කරන ලද වැරදි වලට සරත් ෆොන්සේකා එල්ලා මැරිය යුතු බව ගෝඨා කියයි.
මරණ දඬුවම් ලබා දෙන වරද මොනවාදයි කීමට මා නොදන්නෙමි.මේ පිළිබඳ දන්නා අයගේ ගුරුහරුකම් බලා පොරොත්තුවෙමි.
කරන ලද වැරදි වලට සරත් ෆොන්සේකා එල්ලා මැරිය යුතු බව ගෝඨා කියයි.
මරණ දඬුවම් ලබා දෙන වරද මොනවාදයි කීමට මා නොදන්නෙමි.මේ පිළිබඳ දන්නා අයගේ ගුරුහරුකම් බලා පොරොත්තුවෙමි.
ම’මව් පස අත්තා (සීයා/මුත්තා)පස් පවින් වැළකුණ සැබෑ බෞද්ධ උවසුවකුය.සතර පෝයට සිල්ගත් හේ පසු කළෙක කරින් නොගැලවූ උතුරු සළුව සහිතව මියනතුරු සිටියේ,අප නිවසට රැස්වන උවසු උවැසියනට,(ම’පියා විසින් තිළිණ කළ ) සද්ධර්ම රත්නාවලිය මිලින්දප්‍රශ්නය කියවා තේරුම් කරදුන් අයුරු දැනුදු මැවී පෙනේ.එකළ කුඩා පාසල් සිසුවකු වූ මා ,මිනිසාගේ සඳ තරණයේ දසවස් සමරුව පිළිඹඳ ‘මිහිර’ පත්‍රයේ වූ ලිපියක් හඬනගා කියන’තර ,ම’වෙත පැමිණි හේ මිසදිටු පුවත් මායිම් නොකරන්න යැයි ඉතාමත් අදරින් තෙපළුවේ මෘදුව ම’හිස පිරිමදිමිනි.ම’තුලවූ මහත් විමතිය මනා කොට පසක් කරගනිමින් , ම’කෙරේවු අපරිමිත දයාවෙන් මෙසේ පවසන්නට විය. ” ම’වැඩුමහල් මුනපුර,සඳ තරණය වනාහි සෘද්ධි බලයෙන් යුත් උතුමණට මිස පුහුදුන් දනහට කළ හැක්කක් නොව,පුහුදුන් දනහට එ’වෙත කිසිදා ළංවිය නොහේ.තොප මෙකියනා නීල් ආම්ස්ට්‍රෝනයන් වැඩිමවුවහොත් ගිජු කුළු පව්ව කරා එළැඹින දැයි සිතිය නොහේ. මින් නොපසුබට මා මෙපුවත තරයේ අදහමින් වාදයට වන්නේ එසේ නම් අප නිවසට ඉහලින් යන්නාවූ අහස්යානා සඳ මතට නොපැදවිය හැකිවන්නේ කෙසේදැයි ඇසි, ම’හට පිළිදෙන්නේ ” එසියල්ලම ගිජු කුළු පව් මත්තට නූස්ව පියාඹන්නේ “යැයි ද අප තථාගතයෝ තුසිතයට හා තුසිතයෙ සිට තෙපියවරින් වඩින්නේ ගිජු කුළු පව් මත්තට දෙවැන්න තබමිනැයි කීය.නාගදීපයෙන් එපිට මෙ දිවයිනෙන් බැහැර නොගිය හේ තම නැණ පමණින් එදා ම’හට අවබෝධ කරදුන් ගිජු කුළු පව්වෙ මතකය කල් යත්ම වියැකිණි.නමුත් අදින් දසවසරකට පෙර සඳ තරණය සිතුවම් පටය මවන ලද්දකියි යමෙකු ලියා ඇති බව දුටු විගස යළි එය අළුත් වූයේ” අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ “යැයි සිහි නංවමිනි.නාගදීපයෙන් එපිට මෙවර දිවයිනෙන් බැහැර ගිය කිරිබත්ගොඩ හිමිපානෝ මෙවර ගිජු කුළු පව්වෙ මතකය අළුත් කළේ ‘අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ “යැයි යන්න යළි සිහි නංවමිනි.මනුලොව කප් රුක රචනාවේ මැක්කාගේ කථා වස්තුව දෙවැනි කොටස මෙසේ ඇරඹිමි.
අප තථාගතයානෝ සර්වඥ ය.එබැවින් සියල්ල යථාකාරයෙන් දැක වදාළ සේක.ද්විමාන දෘශ්ඨියෙන් යුත් සත්වයෝද මෙලොව වසන්නෝය.උනුනට ත්‍රිමාණ දෘශ්ඨිය යනු කිමෙක්දයි කිසිදිනෙක නොවැටහේ.පුහුදුන් අප ත්‍රිමාණ දෘශ්ඨිය ඇත්තෝ වම්හ.කාලයාද මානයක් වි සිව්මාන අවබෝධයක් ලබන්නෝ වම්හ.මින් එපිට මානයක් ගම්‍ය නොවන්නෝ වම්හ.එසේ වතුද ජන්මයෙන් ලද්දාවු අති මහත් මුග්ධකම ලොවටම පෙන්වමින් මහා සහස්‍ර විශ්වයක් සිවුමාන පෙට්ටගමෙක බහා පෙන්වන්නට යත්න දරන්නෝ වම්හ
දුටු ගැමුණු රජු හට දුර දසුන,තල බනුව හෝ පරිගණකය ගැන කීවේ නම් මුසාව වෙනුවෙන් දැඩි දඩුවම් ලැබෙනු නිසැකය.එසේ වුව එය විය හැකියි පවසන්නෙක් එදා සිටියේ නම් අද ඌ හට අභය දියයුත්තේය.මේ සිව්මානයෙන් ලොව බලන්නා වු සියල්ලන්ටම ” අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ ” ‘යැයියන්න අදාල වන්නේය.
එය එසේ වුවද අප තථාගතයානෝ සියල්ල දැන වදාළ සියළු කාරණා සසර කතරින් එතෙර වී මෝක්ෂය ලැබගැනුමටම නොවන බව දත මනාය.ඒ කිම්ද යත් මෝක්ෂය ලැබගත යුත්තාවූ මාර්ගයද පෙන්වා ආනපානසතියද දෙසා වදාළ බැවිනි.එසේ වීනම් මේ සා මහත් වූ සූත්‍ර දේශනා නිශ්ඵල වන්නේහි යයි නොසිතු මනාය.ඒ මන්ද යත් එදා වාදයට වන්නන්ගෙන් පැවැතෙන පරපුර කල්පාන්තය තෙක්මැ යළි යළි මතුවන නියාව තුන්කල් දක්නා ගෝතමයෝ අවබෝධ කොට ගෙන මතු පරපුරෙ යමෙකුහට වාදයට යාම් සඳහා සියළු කාරණා වදාළ බැවින.එකල්හි ලාමක පහත් විද්‍යායැයි අනුදැන වදාළද මිසදිටුවන්ගේ මන් බිඳිනු වස් තාරකා විද්‍යාවය,ජීව විද්‍යාවය වැනි විද්‍යා උපයෝගී කරගත්තේ යම් සේද, වත්මන් මිසදිටුවන්ගේ මන් එලෙසින්ම බිඳ දමා ,ශ්‍රී සද්ධර්මයට මහත් ආලෝකයක් ගෙනදෙන්නාවූ ධර්මධරයන් කොට්ඨාශයක් ද උන් වහන්සේගේ පිනට පහළව ඇත්තාහුය.ඒ කෙතරම් සේවයක්ද යත් බටහිර අනුකාරකවාදීන්ගේ ,මිසදිටුවන්ගේ නොදියුණු තාරකා විද්‍යාවය, ක්වොන්ටම් වාදය, සමාන්තර විශ්වයය යනාදි වාද හා විද්‍යා උපයෝගී කොටගෙනද,කළල විද්‍යාවය,ප්‍රවේණි විද්‍යාය,ජාන විද්‍යාය,අණුක ජාන විද්‍යායා උපයෝගී කොටගෙනද ත්‍රිපිටකය නිවරදි යයි ඔප්පුකොට පෙන්වා ඒ සමගම ත්‍රිපිටකය උපයෝගී කොටගෙන එකී සියළු විද්‍යා නොදියුණු සහ සාව්ද්‍ය යයි ඔප්පුකිරීමට තරම් දක්ෂවන්නාහුය.මෙකළ එම පරපුරට කවරහු අයත් වන්නෝද නම් (හ )බරණ ගණිත සලින්ද නිල්වා,ඉස්සරහ අමුනේ රාලලගේ නැතිවුන රා මිගයාද,කළලධාරී දිනුම් අලංකාර යයිද,දත යුත්තාහ.තවද මිසදිටුවන් නම් වනාහි තබූද,බහිරා මිගයාද, පු හු අල තිස්සයාද,නොහොඳ හිතා වන බවත් තේරුම් ගත මනාය.
තවද මේය ලනාගත අංකාව නම්වූ සූත්‍රයෙහි අශුද්ධ පිටපත මෙසේ පළ කළද මෙහිනම් ගම් කාල වකවානු සහ සිද්දිදාමය ගැන වගකීමක් නොමැති නිසා ප්‍රතිචාරයට පිළිතුරු ලැබේදයි සැක සහිතය.