ප්‍රජාතන්ත්‍රවිරෝධී චන්දදායකයනට එරෙහිවෙමු……!

තවත් එක් මැතිවරණ යුද්ධයක් නිමාවිය.දින්නෝ ජයපැන් බොද්දී සෙස්සෝ පශ්චාත් මැතිවරණ පරීක්ෂණ පවත්වති. 

මහින්ද දින්නේ,රනිල් පැරදුනේ රනිල්ට බැරිකමට ‍යයි වාදයක්ද පටන්ගෙනය.කවුරු මොනවා කීවත් තීරකයාවුයේ චන්දදායකයායි.රටේ සමස්ථ චන්දදායකයාගේ හැසිරීම ගැන මොහොතක් ඇස් ඇර බලමුද?

මෙවර ලියාපදින්චි චන්දදායකයන් සංඛ්‍යාව 14,088,500 කි.

2004 දී එය     12,899,038 කි.2004 දී   9797680ක් දෙනා චන්දපොලට යද්දී මෙවර ගියේ  8,630,689  කි.  

එසේම එය මාස දෙකකට පෙර පැවැති ජනාධිපතිවරණයට වඩා1,864,762  කින් අඩුවෙනි. මෙය සුලුපටු ගණනක් නොවේ.ඔලු ගෙඩි ලක්ෂ දහ අටකි.

බලන්න 1999 සිට     චන්දදායකයන් හැසිරුන අයුරු.

මැතිවරණය 1999 2000 2001 2004 2005                2010                 08.04.10
ලියාපදින්චි චන්දදායකයන් සංඛ්‍යාව 11,779,200 12,071,062 12,428,762 12,899,038 13,327,160 14,088,500 14,088,500
චන්දපොලට ගිය   සංඛ්‍යාව 8,635,290 9,128,823 9,449,813 9,797,680 9,826,778 10,495,451 8,630,689
චන්දපොලට නොගිය   සංඛ්‍යාව 3,143,910 2,942,239 2,978,949 3,101,385 3,500,382 3,593,049 5,457,811

 

 

එනම් මෙවර වෙනදාට වඩා 13 % චන්දය පාවිච්චි නොකිරිම මත මෙවර පාර්ලිමෙන්තුවේ සන්යුතියෙන් රටේ ජනමතය පිළිඹිබු නොවනබව පැහැදිලිය.රටේ මෙතරම් සාමකාමී වටපිටාවක් තිබියදී චන්දදායකයාගේ මේ හැසීරිම පිළිබඳව පහසුවෙන් නොසලකා සිටියයුතුනොවේ.ඔවුන් දෙන පණිවුඩය කුමක්ද? 

නො එසේ නම් මැතිවරණයකදී චන්දයදීම අනිවාර්ය කළයුතුද?

මොවුන් විරුද්ධවුයේ ආණ්ඩුවටවේවා විපක්ෂයටවේවා,මොවුන් අනියමින් විනකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයටයි.

චන්දදායකයන්ගේ සහභාගිත්වය අවමවූ (1989දීවූවාක් මෙන්) පාර්ලිමෙන්තුවකට මගපෙන්වන මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී චන්දදායකනට එරෙහිවෙමු……!

12 thoughts on “ප්‍රජාතන්ත්‍රවිරෝධී චන්දදායකයනට එරෙහිවෙමු……!

  1. ලංකාවේ ප්‍රජාත්ත්‍රවාදයත් හරියට නාග මානික්‍ය වාගේ දෙයක් නොවැ. හැමොම තියෙන තැන, හැඩ රුව, හැමදේම දන්නවා. නමුත් ලැබුනු කෙනෙක්නම් නැහැ.

    කැමතියි

  2. ප්‍රජාතන්ත්‍රවාදී රටම ඡන්දය බාවිතා නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීමක්. එහෙම උනාට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් නෑ ඔවුන් දැනුවත් කරනවා ඇරෙන්න

    කැමතියි

    • ඔව් සමීර ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දය බාවිතා නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීමක්.ඒ කාරණාවයි මා මෙසේ මතුකරන්නේ.
      ඔවුන් දැනුවත් කිරීම තමයි කළයුත්තේ.නමුත් ඒක තවම පටන්ගෙන නැහැ කවුරුන්වත්.එයටයි මගේ මේ විරෝධය.

      කැමතියි

  3. චන්දෙ දාන්න ගිය නැති අය ගැන කතා කරලා වැඩැක් නෑ. චන්දෙ දෙන්න යන්නෙ නැත්තෙ දාන්න කෙනෙක් නැති නිසා. ඒ කියන්නෙ එයාලා චන්ඩෙ දුන්නත් ඒවා කැන්සල් කරනවා. ඉතින් බලපෑමක් නෑ.

    කැමතියි

    • ඔව් චන්දය නොදුන් අය චන්ද ප්‍රතිඵලයට බලපැම් කරන්නේ නැහැ.නමුත් මගේ තර්කය එසේ තෝරාගත් පාර්ලිමෙන්තුවේ සැබැ ජනතා නියෝජනයක් නොමැති බවයි.එසේවු පාර්ලිමෙන්තුවේ තීරණ හැමෝටම බලපානවා.එය දැනටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවේද?

      කැමතියි

  4. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්තටලුනෙ නේද? එහෙනම් ජනතාව කියන අපිට පිළිගන්න වෙනව රට කරවන උත්තමයො කියන දේවල්. නොපිළිගත්තත් දරාගන්න වෙනව.
    ඒ වගේම අපි ගරු කරන මතවාදයකට ඡන්දය ප්‍රකාශ කලත් මේ යෝධයො දිනල කාරිය පවුල් කන්නෙ අපේ මතවාදයත් එක්ක නෙවෙයිනෙ. ගෙම්බො වගේ එහාට මෙහාට පනිනව අරවට මේවට තියෙන ආශාවට.
    ඉතින් පාර්ලිමේන්තුවේ අපේ මතවාදයන් නියෝජනය වෙන්නෙ කොහොමද? අපේ ඡන්දය නිකන්ම විහිඵවක් විතරයි නේද?

    කැමතියි

  5. ජනතාව චන්දය භාවිතා කරාට එම ‍තෝරාගැනීම් සැබෑ ලෙසම පාර්ලිමේන්තුවේ නියෝජනය වෙනවාද කියන එක ගැටලුවක්. එය ප්‍රධාන හේතුවක් මෙලෙස ප්‍රකාශිත ප්‍රතිශතය අඩු වීමට

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න