වික්ටර් අයිවන් යනු කළෙක මගේ ප්‍රියතම පුවත්පත් කළාවේදියාය.
මගේ ලෝකයේ වීරයෙකි.නමුත් ඔහුගේ පහත අදහස් කියවූ විගස ම’හැඟීම් පාලනය කරගත නොහැකිවූයෙන් මෙසේ ලියමි.
මේ ලිපියේ අන්තර්ගත ජනමාධ්‍ය කරුවන් ගැනවූ කරුණු ගැන හෝ ඔවුන්ගේ විදේශගතවිම් ගැන ඔහුගේ මතය ගැන මා නොලියන්නේ එය මගේ විශය නොවනනිසාවෙනි.ඒ ගැන පිළිතුරු අදාල අය දෙනු ඇත.
නමුත් ඔහුගේ ලිපිය තුල අතිශය භයානක විෂඝෝර සර්පයකු දුටිමි.ඔහු වැනි ප්‍රබල සිවිල් පුද්ගලයකුගෙන් මෙවන් රෙකමදාරුවක් ලැබ ගැනුමට හැකිවීම ජනාධිපතිතුමාගේ වාසනාවකි.එතුමා පමණක් නොව රනිල් වික්‍රමසිංහන්ද මෙය පිළිගැනීමට දෙවරක් නොසිතනු ඇත.මන්ද යත් අඬන්න බලා සිටින්නාගේ ඇසට ඇගිල්ලෙන් ඇන්නාක් මෙන් නන් ලෙසින් පුද්ගල නිදහස සීමාකිරීමට කැසකවමින් සිටින තුන්වන ලෝකයේ තවත් එක් රටක් වන අප රට පාලකයනට ජනමාධ්‍ය කළාවේ යුගපුරුෂයකුගේ මේ ඔවදන් ඉබ්බා දියට දමද්දී ඇන්නැවේ කීවාක්මෙනි.
අහෝ අයිවනයනි..!
ජනමාධ්‍ය නමැති ලබ්බට අත තබන්නට ඔබ ලැබදුන්නාවූ මේ බලපත මාවැනිවූ බ්ලොගකරුවනගේ බ්ලොගයන් සිට විද්‍යුත් ලිපි සහ අහිංසකයන්ගේ කෙටි පණිවුඩය නමැති පුහුලට අතතබන්නට ඉඩදෙන්නක් බව ඔබට නොවැහැටුනේ අපේම අවාසනාවටද..?
නොමැතිනම් මුඛ පිළිකාවකට ගොදුරුවීමෙන් පසු ඔබ අන්විකල්පයක් නොදැක කථාකිරීම අධෝමුඛයට භාරදුන්නේද?ඔබේ ලිපියේ මුසුව ඇති මළ-අපද්‍රව්‍ය ප්‍රමාණයත් මේ දුගන්ධයත්,මට සිහිකරනුයේ ඔබ බලවත්වූ මුඛ පිලිකා රෝගයකින් පෙලෙන බවය.
ප.ලි.
හිතේ වේදනාව නිසා මෙය ලියැවුනද මෙයදුටු වහා ලබ්බට පෙර මගේ පුහුල කැපේදෝයි සිහින් බියකිනුත් ම’සිත වෙලියයි.





