සජිත්…………රනිල්ටද,,,,,,,,,,,,,මහින්දටද…………?

පසුගිය මැතිවරණයත් සමගම එක්සත් ජාතික පක්ෂය නිරතුරුව සාකච්චාවට බඳුන්වෙමින් පවතිනු දැකිය හැකිය.මෙහි සමහරෙක් රනිල් වික්‍රමසිංහ  එළවා දැමීමටත්,තව සමහරෙක් සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබාදීමටත් කැසකවන අතර දෙපැත්තටම  අයත් නැතිබව පෙන්නමින් පූර්ණ ප්‍රතිසන්විධානයක් ඉල්ලමින් හැන්ගිමුත්තන් කෙළින පිරිසක්ද වේ. එක්සත් ජාතික පාක්ශිකයකු නොවන මා හට ඔවුන්ගේ ප්‍රශ්ණයට අතදැම්මිමට ඇති ඇම්ම නම් අප රටේ පැරණිම සහ විශාලතම වන එය කාගෙවත් බූදලයක් නොව මේ රටේම තවත් කොටසකි.මේ රටේ ජනයාගේ සම්පතකි.1948 සිට අද තෙක්ම මේ රටේ සන්වර්ධනයේ වැඩිම බර ඇද ඇත්තේ ඔවුන්ය.1977  ජේ.ආර්.ගේ ව්්‍යවස්තාවේ ආනුභාවය නිසාවෙන් වසර හයකට වරක් මාරු කරන ලද තැටිය දැන්  වසර 15-20 තෙක්  එකදිගට වාදනයවේ. නැවත තැටිය වැයීමට උපරිම විභවය ඇත්තන් ගැන කතාකිරිමට හැමටම අයිතියක් ඇත.ඒ නිසා දැන් කාරනාවට බහිමු.

යු.එන්.පී,ය පැරදුනේ රනිල් නිසාද?

 ඔව්.පැරදුන මැතිවරණයන් මෙහෙයවුයේ රනිල් නිසා ඔහු වගකිවයුතුයි.

නමුත් ඔහු  මැතිවරණයන්  18 ක් එකදිගට පැරදුනාද ?

නැත ඔහුගේ  2001 ජයග්‍රහණය 2004 දී උදුරාගත් තැන් සිට වසර හයකදී මහමැතිවරණ දෙකක් ,ජනාධිපතිවරණ දෙකක් ,පලාත් සභා සහ  පලාත් පාලන මැතිවරණයක් පැරදී ඇත.පසුව සඳහන් එතරම් නොවටින දෙක අත්හැර දැමුවිට ඔහු එදා චන්ද්‍රිකාට හෝ සිරිමවෝටද වඩා බලගතු බව පැහැදිලිවම පෙනේ. සිරිමාවෝ හෝ චන්ද්‍රිකා යු.එන්.පි ජනාධිපතිවරයකුගේ රජයක් පෙරළා දමා එම ජනාධිපති යටතේම රජයක් පිහි‍ටුවීමට අපොහසත්වුවද,රනිල් එම අභියෝගය ජයගත්තෙකි.දැන් රනිල්ගේ බැරිකම් දකින මහත්වරුණි ආපස්සට හැරී බලන්න.2005 දී රනිල් පැරද්දුවේ අලි කොටි ගිවිසුමක් ගැන කියමින් කොටි සමග ගිවිසුමක් ගසා බව එදා එසේ ජනතාව මුලාකළවුන්ගේ කටින්ම මේ වනවිට හෙළිවී හමාරය. යුද්ධයේ ජයග්‍රහණයට අයිතිකරුවන් බොහෝ සිටියද,රාජපක්ෂ රජය කොතරම් වැරදිකළද ඒ සියලුපව් 30 වසරකයුද්ධය අවසන් කළ නිසා ගෙවී ගියේය.කවුරුන් පිළිගත්තත් නොපිළිගත්තත් යුද්ධය අවසන් කිරීමට සමත්වු රාජ්්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බව ඉතිහාසගතව අවසන්ය.මේ රටේ ජනයා පිළිගෙන අවසන්ය.යමෙක් එය එසේ නොවේයැයි සිතන්නේ නම එය කුහකකම හෝ මෝඩකම නිසාමවියයුතුය.එවන් සන්දර්භයක් තුළ ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ සමග ඔට්‍ටුවීමට සිතීම මෝඩකමකි.2010 දී මහින්ද රාජපක්ෂට තරගයක් දෙන්න ගොස් පස්ස බිම ඇණගන්නේ නැතිව ඉන්නේ කෙසේදැයි තැවෙමින් සිට රනිල්ව බේරගන්නට ජ.වි.පෙ ඇත්තන් දුන් අන් තට්‍ටුව පැළඳ ගත් සරත් ෆොන්සේකා ඉදිරිපත්වීම රනිල්ට දෙය්යො දුන්නාක්මෙන්විය.රනිල් නැතිව ඉදිරියට දැමූ සරත් නම් අශ්වයා දිවූ දුර අපි දු‍ටුවෙමු.අනිත් වල් අශ්වයකුවූ ස(S)වුත්තු බ(B)න්ඩා දැම්මනම් යූ.එන්.පිය.බිමය. සජිත් ගැන පසුව කියමි.2005 දී ඇන්ටන් බාලසින්හම් කීවාක්සේම රනිල් යනු කපටි නරියෙකි.2010 ජනවාරි 26 දා මේ නරියා ඉතාමත්ම දක්ෂ ලෙසින් තමන්ගේ ඇඟ බේරාගත් අතර තමන්ගේ තරම නොදත් මෝඩයා සිරගතවිය.එවන් හරකුනට නොතෙරුනද දාම යන හැටි ගේම පටන්ගන්නකොට දකින පියාගේ වෘෂණ කෝශයේ ශුක්‍රාණුවක්ව සිටි අවදියේ සිටම දේශපාලනය ඇඟේ දුවන මේ දෙන්නාම දිනුවේය. යුද්ධයේ ජය 2012 විකුණන්න බැරිනිසා පදවිකාලයේ අවුරුදු දෙකක් ඔට්‍ටු තැබූ මහින්ද රාජපක්ෂත් ගොඩ.2012 දී ගොඩ යන්න තිබුනත් 2010දි පක්ෂනායක කමත් නැතිව ගෙදරයන්න සිද්දවෙන මරාලයෙන් රනිල් වික්‍රමසිංහත්ගොඩය.S.B , ජොනී හැදුවෙ පක්ෂයට ඇති ආදරය පෙන්නමින් රනිල් වික්‍රමසිංහට ගේම දෙන්නවුවත් මේ නරියා ඒවට අහුවුනේ නැත..

මේවෙලේ ගේමක් දෙන්න බැරි බව උපකල්පනය කළ යූ.එන්.පි ලක්ෂ 15 ක් මහ මැතිවරණයේදී නැගිට්ටේ නැත.

රනිල් අදක්ෂද..?

රනිල් අදක්ෂ නම් 2001 දි චන්ද්‍රිකාගේ රජය පෙරළා දමා රජයක් පිහි‍ටුවන්නෙත් ,2005 දි සියලු අවාසිසහගත තත්වයන් යටතේ මහින්දට කරට කර තරගයක් දෙන්නෙත් සහ 2010 සරත් ෆොන්සේකා ඉදිරියට දමා ජාම බේරාගන්නේ කොහොමද?.

රනිල්ට බයද?

එසේනම් විශ්‍රාම වැ‍ටුප හා රජයේ සේවයට පත්වීම් ලබානොදීම ,කොටි දෙකඩ වෙන්කිරීමට සමත්වූ ගිවිසුම ගැසුවේ කෙසේද?

රනිල් ජනප්‍රිය නැද්ද?

රජයට විරුද්ධව පාර්ලිමෙන්තුවේදිවත්,ජාතික තලයේ දේශපාලනයේදීවත්, රවී හෝ දයාසිරි තරම් වත් හඬක් නොනැගුවත් පියාගේ උරුමය හා සද්භාවයෙන්ම දිළිදුම දිස්ත්‍රික්කයේ ජීවත්වෙමින් ඔවුන්ට කරන ලද් සේවය නිසා ජනප්‍රියම යූ.එන්.පි  මන්ත්‍රීවරයාවීම නායක්ත්වයට එකම සුදුසුකම යයි සිතන සජිත් ප්‍රේමදාස සහ රනිල්ගේ ජනප්‍රියතාව වෙනස්වීම පහත වගුවෙන් පැහැදිළිය.

නම   ලබාගත් මනාප සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ පක්ෂයතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ වලංගු චන්ද සංඛ්‍යාව   දිස්ත්‍රික්කයේ වලංගු චන්දතුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය    දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව    දිස්ත්‍රික්කයේ චන්දදායකයන්තුල ජනප්‍රියතාවයේ ප්‍රතිශතය
 රනිල් වික්‍රමසිංහ 1977 22045   22045   100   38336   57.51   44326   49.73
 රනිල් වික්‍රමසිංහ 1989 86477   385733   22.42   712437   12.14   969658   8.92
 රනිල් වික්‍රමසිංහ 1994 291194   385100   75.62   921933   31.59   1235959   23.56
 රනිල් වික්‍රමසිංහ 2000 363668   440684   82.52   1014220   35.86   1385547   26.25
 සජිත් ප්‍රේමදාස 2000 98968   119074   83.12   276127   35.84   360026   27.49
 රනිල් වික්‍රමසිංහ 2001 415696   546417   76.08   1058481   39.27   1440682   28.85
 සජිත් ප්‍රේමදාස 2001 92536   112520   82.24   281162   32.92   369073   25.07
 රනිල් වික්‍රමසිංහ 2004 329524   441841   74.58   1057966   31.15   1467751   22.45
 සජිත් ප්‍රේමදාස 2004 82968   98877   83.91   279310   29.71   384361   21.59
 රනිල් වික්‍රමසිංහ 2005 569627   569627   100   1114250   51.12   1468537   38.79
 රනිල් වික්‍රමසිංහ 2010 232957   339750   68.57   939375   24.8   1521854   15.31
 සජිත් ප්‍රේමදාස 2010 74467   83027   89.69   278054   26.78   421186   17.68

 

කිසිදු මඩක් නොමැතිව ඔ‍ටුන්න හිමි කුමරකුසේ ජනප්‍රිය සජිත් ප්‍රේමදාසගේ සහ රටේම තිබෙන්නාවූ  සියළුම දහජරාවෙන් නාවනු ලැබුවාවූ රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියතාවයේ  වෙනස පෙනේද?

 එතකොට රනිල් එලවන්න හදන්නේ ඇයි?

කුමන හෝ ක්‍රමයකින් බලය ලබාගෙන වැජබීමට උත්සාහ කරන ඕනැම එකෙකුට රනිල් අරහන්ය.කෙටි ක්‍රමයෙන් බලයට එන්න උත්සහා කරන්නෝ පළමුව රනිල් එලවන්න බලති.එසේ බැරිවූවිට රනිල්ට දෙස් දෙවොල් තියමින් යූ.එන්.පි  බේරගන්න යනවා කියමින් මහින්දගේ ඔඩොක්කුවට පනිති.දැන් ඔය ගිය මහත්වරු ඇමතිවරුවී යූ.එන්.පි  බේරනවාද?රනිල් නොහිටින්න මේවන්විට ඔවුන් යූ.එන්.පි  ය ගෙඩියපිටින්ම ගෙනිහින් මහින්දගේ පෙට්ටගම ඇතුලේ ආරක්ෂවට තබා ය.සජිත්ට සිදුවන්නේ හම්බන්තොට යූ.එන්.පි  නමින් අලුත් එකක් අටවා එහි නායකයා වන්නටය. රටේ ජනතාවට වැඩක් වෙන්නේ ප්‍රබල විපක්ෂයක් තිබුනොතිනි.නමුත් රජයක් කැමැති දුබල විපක්ෂයක් තිබුනොතිනි.එය ලෝක ස්වභාවයයි.එනිසා රනිල් එලවා විපක්ෂය දුබල කිරීම මහින්දගේ කැමැත්තයි.එතැන රනිල් සිටියද එහිවෙනසක් වෙන්නේ නැත.මහින්දගේ ඇමකැවුන් ටිකක් මහින්ද ළගවුවත් තවටිකක් මහින්දගේ උවමනාව ඉ‍ටුකරමින් පක්ෂයේ සිටී.

යු.එන්.පී. සාමාජිකයෙනි .

මහින්දගේ තුරුලට ගිය ඔබගේ කපටි ආරක්ෂකයන්ගේ ලයිස්තුව බලන්න.ඔවුන් අද කරන කියදේ බලන්න.ප්‍රේමදාස යුගයේ සිට යු.එන්.පියේ සැබැ ආරක්ෂකයාවූ රනිල් අවිශ්වාශ නොකරන්න.නවීන් කරපු දේ බලන්න.එනිසා මොහොතකට සජිත්වත් අවිශ්වාශ කරන්න.රනිල් එළවීමේ පාපයට හවුල් නොවී මින්මතු පවත්වන මැතිවරණවලට සහභාගීවී ඔබේ පක්ෂය දිනවාගන්න.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මින්පසු චන්ද පොළට යන්න.

යු.එන්.පී නායකයනි………………..!

මහින්ද බලයේ ඉන්නේ ඔහුට ජනතාව තාමත් කැමති නිසා බව තේරුම්ගන්න.ඔබට බලයේ රස විඳින්න ඕනැනම් බොරු චා‍ටු නැතිව කෙලින්ම මහින්ද ළඟට ගොස් කුමක් හෝ ඉල්ලගන්න.රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් විපක්ෂය ශක්තිමත්ව තිබෙන්න හරින්න.එසේ නොමැතිනම් සජිත් කරන්නාක් මෙන් ජනයාගේ දුක සැපේදී ඉඳිමින් ඔවුන් අතර ජනප්‍රියවෙන්න.බලය ලබා ගන්න ඔනේ නම් රවී දයාසිරි ශිරාල් වගේ වෙන්න.ආන්ඩුවේ වන්චා දූෂණ ජනතාවට හෙලිදරව්කරන්න.ඒවාට එරෙහිව හඬ නගන්න.රජයේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිවෙන්න.එවාට එරෙහිව ඔබෙ ප්‍රදේශයේ ජනයා පෙළගස්සන්න.(දැනට ඇහෙන්නෙ ඔබෙ රනිල් විරෝධය පමණි.)එවිට ජනතාව ඔබව නායකයා කිරීමටද ඉඩ ඇත.

සජිත්……..!

ඔබට නායකයාවන්න අවශ්්‍ය නම්.ඔබේ ආන්ඩු විරෝධය පාර්ලිමෙන්තුවෙත් ජාතික තලයෙත් පෙන්වන්න.රවී දයාසිරි මෙන් හඬනගන්න.රනිල් එලවීම නොව මහින්ද එලවීම ඔබගේ ඉලක්කය කරගන්න.ඔබේ පියා ජේ.ආර්.යටතේ ගියාවූ අඩි පාරේ මිස නායකත්වයට කෙටිමන් සොයා ගොස් ඔබත් පාක්ශිකයනුත් පක්ෂයත් කොටින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේ නොහෙලන්න.

ජ.වි.පෙ.

  2004 පාර්ලිමෙන්තුවේ කථානායක තේරිමේදි සිදුවු සියල්ල අනුමත කළ ඔබ , 2005 දී බොරු ගිවිසුමක් පෙන්නා ජනතාව මුළාකොට රාජ පක්ෂ සමාගම ලියාපදින්චි කළ ඔබ, 2010 කථානායක පත්කළේ යු.එන්.පී යයි කියමින් බොරුවට (ජ)නතාවට  (වි)යරුව (පෙ)න්නන්න එපා.අසරණ සරත් ෆොන්සේකා හිරේ විළන්ගුවේ වැ‍ටුනේ 2005 දී බොරු ගිවිසුමක් පෙන්නා ජනතාව මුළාකොට රාජ පක්ෂ සමාගම ලියාපදින්චිකරදීමේ ඔබගේ පව් සෝදා දීමේ  කටයුත්තට කර ගැසීම නිසාවෙනි.ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයේ ඔබේ භූමිකාව අගේ කරනමුත් ඔබගේ චතුර කම ජනතාව මුළා කරවන්නට යෙදවීම් අනුමත කළනොහැක.ඉතිහසයේ  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වැඩිම ගණනක් පත්වුන මේ පාර්ලිමෙන්තුවේ ඔවුන් ‍තෝරන කථානායකයාට එසේ සහයදීම හැර වෙන කුමක්ද කරන්නෙ.කර අම්බවන්නද? ඔබේ මෝඩ චූන් ජනතාවට දෙන්න එපා.

මහින්ද ………..! නියම ජනතාවගේ රජයක් ලෙස  මේ කාටවත් කටක් අරින්න බැරිවිදියට වැඩ කොට (මර්වින් වගේ නොවී).ලන්කාව ලෝක පුදුමය කරවන්න.

රනිල්………………!

මේ සියල්ල කීවේ ඔබට කඩේ යන්නට නොව ,රටේ ප්‍රජාතත්‍රවාදය ආරක්ශා කරගතයුතු නිසාය.මේ වෙනුවෙන් අද සිටින දක්ෂතමයා ඔබනිසාය.නමුත් ඉන්ග්‍රිසියෙන් සිතා සිංහලෙන් කථාකරන ඔබට සිංහල භාශාවේ චතුරත්වය නොමැතිබව තේරුම්ගන්න.ඔබේ වචන වාචාලවන්ශලාගේ රසමසවුළු වීම නවතන්න.කථාවට ‍රැවටෙන අපේ උන්ට කථා බැරිවුවත් වැඩ පුළුවන් බව 2013 දී පෙන්වන්න.දෙපැත්ත කන කරුවා වැනිවුන්ට රුක්මන්ට බෙදූ හැන්දෙන්මබෙදන්න.සජිත්,බුද්ධික,ගයන්ත,රවී,රෝසී,දයාසිරි ලා ඉදිරියට අරගෙන අලුත් ගමනක් යන්න නැත්නම් පව් නොදී ගෙදර යන්න.

7 thoughts on “සජිත්…………රනිල්ටද,,,,,,,,,,,,,මහින්දටද…………?

  1. සිරා කථාව !!!
    යුද්ධය අවසන් කිරීමට සමත්වු රාජ්්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බව ඉතිහාසගතව අවසන්ය.

    ඇත්ත. ඒත් සාමය උදා කල නායකයා නම් නෙවේ. මේ දෙක පටලවා ගන්න එපා.

    යුද්ධය අවසන් කිරීම != සාමය උදා කිරීම.

    කැමතියි

    • ඔව් ….! යුද්ධය අවසන් කළ ජනාධිපති මහින්දයි.මා මෙහි පෙන්නුවේ බහුතර ජන මතයයි.තවම සාමය උදාවුනේ නැහැ.උදාවෙන ලකුණක්වත් නැහැ.සාමය උදා කරන්න ගියොත් මහින්දට වෙන්නෙත් රනිල්ට වුනදේමයි.අපේ බහුතරය ඉල්ලන්නේ අමුතුම සාමයක්….!එක ලියන්නත් අප්‍රසන්නයි…!

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න