුවෙන් එවැනි මුලපිරීම් සීමා කරන ලද නමුත්,

අප යථාර්ථයට මුහුණ දිය යුතුය.

ලිංගික අධ්‍යාපනය නොමැතිව,
අපේ දරුවන් ලිංගික හැසිරීමට
සූදානම් වී සිටිති.

මගේ නිවසේදී පවා,
මම මෙම සත්‍යය සරලම ආකාරයෙන් දකිමි.

මට ජූන් සහ ජේඩ් යන පූස් පැටවුන් දෙදෙනෙක් ඉන්නවා.

මාස හතරේදී,

මා ඔවුන්ව වඳ භාවයට පත් කළේ
ඔවුන්ගේ සහජ බුද්ධිය “වැරදි” නිසා නොව,
සතුන් ලෙස ඔවුන්ට වගකීම ඉගැන්විය නොහැකි බැවිනි.

මිනිසුන් වෙනස් ය.
අපට ඉගැන්විය හැකිය,
අපට මඟ පෙන්විය හැකිය,
ඒ අප ගත යුතු මාර්ගයයි.

අවසාන වශයෙන්,

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,

ඔබතුමා මුලසුනෙ ඉන්න
මේ මෙහොතේ
අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මැතිණියගේ
විෂයට සෘජුවම අදාල නැතත්,

මුස්ලිම් විවාහ නීතිය
සහ
ගැබ් ගැනීම අවසන් කිරීම පිළිබඳ අපගේ යල් පැන ගිය විධිවිධාන
නැවත සලකා බලන ලෙස
මම මෙම සභාවෙන් ඉල්ලා සිටිමි.

එක්සත් රාජධානියේ සහ
වෙනත් රටවල,
ප්‍රවේශමෙන් නියාමනය කරන ලද ප්‍රවේශය හරහා
අනාරක්ෂිත ගබ්සා කිරීම් අඩු කර
ජීවිත බේරාගෙන ඇත.

අපට
අපේ දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නම්,
අප
අපේ තරුණ මව්වරුන් ද ආරක්ෂා කළ යුතුය.

නිගමනයක් ලෙස
විවාහය,
අපරාධ වගකීම සහ
සිවිල් ජීවිතය සඳහා
සැබෑ වැඩිහිටි වයස ලෙස අපි අවුරුදු 18 පිළිගන්නේ නම්,
අපගේ නීති එයට අනුකූලව
පෙළගැස්විය යුතුය.

නමුත් එසේ කිරීමේදී,
අප
තරුණ තරුණියන්ට
මිනිසුන් වීම නිසා දඬුවම් නොකළ යුතුය.
ඒ වෙනුවට,
අප
ඔවුන් ලිංගික සූරාකෑමෙන් ආරක්ෂා කළ යුතුය,
වගකීම සඳහා ඔවුන්ව දැනුවත් කළ යුතුය, සහ
නිරෝගී වැඩිහිටියන් බවට පත්වීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුය.

ස්තූතියි.
Gandika Weligamage
Upul Kumarapperuma
Bimal Rathnayake
Anura Kumara Dissanayake
Subhaga Herath
අජිත් පැරකුම් ජයසිංහ
Ajith Karawita
Ajith P Perera
Harshana Nanayakkara
@highlight

අවුරුදු 16 දී ලිංගිකව හැසිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය

පාර්ලිමේන්තුවේ හිටියා නම්
අද මගේ කතාව

“ගරු කතානායක තුමනි!

ගරු බිමල් රත්නායක ඇමති තුමනි!

ඔබ ඊයේ
කලීල් ජිබ්රාන් උපුටා දැක්වීම
මට සැබවින්ම ආශ්වාදයක් ගෙනදුන්නා

“දරුවන් දෙමාපියන්ට නොව ජීවිතයට අයත් බව “

කලීල් ජිබ්රාන් කළ මතක් කිරීම ගැඹුරු සත්‍යයකි.

මා කුඩා කාලයේ,
කලීල් ජිබ්රාන්
සිංහල පරිවර්තනයෙන් කියවා ඇති බව මට මතක්වුනා.

එකල
මට වඩාත්ම බලපෑවේ
වයින් සහ කාන්තාවන් පිළිබඳ
ඔහුගේ පේළි –
මන්ද පිරිමි ළමයෙකු ලෙස එම වචන නිර්භීත, කැරලිකාර විය.

ජිබ්රාන්
වයින්
ප්‍රීතියේ සංකේතයක් ලෙසත්,

කාන්තාව
ආදරයේ සහ මැවීමේ සංකේතයක් ලෙසත් භාවිතා කරන බව පසු කලෙක මට වැටහුණා.

ඔබ
දරුවන් පිළිබඳ ඔහුගේ පේළි උපුටා දැක්වූ විට
අද ඒ මතකය අලුත්වුනා,
මට කලීල් ජිබ්රාන් ගැන ගැඹුරු සම්බන්ධතාවයක් දැනුණා.

මගේම ගමනෙන් යමක් එකතු කිරීමට මටත් අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ
ලිංගික ඇසුරට කැමැත්ත දෙන වයස ඉහළ නැංවීමට සටන් කළ අයගෙන් කෙනෙක් මා
මීට පෙර,
එය අවුරුදු 14 ක් වූ අතර,
වාසුදේව නානායක්කාරගේ සහෝදරයා සහ තව අයගේ උදව්වෙන් අප එය
අවුරුදු 16 දක්වා වැඩි කිරීමට සමත් වුණා.

මා මුලින්ම
වාසුදේව නානායක්කාර සහෝදරයාට මේ ගැන සදහන්කරවිට,
ඔහු මගෙන් ඇසුවේ
“අවුරුදු 14 ක ගැහැණු ළමයෙකුට ලිංගිකව හැසිරීමට අයිතියක් නැද්ද ?යන්නයි.

තරුණ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම යනු
“ලිංගිකව හැසිරීමට ඇති අයිතියට”

වඩා වැදගත් දෙයක් බව
මා තර්කකළවිට
ඔහු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එකඟ විය.

ඒ නිසා,
ඊයේ ඔබ කතා කරන විට,

අප වයස අවුරුදු 16 දී ලිංගිකව හැසිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය හඳුනා ගැනීම පමණක් නොව,

මේ සාකච්ඡාව පුළුල් කළ යුතු යැයි මට හැඟුනා

  • විශේෂයෙන් බොහෝ
    වැඩිහිටි පිරිමින්
    හෝ
    බලතල සහිත පුද්ගලයන්
    මෙයට සම්බන්ධ වන විට,
    නිසි ලිංගික අධ්‍යාපනයේ සහ
    ලිංගික සූරාකෑමට එරෙහිව
    ආරක්ෂාවේ වැදගත්කම අවධාරණය කිරීමට
    ඔබ අදහස් දැක්වුවා නම්
    වටින්නේ යයි සිතුනා
    ලිංගික අයිතිවාසිකම්
    ලිංගික ආරක්ෂාව සමඟ
    එක්ව පැමිණිය යුතුය.
    තවද
    වරක්
    ඩිජිටල්කරණයට විරුද්ධ වූ පුද්ගලයෙකු ලෙස,
    ඩිජිටල් පද්ධතියක් හරහා
    උසස් පෙළ අවසන් සිසුනට
    රුපියල් 5000 ක සාක්කු මුදලක් ලබා දීම වැනි ප්‍රායෝගික දෙයක් පවා යෝජනා කරමින්,
    පෙන්වු ඔබේ ප්‍රගතිශීලී චින්තනය මා සැබවින්ම අගය කරන බව ද පැවසිය යුතුය.

මා මෙය ගෞරවයෙන් කියන්නේ
ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා වීමට ඔබට ඇති හැකියාව ඇතයි විශ්වාස කරමිනි
ස්තුතියි

වඩේ

කෝච්චියේ වඩේ විකුණනවා
කිව්වම මට මතක්වුනේ
ජීවිතයේ මතක තියෙන
රසම වඩේ කෑවේ
මාතර බ්‍රෝඩ්වේ පාරේ
ආරියසිංහල මුදලාලිගෙන්

කව්රුහරි
වඩේ ගේන්න කිව්වම
මං පැනගෙන
එතනට යන්නේ
රස බලන්න
අමතර වඩයක් ලැබෙන නිසා

වඩේ දහයක් සැනෙන් දානවා

අප විහිලුවට කියන්නේ
මුදලාලිට එකපාරට
වඩේ පහක් තලන්න පුලුවන් කියල

පිටිගුලි පහක්

එකක් නිකට යට
දෙකක් කිහිල්ල යට
අනෙත් දෙක
තඩි තන් දෙක යටට දාලා
තලල
එක පාරට තාච්චුවට දානවා කියලා

කතාව හදපු එකා කව්ද
කියලා බුකියෙ ඉන්න එයාගේ නෑයෝ දැන් දැනගනී
තරහවෙන්න එපා

මං එහෙම කිව්වට
එයාට හරි ආදරේ

ආයේ ඒ වගේ කිට්ටුවෙන් යන
වඩේ එකක් කෑවේ
ලස්සන කෙල්ලො වඩේ හදන
ඕමන්ත හංදියේදි
මං එයාලගෙනුත් ඇහුව
මාතර ආරියසිංහල මුදලාලිගේ නෑයෝද

ඒ වගේද වඩේ හදන්නේ කියලා

චින්තා කතාව දන්න නිසා මගේ කට වැහුව
කෝච්චියේ වඩේ විකුණල
කෝටිපතියෝ වුන
චාමර සම්පත්
වසන්ත සමරසිංහ
නිසා
එදාවේලා හම්බ කරගන්න
වඩේ විකුණන අහිංසකයෝ දේශීය ආදායම් එකෙන් අල්ලගෙන යයි
ඒ ගැන කිව්වම
සමහරුනට වඩේ Pඩේ වෙලා
pඩේ වෙඩිල්ල වෙලා

මේ ඉන්නේ මං
ඒ විදියට වඩේ හදන්න පුරුදුවෙනවා
තව ටික කලකින්
මාත් කෝටිපතියෙක් තමා

මාලිමා රජය අවංකද?

Daily Bite
2025 සැප්තැම්බර් 24

මාලිමාව සැබවින්ම අවංකද?

“වත්කම් හෙළිදරව් වී ඇත, වෙස් මුහුණු ගැලවී ඇත.”

රජය ඉරිතලා යද්දි ජනයා සසලවී ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධවීම නිසා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කලබලවී ඇත.

එදා
තමා දුප්පත්ය
තමාට අදායමක් නැත
තමාට රස්සාවක් නැත
තමා ජීවත්වන්නේ
තම හිතවතුන්ගේ සහ
පක්ෂයේ උදව්වෙන් යයි කියමින්
මහජනයාගේ හදවතට කතා කල ඔවුන් අද
අපට
පරම්පරා දේපල
රත්තරන් ,
මන්දිර,
වාහන සහ
ව්‍යාපාර තිබු බව කියති.

එකෙක්
තම අසරණ දියණිය විකුණා ඇත.

හැමෝම
“ගලේ පැහැරු බළලුන්” බවට පත්ව ඇත.

ඒ මදිවාට

අප “අවංක “නිසා
වත්කම් ප්‍රකාශ කර බව කියමින්
එසේ කිරීමට
බලකෙරුන හේතුව සගවා
ජනයා නොමග යවයි

තව අය
අපේ වත්කම් දේශපාලනයට නොදුන් නිසා ඉතිරිවු බව කියයි
එකෙක් තොපිට පාන්ද අසයි

පිළිතුරු දීම වෙනුවට,
මාලිමා ඇමතිවරු
මාධ්‍යයේ කට වහති,
ප්‍රශ්න තහනම් කරති,
සහ පුරවැසියන්ට මෙසේ කියති
“පැමිණිල්ලක් ගොනු කරන්න.”

බොහෝ අය ණය ප්‍රකාශ කර නැත,
ත්‍යාග දුන්නේ කවුද ප්‍රකාශ කර නැත,
පක්ෂය තමන්ට දුන්නත් පක්ෂයටත්
කව්රුන් හෝ දී ඇති බව සගවයි

සැබෑ ව්‍යාපාරිකයන්
බිලියන ගණනක් ණය දරති.
එලොන් මස්ක් පවා ණයගැතියෙකි.

නමුත් අපගේ රටේ එහෙම නැත

ඔබ උපයා ගත්තේ කෙසේද?
@අසන්න මහජනයාට අයිතියක් ඇත

පුද්ගලයකුට හෝ පක්ෂයකට හෝ තෑගි ලෙස ලැබුන
මුදලක් දේපලක් නිසා

ඉන් ළබැදියාවන් පිළිබද ගැටුමක් නැතිබව සහතික වීමක්ද අවශ්‍යයි

එන් පි පී රජය
සැබවින්ම අවංකනම්
කළයුත්තේ

2023 අංක 9 දරණ දූෂණ විරෝධී

පනතට සංශෝධන ගෙනවිත් එය තවත් ශක්තිමත් කිරීමයි

හදුන් අපට පාන්ද?

හදුන්
Sunil Handunneththi
ඔබට
ප්‍රශ්නයකට පිලිතුරු දීමට හෝ
නොදීමට
ඇති අයිතියට ගරු කරමි

ඊයේ
ඔබ කලිදුට මුහුණදුන් ආකාරය කැතයි

ඔබ වෙනුවෙන් අතීතයේදී
පෙනී සිටීම ගැන
ලජ්ජාවෙමි

“කලකදි වහලු, කලකදි රස වෙනවාලු.”

ඩේලි බයිට්

  • 2025 සැප්තැම්බර් 23
    (උදෑසන සංස්කරණය)

“කලකදි වහලු, කලකදි රස වෙනවාලු.”

1980 දී,
ජේ.ආර්. ජයවර්ධන,
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත
පාවිච්චි කොට
මහා වැඩ වර්ජනය තලා දැම්මා

එදා,
“මෙම නීතිය ජනතාව බැද දමන මර්දනකාරි එකකි.”
හඬ නැගු අය මතකද?

අද,
එම පනතම නව ගැසට් පත්‍රයක පළ වේ,

මෙවර විදුලිය ,අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

ගැසට් අංකය වෙනස් වේ.

ජනාධිපතිවරයා වෙනස් වේ.

නමුත් පනත එසේමය.

කලකදි වහලු, කලකදි රස වෙනවාලු.

ඔහොම යන්
Anura Kumara Dissanayake