කොළඹ පැල්පත් වැසියන් කඳවුරකට …………!

රටේ සන්වර්ධන වැඩ වෙනුවෙන් ඕනෑම ඉඳිකිරීමක් ඉවත්කළ යුතු නම් එයට එරෙහි නොවිය යුතුය,

එසේවූ විට යම් ජන කොටසකගේ හිසට සෙවන,සමාජ වටපිටාව, බඩ වියත ‍රැකගන්නා මාර්ගයට එය බලපෑවද

එ නිසා ඒ වැඩ පිළිවෙල අත්හැර දැම්මේ නම් ලොව මහ නගර ඉඳි නොවෙනු ඇත.

නමුත් මේ අසරණයන් පදික වේදිකාවෙන් එළවන විටම,

(සමහරුනට අනුව ඔවුන් එළවීම නිවැරදිය.මන්දයත් කාන්තා අතවර සිදුවන නිසාය.ඒ අනුව කාන්තා අතවර සිදුවන සියළු තැන් වසා දැමිය යුතුය.)

නිවසින් එළවන විටම ,

වෙනදාමෙන්ම හිසට සෙවනක් ,බඩට අහරක් ,වැටෙන බවට සහතිකයක් තිබිය යුතුය..

නො එසේ නම් ඔවුන් වෙනුවෙන් අප පාරට බැසිය යුතුය.

අවාසනාවකට එය නොවේ.

එසේම පාරට බහින අසරණයන්ට තලන්නේ ,වසරකට පෙර කිරිබත් කැවූ ඔවුන්ගේ එකෙක් වීම මොන තරම් ශෝචනීයද.?

මේ පාප කර්මය දිඨ්ටධම්මවේදනීය කර්මය යයි මා නොකියන්නේ මේ අසරණ සිත් තවත් නොතැලියයුතු නිසාවෙනි.

නමුත් රටේ ජනතාව ගැටළු විසඳීමේ මෙම ක්‍රමය ඉහළින්ම අනුමත කර ඇතිබවත් අමතක නොකළ යුතුය.

එවැනි උදාහරණ කිහිපයකි මේ.

1.සාමය සඳහා යුධ කොට ,එය ජය ගැනීමෙන් මින් පසු සාමය ඇතිකරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කොමිසම පත්කිරීම.

ඒ මක් නිසාද යත් එසෙ නොවී සාම විසඳුමට යම් හෙයකින් ඔවුන් එකඟ වුවානම් ඔවුන්ව සමූල ඝාතනය කොට සිව් හෙළයේ විජය ධජ නන්වන්න ඉඩ නොලැබෙන බැවිනි.

2.ඉරිදා සහ පෝයදා ටියුශන් තහනම් කිරීම.

එවිට වෙන කළයුතු දෙයක් නොමැති හෙයින් ධර්මානුකූල දිවියක් සඳහා දහම් පාසලට පන්සලට යෑම.

3.ඉරිදා සහ පෝයදා මත්පැන් සහ මස් විකිණීම තහනම් කිරීම.

එවිට නියත වශයෙන්ම පස්පවු වලින් දෙකකින් මිදුන බවට රජයේ සහතිකයක් ලැබීම.

4.කාම චිත්‍රපට හා වෙබ් අඩවි තහනම් කිරීම.

මෙමගින් තෙවැනි සිල්පදය ආරක්ෂාවන බවට රජයේ සහතිකයක් ලැබීම

5.ඇල ඉවුරු දෙපස ජනතාව මේ පෝලිමට හෙට එක්වීමට නියතයි.

ඉහත හැම එකකම මූලධර්මය පළමුව වාරණයයි.

ජාතියක් වශයෙන්ම අප වාරණයෙන් පසු විසඳුම් සෙවීමට රුසියෝය.

එසේනම් කොළඹ පැල්පත් වැසියන් කඳවුරකට ගාල්කරමු

කුඩා කළ කොපි පොතේ ඇතුල් කවරයේ ලියාගෙන පාඩම් කළ “මාර්ටින් නීමෝලර් මුලධර්මය .”

ඒ පොත් පි‍ටු අතර තිබු සියළු භෞතික හා රසායන මූලධර්මවලට වඩා  දිනෙන්දින ඇස්පනාපිට ඔප්පුවන බව දකින්නෙමි.

THEY CAME FIRST for the Communists,
and I didn’t speak up because I wasn’t a Communist.

THEN THEY CAME for the Jews,
and I didn’t speak up because I wasn’t a Jew.

THEN THEY CAME for the trade unionists,
and I didn’t speak up because I wasn’t a trade unionist.

THEN THEY CAME for me
and by that time no one was left to speak up.”

නී මෝලර් සමාවෙන්න අදට ගැලපුවාට

පළමුව ඔවුන් ත්‍රස්තවාදීයා වෙත පැමිණියහ


 මා නිහඬව සිටියේ ත්‍රස්තවාදීයකු නොවන බැවිනි
ඊළඟට ඔවුන් දෙමළා වෙත පැමිණියහ
මා නිහඬව සිටියේ දෙමළකු නොවන බැවිනි
ඊළඟට ඔවුන් මුඩුක්කු /හැකරුන් වෙත පැමිණියහ
මා නිහඬව සිටියේ මුඩුක්කු /හැකරකු නොවන බැවිනි
අවසානයේ ඔවුන් මා වෙත නොපැමිණෙන බව සහතිකය
ඒ මා ඔවුන්ගේම කෙනෙකු නිසාය

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න